Monday, March 10, 2014

ශ්‍රී ලංකාව දුප්පත් කර හුරා කන්නෝ (01)

 

අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (IMF) හා ලෝක බැංකුව (IBRD)


ලෝකයේ සම්පත් වලින් ගහන නිවර්තන කලාපිය රටවල් සැමදා දුප්පත් වීමට හේතුව වී ඇත්තේ බටහිර ජාතින් විසින් සංවිධානාත්මකව  හුරා කෑමත් තව දුරටත් අනියම් ලෙස යටත් විජිත වසයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අප වැනි රටවල් පිඩාවට ලක්කර පාලන කිරීමට ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදවා ඇත. රජ දවස මිලියන 30 කට වඩා ජනගහනයක් ජිවත් වූ මේ රට ස්වයංපෝෂිත විය. අප ජනතාවගේ සියලු අවශ්‍යතා ,ආහාර, බෙහෙත්, නිවාස, ඇඳුම් පැළදුම්, මේ රටම තුලම නිෂ්පාදනය විය. එහෙත් බටහිර ජාතීන්ගේ ආක්‍රමණයත්, ඔවුන් විසින් කරන ලද ඉඩම් මංකොල්ලයත්, අපේ හෙළ ක්‍රම, බව-බෝග, ගව සම්පත, හෙළ වෙදකම විනාශ කර ඔවුන්ගේ ක්‍රම මෙරටට හඳුන්වා දීම තුලින් අද මිලියන 20 ජනතාවකට එදා වේල සපයා දීමට අද  බටහිරට ගැතිකම් කරන තත්වයට ඔවුන් අපිව විවිධ උපක්‍රම මගින් හසුරවනු ලැබේ (දේව ස්වරුපයෙන් එන බටහිර යක්ෂ ආයතන  මගින් ). ඒවා පිලිවෙලින් පහත ලිපි මගින් සාකච්චා කෙරේ.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (International monitory fund) යනු නිවර්තන ( දුප්පත්) රටවලට තම කෘෂිකර්මාන්ත කටුතුවලට අවශ්‍ය ණය සැපයිමට  ඇති කෙරන ලද අරමුදලයි. ප්‍රතිනිර්මාණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව(International Bank for Reconstruction & development) නොහොත් "ලෝක බැංකුව:  පිහිටුවීමේ අදහස ඇතිවුනේ 1944 ජුලි මස අග භාගයේදීය. ඊට පසුබිම් වූ කතාව ඉතා රසවත්ය.
1944 ජුලි මාසය වනවිට දෙවැනි ලෝක සංග්‍රාමය නිසා යුරෝපය බිඳ වැටි තිබුණි. නගරවල කර්මාන්ත ශාලා කාර්යයාල හා නේවාසික ගොඩනැගිලි වෙනුවට ගරා වැටුණු ගඩොල් විය. කර්මාන්තශාලා වැසි ගොස් නොවැසූ ඒවායේද වැඩ කිරීමට ප්‍රමාණවත් පිරිමි නොවිය. මරණය ,තුවාල වීම ,රෝගී වීම ඊට හේතුවය. කාන්තාවන්ට ඒවායේ වැඩ කිරීමට සිදු විය. ආහාර  හිඟ වූ අතර මන්දපොශනය හා ලෙඩ රෝග බහුල විය. විනෝදාංශ කිසිවක් නොවිය. හැමදෙනාම දුක් කඳුළු මත ජීවත් වුහ.
යුද්ද්දයට සහබාගි නොවූ හා ඉන් පිඩාවට පත් නොවූ ඇමෙරිකා එක්සත් ජනපදය මෙවිට යුරෝපයේ පිහිටට ආවේය. ඇමෙරිකා මහාද්වීපය යනු යුරෝපයෙන් සංක්‍රමණය වූ සුදු මිනිසුන්ගෙන් යුත් පුංචි යුරෝපයක් විය. මෙම කාර්යයයේ මුලිකත්වය ගත්තේ එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට්‍ ය.
කැනඩා - එක්සත් ජනපද දේෂ සිමාවේ පිහිටි බ්රෙන්ට්වෝඩ් නමැති නගරයේ රැස්වීම ශාලාවක දොර වසු කුඩා සම්මන්ත්රණ කාමරයක් තුල 1944 ජුලි 24 හෝ 25 අවට දිනෙක පැවැත්වූ රහස් සම්මේලනයකි. යුරෝපිය රටවල් 18 ඊට සහබාගි  වියා. මාතෘකාව වුයේ  "කඩා වැටුණු යුරෝපය නැවත නගා සිටීමේ ක්‍රම සහ විධි” යන්නය. ජනාධිපති රුස්වෙල්ට් විසින් මෙය සංවිධානය කරන ලද අතර ප්‍රශ්නය සම්බන්දයෙන් කතා කෙළේ ජනාධිපති ලේකම් වරයෙකු විසිනි. ඔහුගේ කතාවේ සාරය  පහත පරිදිය.
යම් පුද්ගලයකු නැවතත් ධනවත්ව නැගී සිටිම යනු අනුන්ගේ වස්තුවෙන් කොටසක් උපක්‍රමික ලෙස ඔහුගේ සාක්කුවට අත දමා ලබා ගැනීමයි . මෙය ඉටු කර ගැනීමට දක්ෂ කම තිබිය යුතුය, එමෙන්ම සාක්කුවේ හිමියාද සරුසාර ධනවත් අයෙකු විය යතුය, මේ අනුව යුරෝපයට නැවත සමුර්ධියෙන් යුතුව නැගී සිටීමට නම් ලොව කිසියම් කලාපයක් සූරා කෑම(exploit)කල යුතුයග මේ සඳහා හොඳම කලාපයනම්( ශ්‍රී ලංකාවද අයත්වන)  නිවර්තන කලාපයයි.
නිවර්තන කලාපය යනු අවූරුද්ද  පුරා හොදින් උෂ්ණය (හිරු) ඇති එමෙන්ම වර්ෂාපතනය ඇති, එනිසාම වර්ෂය  පුරාම ගස් වැල් හැදෙන්නාවූ කලාපය වේ. මෙම යහපත් දේශගුණික තත්වයන් මත එම කලාපයේ වගාවන් හැම විටම බහු - භෝග වගාවන් වෙති. එකවර භෝග ගනනාවක් වැවේ. යුරෝපයේ එසේ සිදු නොවේ. එබැවින් එම නිවර්තනික කලාපය සුරා කෑමේ උපාය උපක්‍රමයන් සොයා බැලිය යුතුය.
ස්වයන්පොශිත කෘෂිකර්මය වැදගත් වන නිවර්තන කලාපය හැමවිටම බහු - භෝග වගාවෙන් යුක්තය. මෙය මහා පරිමාණයේ ඒක භෝග දක්වා වෙනස් කළහොත් ඔවුන්ගේ අතිරික්තය සුදු රටවලට මිලදී ගත හැකිය. එසේ කලවිට එහි වාසිය තවත් ආකාරයකින් යුරෝපයට ලබා ගත හැක්කේ රේගූ බදු හා වෙළද ගිවිසුම් යුරෝපයට අවශ්‍ය ලෙස සකසාලිමෙනි.
බහු භෝග වගාව මහ පරිමාණ එක භෝග ක්‍රමයට වෙනස් කිරීමට නම් මුදල් අවශ්‍යය , විශේෂඥ දැනුම අවශ්‍යය, මේ වනවිට ටෙක්සාස් හි දියුණුකළ තිරිඟු වගාවද 1943 දී එක්සත් ජනපද යටත් විජිතයක්  වූ පිලිපීනයේ දියුණුකළ වී වගාවද සාර්ථක වී තිබුණි. එහිදී සිදුවන්නේ ආශ්චර්යයක්  නොවේ. උස හා ශක්තිමත්  කදක් ඇති ගොයම් ගස ජාන විකුර්තියෙන් කුරු මිට්ටෙක් බවට පත් කර ඒ මත දුර්වල හා විශාල වී කරලක් ඇතිවන්නට සැලැස්වීමය. ගොයම් ගසින් අඩු කල ප්‍රමාණය කරලට යෙදවේ. මෙවිට වී වගාවද වාණිජ වැවිල්ලක් වේග මේ සඳහා ණය සැපීමට IMF පිහිටවීමට යෝජනා කෙරන ලදී.
නමුත් මිනිස් මනස වෙනස් කිරීමට අපහසුය, නවීකරණය වූ වගාවන් සඳහා ජනතාව අවනත කර ගැනීමට ලෝකය වෙනස් වී ඇති බව ඇගේ ස්පර්ශ කෙල යුතුය. ඒ සඳහා සමාජ ආර්ථික යටි තල වෙනස් කල යුතුය. එවිට ඔවුන් එය පිළිගෙන තමාද වෙනස් වීමට කැමති වෙති. මේ සඳහා පුළුල් මාර්ග එහි වේගයෙන් ධාවනය වන මොටෝර් රථ , කර්මාන්තශාලාල ගුවන් තොටුපොළවල්ල වරාය ල මාර්ග සංදී ස්ථාන වල නගරයන්, එම නගර වල සුපර් මාකට්, ඒවයේ විදුලි එළියෙන් බැබලෙන නවීන පාර්භෝගික භාණ්ඩ ආදිය ඇතිවිය යුතුය. මෙම යටිතල වෙනස සඳහා ණය හා ආධාර සැපීමට ප්‍රතිනිර්මාණය හා සංවර්දනයට ජාත්‍යන්තර් බැංකුව (IBRD) නොහොත් ලෝක බැංකුව ඇති කිරීමට යෝජනා කෙරින.
අදIMF හා ලෝක බැංකුව මගින් දුපත් රටවල් වල මිනිසුන් ඔවුනට අනවශ්‍ය හා දරාගත නොහැකි වියදම් වලට ඇද දමා ඇත. ලොව හොඳම නිදසුන  වන්නේ අපේ ලංකාවය. ශ්‍රී ලංකාව නමැති නමක්ද යොදා අත්තේ මෙම අමනයන්ගේ රට හැඳින්වීමට හොඳම නාමය ඒ වන නිසාය. එදා රුස්වල්ට් ගේ කථාවේ තිබු ගුවන් තොටුපොළවල් වරායවල් සදා අප රට එදා සිට අද වනතෙක් අසාර්ථක වී ලෝකයට නය වී ස්වාධීනත්වය උගස් තබා ඇති සැටි රුපවාහිනී හා පුවත් පත් තුලින් දැකීමට හැකිය. ණය ලබා ගැනීමට පුරුදු වූ අනෙක් රටවල් ද ලංකාව මෙන්ම ණය උගුලේ හිරවී සිටිති. ලබා ඇති ණය ගෙවීමට ලංකාව අද තවත් ණය ලබා ගන්නේ IMF ණය ගෙවීම සඳහාය. සෑම රට වැසියෙකුම රු. 275,000.00 ක පමණ ණය කරුවෙකු වී ඇත. මේ සියල්ල සංවර්ධණය යන වචනයෙන් අවරණය කෙරේ. නව යටත් විජිත වාදය (Neo - Colonialism) යනු මෙයයි . ස්ව කැමතෙන්ම බටහිර හැසිරවීමට යටත්ව දුක්වින්දීම ඉන් අදහස් කෙරේ. නිවර්ත රටවල ඇති ස්වභාවික සම්පත් පිළිබද විස්තර අධ්‍යාපනය තුලින් යට ගස්වා ශීතල රටවල ඇති ආකාරයේ පොළොවේ තැන්පත්ව වී ඇති ස්වභාවික සම්පත්(අප රටවල ඇති ස්වාභාවික  සම්පත් මේවා නොවේ) ප්‍රයෝජනයට  ගැනීමට ඉගැන්වීම   නිසා එම නිවර්තන රටවල බිහිවන අනාගත පරම්පරාව ජීවත් වීමට ඇති ඉඩ කඩ ඉන් ඇහිරී ඇත. ඊනියා සංවර්ධනය සඳහා තම රට විනාශ කරගෙන අනාගත පරම්පරාව උගස් තැබීමටද මේ සඳහා අවශ්‍යයි.එය මැනවින් අපේ අනුවනක්කාර අවස්ථාවාදී දේශපාලඥයන් විසින් මැනවින් ඉටු කෙරමින් පවතී. තමන් ජිවත් වන රටේ ඇති ස්වාභවික සම්පතුත් එම රටවලට ගැලපෙන ජීවන රටාවලුත් අධ්‍යාපනය හා ජනමාධය හාවිතයෙන් අමතක කරවා මෙම හපන්කම සිදු කෙරේ.
ණය උගුල තුල තව තවත් එම උගුලේම හිරවීම හැර ලංකාවට සිදුවිය හැකි වෙනත් දෙයක් නැති බව මේ අනුවන දේශපන්ක්නයන්ගේ ක්‍රමය වේ.එයින් මිදීමට ඔවුන් මෙම දේශපාලන ක්‍රමය තුල කිසිත් නොකරයි, කිමද යත් එවිට ඔවුන්ගේ පැවැත්ම නැතිවන බැවිනි. එහෙත් මේ සඳහා විසදුමක් අප තුලම පවතී.
අනෙක් කොටස ඉදිරි ලිපිය (02) මගින් බලාපොරොත්තුවන්න.

Friday, March 7, 2014

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?

 
 
 
ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර
හෙළ ගුප්ත ඖෂධ වෙඩි ආර්. නන්දන

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?


වංශ කතාවේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ දවස බුදු සසුන යනු බුද්ධ පුත්‍රයන්ගේ නොහොත් භික්ෂුන්ගේම ශාසනයකි . නමුත් අද දින ලංකාවේ පිළිගන්නේ භික්ෂු , භික්ෂුණි, උපාසිකා, උපාසක යන සිව් වනක් පිරිසගෙන් බුදු සසුන සංයුක්ත වන බවය. මිහිදු මහ හිමියන් විසින් අනුරාධපුරයට ගෙන ආ බුදු සසුන භාරත වර්ගයේ සංචාරක සහ අරණ්‍ය වර්ගයේ සසුනකි. සෑම ගමකම පන්සලක් හා එහි භික්ෂු සහිත පන්සල් හා අරණ්‍ය ඇතුලත්වන ග්‍රාම වාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් යන බෙදීම ලංකාව තුලදී අපමණක් සිදු වුවකි. කෙටියෙන් කියතොත් ලංකාවේ ඉස්තාපිත වුයෙ ලංකාවට ගැලපෙන ආකාරයේ සසුනක් මිසක භාරතයේ තිබු බුදුන් වහන්සේගේ ආකරයේ ශාස්හනය් නොවේ. 
ගම් වාසින්සමග මිශ්‍ර වී ගිහි කටයුතුවලට භික්ෂුන් සම්බන්ද වීම බුදුන් වහන්සේ අනු දැන වදාලේ නැත. විනය පිටකයට අනුව භික්ෂුන් ෂඩ්විහාරිකව (එකට) ආරාම වල විසිය යුතුය. ධර්මය දේශනා කෙරමින් සංචාරයේ යෙදිය උතුය . ඒ බුදුන් වහන්සේ විසින් කල ආකාරය වේ. වස්සන ශ්‍රුතුවේ (නොහොන් වැහි කාලයේ)පමණක් සංචාරය අපහසු නිසා වස් ශිලය සමාදන්ව ගමේ ගම වැසියන් සමග සම්බන්ද වී ජිවත් වීමට අනු දන වදාළහ. එහිදී ලංකාවේ ගැමි සමාජය විසින් කොළ අතු සෙවිලි කර අතුවලින් අවරණය කරණ ලද තාවකාලික "පණ්ණ + ශාලා" නොහොත් "පන් + සල්" භික්ෂු උදෙසා ගොඩ නගා දෙන ලදී. මිහිදු හිමියන්ගෙන් සියවස් දෙකකකට පමණ පසුවන විට සෑම ගමකම "පණ්ණ + ශාලා" නොහොත් පන්සල් ඇති විය. භික්ෂුන් ගල් ලෙන් වල මුල් යුගයේ ජීවත් වීම එහි කොට ඇති දහස් ගණන් සෙල්ලිපි වලින් පැහැදිලිය. මේවා බ්‍රහ්මි නොහොත් අශෝක අක්ෂර වලින් ලියවී ඇත. අශෝක අක්ෂර වලට බ්‍රහ්මි අක්ෂර නමැති හැඳින්වීම දුන්නේ භාරතියන් නොව ජේම්ස් ප්‍රින්ශේෂ් නමැති ඉංග්‍රීසි ජාතික කමල්කරුවගේ බවද අප සිහි තබාගතයුතුය.
ඉන්දියානු ඉතිහාසය තුල බුදුන් වහන්සේ ගැන විස්තර ඇතුලත්ව නැත. බුදුන්වහන්සේ ඉන්දියානු ඉතිහාසයට ඇතුල් කෙරේ ඉංග්‍රීසි සිවිල් සේවකයන් විසින්ය. පබ්බාජ සුත්‍රයේ බුදුන් තමන්ගේ උපන් බිම ලෙස කාලිංග අගනුවර වන තෝලිසය සඳහන් කරන අතර ඉංග්‍රීසින් විසින් එය පෙන්වා ඇත්තේ නේපාලයේ පිහිටි වත්මන් ලුන්බිනිය ලෙසටය. ගයා දිස්ත්‍රික්කය නමැති ප්‍රදේශ නාමය තුල වත්මන් බුඩ්ගයාව ඉස්තාපිත කලේ ඇලේකසැන්ඩර් කනිග්හම් නමැති පුරාවිද්‍යාඥයා හා පුවත්පත් කතෘවරයකු වන සර්. රෝලින්ග්සන් යන දෙදෙනාය. ඉන්දියානුවෝ ඒ කිසිවක් නොදත්හ . බුදුන් පිරිනිවන් පෑ කුසිනාර නුවර මල්ල රජදරුවන්ගේ උයනද ඉංග්‍රීසින් විසින් ප්‍රකාශයට පත්කළා මිස ඉන්දියානුවෝ නොදැන සිටියහ. එම මල්ල පරම්පරාවේ නිශ්ශන්කමල්ල රජු(පොලොනරුවේ) කාලිංගයෙකි. අදත් මල්ලයන් සිටින්නේ කාලිංගයේ (අද ඔරිස්සාව) අද අගනුවර වනු බුවනේසර්හිය. බුදු දහම එක්කක්ම වද්දී භාරතයේ බුදු සසුනට වඩා වෙනස් ආකාරයකට ලංකා බුදු සසුන සැකසිනි. ග්‍රාම වාසි භික්ෂුව විනයට පටහැනිය. එමෙන්ම රජවාසල ආශ්‍රිතව අනුරාධපුර යුගයේ සිටම රාජ්‍ය අනුශාෂකයන් වීම විනයට පටහැනිය. නමුත් විනයට පටහැනි ඒ ආකාරයේ බුදු සසුන අදත් (2014) පවතී. විනය නීති වලට අනුව සැකසුනු භික්ෂුණි සාසනය අනුරාධපුර යුගය අවසන්වන විටත් අතුරුදන්ව පැවතුනි. මෑත භාගයේ සිටියේ දසසිල් උපාසක අම්මලා මිස භික්ෂුනී නොවේ. 
පැරණි යුගයේදී රාජ්‍යය හැසිරවීම මගින් මෙරට භික්ෂුහු එදා තිබු දේශපාලන ක්‍රියාවලියට සහභාගී වුහ . පොලොන්නරු කතිකාවත හා දඹදෙණි කතිකාවත යන කතිකාවත් දෙකෙන්ම භික්ෂුන් නොකළ යුතු දේ ගෙනහැර දක්වා ඇති අතර රාජ්‍යය පාලනයට උපදෙස් දීම හා සහබාගි වීම නොකළ යුතු බව එදා නායක මහනාහිමිවරුන් විසින් තීරණය කර නැත. නිෂ්පාදනය හා සමාජ හැසිරවීම යන සියලු ක්‍රියාවලියේම ඔවුහු අගනුවර මහ ස්වාමින්වහන්සේලා රජුටත් ගමේ පන්සලේ හාමුදුරුවන් විසින් ගම පාලනය කල ගම් සභාවටත් උපදෙස් දුනි. ඉගැන්වීම හා ආරවුල් සමථ කිරීම (නඩු ඇසීම) මගින් සමාජය යහපත් ලෙස පවත්වා ගත්හ. මේ සියල්ල රාජ්‍ය හැසිරවීම නොහොත් දේශපාලනයයි. 1815 දී වාරියපොළ සුමංගල හිමි වැනි අය ඉංග්‍රීසි කොඩිය බිමට අද දමා පාගා මහනුවර ගිවිසුමට විරෝදය පෑහ. එමෙන්ම දඹුලු විහාරාධිපති ගිරනෙගම හිමියන් විසින් ඉංග්‍රීසි පාලනයට විරුධව 1848 දී ගොන්ගාලේගොඩ බන්ඩාට සිංහල රජුලෙස කිරුළු පළදවන ලදී. මේ හැමදෙයක්ම භික්ෂුන්ගේ යුතුකම ලෙස සාලකින. ඒවා විනය විරෝදී නොවේ. 
1848 රාජ්‍ය පාලනය අවසන්වී පාර්ලිමේන්තු පාලනයද 1978 සිට විධායක ජනාදිපති පාලනයද ඇරබුණි . නමුත් මෙරට භික්ෂු සාසනය පැවතුනේ අවුරුදු දෙදහස් දෙසීයක් (දෙවනපෑතිස් රජු දවස සිට)අනුක්‍රමයෙන් විකාශනය වී ආ පරිද්දෙනි. කිර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස සියමෙන් උපසම්පදාව රැගෙන අවුත් සියම් මහ නිකාය ඇරබින ." ජෝන් ඩොයිල්ගේ" කේලාම් බස් වලින් බින්දවූ භික්ෂුන් මෙහෙයවා 1821 දී අමරපුර (බුරුමයේ) දේශයෙන් ගෙන ආ උප සම්පදාවෙන් අමරපුර නිකාය බිහි විය. ඉංග්‍රීසින්ගේ බෙදා පාලනය කිරීමේ නියාය යටතේ තව දුරටත් ශාශනය බෙදා 1868 දී බුරුමයේ රාමන්න දේශයෙන් උපසම්පදව ගෙනවිත් රාමන්න නිකාය පිහිටවුයේ ශාශනය තවත් බෙදීමටය. 
සුද්දෙකුගේ (ජෝන් ඩොයිල්ගේ) කේලාම් බස් අසා සියම් නිකායෙන් බිඳී අමරපුර නිකාය පිහිටවූ භික්ෂුන්ගේ වර්තමාන නායකත්වයට තම නිකායේ (කොටස) දේශපාලන වැරදි වලට එරෙහි උද්ගෝෂණවලට සහභාගී වීම තහනම් කර ඇත. එම නාහිමියන් විසින් ඉදිරි මාර්තු 2දා වාරියපොළ සුමංගල හිමියන්ගේ දළදා මැදුර අබියස ඇති පිළිමය ඉදිරියේ විරෝදය පාන්නේද ? 1848 දී දඹුලු විහාරදිපති ගිරානේගම හිමියන් විසින් ගොන්ගාලේ ගොඩ බන්ඩා රජ කරවීම ගැන ප්‍රකාශයක් නිකුත් කෙරනේද? දේවානම්පියතිස්ස රජුන් දවස සිට රාජ්‍ය පාලනයට භික්ෂුන් සහබහගි වීම සහ රජුන් වැරදි කෙරන විට ඒවාට විරෝධය පා ජනතාව සමග එකතු වී කටයුතු කිරීම වැරදි බව ප්‍රකාෂ කරන්නේද ? මහසෙන් රජු බෞද්ධ විරෝදී කටයුතු වල දී මහ විහාරයට හානි කෙල විට වැසියන් සමග එකතුවී රජු සිහසුනෙන් නෙරපීමට කටයුතු කිරීමට විරුධව ප්‍රකාශයක් නිකුත් කරන්නේද? 
අමරපුර නිකායේ පාර්ශව 4 හෝ 5 කි . 1948 සිට මේ දක්වා (විශේෂයෙන්ම 1956දි) භික්ෂු දේශපාලනය ගැන විරුද්ධ නොවී 2001 සිට සිංහල උරුමය හා භික්ෂුන් වහන්සේලාගේ පක්ෂයක් වන හෙළ උරුමයට විරුද්ධ (ඇතැම් භික්ෂුන් පාර්ලිමේන්තුවේදී ගිහි මන්ත්‍රීවරුන්ගෙන් මෑතකදී ගුටි කෑහ) නොවී භික්ෂු නායකත්වයකින් යුතු එම පක්ෂයට විරුද්ධ නොවී ගව ගාතනයට හා අන්‍ය ආගමිකයන් විනාශ කරමින් පවතින බුද්ධ දර්මය , බෞද්ධ උරුමයන් ආරක්ෂා කෙරන භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රබල විරෝධයක් එන 2013 – 2014 අවදියේදී හදිසියේ විනය මතක් වුනේ ඇයේ? අද රජයට බෞද්ධ පාර්ශවයෙන් එන ප්‍රබලම පීඩනය වන්නේ ගව ගාතනය හා අන්‍යාගමිකරනයට විරෝධව වේ. ඒ හමුවේ අමරපුර නිකාය තම භික්ෂුන් වහන්සේලාට රාජ්‍ය විරෝධය ඇතුලත් දේශපාලන කටයුතුවලට සම්බන්ද වීම විරුධව විනය නීති පැනවීම රටේම කුතුහලයට හේතු වී ඇත. පළමුවන ශික්ෂා පදය කැඩිමට විරුද්ධවීමට භික්ෂුවට අයිතියක් නැද්ද? තම නිකායේ භික්ෂුන්ගේ දේශපාලන ක්‍රියාවන්ට විරුධවීමට අමරපුර නිකායට 2014 සිදු වුනේ රාජ්‍ය ප්‍රධානින්ගේ බලපෑම මත බව ජනතාවටම සැක පහලව ඇත. මේතාක් සිදුවන බෞද්ධ උරුමයන්ගේ විනාශයට , බෞධයන් අන්‍ය ආගම වලට හරවා ගැනීමටල බෞද්ධ/සිංහල සංස්කෘතිය අමු අමුවේ පල්ලිය විසින් හොරා කනකොට, ගව ගාතන සිදු වෙනකොට, බෞධයන්ට භික්ෂුන්ට අන්‍ය ජාතිකයන්ගෙන් කෙනෙහිලිකම් වනවිට,අන්‍ය ආගමිකයන් හොරට සිව්රු ඇඳ සාසනයත් බුද්ධ ධර්මයත් විනාස කෙරමින් සිටි , තවත් ය තමුන් රහත් බව පවසයි , මේ මහනායක හිමිවරු ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග මොනවද? ජාතියට ආගමට ශාසනයට මොනවා වුනත් සුද්ද දුන්න නිකාය මහා පදවිය රැකීමද එකම අරමුණ?මෙම මහ නාහිමිවරු තමන්ගේ සාසනික සහ ජාතික වගකීම් හිතා මතාම පැහැර හරන බවට බෞද්ධ ජනතාවගේ අදහසයි. 
ලංකාවාසී ජනතාව හා විශේෂයෙන්ම මෙරට බෞධයන් උපන් ගෙයි මෝඩයන් නොවේ. බුද්ධ යනු බුධියයි. බුදුන් වහන්සේ යනු බුධින් වහන්සේය. බෞධයා යනු එම බුධිමත් දහම තේරුම් ගැනීමට හැකි බුධිමතුන්ය . නිකාය මහ හිමි වරුන්ට මෙම බුධිය නැතත් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට සහ ගිහියන්ට මෙම බුධිය ඇත . රට දැය ආගම ගැන කැක්කුමක්ද ඇත. දැන්වත් මේ රටට , ජාතියට ල ආගමට වෙන විනාශය තේරුම් ගෙන ඒ සඳහා අවශය කටයුතු කිරීමට මහනායක හිමිවරු පියවර නොගතහොත් මහනායක පදවියක් දැරීමට නිකායක් තබා බුද්ධ සාසනයවත් අන්‍ය ආගමික අන්තවාදීන් මේ රටේ ඉතුරු නොකරනු ඇත. 

ඉදිරිපත් කිරීම -
ආචර්ය සුරිය ගුණසේකර

Sunday, March 2, 2014

සිංහලයාට උගුල් අටවන්නෝ (03) - පළාත් සභා උගුල


(03) පළාත් සභා උගුල

පළාත් සභා උගුල
පළත් සභාව යන නාමය යටතේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ලබා දුන්නේ උතුරු නැගෙනහිර  ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍යයකි. ඒ පිරිබාහරන් ත්‍රස්තවාදයෙන් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇතුල් කෙරවිම සඳහාය. මෙය පූර්ණ ෆෙඩරල් බව ඔප්පු වුයේ  "දිවිනැගුම " පනත පර්ලිමෙන්තුවේ  සම්මත කර ගැනීමට ගිය විටදීය, ව්‍යවස්ථාවට අනුව එක් පළාතක් හෝ එකඟ වී නැතිනම් ලංකාවටම බලපාන පනතක් සම්මත කරගත නොහැකි බව අග විනිසුරුවරිය පෙන්වා දුන්විට ඇයව ධුරයෙන් ඉවත් වීමට පවා කටයුතු සිද්ධ වුනි.
ලංකාවේ පළාත් සභා වල බීජය ඇත්තේ 1927 දී ඉන්දියාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන නිර්දේශ කළ සයිමන් කොමිස්න් සභාවේය. ස්වදේෂකයන්ට පාලන කටයුතු වලට සහභාගී වීමට ඉන්දියාව විශාල වැඩි නිසා පළමුව ඒ තුල වූ රටවල් ප්‍රාන්ත ලෙස බෙදීමට කොමිසම විසින් යෝජනා කරන ලදී. එම බෙදීමට නිරනයකයද යෝජනා කරන ලදී. එනම්,
1. සමාන භාෂාව
2. සමාන ආගම
3. සමාන සංස්කෘතිය  ඇති ප්‍රදේශ යන සාදක තුන වේ.

1987 ඉන්දු-ලංකා ගිවිසුමේද දෙමල භාෂාව, හින්දු ආගම. දෙමල-හින්දු සංස්කෘතිය ඇති උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමේ යෝජනා කළේ එම සයිමන් කොමිසමේ මෙම මූල ධර්මය අනුවය. තාවකාලිකව අවුරුදකට යන බොරු කොන්දේසි ඊට දැමිණි. අන්තිමට JVP ය විසින් ලබා ගත අධිකරණ නියෝගයකින් පළාත් දෙක වෙන් කරන ලදී.
මේ නිසා හිතා මතාම සහ පැහැදිලි බෙදීමේ චේතනාවක් ඇතිව පළාත් සභා ක්‍රමය එවකට පැවති රජය ඉන්දියාවේ බලපෑම මත  ඇති කෙරින. පළාත් සභා යන වචනය නිසා රට වැසියාට මෙම මර උගුල නොතේරේ.  පළාත් බෙදීම ඇති කරේ බ්‍රිතාන්‍ය පාලන කාලය තුලය. එය අසාර්ථක වී පසුව දිස්ත්‍රිකයයම පළාත් එක්කකය වී කච්ච්රිය එම දිස්ත්‍රික් කාර්යාලය විය.
පක්ෂ දේශපාලනයට මෙම මර උගුල සුව යහනක් වී ඇත.  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පළාත් මට්ටමේ සංවිධාකයන්ගෙන්  යුක්ත වීම ඊට හේතුවය. ප්‍රාදේශීය මට්ටමද එසේම පැහැදිලිව තිබීම නිසා UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම තම සංවිධාන ජලය ප්‍රාදේශීය (ගම් )මට්ටමේ තබාගෙන ඇත. පළාත් සහ ප්‍රාදේශීය දේශපාලකයන් බිහි වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පවුල් වල අයට දේශපාලනයට එලබීමට පළාත් සභා ක්‍රමය ඉවහල් වී ඇත. මෙනිසාම මෙම මර උගුල අතහැර දැමීමට ප්‍රධාන පක්ෂ දෙකම අකමැතිය.
ආණ්ඩුවත් ජනතාවත්  කල්පනා කෙරන්නේ  "ඊළාම් වාදය” පිරිබාහරන්ගේ බවය. LTTE ය සහ පිරිබාහරන් දැන් නැති නිසා මෙරට දෙමළ ජනතාව තවදුරටත් ඊළාම් වාදීන් නොවන බව මෙම අනුවණයෝ සිතති. පළමුවෙන්ම සිටි මහ ඇමති පෙරුමාල් ඊළාම් ප්‍රකාශ කෙළේ තමන්ගේ සැප සම්පත් අහිමි වන බව දන දැනගනය. නමුත් දෙමල ජනතාවගේ හඬට අවනත වීමට ඔහුට සිදු විය. දැන් මහ ඇමති විග්නේශ්වරන් ඒ බව රටට අඟවයි. පෙබරවාරි 13 අවට දිනෙක ඔහු කීවේ ජනාධිපති සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති නමුත් තමන් පත් කල දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට තමන් බැඳී ඇති බවය. මෙම අභිලාශය නම් වෙනම රාජ්‍යයකි. විග්නේශ්වරන් එබන්දක් කෙලොත් පෙරුමාල් දවස මෙන් උතුරු පළාත් සභාව විසුරුවා හැර එය රජය යටතට ගත නොහැක. විසුරුවා හැරිය හැක්කේ,
1. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්  පවා සපයා දීමට පළාත් සභා පාලනය අපොහොසත් වුවහොත්
2. විදේශ ආක්‍රමණ ඇති වුවහොත්
3.    සන්නද්ද කණ්ඩායමක් සහිත කැරලිකාර තත්වයක් ඇති වුවහොත්
යන කොන්දේසි තුන යටතේ පමණකි. දේශපාලන වසයෙන් වෙනම රජයක් ප්‍රකාශ කෙලොත් මධ්‍යම ආණ්ඩුවට එය විසිරුවා හැරිය නොහැක.
මෙරට ජනතාව නොදන්ව වුවද පළාත් සභා යනු අර්ධ ස්වාදීන පාලන ක්‍රමයකි. 1927 දී සයිමන් කොමිසන් සභාව විසින් ප්‍රාන්ත සභා හඳුන්වා දී තිබුනේ එලෙසය. දැන් පළාත් සභා නමින් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එයයි. එදා ඉන්දියාවට ලබා දුන් අර්ධ ස්වාහ්ධින පාලන තන්ත්‍රය 1947 දී නිදහස් ඉන්දියාව බවට පත් විය.සයිමන්  කොමිසමේ කාර්යය ලංකාවට සුදුසු ලෙස ඉටුකෙළේ (අර්ධ ස්වාදීන පාලන ක්‍රමය) ඩොනමෝර් කොමසරිස්වාරුය විසින්ය. ඩොනමෝර් ආණ්ඩුවෙන් පසු 1948 දී අප එලබුනේ  පර්ලිමෙන්තු ක්‍රමයටය.
කකුළුවා වතුර මුට්ටිය ලිප තබා ගිනි මෝලවා ඇත. තවමත් වතුර සිසිල්ය. කකුළුවා එහි ප්‍රීතියෙන් ක්‍රීඩා කරයි. වතුර රත් වූ විට සිදුවන දේ ඌ නොදනී. ඒ සදහා කාලය ගතවීම පමණක් අවශ්‍යව ඇත. වතුර මුමුට්ටියේ සිටීම කකුළුවෝ මේ රට සිංහල ජනතාව නොවේද. ඉදින් මෙම මර උගුල් ගලවා දැමීමට තවමත් කාලය ඉතිරිව ඇත. එබැවින් මෙම පාර්ලිමේන්තු උගුල, සංවර්ධන උගුල, පළාත් සභා උගුල යන උගුල් ගලවා දමා පෙර රජ දවස මෙන් අපටම ගැලපෙන පාලන ආර්ථික ක්‍රමයක් ඇති කර ගැනීමට සිංහල අපි සැවොම එකතු වී අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක විය යුතුය.

සිංහලයට උගුල් අටවන්නෝ (02) - සංවර්ධන උගුල

 

 (02) සංවර්ධන උගුල



1987 දි බ‍්‍රාන්ට්ලන්ඞ් කොමිසමේ වාර්ථාව (අපේ පොදු අනාගතය - our common future) එලිදක්වන තුරුම සංවර්ධනය නමැති වචනය සදහා එක්සත් ජාතීන්ගේ සංවිධනය විසින් දුන් ආර්ථකථනය වුයේ වෙනසන් පසුව ඇතිවන වැඩියාම(growth on change) යන්නයි.මෙය යුරෝපිය සංසිද්ධියකි.කෘෂිකර්මික යුගයේ බඩගින්නෙන් මන්දපෝෂණයයෙන් හා ලෙඩදුක් වලින් යුරෝපියයා පෙථනි.ශිතල රටවල් කෘෂිකර්මයට නුසුදුසු වීම ඊට හේතුවයි.කාර්මිකත්වය හා වානිජත්වය එළඹුනු විට එම රටවලට ස්ථාවර බවක් ඇති වී ජිවිතය දියුණු විය.මේ නිසා එම වෙන(change) තවදුරටත් වැඩියාම (growth)එම රටවලදි සංවර්ධනය නම් විය.
1944 ජුලි මස ඇමෙරිකන් ජනාධිපති රුස්වෙල්ට් විසින් පැවැත්වු සම්මේලනයයේදි යුද්ධයෙන් වැටුන යුරෝපයට නිවර්තනික කලාපිය ලෝකය කොල්ල කා නැවතත් සමෘධිමත් විය හැකි ආකාරය පෙන්වාදෙන ලදි.අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) ලෝක බැංකුව (IBRD) හා ගෑට් සංවිධානය(GATT) ඇරඹුනේ එදිනය එහි ප්‍රතිපලයක් ලෙස නිවර්තන කලාපිය රටවල් කොල්ලකෑමට මූලික අඩිතාලමක් ලෙසය .1944 දෙසැම්බර්හි ආහාර හා කෘෂිකර්ම සංවිධානද(FAO) ඇරඹිමෙන් පසු 1945 දි එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය බවට පත්විය.අද එහි නියෝජිත ආයතයන් දුසිම් 2ක් පමණ ඇත. නිවර්තනික ලෝකයට (දුප්පත්) සංවර්ධනය ගෙන එන්නේ එම එක්සත් ජාතින්ගේ සංවිධානයයි.සංවර්ධිත රටවල් යනු නිවර්තනික ලෝකය සුරා කා පොහොසත් වු රටවල්ය.සංවර්ධනය වන (පළමුව උෘණ සංවර්ධිත) රටවල් යනු නිවර්තනික දුප්පත් (ලංකාව වැනි) රටවල්ය.ලංකාව මෙන්ම අනිකුත් නිවර්තනික රටවල් මෙම ඇමරිකාව ප්‍රමුක බටහිර ජාතින් පෙන්වන”සංවර්ධන මිරිගුව” පසුපස දුවති.නමුත් සංවර්ධනය වු රටක් නැත.
1968 දි ලංකාණ්ඩුව වී ගොවිතැන නවීකරණය කිරිමට ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමග ගිවිසුම් අත්සන් කිරිමෙන් සංවර්ධනයට එළඹීයේය.මෙමගින් අපේ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමය තාක්ෂණය බිජ වර්ග විනාශ විය. 1970 දි එය ගොඩ ගොවිතැන් ඇතුථ සියථ ගොවිතැන් වලටද සුථ කර්මාන්ත වලටද ආදේශ කරන ලදි.1970 දි සංවර්ධන මණ්ඩලය ඇතිවුයේ එනිසාය.එමගින් බහු ජාතික සමාගම්වල ට‍්‍රැක්ටර් බීජ වී ජිව නාශක දියර කෘතිම පොහොර ආදි යෙදවුම් අවශ්‍ය වී වර්ග පමණක් (දියුණු කල) වගා කිරිම ඇරඹුනි.මේ අනෙකක් නොව සොබාදහමේ අංග අධික ලෙස සුරාකමින් ආහාර වටිනාකමක් නැති සහල් වර්ග තාවකාලිකව වැඩියෙන් නිපදවා වැඩි ආදායමක් ලැබීමටය.අද මෙම කෘෂි සංවර්ධනය කොතෙක්ද යත් ගොවියට තම බිජ නිපදවා ගැනීමටත් ළඟ තබා ගැනීමටත් විරුධව නීති සකස් කරමින් පවතින අතර බිජ බහු ජාතික සමාගම් මගින් නිපදව බෙදා හරිම කරනු ලැබී. මෙතුලින් අපේ හීනටි සහල් , කළු හීනටි වැනි අපේම මෙරටට මේ බිමට ගැලපෙන බිජ සහමුලින් වඳ කර දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක.මැද කොළඹ ආසන්නයේ නිවාස ප‍්‍රශ්නයක් ඇත.1970 දි එහි මන්ත‍්‍රි කෙනෙකු වු පිටර් කේනමන් නිවාස ඇමති විය.මැද කොළඹ තිබු නිවාස ප‍්‍රශ්නය ලංකාවටම ව්‍යාප්ත කිරිමට හේ සමත් විය.1977 දි මැද කොළඹ මන්ත‍්‍රි ආර්.පේ‍්‍රමදාස නිවාස හා ඉදිකිරිම් ඇමති විය.විදේශ බලවේග ඔහුට කිට්ටු වී නිවාස සංවර්ධනය ලංකාවේ ප‍්‍රධානම සංවර්ධනය බවට පත්විය.උදාගම් හා වාර්ශික ගම්උදා සංකල්පයත් දියුණු විය.මහ පොලවට මුල්ඇද තිබු සිංහලයා මහ පොලවින් මුල් උදුරා නිවාසයට මුල් ඇද්දවීමට නිවාස හා ගම්උදා සංකල්පය සමත් විය.
1978 දි ආ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා විදේශික ආයෝජනයට වෙළදුන් සංචාරකයින්ට ජාවාරම් කාරයින්ට රට විවෘත විය.රටට අනවශ්‍ය සියථ දේ රටට ඇදී ආවේය.විදේශ ආයෝජකයන් ඇසුරින් ලංකාව කාර්මික රටක් කිරිම ඇරඹුණි."නව කාර්මික රාජ්‍යය” මෙරට ආර්ථික ප‍්‍රතිපත්තිය විය.නමුත් ආයෝජකයන් මෙරට බැංකුවලින් ණය ලබා ආයෝජනය කර සුරාගත හැකි දේ සුරාගෙන කර්මාන්තයන් වසා දමා ණයද නොගෙවා ආපසු ගියහ.කාර්මික ප‍්‍රතිපත්තිය අසාර්ථක විය.
2003 දි යු.එන්.පි පාලනය යටත උත්සහ දරන ලද සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කිරිම දැන් නැවතත් ඇරඹී ඇත.මාර්ග සංවර්ධනය වරායන් ගුවන්තොටුපලවල් සංචාරක හොටල් කැසිනෝ හා ගණිකා ව්‍යාපාර පුද්ගලික රෝහල් සුඛෝපභෝගි රථ ආනයනය ආදි අනවශ්‍ය හා ඹරෝත්තු නොදෙන දේ ඒ අනුව වැඩියයි.සංචාරක කර්මාන්තය වැදගත් ලෙස සලක්න්නේ රට තුල කිසිම ස්වාභාවික සම්පත් නැති අන්ත නිසරු රටවල්ය.ලංකාව වැනි ස්වභාවික සම්පත් වලින් පිරි රටකට කෘෂි ආර්ථිකය හැර වෙනත් ආර්ථිකයන් අවැසි නැත, සංචාරය ආර්ථිකය යනු විදේශිකයන් මත රට උකසට තැබීමක් වැනිය, ඔවුනට අපේ ආර්ථිකය වට්ටන්න ලංකාවට නොයන ලෙස තම වැසියන්ට අනතුරු ඇඟවීමක් සෑහේ.එබැවින් අපේ දේශපාලකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කොපමණ භයානක සහ ඔල මොට්ටලද යන්න අප තීරණය කෙල යුතුය. ලංකාව ලොව ඇති ස්වාභාවික සම්පත් පිරුණු ප‍්‍රධානම රට බව 1835 - 45 ආරම්භක වැවිලි කරුවන් පවසා ඇත. මෙවැනි රටක් මෙතරම් අගහිඟ කම් වලින් දුක් විදුනුයේ වැරදි අපට නොගැලපෙන ආර්ථික හා දේශපාලන ක්‍රමය නිසාය.
1970 සිට වසර 43 ට පසු සංවර්ධන මාවතේ ගමන්ගත් ලංකාවේ අද තත්වය කුමක්ද නවීන ගොවිතැන් ක‍්‍රම නිසා පොලව හා ජලය විෂ වි ඇත.දේශගුණය වෙනස් වි තිබේ.නාගරික ප‍්‍රදේශ වල මෝටර් රථ දුම් නිසා වායුව විෂ වී ඇත.ජල උල්පත් සිදි වියළි ගොස්ය.ජල මාර්ග දෙපස කම්මල් පිහිටුවා ඒවායේ අපදාව්‍ය එම ජලමාරග වලට මුදාහැරිමෙන් ජලමාරග අපවිත‍්‍ර වී ඇත.කදු බෑවුම් අසීමිතව එලි කිරිම නිසාත් පයිනස් යුකැලිප්ටස් වගා කිරිම නිසාත් නාය යාම් ඇරඹී ඇත.උක් වගාව නිසා හපුතලේ අවට නායයම් වල කේන්ද්‍රය බවට පත්විය.වසවිස යොදා වගාකිරිම නිසා ආහාර විසවි ඇත.ඇගලූම් කර්මාන්තය ප‍්‍රධාන ආර්ථික මාර්ගයක් වී දැන් බිද වැටීම නිසා විරැුකියාව දක්නට තිබේ.එමෙන්ම ඒවායේ වැඩකල කම්කරුවන් (කාන්තාවන්)දුර්වල වි ලෙඩ වි සිටිති.නිරෝගි තරුණ ලඳුන් ඇගථම් කම්හලක වැඩට ආ විට වසර 10 - 15 ට පසු රෝගි කාන්තාවක් වී ගෙදර යයි.බොහෝ ය ගණිකා වෘතියට් යොමු වී ඇත.ඔවුන් විවාහ වුවද දරුවන් නැත.දරුවන් ලදොත් අංගවිකලය.නැතිනම් දුර්වලය.ඇය ගෙදරට ඉන්පසු බරක් වී සෙසු ජිවිත කාලය ගෙවයි.
රජයේ සියථ සංවර්ධනයන් සිදුවන්නේ ණයට ගත් මුදල් වලිනි.ඒවායේ වාර්ක පොලී ගෙවා ගැනිමට නොහැක.ඊට හේතුව නම් රටේ නිෂ්පාදනය වර්ධනය නොවීමය.ණය හා වාරික ගෙවීමට තවත් ණයක් ලබාගැනීම දැන් පුරුද්දය.මෙසේ ණය උගුලේ හිරවීම නිසා ඒක පුද්ගල ණය බර දෙලක්‍ෂ හැත්තෑ දහස දක්වා වැඩි වී ඇත.එසේ වද්දි රජයේ නාස්තිකාර උත්සව ගමන් ආනයන ආදිය නිසා ණය ගෙවීම තව තවත් අපහසු වේ.මේ අතර සංවර්ධනයේ ආරම්භය වු වි ගොවිතැන නවිකරණය නිසා පොහොර වසවිය.දැනට කැඞ්මියම් ආසනික් ආදි දේ නිසා රජරට වකුගඩු රෝගය දරුණු විය.දැනට 38000 මිය ගොස් ලක්‍ෂ 4ට රෝගය වැලදී ඇත .බටහිර වෙදකමට මෙය සුවකල නොහැක.වැව් ශිෂ්ඨාචාරය උපන් මුථ රජරටම ඉන් මියයාමට හැකි ප‍්‍රවණතාවක් ඇත. මෙසේ සංවර්ධන උගුල නිසා 1970 දී තුන්වේල ආහාර ගෙන නිරෝගිව සිටි ජනතාව අද රෝගී වී මියයන දෙස බලා සිටිය යුතුව ඇත. විශේෂඥයින් කරන්නේ අනාගතය සුබ බව කීමය."ආසියාවේ ආශ්චර්ය" නමැති පදයෙන්ද රජයද මෙම දරුණු තත්වය වසන් කරයි. ජනතාවද ඊට රැවටෙති. ඔවුහු තව දුරටත් චන්දය දෙමින් තම අවසානය දක්වාම එසේ කරනු ඇත. සංවර්ධන මායාව නිසා රටත් ජාතියත් ශිස්ටාචාර්යත් විනාශ වී යමින් තිබේ. මෙම තත්වය වහාම වෙනස් කරගැනීම ජාතියේ වගකීම වේ, කිමද දේශපාලඥයා කිසිදා මෙය නොකරන බැවිනි. 

ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේධි ආර්. නන්දන