Wednesday, May 28, 2014

රට බේරා ගැනීමටනම් දේශපාලනයෙන් රාජ්‍ය තාන්ත්‍රිකත්වයට යාමට කාලය දැන් එලබ් ඇත.



රට බේරා ගැනීමටනම් දේශපාලනයෙන් රාජ්‍ය 

තාන්ත්‍රිකත්වයට යාමට කාලය දැන් එලබ් ඇත.


එදා සිංහල රජ දවස ස්‌වයංපොශිතව සියළු යස ඉසුරින් පිරි ඉතිරි තිබු මේ රට අද අපායක් බවට පත් කර ඇත. මෙම රට විනාශය කර යාමේ මුලික අඩිතාලම පෘතුගීසින්ල ලන්දේසින් විසින් අරභන ලද අතර ඉංග්‍රීසින් විසින් අපේ හෙළ සියලුම දේ විනාශ කර ඔවුන්ගේ දේවල් අප රට තුල ස්ථාපිත කරන ලදී. එහි ප්‍රථිපලය ලෙස අපට දී ගිය වෙස්ට්මිනිස්ටේර් ක්‍රමයේ පාර්ලිමේන්තුව තුලින් ල සර්වජන චන්ද බලය තුලින් රටට අයහපතක් මිස වුනු යහපතක් නැති බව අද අපි හැමෝටම වැටහෙනවා ඇත. සර්වජන ජන්ද හිමිකම යනු මුලාවකි. ජන්දය ප්‍රකාශ කරන දිනදී පවා එක මොහොතකට හෝ අපිට අයිතියක් ඇතිදැයි සිතා බලන්න. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි මැර දේශපාලඥයකුට හා මැර පක්ෂයකට පවා දී ගලේ පහරු බළල්ලු මෙන් කර කියා ගත හැකි දෙයක් නොමැතිව අවුරුදු ගන්නන් දුක් විඳිති. නැවත නැවත ඒ දෙයම කරති. ජන්දයගත් දේශපාලුවන් අපේ කැමැත්තට නොව ඔවුන්ගේ කැමැත්තට සියළු දේ කරති. ඉතින් ඔබගේ අයිතිය(ප්‍රජාතන්ත්‍රය) සුරැකි ඇතිද? ඔබ විසින්ම එය පවා දී ඇත. නැවත නැවත අවරුදු 4-6 කට වරක් මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු රාමුව තුල ජනතාව කරන්නේ එකම මෝඩ කම නොවේද?මෙම සර්වජන චන්ද බලය සහ පාර්ලිමේන්තුව තුල බිහිවනුයේ චන්දයෙන් බලය ගෙන රට හුරාකන්නට කෑදර දේශපාලුවන් මිස රටට ආදරය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් නොවේ. රට ජාතික පරයන්ට පවා දෙමින්, රටේ සම්පත් හුරකමින් මෙතෙක් මෙම දේශපාලුවන් කරණ විනශායට තිත තැබීමට කාලය එළඹ ඇතග හෙට උපදින සිංහලේ දරුවට රටක් ඉතිරිකර යාමට නම් මෙම සුදදන් විසින් හනුන්වාදුන් දේශපාලනය පාර්ලිමේන්තු ක්‍රමය අතුගා දමා නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් සැදුම් ලත් රාජ්‍යතාන්ත්‍රික පාළන ක්‍රමයක් රටේ ස්ථාපිත කිරීමට කාලය එළඹ ඇත. දැන් අවශ්‍ය වනුයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රටට උපදවිමය . මේ සඳහා රටට ජාතියට ඇත්තටම ආදරය කරන හැමෝම අප වටා රොක් වන්න. ඔබත් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස රටට ඉදිරිපත් කිරීමට වගකීම අප භාර ගන්නෙමු.

ඇයි රාජ්‍ය තාන්ත්‍රික පාලනයක් පිහිටවිය යුත්තේ?


පාර්ලිමේන්තුවේ ප්‍රජතන්ත්‍රවාදය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ පොලිටික්ස් යනුවෙනි. (politics) පෝල් යනු චන්දයයි ticks යනු එහි ක්‍රියා විශේෂණයයි (adverb) මේ දෙක ඉංග්‍රීසියෙන් එකට ගත්විට poll+tics පොලිටික්ස් නම් වේ. එය දේශපාලනය නොවේ. දේශපාලනය යන්න ඉංග්‍රීසියට පරිවර්තනය කල විට එය land + rule (ලෑන්ඩ්+ රූල්)නම් වේ. පොලිටික්ස් හා දේශපාලනය යනු පරස්පර අදහස් දෙකක්‌ වේ. ප්‍රජාව නොහොත් ජනතාවගේ තන්ත්‍රය නොහොත් කැමැත්ත ප්‍රජාතන්ත්‍රය වේ.demo යනු ජනතාවයි. ocracy යනු අභිමතයයිග.(Democracy) ඩිමෝක්‍රසි යනු ජනතාවගේ කැමැත්තය.
එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය 1215 මැග්නාකාටා ගිවිසුමේ සිට අනුක්‍රමයෙන් අවුරුදු 730 පමණ වැඩි ගොස් 20 සියවසේ එහි ස්වරුපයට පත් විය. එංගලන්තයේ අවශ්‍යතාවයට (ගැලපීමට)අනුව එය මෙසේ ක්‍රමයෙන් විකාශය විය. එයම 1948 ලංකාවට ලැබුනේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි හැටියෙමය. එංගලන්තයේ ක්‍රම හා විධි එහි යටත් විජිත වලට ඉතාමත් ගැලපෙන බව ඉංග්‍රීසි හු විශ්වාස කළහ. ලංකාව යනු එංගලන්තය නොවන බවත් ලංකා ඉතිහාසය එංගලන්ත ඉතිහාසය නොවන බවත් තේරුම් ගැනීමට නොහැකි තරමට ඔවුහු අහංකාර වුහ. තමන්ගේ උරුමයන් තම යටත් විජිත රාජ්‍ය වලට බලෙන්ම උරුමකරදීමට තරම් ඔවුන් උදච්ච වුහ. එබැවින් ජන්දය,පක්‍ෂය,පාර්ලිමේන්තුව යන විවීධි ආයතන වලින්ද , ව්‍යවස්ථාදායකය , විධායකය, අධිකරණය යන ක්‍රම 3 න් යුතු ආණ්ඩුවක් 1948 දී ලංකාවට ලබා දුනි.මෙය ලංකාවට ගැලපෙන්නේද නැද්ද කියා කිසිවෙකු විමසා බැලුවේ නැත. අපේ කළු සුද්දන් ද එය එසේම හිස් මුදුනින් පිළිගන්නා ලදී. මෙය ලංකාවට ගැලපෙන්නේද නැද්ද යන්න තේරුම් ගැනීමට දැන් අවුරුදු 68 කාලයක් ඉක්ම ගොස් ඇතත් අපට නොහැකි වී ඇත. අප රටේ උගතුන් පොත පත දැනුමෙන් උගතුන් මිස බුධිමතුන් නොවන බවට මෙය කදිම සාක්ෂියකි.
ලංකාව උත්තර අක්ෂාංශ 5-10 අතර පිහිටි උණුසුම් රටකි. මහා බ්‍රිතාන්‍යය උත්තර අක්ෂාංශ 50-60 අතර පිහිටි ශීත රටකි. ලකාවට ශීත සෘතුවක් නොමැතිව අවුරද්ද පුරා ගහ කොළ වැවේ. දවස් 365ම එළිමහනේ ගත කල හැක. බ්‍රිතාන්‍යය මාස 5 1/2 ශීත සෘතුවක් ඇති උෂ්ණ සෘතුවේ පවා රාත්‍රිය එළිමහනේ ගත කල නොහැකි රටකි. ලංකාවට මාස 3 බැගින් වන වර්ෂා සෘතු(මෝසම්) දෙකකුත් වර්ෂාවෙන් අනතුරුව එන මාස 3 හා මාස 2 ක වියලි කාලයක් ඇත. වැසි සමයේ ගස් වැඩි වියලි සමයේ ධාන්‍ය , එළවලු , පලතුරු හා අල වැඩි මෝරා අස්වනු ගෙන දේ. එංගලන්තයේ මාස 5 1/2 ශීත සෘතුව නිසා ගහකොළ වැඩෙන්නේ හා පළ හට ගන්නේ මාස 6 1/2 කාලය තුලපමණි. මේවා පෝෂණ ගුණයෙන් හා අස්වනු අතින් අඩුය. තණකොළ පමණක් අවුරුද්ද පුරා වැවේ.එබැවින් තන පිට්ටනි ඇති කර බැටළුවන්, ගවයන්, අශ්වයන් ඇතිකර උන්ගේ මස් අනුභවය එහි ප්‍රධානය. කාර්මික විප්ලවය ඇති වූ යේ එංගලන්තයෙනි. ඊට හේතුව වුනේ මතුපිට පසේ නිසරුනිසරු නිසා ඉන්ග්රිසිකාරය යට පසට ගොස් බැලීමේදී ගල් අඟුරු, යකඩ,වානේ,ලෝහ හා කණිජ තෙල් ආදී ස්වභාවික සම්පත් හමු වියඉන් කල හැක්කේ කර්මාන්ත පමණි.එනිසා ලොව පළමු කාර්මික රට එංගලන්තය විය.මේවා අනුභව නොකර හැකි නිසා වෙලදාම් කර ඉන් ලැබුණු ලාභයෙන් අහාර ඇතුළු සියළු අවශ්‍යතා මිල දී ගන්නා ලදී.
එංගලන්තයේ මිනිසා මස් කෑ යුතුය.ඒ හේතු 2 නිසායල පළමුවැන්න අවුරුද්ද පුරා වැඩෙන්නේ තෘණ වර්ගයන්ය.මේවා සතුන්ට කෑමට දිය හැකිය.දෙවැන්න නම් අධික ශීතලට එරෙහිව ශරීරය තුල උෂ්ණය ජනනය කිරීමට මේදය අධික මස් කෑමට අවශ්‍යය. මස් මාළු, බිත්තර ඔවුන්ට වැදගත් අහාර වුවද අපිට ඒවා වැදගත් නොවිම මේ අනුව දැන ගත යුතුය.
ලෝම ඇඳුම් ශීත රටවල අවශ්‍යතාවකි. එක මත එක ඇඳුම් 5 ක් ශීත සෘතුවේ අඳිනඉංග්‍රීසිකාරය ඒ මත ශීත කබායක්ද (over coat)ද දමා ගනී. මේ අයුරින් ඇඳගත් ලංකාවේ වැසියෙක් කි. මිටර් ¼ පාරදිගේ ගමන් කළහොත් උෂ්ණය අධික වී සිහි මුර්ජා වෙයි. අපට ගැලපෙන්නේ සරල කපු ඇඳුමකිගඅද වායු සමිකරණය කල ශාලාවල් සාදා ටයි , කෝට් ඇඳගෙන උත්සව පවත්වන මුග්ධයයට අප අනුකම්පා කල යුතුය.
එංගලන්තයේ ගෙයද ශීත සෘතුවේ පිටත ඇති වායුව ඇතුල් වීමට බැරි පරිදි ජනෙල් සීල් කර උදුන් හා බට දිගේ ගමන් කරන උණු වතුරින් උණුසුම් කර ඇතග අපට තිබුනේ හොඳින් වාතාශ්‍රය ලැබෙන අවුරුද්ද පුරා කවුළු ඇර තබන ගෙවල්ය.
ඖෂධ ගත්තද එංගලන්තයේ ශාක ඖෂධ භාවිතාවක් නොවුයේ විවිධ ශාක නොවැඩේන නිසාය . සුළු රෝගවලට අත් බෙහෙත් තිබු අතර බරපතල රෝග වලදී ආගමික යාඥා පමණක් ක්‍රියාත්මක විය. "ඩොක්ට්‍රීන්” දත් උසස් (බයිබලය ) පුජකවරු වෛද්‍යවරු වුහ. අදත් ර්‍"ඩොක්ටින් දත්තා” යන අරුතෙන් වෛද්‍යවරයා "ර්‍ඩොක්ටර්” නම් වේ. කාර්මික විප්ලවයෙන් පසු පමණක් පෙති, කරල් , වස්ති හා ශල්‍යකර්ම ඇතුළු කෘතීම ප්‍රතිකාර එංගලන්තයේ දියුණු විය.
අද අප රට උගතුන් වන්නේ විවිඩ වෘතිකයන්ය(Professionals) මොවුහු එංගලන්තයේ වෘතින් දැඩි ලෙස අනුගමනය කරමින් ඒවා ලංකාවටද ආදේශ කිරීමට උත්සහ දරණ බුධි හීනයන්ය. එනිසාම අනුගමනයකරණය(Fellowships) මෙම වෘතින්ගේ ඉහලම මට්ටම ලෙස හඳුන්වා දී තිබේ.
ශීත සෘතුවේ අව්ව තැපිමට එංගලන්තයට ගැලපෙන ලෙස නිර්මාණය කරගත් ර්‍"ක්‍රිකට්” අද ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩාව වී ඇත. තද අව්වෙහි දාඩිය කඩා වැටෙන විටදී දැඩි ලෙස වෙහෙසට පත් වෙමින් ලංකාවේ අයද දැන් ක්‍රිකට් ගසති. මස්, මාළු, බිත්තර හා මත්පැන් නැති ආපන ශාලා හෝටල් හා උත්සව හා භෝජන සංග්‍රහයන් අද ර්‍"ගොඩයන්ගේ” කෑම වේල ලෙස හැඳින්වේ.ඉහල නිලධාරීන්,ඇමතිවරු,වැවිලිකරුවන්, ව්‍යාපාරිකයින් , ක්‍රීඩකයින් ඇතුළු ඉහළ යයි කියා ගන්න සමාජය අව්වේ පිඩා විඳිමින් බටහිර ටයි කෝට් ඇඳීම දැන් සාමාන්‍ය සිරිතය.
ඉහත නිදසුන් කිහිපය හැරුනු විට 1832-1948 ට ඉංග්‍රීසිකාරය විසින් මෙරට අහස පොලොව මැද බිහිකල යටත් විජිතය 1948 න් පසු ඉතා හොඳින් ලියලා වැඩි ගියේය. එය අපේ කළු සුද්දන් විසින් මනාව අදටත් ඉටු කරමින් පවතීග . 1970 පසු එය"සංවර්ධනය" නමැති නාමය යටතේ UNO සමග ඇමෙරිකන් විය. නමුත් අපේ පාළන තන්ත්‍රය තවමත් එංගලන්තයේ මොඩලයේ වෙස්ට්මිනිස්ටේර් පාර්ලිමේන්තු ක්‍රමයම වේ.
රටක පළමු තැනට එන්නේ නිෂ්පාදනය නොහොත් ආර්ථිකය වේ . එරට අහස පොලොව මැද ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙන් පමණක් නිෂ්පාදනය කලයුතු බව සොබහදහමේ නීතියයි .මෙම සොබා දහමේ නිතිය අපේ පැරැන්නන් විසින් අකුරටම ඉටු කරන ලදී. වෙනත් රටක අහස පොලොව මැද ඇති ආකාරයේ ආර්ථිකයක් හා එපමණක් නොව සමාජයක්ද තවත් රටකට ආදේශ කර පවත්වාගෙන යාමට උත්සහ කිරීම විශාල විනාශයක් සහ අපරාදයක් වේ. එය පවත්වාගෙන යා හැකි කාලය ඉතාම සීමා සහිතය. යම් රටක ආර්ථික හා සමාජ ක්‍රමය ඒ රට අහස පොළොවට (එරට ස්වභාවධර්මයට) අනුව සැකසිය යුතුය. ඒ ස්වභාව ධර්මයේ ක්‍රමය කඩ බිඳ දමා කරන ලද අපරාදය ඇති විශාලය. එසේම ඒ අනුව එංගලන්තයේ පොලිට්ක් ක්‍රමයට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ගමන් කල හැකි දුර තව නොබෝ දිනකින් අවසන් වනු ඇත.කිමද යත් අප රටේ ස්වභාව ධර්මයට නොගැලපෙන එම ක්‍රමය මේවන විට මේ භුමිය තුල අසාර්ථක වී ඇත.
වර්තමාන වනවිට ආර්ථිකය හා සමාජය ඇමෙරිකන් වුද පාලනය (ආණ්ඩු ක්‍රමය) වෙස්ට්මිනිස්ටර් වුද ශීතල රටවල් දෙකකට සමාන ජීවන රටාවක් වත්මන් ලක් වැසියා ඇබ්බැහි වෙමින් පවතී. ස්වාභවික ගොවිතැන(ගොඩ මඩ) යාන්ත්‍රිකරණයට හා තෙල් පොහොර සහිත වගාවකට පරිවර්තනය කර ඇත. වැවු වාරි මාර්ග ක්‍රමය විදුලි බල වේලි වලින් විදුලි සැපයුමකට වෙනස්ව ඇත. ගොවීබිමවල් පළමුව පිහිටි ජනාවාස දැන් මහා මාර්ග දෙපස ඉදි වේ, ගම හා ගොවි බිම පාළු වී සීග්‍ර නාගරිකරනයක්ට ගොඳුරු වී ඇත. පන්සල් ආශිතව තිබු සුචරිවත් ජීවිත අද රුපවාහිනිය ආශ්‍රිතව දුශ්චරිතවත් ජීවිත බවට පත්ව ඇත .හවසට ආච්චි සියා වටා රොක් වූ දරු දැරියෝ අද රෑ වනතෙක් අමතර පන්තියේ පන්තියේ දිවා රැඳවුම් මද්යස්ථානයේ වෙති. ආච්චි , සියා මහලු මඩමේ දුක් විඳිති. ළමින්ට අම්මගේ ආදරය රැකවරණය නොලැබී අද මවද මුදල් සොයන යන්ත්‍රයක් බවට පත්ව ඇත.පවුල් සංස්ථාව බිඳ වැටි පවුලේ සාමාජිකයන් සි සි කඩ වෙති, නමට පමණක් පව්ලක් ලෙස එක වහලක් යට වෙති. ගොවි තැනින් සහ සම්ප්‍රදායික කර්මාන්ත තරුණයන් ඈත්ව බටහිර මිෂනාරි අදයපන්ය ක්‍රමය තුල මුදල් පසුපස හඹා යාමට පටන් ගෙන ඇත. මෙම අද්‍යාපනය තුලින් බිහිකරන දරුවා මෙරටේ සමපත්වලින් ප්‍රොයෝජන ගන්න නොදනී. කිමද ඔහුට මෙරට නිසරු රටක් ලෙස අද්‍යාපනය තුලින් ඔලුවට කා වැද්දීමයි. එසේම මෙම අද්‍යාපනය තුලින් බිහි කරනුයේ බටහිරට අවශ්‍ය උගතුන් මිස මෙරටට අවශ්‍ය උගතුන් නොවේ.ඉදින් ඔවුන් වයස අවුරු 16 – 18 වන විට විදේශගතව එම රටවල පදිංචි වෙති. ඇතැමුන්ට තමන් මෙලොවට ජන්ම කර හදා වඩා ගත් දෙමවුපියන්ගේ මරණයටවත් ඒමට නොහැක. දුප්පත් නුගත් අය මැද පෙරදිග වහල් සේවයට(කාන්තාවන් නම් බොහෝ විට ලිංගික වහලුන් ලෙස) යති.ලෝකයේ පවතින වහල් සේවය නිගිගත කර ඇති රටවල් දෙකකි ,ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව වේ. රෝම ලන්දේසි නිතිය තුල මේ දෙය වලංගු වේ. සැමදේම මුදලින් කල හැකි නිසා වැඩිපුර මුදල් ඇති අය උන්ට මැරකම් කරන දාමරිකයන් මෙරට ප්‍රභූන් හා ප්‍රධානින් වී ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂය හා චන්දය ඇතද ප්‍රජාතන්ත්‍රවාදය නැත. ප්‍රජාවට (ජනතාවට)තන්ත්‍රයක්ද (කැමතක්ද) නැත. පාසලේ ඉගැන්වූ දෙයට හා මාධ්‍යයේ මොර ගා කියන දෙයට අමතරව දන්නා දෙයක්ද නැත. මේ දේශපාලනයරැ, අද්‍යාපනක්‍රමය තුල ජනතාවගේ බුධිය වර්දනයට ඉඩ නොදී එය හැමද මොට කරමින් ඔවුන්ගේ අවශ්‍යතා අනුව ජනතාවගේ මනස සකස් කරන අතර මෙම ක්‍රමයෙන් බැහැර වීම ගැන සිතීමට පවා භීතියක් මනසේ ඇති කර ඇත. එය කොතරම් ද කියනවනම් තමා සිංහලයෙක් මෙය අපේ සිංහල රට කීමට භය වීමට තරම් ජනතාව නිවට කර ඇත. සිංහලයාගේ මනස තුළ පෞර්ශත්වය , ප්‍රවුඩ්ත්වය මුළුමනින්ම විනාශ කර ඇත. එංගලන්තයේ සාර්ථක වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ලංකාවේදී අසාර්ථක වී ඇත. එංගලන්තයේ දෙය තම යටත් විජිත වලට සුදුසු යයි ඉංග්‍රීසිකාරයාගේ සිතුවිල්ල උඩගුකමට නිසා අපව විනාශ මුකයට ගෙන ගොස් ඇත.
එංගලන්තයේ දේශපාලන පක්ෂ ක්‍රමය ද්වි- පක්ෂ ක්‍රමයයිග 19 සියවසේ එය කොන්සවටිවේ හා ලිබෙරල් විය. 20 වන සියවස මැද දී එය කොන්සවටිවේ ලේබෙර්)කම්කරු)විය. මේ අනෙකක් නොව එරට ඉතිහාසය පුරා පැවති දුප්පත් පොහොසත් බෙහෙදයයි.එය ස්වාභ්වයෙන්ම එම රටේ දේශපාලනය බවට පත් විය. එබඳු පන්ති බෙහෙදයක් ලංකාවේ කිසිදා නොපැවතුනි. එබඳු පන්ති බෙධ්යක් නැති ලංකාවේදී පක්ෂ ක්‍රමය අසාර්ථක වී ඇත. අද ලංකා දේශපාලනය ජාති භේදය, ආගම් බෙහෙදය මත ගමන් කරන්නේ එබැවිනි. දේශපාලනය යම් බෙදීමක් අවශ්‍ය නිසාල ජාති ආගම් වශයෙන් බෙදී යයි. එංගලන්තයේ පැතී සමාජ භේදය පක්ෂ ක්‍රමය මගින් දේශපාලනය යථාර්තයක් විය,එය එරටේ අවශ්‍යතාව පිණිස ස්වභාවිකව කාලයාගේ ඇවෑමෙන් නිර්මාණය වුවකි. ලංකාවේ කිසිදා නොතිබූ සමාජ බෙදයක් (කම්කරු හා දනපති)පක්ෂ මගින් ඇතිකිරීමට ගොස් එය අසාර්ථක වී දැන් පිළිලයක් බවට පත්ව ඇත.
දේශපාලනය තුලින් ආර්ථිකය තීරණය කිරීම යනු යටත් විජිත නොහොත් අධිරාජයවදයයි. මෙරටේ ආර්ථිකය තීරණය විය යුත්තේ මෙරටේ ඇති ස්වභාවික සම්පත් මගිනි හා එතුලින් වන නිෂ්පාදනය මතය. එසේ නොමැතිව වෙන රටක ආර්ථික සිදාන්ත බලෙන් මෙරටට ආදේශ කිරීම මත නොවේ. ලංකාවේ නිෂ්පාදන සාධකය වන්නේ හිරුරැස් , වර්ෂාවල තැනිතලාවල සුළං ආදී සාධකයන්යග නමුත් මේවා සම්පත් නොවන බවට බලෙන් පාසලේදී අපේ ඔලුවලට අද්‍යාපනය මගින් දමා ඇත. මේවා සිත මතාම කරන ලද දේවල් වේ.කිමද ලංකාව නිසරු රටක් සහ සිංහලය කිසිත් වටිනාකමක් නැති ධින ජාතියක් බවට ඒත්තු ගැන්වීමටය. සම්පත් ලෙස උගන්වන්නේ ගල් අඟුරුල යකඩල කණිජල ලෝහල කණිජ තෙල්ල (20 සියවසේදී) යනාදී දේවල්ය. මේවා එංගලන්තයේ සම්පත් මිස ලංකාවේ සම්පත් නොවේ. ලංකාවේ ස්වාභාවධර්මයට අනුව උරුම සම්පත් නම් හිරුරැස් , වර්ෂාවල තැනිතලාවල සුළං ආදී වේ.ලෝකයේ කිසිම රටකට කල නොහැකි ආකාරයේ කෘෂි කර්මාන්තයක් කිරීමට මේ ස්වභාව ධර්මය අපිට ආශීර්වාද කර ඇත. මිනිසාගේ මුලික අවශ්‍යතාවය එනම් ආහාර නිෂ්පාදනයට ඉතාම උචිත පරසරයක් ඇති අපේ රට කිසිදු වැඩක් නැති නිසරු රටක් ලෙස අධ්‍යාපනය මගින් අපේ මනසට ඇතුල් කර ඇත. ගල් අඟුරු. යකඩ, කණිජ, ලෝහ, කණිජ තෙල් කර්මාන්ත කිරීමට තරම් ප්‍රමාණවත්ව ලංකාවේ නැත. එබැවින් ලංකාව නිසරු රටක් බව පාසල් දරුවා සිතීමට යොමු වෙයි. දැනට පවතින අධ්‍යාපනය ක්‍රමය තුල කිසි විටකත් අපේ රටේ සම්පත් වලින් ප්‍රොයෝජන ගන්නා ආකාරය දරුවනට උගන්වනු නොලබයි. මේ අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ කාර්මික වූ බටහිරට අවශ්‍ය ආකාරයට. මෙරටට නොගැලපෙන් අධ්‍යාපනය අවසානයේ අතරමන් වන දරුවා දුප්පත් අය මදපෙරදිගටත් උගත් මද්යම පන්තිය ඉංග්‍රීසි කථා කරන රටවලටත් රැකියාවට යති. රටේ හොඳම මානව සම්පත් පොඩි කලේ සිට පිට රටට අවශ්‍ය ආකාරයට සකස් කර පිට රට පටවා අපේ සම්පත් ඔවුන්ගේ රටවල දිවුනුවට යොදා ගනිති. අඥාන වූ රට පාලකයෝ ද මෙරට සම්පත් නැති රටක් ලෙස සලකා 1968 දී ගොවි තැන American කරන ලදී. සිනහවට කාරණය නම් ලෝකයේ එකම වැවු බැදී දියුණුම කෘෂිකාර්මික රාජ්‍යයට වන අපේ රටට නිසරු රටක් වන අමෙරිකාව දැන් කෘෂිකර්මය ඉගැන්වීමට උත්සහ කිරීමයි. 1978 පටන් වීවුර්ත ආර්ථිකය යටත් විදේශීය ආයෝජකයන්ට කර්මාන්ත අරභිමට UNO උපදෙස් පරිදි ආර්ථිකය විවුර්ත කරන ලදී. කෛරටික කිහිප දෙනෙක් අවුත් රට සුරා කා ගිය අතර පටන් ගත් කර්මාන්තයක් හෝ සෙතක් නැත. දැන් එම අසාර්ථක බව නිසා නැවත UNO උපදෙස් පරිදි සංචරක වියාපාරය මෙරට ආර්ථිකය බවට පත් කර ඇත. එහෙත් මෙම අනුවන දේශපාලඥයන් කොතරම් රටේ ආර්ථිකය අවදානමකට ලක් කරන්නේද යන්න නම්, නැවත වතාවක් බටහිර රටවල අපේ ආර්ථිකය අල්ලේ නැටවෙන්න අවස්ථාව උදා කර දීමය.LTTE යුද සමයේ කලාක් මෙන් ඔවුන්ට එක නිවේදනයක් මගින් ඔවුන් රටවල සංචාරකයන් මෙරටට එම වැළකිය හැකිය.එසේ කළහොත් අපේ සංචරක කර්මාන්තය මත වන ආර්ථිකයට කුමක් වේද? විරුද්ධ පක්ෂ ප්‍රශ්නයේ මුලය එසේම තිබියදී කැසිනෝ පමණක් අල්ලාගෙන බොරුවට කෑ මොර දෙති.
දේශපාලඥයන් අධිපති බව දරණ ලංකාවේ පළමුව පුර්ණ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයද 1970 පසු බ්‍රිතාන්‍ය ඇමෙරිකන් ක්‍රමද ක්‍රියාත්මක වේ. මේ කිසිවක් මෙරටට නොගැලපෙන බව තේරුම් ගැනුමට ගිහි පැවිදි දෙපක්ෂයටම නොහැක. මේ නිසා සිදු වෙන හානි ගැන විරුද්ධ පක්ෂය විසින් ආණ්ඩු පක්ෂ වලට ඒ ඒ කාලවලට දෙස්තියති. ක්‍රමයේ ඇති වරද ගැන කිසිවක් නොකියතිගම. දේ තෙරුන් ගැනීමට තරම් බුධියක් කිසිම දේශපලගන්යකුට නොමැත.

එංගලන්තයේ හා UNO – US උපදෙස් පිළිපැද රට අගාධයට ගෙනයන ලදී. දේශපාලනයට තව දුරටත් ලංකාව විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා විකල්පයක් ඇතිදැයි යමෙකු ප්‍රශ්න කල හැක. රාජ්‍යතන්ත්‍රය හා රාජ්‍යතන්ත්‍රවාදය අපට ගැලපෙන රටාවකි. ඊට ිstatesmen ship යයි ඉංග්‍රීසියෙන් කියති.
රාජ්‍යය ප්‍රදාන කොට සිතන හා ක්‍රියාකරන මාර්ගය රාජ්‍යතන්ත්‍රය වේ. රාජ්‍යය යනු කුමක්දැයි පළමු කොට බැලිය යුතුය. භූගෝලීය, රට, එහි වසන ජාතිය , ජාතියේ ආර්ථිකය. හා සමාජයල ආගමේ හා සංස්කෘතියේ හා සකල සිස්ටචාරයේ යහපත මුල්කර බැලීම රාජ්‍යතන්ත්‍රවාදය නම්. එහිදී ආර්ථිකය අනිවාර්යයෙන්ම එම රටේ අහස පොලොව මැද ඇති සම්පත් ප්‍රයෝජනයට ගෙන රටේ අවශ්‍යතා ඉටු කර ගැනීමට පවතින ආර්ථිකයක් විය යුතුය. සමාජයද එම ආර්ථිකය භුක්ති විදින හා අවශ්‍යතා නිපදවාගැනිමට කටයුතු කරන සමාජය මිස මුදලින් හසුරුවන සමාජයක් නොවිය යුතුය.
නිෂ්පදකයාම පරිභෝජකයා වන්නේය. පාලනය හුදෙක්ම රටේ සියලුම අංග ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කල යුතුය.රාජ්‍ය පාලකයාගේ කාර්ය භාරය වනුයේල බුධාගම රැක ගැනීම, වාරි කර්මාන්තය දියුණු කිරීම සහ රටේ ආරක්ෂාව සහතික කිරීම පමණක් වේ. රටේ ආර්ථිකය,නිතිය ගම/රට තුලින්ම පාලනය වේ. එහි විදේශ බලපෑම් වලට ඉඩ තිබිය නොහැක. මේ අනුව සිතීම ක්‍රියා කිරීම රාජ්‍ය තාන්ත්‍රිකබව වන්නේය. තමාගේ පව්ද්ගලික අරමුණු සඳහා කරන දේශපාලනය මෙතුල නොවේ. මහසෙන්, පැරකුම්බා, විමලධර්මසුරිය, සෙනරත් වැනි රාජ්‍ය තාන්ත්‍රිකයන් අපට පෙර දවස සිටියහ.
වෛදය විද්‍යාව ඉගෙනගත් අය දොස්තරලා වෙති , ඉංජිනේරු විද්‍යාව ඉගෙනගත් අය ඉංජිනේරුවෝ වෙති . නිතිය උගත් අය නීතිඥයෝ වෙති. කළමනාකරණය උගත් අය කළමනාකරුවෝ වෙති. දේශපාලන විද්‍යාව උගත් අය දේශපාලඥයන් වෙත්ද? නියම දේශපානඥයන් රටටම අඩුවීම මෙයින් පැහැදිලිය.
මාධ්‍යය පාවිචිචි කල විට බලයේ සිටින ආණ්ඩුවට රට රැවටිය හැක. අද සිදු වන්නේ එය නොවේද? විරුද්ධ පක්ෂ බිඳ වට්ටවා ජනතාවගේ ජන්දය ලබා ගැනීමේ උප්පරවැට්ටි උපක්‍රම ඇත. මේ සඳහා බොහෝ විට මහජන මුදල් අයුතු ලෙස යොදා ගනී. ආර්ථික වාසි තකා දේශපාලුවෝ පිල් මාරු කරති. එමගින් රුපියල් මිලියන කුට්ටි ගනන් පාගා ගසති. දේශපාලනය අද ජනතාවට වහ කඳුරු වී ඇත. අද අවශ්‍යතාව වෙනස්ම වූ ක්‍රමයකි. එයනම් පෙර පවතී රටට හිතකර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයමවේ.
ඊනියා සංවර්ධනය යටතේ 1968 දී පළමුවෙන් සිදු වුයේ ගොවිතැන නවීකරණය කිරීමය. අස්වන්න වැඩි විය. අද එය අඩුවී ඇත. කෘතීම පොහොර හා රසායන දියර නිසා ඇති වූ "රජරට වකුගඩු රෝගය” මගින් රජරටට මාරු කැන්දා ඇත. අද ඉන් ටතටද එය විහිදීමට පටන් ගෙන ඇත.පස විෂ වී විනාශ කර ඇත. තිරිඟු පිටිවලින් සැදු බටහිර කෑම වට්ටෝරුවත් , පිටි කිරි බිම නිසා ළමා පරපුර පටන්ම ජනතාව රෝගින් වේ. රටෙන් බාගයකට වඩා රෝගීන්ය. වැවු විනාශ කර විදුලිබල වේල්ල සැදුවද එම බැමි වල ශක්තිය ඇත්තේ අවුරුදු 50ක් පමණිග (පොර්ට් ලෑන්ඩ් සිමෙන්තිවල ප්‍රමිතියට අනුව)ඉඟිනියාගල පස් වේල්ල ඉතිරිවෙද්දී වික්ටෝරියා වැනි මහා ජලාශ ඉදිරියේදී (2033 ට පෙර)කැඩීයයි. ණයට ගත් මුදල් වලට පොලි හා වාරික ගෙවීමට තවත් ණය ලබා ගනිති. රට ණය උගුලට හසුවී අවසන්ය. ඉන්දියාව හා චීනය එම වේදිකාවේ දැන් රග දක්වති. නුගත් අපේ දේශපාලඥයන් ලෝක බැංකුව, IMF හි , ආහාර හා කෘෂිකර්ම සංවිධානය ,ලෝක ස්ව්ක්ය සංවිධානය, යුනෙස්කෝ, හි වැරදි උපදෙස් මත ක්‍රියා කර රට විනාශය කරා ගමන් කරවති. මේ සියල්ල නවතා රට ගොඩනැගීමට බාහිර ආයතන හෝ දැන් පවතින දේශපාලන ක්‍රමය ඉදිරිපත් නොවෙති.
අද දින අපගේ රට හසුරවනුයේ මහජන ජන්දයෙන් පත්වූ දේශපාලඥයන් වත් රටේ නායකයාවත් නොවේ. ඔවුන් ජනතාවගේ ජන්දයෙන් පත්ව රටේ සම්පත් හුරා කමින් සුර සැප විඳිතිග ඔවුන් ඇත්තෙන්ම ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් මගින් මෙහෙයවන ආයතන වල රුකඩ පමණි, අපේ රටේ ආරථිකය පාලනය කරනුයේ ආර්ථික ප්‍රතිපත්ති අපට විධානය කරනු ලබන්නේ, IMF-ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, world bank - ලෝක බැංකුව, Gatt යන ආයතන මගින්ය. කෘෂිකර්මය හා අප අනුභව කරන අහාර නිෂ්පාදනය තීරණය කරනු ලබන්නේ FAO නොහොත් ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය මගින්ය. ස්ව්ක්ය තීරණය කරනු ලබන්නේ WHO නොහොත් ලෝක සව්ක්ය සංවිධානය මගින්ය(මෙය අපගේ හෙළ වෛදය ක්‍රමයට කිසි ලෙස ඔලුව ඉස්සීමට ඉඩ නොදේ).අධ්‍යාපනය හා සංස්කෘතිය තීරණය කරනු ලබන්නේ UNESCO මගිනි , අපගේ පරිසරය පාලනය කරනු ලබන්නේ UNEP (United Nation environment Project) නොහොත් එක්සත් ජාතීන්ගේ පාරසරික වියාපෘතිය මගිනි, අපේ රටේ වාරි කර්මාන්තයේ අයිතිය සහ පාලනය ඇමරිකානු සමාගමක් වන IIMI (international irrigation management institute ) සතුය. මෙහි ගිවිසුමට අනුව අපගේ වැසියෙකු බිමට දිය පොදක් වාරි මාර්ගයකින් ගතහොත් ඔහු අධිකරණයට ගෙන යාමට එම ආයතනයට බලය පවරා ඇත.UNO නොහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කරනුයේ අපේ රට පිඩාවට පත් කර බටහිරට නතු කර පාලනය කර ගැනීමයි. අපේ රටේ මේ අයිතීන් සියල්ල බටහිරට පවරා දී ඇත්තේ අපේ මේ දේශපාලකයන්ය.මේ සියල්ල මෙසේ කර අපෙන් සත්‍ය වසන් කර ඇත. ඔවුන් අදද කරනුයේ රටට නායකත්වය දී රට යහමගට ගෙනයාම නොව, මෙම ආයතනවල නියෝග ක්‍රියාත්මක කිරීම පමණි. එසේනම් කෙසේද කිව හැක්කේ දේශපාලකයන් රට පාලනය කරන බව?
අපේ රට සිංහල බොදු රටක් බව කිව හැක්කේ නාමිකව පමණි. අප ඉගෙන ගන්න අධ්‍යාපනය ඉංග්‍රීසින් විසින් දුන් මිෂනාරි ක්‍රමයේ අපේ රටට නොගැලපෙන අධ්‍යාපනයකි. අපේ නිෂ්පාදන ආර්ථිකය රටට ගැලපෙන කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් නොව එය බටහිර විසින් සොයා සපයා දෙන ලද වාණිජ ආර්ථිකයකි. අප අද අදහන්නේ ඕල්කොට් විසින් හඳුන්වා දුන් බුධාගමක් ඒ කියන්නේ ආගමක් මිස බුදු දහම ල තුල හෝ බුද්ධ දර්ශනය තුල ජීවත් නොවෙති. අපේ සංස්කෘතිය දැඩි ලෙස බටහිර කරණය කර ඇත,භාෂාවේ නිර්මල බව කෙලෙසා අච්චාරු බශාවක් සදා ඇත. හෙළ වෙදකම් පාගා දමා බටහිර වෙදකම හිස් මුදුනින් පිළිගෙන ඇත. දේශීය අහාර රටාව දැඩි ලෙස සෝදා පාලුවට ලක් කර බටහිරට නැබුරු කර ෂෝට් ඊට් අහාර සංස්කෘතියක් නිර්මාණය කර ඇත.රට පාලනය කරනුයේ බයිබලයේ එන අන පනත් (පනත යනු දෙවියන්වහන්සේගේ කැමැත්ත වේ. පනත නිතිය බවට පත් වේ)මඟින් සැදුනු වෙස්මිනිස්ටේර් වර්ගයේ පර්ලිමෙන්තුවකිනි. රටේ නිතිය බයිබලය බුල් කරගත් රෝම ලන්දේසි නිතිය වේ.රටේ භික්ෂුන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මෙම බයිබලේ නිතිය මගින්ය. සිංහලේ යන රටේ නම වෙනස් කර ශ්‍රී ලංකාව බවට පත් කර මේ රටේ ජාතිය වූ සිංහලයා අහෝසි කර සිංහලයා මේ රටේ ජන කොට්ටාශයක් පමණක් බවට 1972 ව්‍යවස්ථාව මගින් පත් කර ඇත.ඉංග්‍රීසින් විසින් පාරවල් සැදීමට ගෙන ආ ඉස්ලාම , දෙමළුන් හට ව්‍යවස්ථාව මගින් මේ රටේ සම අයිතියක් ලබා දී ඔවුන්ගේ චන්දයට ඇති කෑදර කමින් සිංහලයට සමාන ජනකොටස් බවට අපගේ දේශපපාලුවන් විසින් පත් කර ඇත. තවද අන්තවාදයට ආවඩමින් සුළු ජනකොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අන්තවාදී අභිමතාර්ථ කරා යාමටත්, ඊට විරුද්ධ වන භික්ෂුන් වහන්සේ නීතියෙන් මර්ධනය කිරිමටත් කටයුතු කරමින් පවතී. ඉදින් මෙය සිංහල බොදු රටක් වනුයේ කෙසේද?

අප විසින්ම දැන් අප රට ගොඩ නගා ගැනීමට කාලය එලබ් තිබේ.එය කර දීමට පිට රටින් කෙනෙකුවත් අපේ හොර දේශපාලඥයන් වත් කිසිදා නොකරනු ඇත. එය දැන් කලයුත්තේ අප අප විසින් ම වේ.  ලංකාව හොඳින් හඳුනන හා ඊට උචිත ආරථිකය , සමාජය හඳුනන අය විසින් පාලනය භාර ගැනීම වහාම කළ යුතුය. ජන්දය ලබා ගැනීමට නොව( දේශපාලනය නොව ) රාජ්‍යයේ යහපත මුල් කරගෙන (රාජ්‍ය තාන්ත්‍රික ) තීරණ ගෙන ක්‍රියාත්මක කළ යුතුය.පිටරට පාලනයෙන් හා ගැති භාවයෙන් රට වහාම මිදිය යුතුය.මේ පවතින පාර්ලිමේන්තු  ක්‍රමය තුලින්ම වෙනසක් අද සාමාන්‍ය ජනයා බලා පොරොත්තු වෙයි. එහෙත් එය හිසේ රුදාවට කොට්ටය මාරු කළා වැනිය. මේ දෙය 1948 දී සිට පිල් මාරුව පමණක් සිදු විය එහෙත් ප්‍රත්පතිය එකම විය , දිනෙන් දින රට අගාදයට පත් වෙමින් ඇත. අසුචි වලක වැටි සිටින මිනිසෙකු කොතරම් අසුචි වල තුල සිට වතුර අරන් පිරිසුදු වීමට උත්සහ කලද වනුයේ අසුචි වල බොර වී තව තව අසුචි වලේ එරෙන එකමය. එසේම මෙම පාර්ලිමේන්තු ක්‍රමය තුල සිට මෙම ප්‍රශ්නයට විසදුම් සොයන එක අසුචි වල තුල සිටින්නා වැනිය. එසේනම් කල යුත්තේ පාර්ලිමේන්තු ක්‍රමය පිටරටවලින් එන මාක්ස්වාදය වැනි බහු බූත නෙරපා දමා  අපේ ක්‍රමයක් ගොඩ නැගීමය.   එසේ නුනොත් අද උපදින හා පාසල් යන්නාවූ හා වයස 20 ට අඩු ශිෂ්‍ය ගහනයට ජීවත් වීමට ලංකාවක් (රටක්)ඉතිරි නොවේ. රජරට වකුගඩු රෝගය වැළදුන අය එකෙකු හෝ සුව කිරීමට රටේ රෝහල් පද්දතියට හෝ ලෝක සව්ක්ය සංවිධානයට මේ තාක් නොහැකිවිය. විනාශය අත ලඟය,දැනටමත් එය ආරම්බ වී ඇත.  නමුත් තව අවුරුදු 10 තරම් කාලයක් අපට ඇත. එනමුදු එවිට රට බේරා ගැනීමටනම් දේශපාලනය හා දේශපාලඥයන් ඉවත් කර රාජ්‍ය තාන්ත්‍රික උගත් බුධිමත් පිරිසක් මෙරට බිහි විය යුතුය. නමුත් මොවුන් අදටත් අප අතර නැත්තේම නොවේ. නමුත් සර්වබලධාරී දේශපාලනය හමුවේ ඔවුහු ඉදිරියට ඒමට බිය වන්නාහ. වැදගත් වනුයේ ඒ අය ඉදිරියට ගෙන ඒමය. ඒ සඳහා අප සියල්ල දැන් එකා මෙන් පෙළ ගැසෙමු.

මිනිසාගේ මුලික අවශ්‍යතාවන් වනුයේ අහාර , ඖෂධ, වස්ත්‍ර , හා නිවාස වේ. අවුරුද්දේ 365 දවසම හිරු එලිය ඇති අපේ රටේ මෙම සියළු අවශ්‍යතාවන් නිපදවා ගැනීමට කිසිදු අවහිරයක් නැත. පොළොන්නරු යුගයේ මිලියන 30 වූ ජනගණය ක් වූ අපේ රට එදා ස්වයම්පොෂිත නම්, මිලියන  20 ඇති අද දවස රට ස්ව්‍යම්පොසිත කර ගත නොහැක්කේ මන්ද? අවශ්‍ය වනුයේ නිවැරදි මග පෙන්වීමක් හා නායකත්වයක් පමණි. එම නිවැරදි නායකත්වය තුලින් ඔබත් මේ රට බෙරා ගැනීමට රාජ්‍ය තාන්ති‍්‍රකකයකු වීමට කැමති නම් අප හා එක් වන්න. ඔබගේ නම,ගම, දුරකථන අංකය ඇතුළු  විස්තර අපගේ විද්‍යුත් ලිපිනය වන siwhelaya@live.com වෙත යොමු කරන්න. 

ආචර්ය සුර්ය ගුණසේකර, 

ආර් . නන්දන