Wednesday, May 28, 2014

රට බේරා ගැනීමටනම් දේශපාලනයෙන් රාජ්‍ය තාන්ත්‍රිකත්වයට යාමට කාලය දැන් එලබ් ඇත.



රට බේරා ගැනීමටනම් දේශපාලනයෙන් රාජ්‍ය 

තාන්ත්‍රිකත්වයට යාමට කාලය දැන් එලබ් ඇත.


එදා සිංහල රජ දවස ස්‌වයංපොශිතව සියළු යස ඉසුරින් පිරි ඉතිරි තිබු මේ රට අද අපායක් බවට පත් කර ඇත. මෙම රට විනාශය කර යාමේ මුලික අඩිතාලම පෘතුගීසින්ල ලන්දේසින් විසින් අරභන ලද අතර ඉංග්‍රීසින් විසින් අපේ හෙළ සියලුම දේ විනාශ කර ඔවුන්ගේ දේවල් අප රට තුල ස්ථාපිත කරන ලදී. එහි ප්‍රථිපලය ලෙස අපට දී ගිය වෙස්ට්මිනිස්ටේර් ක්‍රමයේ පාර්ලිමේන්තුව තුලින් ල සර්වජන චන්ද බලය තුලින් රටට අයහපතක් මිස වුනු යහපතක් නැති බව අද අපි හැමෝටම වැටහෙනවා ඇත. සර්වජන ජන්ද හිමිකම යනු මුලාවකි. ජන්දය ප්‍රකාශ කරන දිනදී පවා එක මොහොතකට හෝ අපිට අයිතියක් ඇතිදැයි සිතා බලන්න. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි මැර දේශපාලඥයකුට හා මැර පක්ෂයකට පවා දී ගලේ පහරු බළල්ලු මෙන් කර කියා ගත හැකි දෙයක් නොමැතිව අවුරුදු ගන්නන් දුක් විඳිති. නැවත නැවත ඒ දෙයම කරති. ජන්දයගත් දේශපාලුවන් අපේ කැමැත්තට නොව ඔවුන්ගේ කැමැත්තට සියළු දේ කරති. ඉතින් ඔබගේ අයිතිය(ප්‍රජාතන්ත්‍රය) සුරැකි ඇතිද? ඔබ විසින්ම එය පවා දී ඇත. නැවත නැවත අවරුදු 4-6 කට වරක් මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු රාමුව තුල ජනතාව කරන්නේ එකම මෝඩ කම නොවේද?මෙම සර්වජන චන්ද බලය සහ පාර්ලිමේන්තුව තුල බිහිවනුයේ චන්දයෙන් බලය ගෙන රට හුරාකන්නට කෑදර දේශපාලුවන් මිස රටට ආදරය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් නොවේ. රට ජාතික පරයන්ට පවා දෙමින්, රටේ සම්පත් හුරකමින් මෙතෙක් මෙම දේශපාලුවන් කරණ විනශායට තිත තැබීමට කාලය එළඹ ඇතග හෙට උපදින සිංහලේ දරුවට රටක් ඉතිරිකර යාමට නම් මෙම සුදදන් විසින් හනුන්වාදුන් දේශපාලනය පාර්ලිමේන්තු ක්‍රමය අතුගා දමා නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් සැදුම් ලත් රාජ්‍යතාන්ත්‍රික පාළන ක්‍රමයක් රටේ ස්ථාපිත කිරීමට කාලය එළඹ ඇත. දැන් අවශ්‍ය වනුයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රටට උපදවිමය . මේ සඳහා රටට ජාතියට ඇත්තටම ආදරය කරන හැමෝම අප වටා රොක් වන්න. ඔබත් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස රටට ඉදිරිපත් කිරීමට වගකීම අප භාර ගන්නෙමු.

ඇයි රාජ්‍ය තාන්ත්‍රික පාලනයක් පිහිටවිය යුත්තේ?


පාර්ලිමේන්තුවේ ප්‍රජතන්ත්‍රවාදය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ පොලිටික්ස් යනුවෙනි. (politics) පෝල් යනු චන්දයයි ticks යනු එහි ක්‍රියා විශේෂණයයි (adverb) මේ දෙක ඉංග්‍රීසියෙන් එකට ගත්විට poll+tics පොලිටික්ස් නම් වේ. එය දේශපාලනය නොවේ. දේශපාලනය යන්න ඉංග්‍රීසියට පරිවර්තනය කල විට එය land + rule (ලෑන්ඩ්+ රූල්)නම් වේ. පොලිටික්ස් හා දේශපාලනය යනු පරස්පර අදහස් දෙකක්‌ වේ. ප්‍රජාව නොහොත් ජනතාවගේ තන්ත්‍රය නොහොත් කැමැත්ත ප්‍රජාතන්ත්‍රය වේ.demo යනු ජනතාවයි. ocracy යනු අභිමතයයිග.(Democracy) ඩිමෝක්‍රසි යනු ජනතාවගේ කැමැත්තය.
එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය 1215 මැග්නාකාටා ගිවිසුමේ සිට අනුක්‍රමයෙන් අවුරුදු 730 පමණ වැඩි ගොස් 20 සියවසේ එහි ස්වරුපයට පත් විය. එංගලන්තයේ අවශ්‍යතාවයට (ගැලපීමට)අනුව එය මෙසේ ක්‍රමයෙන් විකාශය විය. එයම 1948 ලංකාවට ලැබුනේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි හැටියෙමය. එංගලන්තයේ ක්‍රම හා විධි එහි යටත් විජිත වලට ඉතාමත් ගැලපෙන බව ඉංග්‍රීසි හු විශ්වාස කළහ. ලංකාව යනු එංගලන්තය නොවන බවත් ලංකා ඉතිහාසය එංගලන්ත ඉතිහාසය නොවන බවත් තේරුම් ගැනීමට නොහැකි තරමට ඔවුහු අහංකාර වුහ. තමන්ගේ උරුමයන් තම යටත් විජිත රාජ්‍ය වලට බලෙන්ම උරුමකරදීමට තරම් ඔවුන් උදච්ච වුහ. එබැවින් ජන්දය,පක්‍ෂය,පාර්ලිමේන්තුව යන විවීධි ආයතන වලින්ද , ව්‍යවස්ථාදායකය , විධායකය, අධිකරණය යන ක්‍රම 3 න් යුතු ආණ්ඩුවක් 1948 දී ලංකාවට ලබා දුනි.මෙය ලංකාවට ගැලපෙන්නේද නැද්ද කියා කිසිවෙකු විමසා බැලුවේ නැත. අපේ කළු සුද්දන් ද එය එසේම හිස් මුදුනින් පිළිගන්නා ලදී. මෙය ලංකාවට ගැලපෙන්නේද නැද්ද යන්න තේරුම් ගැනීමට දැන් අවුරුදු 68 කාලයක් ඉක්ම ගොස් ඇතත් අපට නොහැකි වී ඇත. අප රටේ උගතුන් පොත පත දැනුමෙන් උගතුන් මිස බුධිමතුන් නොවන බවට මෙය කදිම සාක්ෂියකි.
ලංකාව උත්තර අක්ෂාංශ 5-10 අතර පිහිටි උණුසුම් රටකි. මහා බ්‍රිතාන්‍යය උත්තර අක්ෂාංශ 50-60 අතර පිහිටි ශීත රටකි. ලකාවට ශීත සෘතුවක් නොමැතිව අවුරද්ද පුරා ගහ කොළ වැවේ. දවස් 365ම එළිමහනේ ගත කල හැක. බ්‍රිතාන්‍යය මාස 5 1/2 ශීත සෘතුවක් ඇති උෂ්ණ සෘතුවේ පවා රාත්‍රිය එළිමහනේ ගත කල නොහැකි රටකි. ලංකාවට මාස 3 බැගින් වන වර්ෂා සෘතු(මෝසම්) දෙකකුත් වර්ෂාවෙන් අනතුරුව එන මාස 3 හා මාස 2 ක වියලි කාලයක් ඇත. වැසි සමයේ ගස් වැඩි වියලි සමයේ ධාන්‍ය , එළවලු , පලතුරු හා අල වැඩි මෝරා අස්වනු ගෙන දේ. එංගලන්තයේ මාස 5 1/2 ශීත සෘතුව නිසා ගහකොළ වැඩෙන්නේ හා පළ හට ගන්නේ මාස 6 1/2 කාලය තුලපමණි. මේවා පෝෂණ ගුණයෙන් හා අස්වනු අතින් අඩුය. තණකොළ පමණක් අවුරුද්ද පුරා වැවේ.එබැවින් තන පිට්ටනි ඇති කර බැටළුවන්, ගවයන්, අශ්වයන් ඇතිකර උන්ගේ මස් අනුභවය එහි ප්‍රධානය. කාර්මික විප්ලවය ඇති වූ යේ එංගලන්තයෙනි. ඊට හේතුව වුනේ මතුපිට පසේ නිසරුනිසරු නිසා ඉන්ග්රිසිකාරය යට පසට ගොස් බැලීමේදී ගල් අඟුරු, යකඩ,වානේ,ලෝහ හා කණිජ තෙල් ආදී ස්වභාවික සම්පත් හමු වියඉන් කල හැක්කේ කර්මාන්ත පමණි.එනිසා ලොව පළමු කාර්මික රට එංගලන්තය විය.මේවා අනුභව නොකර හැකි නිසා වෙලදාම් කර ඉන් ලැබුණු ලාභයෙන් අහාර ඇතුළු සියළු අවශ්‍යතා මිල දී ගන්නා ලදී.
එංගලන්තයේ මිනිසා මස් කෑ යුතුය.ඒ හේතු 2 නිසායල පළමුවැන්න අවුරුද්ද පුරා වැඩෙන්නේ තෘණ වර්ගයන්ය.මේවා සතුන්ට කෑමට දිය හැකිය.දෙවැන්න නම් අධික ශීතලට එරෙහිව ශරීරය තුල උෂ්ණය ජනනය කිරීමට මේදය අධික මස් කෑමට අවශ්‍යය. මස් මාළු, බිත්තර ඔවුන්ට වැදගත් අහාර වුවද අපිට ඒවා වැදගත් නොවිම මේ අනුව දැන ගත යුතුය.
ලෝම ඇඳුම් ශීත රටවල අවශ්‍යතාවකි. එක මත එක ඇඳුම් 5 ක් ශීත සෘතුවේ අඳිනඉංග්‍රීසිකාරය ඒ මත ශීත කබායක්ද (over coat)ද දමා ගනී. මේ අයුරින් ඇඳගත් ලංකාවේ වැසියෙක් කි. මිටර් ¼ පාරදිගේ ගමන් කළහොත් උෂ්ණය අධික වී සිහි මුර්ජා වෙයි. අපට ගැලපෙන්නේ සරල කපු ඇඳුමකිගඅද වායු සමිකරණය කල ශාලාවල් සාදා ටයි , කෝට් ඇඳගෙන උත්සව පවත්වන මුග්ධයයට අප අනුකම්පා කල යුතුය.
එංගලන්තයේ ගෙයද ශීත සෘතුවේ පිටත ඇති වායුව ඇතුල් වීමට බැරි පරිදි ජනෙල් සීල් කර උදුන් හා බට දිගේ ගමන් කරන උණු වතුරින් උණුසුම් කර ඇතග අපට තිබුනේ හොඳින් වාතාශ්‍රය ලැබෙන අවුරුද්ද පුරා කවුළු ඇර තබන ගෙවල්ය.
ඖෂධ ගත්තද එංගලන්තයේ ශාක ඖෂධ භාවිතාවක් නොවුයේ විවිධ ශාක නොවැඩේන නිසාය . සුළු රෝගවලට අත් බෙහෙත් තිබු අතර බරපතල රෝග වලදී ආගමික යාඥා පමණක් ක්‍රියාත්මක විය. "ඩොක්ට්‍රීන්” දත් උසස් (බයිබලය ) පුජකවරු වෛද්‍යවරු වුහ. අදත් ර්‍"ඩොක්ටින් දත්තා” යන අරුතෙන් වෛද්‍යවරයා "ර්‍ඩොක්ටර්” නම් වේ. කාර්මික විප්ලවයෙන් පසු පමණක් පෙති, කරල් , වස්ති හා ශල්‍යකර්ම ඇතුළු කෘතීම ප්‍රතිකාර එංගලන්තයේ දියුණු විය.
අද අප රට උගතුන් වන්නේ විවිඩ වෘතිකයන්ය(Professionals) මොවුහු එංගලන්තයේ වෘතින් දැඩි ලෙස අනුගමනය කරමින් ඒවා ලංකාවටද ආදේශ කිරීමට උත්සහ දරණ බුධි හීනයන්ය. එනිසාම අනුගමනයකරණය(Fellowships) මෙම වෘතින්ගේ ඉහලම මට්ටම ලෙස හඳුන්වා දී තිබේ.
ශීත සෘතුවේ අව්ව තැපිමට එංගලන්තයට ගැලපෙන ලෙස නිර්මාණය කරගත් ර්‍"ක්‍රිකට්” අද ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩාව වී ඇත. තද අව්වෙහි දාඩිය කඩා වැටෙන විටදී දැඩි ලෙස වෙහෙසට පත් වෙමින් ලංකාවේ අයද දැන් ක්‍රිකට් ගසති. මස්, මාළු, බිත්තර හා මත්පැන් නැති ආපන ශාලා හෝටල් හා උත්සව හා භෝජන සංග්‍රහයන් අද ර්‍"ගොඩයන්ගේ” කෑම වේල ලෙස හැඳින්වේ.ඉහල නිලධාරීන්,ඇමතිවරු,වැවිලිකරුවන්, ව්‍යාපාරිකයින් , ක්‍රීඩකයින් ඇතුළු ඉහළ යයි කියා ගන්න සමාජය අව්වේ පිඩා විඳිමින් බටහිර ටයි කෝට් ඇඳීම දැන් සාමාන්‍ය සිරිතය.
ඉහත නිදසුන් කිහිපය හැරුනු විට 1832-1948 ට ඉංග්‍රීසිකාරය විසින් මෙරට අහස පොලොව මැද බිහිකල යටත් විජිතය 1948 න් පසු ඉතා හොඳින් ලියලා වැඩි ගියේය. එය අපේ කළු සුද්දන් විසින් මනාව අදටත් ඉටු කරමින් පවතීග . 1970 පසු එය"සංවර්ධනය" නමැති නාමය යටතේ UNO සමග ඇමෙරිකන් විය. නමුත් අපේ පාළන තන්ත්‍රය තවමත් එංගලන්තයේ මොඩලයේ වෙස්ට්මිනිස්ටේර් පාර්ලිමේන්තු ක්‍රමයම වේ.
රටක පළමු තැනට එන්නේ නිෂ්පාදනය නොහොත් ආර්ථිකය වේ . එරට අහස පොලොව මැද ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙන් පමණක් නිෂ්පාදනය කලයුතු බව සොබහදහමේ නීතියයි .මෙම සොබා දහමේ නිතිය අපේ පැරැන්නන් විසින් අකුරටම ඉටු කරන ලදී. වෙනත් රටක අහස පොලොව මැද ඇති ආකාරයේ ආර්ථිකයක් හා එපමණක් නොව සමාජයක්ද තවත් රටකට ආදේශ කර පවත්වාගෙන යාමට උත්සහ කිරීම විශාල විනාශයක් සහ අපරාදයක් වේ. එය පවත්වාගෙන යා හැකි කාලය ඉතාම සීමා සහිතය. යම් රටක ආර්ථික හා සමාජ ක්‍රමය ඒ රට අහස පොළොවට (එරට ස්වභාවධර්මයට) අනුව සැකසිය යුතුය. ඒ ස්වභාව ධර්මයේ ක්‍රමය කඩ බිඳ දමා කරන ලද අපරාදය ඇති විශාලය. එසේම ඒ අනුව එංගලන්තයේ පොලිට්ක් ක්‍රමයට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ගමන් කල හැකි දුර තව නොබෝ දිනකින් අවසන් වනු ඇත.කිමද යත් අප රටේ ස්වභාව ධර්මයට නොගැලපෙන එම ක්‍රමය මේවන විට මේ භුමිය තුල අසාර්ථක වී ඇත.
වර්තමාන වනවිට ආර්ථිකය හා සමාජය ඇමෙරිකන් වුද පාලනය (ආණ්ඩු ක්‍රමය) වෙස්ට්මිනිස්ටර් වුද ශීතල රටවල් දෙකකට සමාන ජීවන රටාවක් වත්මන් ලක් වැසියා ඇබ්බැහි වෙමින් පවතී. ස්වාභවික ගොවිතැන(ගොඩ මඩ) යාන්ත්‍රිකරණයට හා තෙල් පොහොර සහිත වගාවකට පරිවර්තනය කර ඇත. වැවු වාරි මාර්ග ක්‍රමය විදුලි බල වේලි වලින් විදුලි සැපයුමකට වෙනස්ව ඇත. ගොවීබිමවල් පළමුව පිහිටි ජනාවාස දැන් මහා මාර්ග දෙපස ඉදි වේ, ගම හා ගොවි බිම පාළු වී සීග්‍ර නාගරිකරනයක්ට ගොඳුරු වී ඇත. පන්සල් ආශිතව තිබු සුචරිවත් ජීවිත අද රුපවාහිනිය ආශ්‍රිතව දුශ්චරිතවත් ජීවිත බවට පත්ව ඇත .හවසට ආච්චි සියා වටා රොක් වූ දරු දැරියෝ අද රෑ වනතෙක් අමතර පන්තියේ පන්තියේ දිවා රැඳවුම් මද්යස්ථානයේ වෙති. ආච්චි , සියා මහලු මඩමේ දුක් විඳිති. ළමින්ට අම්මගේ ආදරය රැකවරණය නොලැබී අද මවද මුදල් සොයන යන්ත්‍රයක් බවට පත්ව ඇත.පවුල් සංස්ථාව බිඳ වැටි පවුලේ සාමාජිකයන් සි සි කඩ වෙති, නමට පමණක් පව්ලක් ලෙස එක වහලක් යට වෙති. ගොවි තැනින් සහ සම්ප්‍රදායික කර්මාන්ත තරුණයන් ඈත්ව බටහිර මිෂනාරි අදයපන්ය ක්‍රමය තුල මුදල් පසුපස හඹා යාමට පටන් ගෙන ඇත. මෙම අද්‍යාපනය තුලින් බිහිකරන දරුවා මෙරටේ සමපත්වලින් ප්‍රොයෝජන ගන්න නොදනී. කිමද ඔහුට මෙරට නිසරු රටක් ලෙස අද්‍යාපනය තුලින් ඔලුවට කා වැද්දීමයි. එසේම මෙම අද්‍යාපනය තුලින් බිහි කරනුයේ බටහිරට අවශ්‍ය උගතුන් මිස මෙරටට අවශ්‍ය උගතුන් නොවේ.ඉදින් ඔවුන් වයස අවුරු 16 – 18 වන විට විදේශගතව එම රටවල පදිංචි වෙති. ඇතැමුන්ට තමන් මෙලොවට ජන්ම කර හදා වඩා ගත් දෙමවුපියන්ගේ මරණයටවත් ඒමට නොහැක. දුප්පත් නුගත් අය මැද පෙරදිග වහල් සේවයට(කාන්තාවන් නම් බොහෝ විට ලිංගික වහලුන් ලෙස) යති.ලෝකයේ පවතින වහල් සේවය නිගිගත කර ඇති රටවල් දෙකකි ,ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව වේ. රෝම ලන්දේසි නිතිය තුල මේ දෙය වලංගු වේ. සැමදේම මුදලින් කල හැකි නිසා වැඩිපුර මුදල් ඇති අය උන්ට මැරකම් කරන දාමරිකයන් මෙරට ප්‍රභූන් හා ප්‍රධානින් වී ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂය හා චන්දය ඇතද ප්‍රජාතන්ත්‍රවාදය නැත. ප්‍රජාවට (ජනතාවට)තන්ත්‍රයක්ද (කැමතක්ද) නැත. පාසලේ ඉගැන්වූ දෙයට හා මාධ්‍යයේ මොර ගා කියන දෙයට අමතරව දන්නා දෙයක්ද නැත. මේ දේශපාලනයරැ, අද්‍යාපනක්‍රමය තුල ජනතාවගේ බුධිය වර්දනයට ඉඩ නොදී එය හැමද මොට කරමින් ඔවුන්ගේ අවශ්‍යතා අනුව ජනතාවගේ මනස සකස් කරන අතර මෙම ක්‍රමයෙන් බැහැර වීම ගැන සිතීමට පවා භීතියක් මනසේ ඇති කර ඇත. එය කොතරම් ද කියනවනම් තමා සිංහලයෙක් මෙය අපේ සිංහල රට කීමට භය වීමට තරම් ජනතාව නිවට කර ඇත. සිංහලයාගේ මනස තුළ පෞර්ශත්වය , ප්‍රවුඩ්ත්වය මුළුමනින්ම විනාශ කර ඇත. එංගලන්තයේ සාර්ථක වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ලංකාවේදී අසාර්ථක වී ඇත. එංගලන්තයේ දෙය තම යටත් විජිත වලට සුදුසු යයි ඉංග්‍රීසිකාරයාගේ සිතුවිල්ල උඩගුකමට නිසා අපව විනාශ මුකයට ගෙන ගොස් ඇත.
එංගලන්තයේ දේශපාලන පක්ෂ ක්‍රමය ද්වි- පක්ෂ ක්‍රමයයිග 19 සියවසේ එය කොන්සවටිවේ හා ලිබෙරල් විය. 20 වන සියවස මැද දී එය කොන්සවටිවේ ලේබෙර්)කම්කරු)විය. මේ අනෙකක් නොව එරට ඉතිහාසය පුරා පැවති දුප්පත් පොහොසත් බෙහෙදයයි.එය ස්වාභ්වයෙන්ම එම රටේ දේශපාලනය බවට පත් විය. එබඳු පන්ති බෙහෙදයක් ලංකාවේ කිසිදා නොපැවතුනි. එබඳු පන්ති බෙධ්යක් නැති ලංකාවේදී පක්ෂ ක්‍රමය අසාර්ථක වී ඇත. අද ලංකා දේශපාලනය ජාති භේදය, ආගම් බෙහෙදය මත ගමන් කරන්නේ එබැවිනි. දේශපාලනය යම් බෙදීමක් අවශ්‍ය නිසාල ජාති ආගම් වශයෙන් බෙදී යයි. එංගලන්තයේ පැතී සමාජ භේදය පක්ෂ ක්‍රමය මගින් දේශපාලනය යථාර්තයක් විය,එය එරටේ අවශ්‍යතාව පිණිස ස්වභාවිකව කාලයාගේ ඇවෑමෙන් නිර්මාණය වුවකි. ලංකාවේ කිසිදා නොතිබූ සමාජ බෙදයක් (කම්කරු හා දනපති)පක්ෂ මගින් ඇතිකිරීමට ගොස් එය අසාර්ථක වී දැන් පිළිලයක් බවට පත්ව ඇත.
දේශපාලනය තුලින් ආර්ථිකය තීරණය කිරීම යනු යටත් විජිත නොහොත් අධිරාජයවදයයි. මෙරටේ ආර්ථිකය තීරණය විය යුත්තේ මෙරටේ ඇති ස්වභාවික සම්පත් මගිනි හා එතුලින් වන නිෂ්පාදනය මතය. එසේ නොමැතිව වෙන රටක ආර්ථික සිදාන්ත බලෙන් මෙරටට ආදේශ කිරීම මත නොවේ. ලංකාවේ නිෂ්පාදන සාධකය වන්නේ හිරුරැස් , වර්ෂාවල තැනිතලාවල සුළං ආදී සාධකයන්යග නමුත් මේවා සම්පත් නොවන බවට බලෙන් පාසලේදී අපේ ඔලුවලට අද්‍යාපනය මගින් දමා ඇත. මේවා සිත මතාම කරන ලද දේවල් වේ.කිමද ලංකාව නිසරු රටක් සහ සිංහලය කිසිත් වටිනාකමක් නැති ධින ජාතියක් බවට ඒත්තු ගැන්වීමටය. සම්පත් ලෙස උගන්වන්නේ ගල් අඟුරුල යකඩල කණිජල ලෝහල කණිජ තෙල්ල (20 සියවසේදී) යනාදී දේවල්ය. මේවා එංගලන්තයේ සම්පත් මිස ලංකාවේ සම්පත් නොවේ. ලංකාවේ ස්වාභාවධර්මයට අනුව උරුම සම්පත් නම් හිරුරැස් , වර්ෂාවල තැනිතලාවල සුළං ආදී වේ.ලෝකයේ කිසිම රටකට කල නොහැකි ආකාරයේ කෘෂි කර්මාන්තයක් කිරීමට මේ ස්වභාව ධර්මය අපිට ආශීර්වාද කර ඇත. මිනිසාගේ මුලික අවශ්‍යතාවය එනම් ආහාර නිෂ්පාදනයට ඉතාම උචිත පරසරයක් ඇති අපේ රට කිසිදු වැඩක් නැති නිසරු රටක් ලෙස අධ්‍යාපනය මගින් අපේ මනසට ඇතුල් කර ඇත. ගල් අඟුරු. යකඩ, කණිජ, ලෝහ, කණිජ තෙල් කර්මාන්ත කිරීමට තරම් ප්‍රමාණවත්ව ලංකාවේ නැත. එබැවින් ලංකාව නිසරු රටක් බව පාසල් දරුවා සිතීමට යොමු වෙයි. දැනට පවතින අධ්‍යාපනය ක්‍රමය තුල කිසි විටකත් අපේ රටේ සම්පත් වලින් ප්‍රොයෝජන ගන්නා ආකාරය දරුවනට උගන්වනු නොලබයි. මේ අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ කාර්මික වූ බටහිරට අවශ්‍ය ආකාරයට. මෙරටට නොගැලපෙන් අධ්‍යාපනය අවසානයේ අතරමන් වන දරුවා දුප්පත් අය මදපෙරදිගටත් උගත් මද්යම පන්තිය ඉංග්‍රීසි කථා කරන රටවලටත් රැකියාවට යති. රටේ හොඳම මානව සම්පත් පොඩි කලේ සිට පිට රටට අවශ්‍ය ආකාරයට සකස් කර පිට රට පටවා අපේ සම්පත් ඔවුන්ගේ රටවල දිවුනුවට යොදා ගනිති. අඥාන වූ රට පාලකයෝ ද මෙරට සම්පත් නැති රටක් ලෙස සලකා 1968 දී ගොවි තැන American කරන ලදී. සිනහවට කාරණය නම් ලෝකයේ එකම වැවු බැදී දියුණුම කෘෂිකාර්මික රාජ්‍යයට වන අපේ රටට නිසරු රටක් වන අමෙරිකාව දැන් කෘෂිකර්මය ඉගැන්වීමට උත්සහ කිරීමයි. 1978 පටන් වීවුර්ත ආර්ථිකය යටත් විදේශීය ආයෝජකයන්ට කර්මාන්ත අරභිමට UNO උපදෙස් පරිදි ආර්ථිකය විවුර්ත කරන ලදී. කෛරටික කිහිප දෙනෙක් අවුත් රට සුරා කා ගිය අතර පටන් ගත් කර්මාන්තයක් හෝ සෙතක් නැත. දැන් එම අසාර්ථක බව නිසා නැවත UNO උපදෙස් පරිදි සංචරක වියාපාරය මෙරට ආර්ථිකය බවට පත් කර ඇත. එහෙත් මෙම අනුවන දේශපාලඥයන් කොතරම් රටේ ආර්ථිකය අවදානමකට ලක් කරන්නේද යන්න නම්, නැවත වතාවක් බටහිර රටවල අපේ ආර්ථිකය අල්ලේ නැටවෙන්න අවස්ථාව උදා කර දීමය.LTTE යුද සමයේ කලාක් මෙන් ඔවුන්ට එක නිවේදනයක් මගින් ඔවුන් රටවල සංචාරකයන් මෙරටට එම වැළකිය හැකිය.එසේ කළහොත් අපේ සංචරක කර්මාන්තය මත වන ආර්ථිකයට කුමක් වේද? විරුද්ධ පක්ෂ ප්‍රශ්නයේ මුලය එසේම තිබියදී කැසිනෝ පමණක් අල්ලාගෙන බොරුවට කෑ මොර දෙති.
දේශපාලඥයන් අධිපති බව දරණ ලංකාවේ පළමුව පුර්ණ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයද 1970 පසු බ්‍රිතාන්‍ය ඇමෙරිකන් ක්‍රමද ක්‍රියාත්මක වේ. මේ කිසිවක් මෙරටට නොගැලපෙන බව තේරුම් ගැනුමට ගිහි පැවිදි දෙපක්ෂයටම නොහැක. මේ නිසා සිදු වෙන හානි ගැන විරුද්ධ පක්ෂය විසින් ආණ්ඩු පක්ෂ වලට ඒ ඒ කාලවලට දෙස්තියති. ක්‍රමයේ ඇති වරද ගැන කිසිවක් නොකියතිගම. දේ තෙරුන් ගැනීමට තරම් බුධියක් කිසිම දේශපලගන්යකුට නොමැත.

එංගලන්තයේ හා UNO – US උපදෙස් පිළිපැද රට අගාධයට ගෙනයන ලදී. දේශපාලනයට තව දුරටත් ලංකාව විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා විකල්පයක් ඇතිදැයි යමෙකු ප්‍රශ්න කල හැක. රාජ්‍යතන්ත්‍රය හා රාජ්‍යතන්ත්‍රවාදය අපට ගැලපෙන රටාවකි. ඊට ිstatesmen ship යයි ඉංග්‍රීසියෙන් කියති.
රාජ්‍යය ප්‍රදාන කොට සිතන හා ක්‍රියාකරන මාර්ගය රාජ්‍යතන්ත්‍රය වේ. රාජ්‍යය යනු කුමක්දැයි පළමු කොට බැලිය යුතුය. භූගෝලීය, රට, එහි වසන ජාතිය , ජාතියේ ආර්ථිකය. හා සමාජයල ආගමේ හා සංස්කෘතියේ හා සකල සිස්ටචාරයේ යහපත මුල්කර බැලීම රාජ්‍යතන්ත්‍රවාදය නම්. එහිදී ආර්ථිකය අනිවාර්යයෙන්ම එම රටේ අහස පොලොව මැද ඇති සම්පත් ප්‍රයෝජනයට ගෙන රටේ අවශ්‍යතා ඉටු කර ගැනීමට පවතින ආර්ථිකයක් විය යුතුය. සමාජයද එම ආර්ථිකය භුක්ති විදින හා අවශ්‍යතා නිපදවාගැනිමට කටයුතු කරන සමාජය මිස මුදලින් හසුරුවන සමාජයක් නොවිය යුතුය.
නිෂ්පදකයාම පරිභෝජකයා වන්නේය. පාලනය හුදෙක්ම රටේ සියලුම අංග ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කල යුතුය.රාජ්‍ය පාලකයාගේ කාර්ය භාරය වනුයේල බුධාගම රැක ගැනීම, වාරි කර්මාන්තය දියුණු කිරීම සහ රටේ ආරක්ෂාව සහතික කිරීම පමණක් වේ. රටේ ආර්ථිකය,නිතිය ගම/රට තුලින්ම පාලනය වේ. එහි විදේශ බලපෑම් වලට ඉඩ තිබිය නොහැක. මේ අනුව සිතීම ක්‍රියා කිරීම රාජ්‍ය තාන්ත්‍රිකබව වන්නේය. තමාගේ පව්ද්ගලික අරමුණු සඳහා කරන දේශපාලනය මෙතුල නොවේ. මහසෙන්, පැරකුම්බා, විමලධර්මසුරිය, සෙනරත් වැනි රාජ්‍ය තාන්ත්‍රිකයන් අපට පෙර දවස සිටියහ.
වෛදය විද්‍යාව ඉගෙනගත් අය දොස්තරලා වෙති , ඉංජිනේරු විද්‍යාව ඉගෙනගත් අය ඉංජිනේරුවෝ වෙති . නිතිය උගත් අය නීතිඥයෝ වෙති. කළමනාකරණය උගත් අය කළමනාකරුවෝ වෙති. දේශපාලන විද්‍යාව උගත් අය දේශපාලඥයන් වෙත්ද? නියම දේශපානඥයන් රටටම අඩුවීම මෙයින් පැහැදිලිය.
මාධ්‍යය පාවිචිචි කල විට බලයේ සිටින ආණ්ඩුවට රට රැවටිය හැක. අද සිදු වන්නේ එය නොවේද? විරුද්ධ පක්ෂ බිඳ වට්ටවා ජනතාවගේ ජන්දය ලබා ගැනීමේ උප්පරවැට්ටි උපක්‍රම ඇත. මේ සඳහා බොහෝ විට මහජන මුදල් අයුතු ලෙස යොදා ගනී. ආර්ථික වාසි තකා දේශපාලුවෝ පිල් මාරු කරති. එමගින් රුපියල් මිලියන කුට්ටි ගනන් පාගා ගසති. දේශපාලනය අද ජනතාවට වහ කඳුරු වී ඇත. අද අවශ්‍යතාව වෙනස්ම වූ ක්‍රමයකි. එයනම් පෙර පවතී රටට හිතකර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයමවේ.
ඊනියා සංවර්ධනය යටතේ 1968 දී පළමුවෙන් සිදු වුයේ ගොවිතැන නවීකරණය කිරීමය. අස්වන්න වැඩි විය. අද එය අඩුවී ඇත. කෘතීම පොහොර හා රසායන දියර නිසා ඇති වූ "රජරට වකුගඩු රෝගය” මගින් රජරටට මාරු කැන්දා ඇත. අද ඉන් ටතටද එය විහිදීමට පටන් ගෙන ඇත.පස විෂ වී විනාශ කර ඇත. තිරිඟු පිටිවලින් සැදු බටහිර කෑම වට්ටෝරුවත් , පිටි කිරි බිම නිසා ළමා පරපුර පටන්ම ජනතාව රෝගින් වේ. රටෙන් බාගයකට වඩා රෝගීන්ය. වැවු විනාශ කර විදුලිබල වේල්ල සැදුවද එම බැමි වල ශක්තිය ඇත්තේ අවුරුදු 50ක් පමණිග (පොර්ට් ලෑන්ඩ් සිමෙන්තිවල ප්‍රමිතියට අනුව)ඉඟිනියාගල පස් වේල්ල ඉතිරිවෙද්දී වික්ටෝරියා වැනි මහා ජලාශ ඉදිරියේදී (2033 ට පෙර)කැඩීයයි. ණයට ගත් මුදල් වලට පොලි හා වාරික ගෙවීමට තවත් ණය ලබා ගනිති. රට ණය උගුලට හසුවී අවසන්ය. ඉන්දියාව හා චීනය එම වේදිකාවේ දැන් රග දක්වති. නුගත් අපේ දේශපාලඥයන් ලෝක බැංකුව, IMF හි , ආහාර හා කෘෂිකර්ම සංවිධානය ,ලෝක ස්ව්ක්ය සංවිධානය, යුනෙස්කෝ, හි වැරදි උපදෙස් මත ක්‍රියා කර රට විනාශය කරා ගමන් කරවති. මේ සියල්ල නවතා රට ගොඩනැගීමට බාහිර ආයතන හෝ දැන් පවතින දේශපාලන ක්‍රමය ඉදිරිපත් නොවෙති.
අද දින අපගේ රට හසුරවනුයේ මහජන ජන්දයෙන් පත්වූ දේශපාලඥයන් වත් රටේ නායකයාවත් නොවේ. ඔවුන් ජනතාවගේ ජන්දයෙන් පත්ව රටේ සම්පත් හුරා කමින් සුර සැප විඳිතිග ඔවුන් ඇත්තෙන්ම ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් මගින් මෙහෙයවන ආයතන වල රුකඩ පමණි, අපේ රටේ ආරථිකය පාලනය කරනුයේ ආර්ථික ප්‍රතිපත්ති අපට විධානය කරනු ලබන්නේ, IMF-ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, world bank - ලෝක බැංකුව, Gatt යන ආයතන මගින්ය. කෘෂිකර්මය හා අප අනුභව කරන අහාර නිෂ්පාදනය තීරණය කරනු ලබන්නේ FAO නොහොත් ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය මගින්ය. ස්ව්ක්ය තීරණය කරනු ලබන්නේ WHO නොහොත් ලෝක සව්ක්ය සංවිධානය මගින්ය(මෙය අපගේ හෙළ වෛදය ක්‍රමයට කිසි ලෙස ඔලුව ඉස්සීමට ඉඩ නොදේ).අධ්‍යාපනය හා සංස්කෘතිය තීරණය කරනු ලබන්නේ UNESCO මගිනි , අපගේ පරිසරය පාලනය කරනු ලබන්නේ UNEP (United Nation environment Project) නොහොත් එක්සත් ජාතීන්ගේ පාරසරික වියාපෘතිය මගිනි, අපේ රටේ වාරි කර්මාන්තයේ අයිතිය සහ පාලනය ඇමරිකානු සමාගමක් වන IIMI (international irrigation management institute ) සතුය. මෙහි ගිවිසුමට අනුව අපගේ වැසියෙකු බිමට දිය පොදක් වාරි මාර්ගයකින් ගතහොත් ඔහු අධිකරණයට ගෙන යාමට එම ආයතනයට බලය පවරා ඇත.UNO නොහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කරනුයේ අපේ රට පිඩාවට පත් කර බටහිරට නතු කර පාලනය කර ගැනීමයි. අපේ රටේ මේ අයිතීන් සියල්ල බටහිරට පවරා දී ඇත්තේ අපේ මේ දේශපාලකයන්ය.මේ සියල්ල මෙසේ කර අපෙන් සත්‍ය වසන් කර ඇත. ඔවුන් අදද කරනුයේ රටට නායකත්වය දී රට යහමගට ගෙනයාම නොව, මෙම ආයතනවල නියෝග ක්‍රියාත්මක කිරීම පමණි. එසේනම් කෙසේද කිව හැක්කේ දේශපාලකයන් රට පාලනය කරන බව?
අපේ රට සිංහල බොදු රටක් බව කිව හැක්කේ නාමිකව පමණි. අප ඉගෙන ගන්න අධ්‍යාපනය ඉංග්‍රීසින් විසින් දුන් මිෂනාරි ක්‍රමයේ අපේ රටට නොගැලපෙන අධ්‍යාපනයකි. අපේ නිෂ්පාදන ආර්ථිකය රටට ගැලපෙන කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් නොව එය බටහිර විසින් සොයා සපයා දෙන ලද වාණිජ ආර්ථිකයකි. අප අද අදහන්නේ ඕල්කොට් විසින් හඳුන්වා දුන් බුධාගමක් ඒ කියන්නේ ආගමක් මිස බුදු දහම ල තුල හෝ බුද්ධ දර්ශනය තුල ජීවත් නොවෙති. අපේ සංස්කෘතිය දැඩි ලෙස බටහිර කරණය කර ඇත,භාෂාවේ නිර්මල බව කෙලෙසා අච්චාරු බශාවක් සදා ඇත. හෙළ වෙදකම් පාගා දමා බටහිර වෙදකම හිස් මුදුනින් පිළිගෙන ඇත. දේශීය අහාර රටාව දැඩි ලෙස සෝදා පාලුවට ලක් කර බටහිරට නැබුරු කර ෂෝට් ඊට් අහාර සංස්කෘතියක් නිර්මාණය කර ඇත.රට පාලනය කරනුයේ බයිබලයේ එන අන පනත් (පනත යනු දෙවියන්වහන්සේගේ කැමැත්ත වේ. පනත නිතිය බවට පත් වේ)මඟින් සැදුනු වෙස්මිනිස්ටේර් වර්ගයේ පර්ලිමෙන්තුවකිනි. රටේ නිතිය බයිබලය බුල් කරගත් රෝම ලන්දේසි නිතිය වේ.රටේ භික්ෂුන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මෙම බයිබලේ නිතිය මගින්ය. සිංහලේ යන රටේ නම වෙනස් කර ශ්‍රී ලංකාව බවට පත් කර මේ රටේ ජාතිය වූ සිංහලයා අහෝසි කර සිංහලයා මේ රටේ ජන කොට්ටාශයක් පමණක් බවට 1972 ව්‍යවස්ථාව මගින් පත් කර ඇත.ඉංග්‍රීසින් විසින් පාරවල් සැදීමට ගෙන ආ ඉස්ලාම , දෙමළුන් හට ව්‍යවස්ථාව මගින් මේ රටේ සම අයිතියක් ලබා දී ඔවුන්ගේ චන්දයට ඇති කෑදර කමින් සිංහලයට සමාන ජනකොටස් බවට අපගේ දේශපපාලුවන් විසින් පත් කර ඇත. තවද අන්තවාදයට ආවඩමින් සුළු ජනකොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අන්තවාදී අභිමතාර්ථ කරා යාමටත්, ඊට විරුද්ධ වන භික්ෂුන් වහන්සේ නීතියෙන් මර්ධනය කිරිමටත් කටයුතු කරමින් පවතී. ඉදින් මෙය සිංහල බොදු රටක් වනුයේ කෙසේද?

අප විසින්ම දැන් අප රට ගොඩ නගා ගැනීමට කාලය එලබ් තිබේ.එය කර දීමට පිට රටින් කෙනෙකුවත් අපේ හොර දේශපාලඥයන් වත් කිසිදා නොකරනු ඇත. එය දැන් කලයුත්තේ අප අප විසින් ම වේ.  ලංකාව හොඳින් හඳුනන හා ඊට උචිත ආරථිකය , සමාජය හඳුනන අය විසින් පාලනය භාර ගැනීම වහාම කළ යුතුය. ජන්දය ලබා ගැනීමට නොව( දේශපාලනය නොව ) රාජ්‍යයේ යහපත මුල් කරගෙන (රාජ්‍ය තාන්ත්‍රික ) තීරණ ගෙන ක්‍රියාත්මක කළ යුතුය.පිටරට පාලනයෙන් හා ගැති භාවයෙන් රට වහාම මිදිය යුතුය.මේ පවතින පාර්ලිමේන්තු  ක්‍රමය තුලින්ම වෙනසක් අද සාමාන්‍ය ජනයා බලා පොරොත්තු වෙයි. එහෙත් එය හිසේ රුදාවට කොට්ටය මාරු කළා වැනිය. මේ දෙය 1948 දී සිට පිල් මාරුව පමණක් සිදු විය එහෙත් ප්‍රත්පතිය එකම විය , දිනෙන් දින රට අගාදයට පත් වෙමින් ඇත. අසුචි වලක වැටි සිටින මිනිසෙකු කොතරම් අසුචි වල තුල සිට වතුර අරන් පිරිසුදු වීමට උත්සහ කලද වනුයේ අසුචි වල බොර වී තව තව අසුචි වලේ එරෙන එකමය. එසේම මෙම පාර්ලිමේන්තු ක්‍රමය තුල සිට මෙම ප්‍රශ්නයට විසදුම් සොයන එක අසුචි වල තුල සිටින්නා වැනිය. එසේනම් කල යුත්තේ පාර්ලිමේන්තු ක්‍රමය පිටරටවලින් එන මාක්ස්වාදය වැනි බහු බූත නෙරපා දමා  අපේ ක්‍රමයක් ගොඩ නැගීමය.   එසේ නුනොත් අද උපදින හා පාසල් යන්නාවූ හා වයස 20 ට අඩු ශිෂ්‍ය ගහනයට ජීවත් වීමට ලංකාවක් (රටක්)ඉතිරි නොවේ. රජරට වකුගඩු රෝගය වැළදුන අය එකෙකු හෝ සුව කිරීමට රටේ රෝහල් පද්දතියට හෝ ලෝක සව්ක්ය සංවිධානයට මේ තාක් නොහැකිවිය. විනාශය අත ලඟය,දැනටමත් එය ආරම්බ වී ඇත.  නමුත් තව අවුරුදු 10 තරම් කාලයක් අපට ඇත. එනමුදු එවිට රට බේරා ගැනීමටනම් දේශපාලනය හා දේශපාලඥයන් ඉවත් කර රාජ්‍ය තාන්ත්‍රික උගත් බුධිමත් පිරිසක් මෙරට බිහි විය යුතුය. නමුත් මොවුන් අදටත් අප අතර නැත්තේම නොවේ. නමුත් සර්වබලධාරී දේශපාලනය හමුවේ ඔවුහු ඉදිරියට ඒමට බිය වන්නාහ. වැදගත් වනුයේ ඒ අය ඉදිරියට ගෙන ඒමය. ඒ සඳහා අප සියල්ල දැන් එකා මෙන් පෙළ ගැසෙමු.

මිනිසාගේ මුලික අවශ්‍යතාවන් වනුයේ අහාර , ඖෂධ, වස්ත්‍ර , හා නිවාස වේ. අවුරුද්දේ 365 දවසම හිරු එලිය ඇති අපේ රටේ මෙම සියළු අවශ්‍යතාවන් නිපදවා ගැනීමට කිසිදු අවහිරයක් නැත. පොළොන්නරු යුගයේ මිලියන 30 වූ ජනගණය ක් වූ අපේ රට එදා ස්වයම්පොෂිත නම්, මිලියන  20 ඇති අද දවස රට ස්ව්‍යම්පොසිත කර ගත නොහැක්කේ මන්ද? අවශ්‍ය වනුයේ නිවැරදි මග පෙන්වීමක් හා නායකත්වයක් පමණි. එම නිවැරදි නායකත්වය තුලින් ඔබත් මේ රට බෙරා ගැනීමට රාජ්‍ය තාන්ති‍්‍රකකයකු වීමට කැමති නම් අප හා එක් වන්න. ඔබගේ නම,ගම, දුරකථන අංකය ඇතුළු  විස්තර අපගේ විද්‍යුත් ලිපිනය වන siwhelaya@live.com වෙත යොමු කරන්න. 

ආචර්ය සුර්ය ගුණසේකර, 

ආර් . නන්දන

Sunday, April 6, 2014

අපිට වස කවන අපේ ගොවි බිම් විනාස කරන ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)

Add caption

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO)

අපේ රටේ රාජ්‍ය පාලකයන් රූකඩ වේ. ඔවුන්ව පාලනය කරන්නේ ඇමරිකාව මුල් කරගත් යුරෝපයේ මේ සාකච්චා කෙරන අදිසි හස්තයන් මගිනි,මෙම ආයතන අපහට පාසලේදී උගන්වනු ලබන්නේ මොවුන්ගේ නියම ස්වරුපය යට ගසා අපිට උදව්වට එන ඉස්ට දෙවතුවුන් ලෙසට අපිට බොරු මවා පෑමක් සිදු කර අපිව මුලාවේ දමමිනි. එහෙත් මේවායේ යටි අරමුණ නිවර්තන කලාපිය රටවල් සුරා කමින්, නව යටත් විජිතවාදය මගින් දුරස්ථ හස්තයක් ලෙසින් අප රට තුල සෑම දෙයකම ඔවුනට අවශ්‍ය ආකාරය හසුරවමින්, රට වැසියා, මානසික පිඩාවට ලක් කෙරමින්, විස සහිත ආහාර අනුබවයට  සැකසීමෙන් සරිරිකව ද විනාස කෙරමින්, චිත්ත සකතිය දුර්වල කෙරමින් යාන්ත්‍රික වූ දුර්වල මිනිසුන් කොටසයක් බිහිකර කෙමෙන් ජාතිය , සංස්කෘතිය විනාස කේර ඔවුන්ට අවශ්‍ය වහලුන් බිහි කේර ගැනීම මොවුන්ගේ යටි අරමුණු වේ.
1944 ජුලි මස බ්‍රේට්න්වුඩ්හි රැස් වු යුරෝපිය රටවල්  එක්සත් ජනපද ජනාධිපතිගේ මුලිකත්වයෙන් යුතුව IMF, IBRD, GATT  පිහිටුවා ගත්හ. ඒ නිවර්තනික කලාපයේ සාරය සුරා කා යුරෝපිය සුදු රටවලට නැවතත් නැගි සිටිමට හැකි විමටය. ඔවුහු 2වන ලෝක සංග්‍රමයෙන් විනාශ වි සිටියහ.හය මසකට පසු 1944 දෙසැම්බර් අගදි ශක්‍යතා වාර්තා සමග රැස්වු ඔවුනට පෙනිගියේ  සම්බන්ධීකරණයට හතර වැනි ආයතනයක් අවශ්‍ය බවය.එම හතර වැනි සංවිධානය ලෙස FAO පිහිටුවා ගැනින.
අපේ රට නිවර්තන කලාපිය රටකි , අපේ බිමේ අපට අවශ්‍ය ආහාර බහු බෝග වගාව යටතේ වග කිරීම මගින් රට ආහාරයෙන් පෙර දවස ස්වයන්පොෂිත විය.
මෙය විනාශ කෙරමින් බහුබෝග රටාව ඒක බෝග රටාව බවට පත්කර ගැනිමට නිවර්තනික රටවලට ණය පහසුකම් හා තාක්ෂණික සේවා සපයාදිමද, මහාමාර්ග, නගර නිර්මාණ, වරායන්ල ගුවන්තොටු ආදිය සදහා ණය හා ආධාර ලබාදීම්ද පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු භාරදිම FAO සංවිධානයට භාර විය.වෙළඳ ගිවිසුම් හා තීරුබදු සඳහා නිවර්තනික රටවල ආණ්ඩු පොළබවා ගැනිමද ඊට භාර විය. නිවර්තනික රටවල් පුරුදු වී ඇති එම රටවලට ගැලපෙන කෘෂිකාර්මික ක්‍රම හා ආහාර රටා නොදියුණු හා යල්පැන ගිය ඒවා බව එම රට වල ආණ්ඩුවලට ඒත්තු ගැන්වීමට සංවිධානයට හැකිවිය.1943 දි පිලිපිනයේ අගනුවර වන මැනිලාවේදි සාර්ථකව කර තිබු වැඩි දියුණුකරන ලද වී වර්ග නිපදවා ඊට අවශ්‍ය කෘෂියෙදවුම් මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනිම, හරිත විප්ලවය Green revolution ලෙස හදුන්වා එම රටවල ආණ්ඩු මවිත කලහ.ඛනිජ තෙල් අතුරු නිෂ්පාදනයන් වන කෘතිම පෝර හා රසායනික දියර මෙම කෘෂි යෙදවුම් වන අතර ඇමෙරිකානු දැවැන්ත තෙල් සමාගම් (seven sisters0 එහි ඵල ලැබුහ. මෙම බිත්තර වී වලින් යුත් වැඩිදියුණු කල වර්‍ග ස්වාභාවික ක්‍රමවලට වගා කල නොහැක.මී හරකා හා නගුල මේ සඳහා නොගැලපි.ට්‍රැක්ටරයද ඇමෙරිකාවෙනි.ඊට ඉන්ධන ඇමෙරිකාවෙනි, යුරෝපයට වාසි දායක වීමට ඇතිකල මෙම ආයතනවලින් කරල පැසුනේ ඇමෙරිකාවටය.
අලුත් වී ව වැඩි අස්වනු යන්න ආශ්චර්‍ය්‍යයක් නොවීය.උසට වැවෙන ශක්තිමත් ස්වාභාවික ගොයම් ගස දුර්වල කුරුමිට්ටෙකු කිරිම ජාන විකෘතියක් මගින් සිදුකෙරේ.අනතුරුව ඉතිරි කරගත් කොටසින් විශාල කරලක් සැදිම කෙරේ.එය කිරිම සඳහා බහුජාතික සමාගම වල කෘෂි යෙදවුම් අවශ්‍යය.මෙය ඉටුකර ගැනීම සඳහා හා ලෝක බැංකු ණය ලබාදිමේ සම්බන්ධිකරණ මගින් ඉටු කෙරේ.නිවර්තනික ලෝකය පුරා වී මිස තිරිගු වැදගත් නොවේ.අප්‍රිකානු රටවල සෝගම් හා ඉරිගු සඳහාද මෙම වැඩිදියුණු ක්‍රියාවලිය උපයෝගි කර ගැනින.වැඩි කර ගන්නා ලද ඉරිගු හා සෝගම් අස්වැන්න එක්සත් ජනපදයේ හරක් තර කිරිමට යොදවා ගෙන අප්‍රිකානුන්ට ඇමෙරිකන් තිරිගු පිටි කැවීම සිදුකෙරින.
1967 මැනිලාහි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය තම වාර්ෂික වාර්තාව මගින් විමසා සිටියේ ලංකාවේ වි වගාව නවීකරණය කිරිමට ආයතනයක් නැද්ද යන්න.එවිට  "FORD පදනම” විසින් සම්බන්ධිකරණය කරනු ලදුව 1968 දි හා ලංකා රජය එකතුව වී ගොවිතැන නවීකරණයට අත්සන් කලහ.දියුණු කල බිත්තර වී,පොහොර,රසායනික දියර අඩංගු කුඩා මල්ලක් නොමිලේ බෙදා දෙන ලදී.මෙය  "මිනිකිට් ප්‍රෝගෑම්” ලෙස හැදින්වුනි. ඊට අකමැති අය කිවේ  "මිනිකටු ප්‍රෝගෑම්” බවය. විශ්‍රාම ලත් අග විනිසුරු හේම බස්නායක මැතිතුමා ලංකාව පුරා කියාගෙන ගියේ මෙම වී  ර්‍"හිමාලයේ වැවෙන ස්වයං ජාත ඇල්” බවය.අවංක දැහැමි අනුවණයෙකු වු හේම බස්නායක ලවා මෙම අමුලික බොරුව  කියවන විට ජනතාව පිලිගති. අවංක දැහැමි බොලඳයෙකු වු ඩඩ්ලි සේනානායක අගමැතිතුමාද ඉබ්බා(කැමරාව)කරේ එල්ලාගෙන වී වගාවේ ප්‍රගතිය බලමින් රටවටා ගියේය.මෙම සත්පුරුෂයන් දෙදෙනා රවටාගත් එමගින් ගොවි ජනතාව වෙත විශ්වාසය ඇති කරවා වී ගොවිතැන නවීකරණයට ගොවීන් පොළඹවා ගති.ආරම්භක අවස්ථාවේදී පොහොර ටිකක් දැමුවිට ඉතා වැඩි අස්වැන්නක් ලැබින.ඉන් මුලා වු ගොවීන් එයට තදින්ම ඇබ්බැහි වුහ. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගේ අති රික්ත වී මිලයට ගැනිම කලේය.තවකාලික සමෘධිය නිසා කව්රුත් මෙම නවීකරණය ග්‍රහණය කලහ. මෙය මේ රටේ සම්පර්දයික ගුණදායක වී වගාව සහමුලින්ම විනාස කර දැමීමට හේතු විය.
සුරාවට හෝ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි කරවීම මෙන් අලුත් වී වලට ගොවීහු ඇබ්බැහි වුහ.1970 සංවර්ධනය මෙරටට එළඹි කල ගොඩ ගොවිතැන් සඳහාද නවීකරණය ආදේශ කලහ.මෙසේ  "හරිත විප්ලවයට” green revolution ලංකාවම ගිලගෙන තිබුණි.මුලු රටම නවීකරණය වු ගොවිතැනට යොමා ගැනිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වු අතර අස්වැන්න වැඩිවීම තුල ගොවින් අන්ධ බවට පත්කර ගැනීමටද හැකිවිය. මෙය අපේ සම්ප්‍රදායික කෘෂි කර්මාන්ත ක්‍රම සහ මුලින් විනාශ කර දැමිණ.
අද 2014 සිට අවුරුදු 45ක් ආපස්සට හැරි බලන විට තත්වය කෙබඳුද?උපදෙස් අකුරටම පිලිපදැම නිසා කෘතිම පොර හරහා කැඩ්මියම් ප්‍රමුඛ බැර ලෝහද,ආසනික් ප්‍රමුඛ රසායනික දියර වස විෂද පොළවට එකතු වී පස බරපතල ලෙස රෝගිව ඇත.ගැඩවිලුන් හා ක්‍ෂුද්‍ර ජිවින් පසේ නැත,වායුව තුල කලාමැදිරියා ,සමනලුන් හා විවිධ කුඩා කෘමීන් වදවී ගොස්ය,මී මැස්සන්ද දක්නට නැත,තිත්තකඩයෙන්ගෙන් පටන්ගත් විට ලුලා දක්වා කුඩා ලොකු මසුන් ජලයෙන් වදවී ගොසිනි,නියරේ මී ගුල් සහිතව මියා ජිවත් වීම දක්නට නැති අතර  "මී උණ” නමැති රෝගයෙන් කුඹුරේ වැඩකල අය මියයති. රසායනික දියර අධික ලෙස ඉසින ලද කුඹුරු වල පමණක් මී උණ කාරකය ඇත.අද රජරට වැව් ශිෂ්ඨාචාරය අභාවයට යා හැකි පරිදි මහා පරිමාණයෙන් ර්‍"රජරට වකුගඩු රෝගය” පැතිරි ගොස් ඇත.තට්ටු ගණන්  ගොඩනැගිලි,නුතන උපකරණ හා බෙහෙත් වෛද්‍ය හා හෙද කර්යමණ්ඩලවලට දස කෝටි ගනන් වියදම් කිරමින් එම වකුගඩු රෝගයට එරෙහිව ක්‍රියා කරන ලෙස රජය පවසයි.නමුත් එකදු රජරට වකුගඩු රෝගි වු ගොවි පවුල් වල රෝගියෙකු හෝ සුවකිරිමට බටහිර වෛද්‍ය ක්‍රම වලට නොහැක.එනිසා නිදහසට කරුණු ලෙස WHO-ලෝක සව්ක්ය සංවිදානය( මෙයත් මොවුන්ගේ එක අදෘශ්‍යමාන හස්තයකි ) යොදා  ඒ මගින් ප්‍රචාරය කරනුයේ.   "හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය” නමැති පාඨකයින්  යොදා ගනිමින් තම නොහැකිව වසන් කර ගැනිමයි. 38000 ජනතාවක් දැනට ඉන් මියගොස් 40000 ට රෝගය වැලදී ඇති අතර මෙම ලක්ෂ ගණනම මිය යන්නාහ. මෙම රෝගය දැනට සුවකර ගත හැකි හා එක්වරක රෝගින් 30ට පමණක් පහසුකම් සලස්වන කුලරත්න නමැති වෙද මහතා වංචනිකයෙකු බවට සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රචාරය කර සිංහල ප්‍රතිකාර වලින් වකුගඩු රෝගය සුවකල හැකි බවට මතයක් ඇතිවීම වලක්වා තිබේ.මෙමගින් පෙර දවස මෙන් හෙළ වෙදකම පාගා දමයි.ගමේ සියල්ල සිදුවද්දි ඇමෙරිකන් ගොවිතැන නවතා දමා දේශිය ක්‍රම වෙත ලගා වීමට රජය උත්සාහ නොදරයි.ස්වාභාවික ලංකාව (අහස හා පොළව) තේරුම් ගැනීමට ඔවුන්ට නොහැක.
අගල් 10-12 දක්වා පොළොව හැරෙන ට්‍රැක්ටරය හා අගල් 6-9 දක්වා හැරෙන අත් ට්‍රැක්ටරය නිසා පොළව නිසරු පාංසු කාදනය වැඩි  වී ඇත.උෂ්ණ දේශගුණය ඇති අප රටේ ක්‍ෂුද්‍ර ජිවී ක්‍රියාකරිත්වය සිදුවන්නේ මතුපිට අගල් 4හිය.ට්‍රැක්ටර්වලින් වැඩ කිරිම මගින් නිර්දේශ කිරිම නිසා අද හරකුකන්ගෙන් සි සෑමක් නැත.කම්මලේ සැදු දේශිය උදැල්ල අද අභාවයට ගොසිනි.එංගලන්තයේ කිඹුලා උදැල්ල "එලින්ටන්" සාදා ඇත්තේ අගල් 8-9 දක්වා යටට කැපිමට.එයද හානිකරය. ගමේ නිසා තවත් වසර 15දි කුඹුරුවල ගොයම් ගස නොසැදෙනු ඇතගඅනාගතයේ බිහිවන පරම්පරාවන්හි ජිවත් වීමේ ඇති අයිතිය මෙසේ පැහැරගෙන තිබේ.
මේ තරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් වැරදි ගොවිතැන් ක්‍රම වලින් ඉවත් වීමට රජයට බුධිය පහල වී නැත. එබැවින් රට හා ජාතිය විනාශ වීමට ඉඩ දෙන්නේද යන්න සිතාබැලිමට උගත් තරුණ පරපුරට සිදුවේ.ඔවුනච මැදි හා මහලු වියට එළඹුන විට ජිවත් වීමේ හැකියාව දැනටමත් උදුරාගෙන ඇත මේ පනමක් නොව අද අපේ හෙළ සිස්ටචාරයෙන් බිහිකළ වැවු අමුණුද විදේශික සමාගම් යටතේ පාලනය වේ. ඔවුන් හා ඔල මොට්ටල දේශපාලකයන් අත්සන් කෙරන ලද ගිවිසුම්වලට අනුව, අපේ වැවක ජාල උගුරක් පානය කිරීමට හෝ සරීර කෘතියෙන් පසු පස්ස පැත්ත පිරිසිදු කර ගැනීම එම ජලය ලබා ගැනීමට ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතුය. ලෝකයේ එකම වැවු සිස්ටච්රය බිහිකළ, ලෝකයේ දියුණුම කෘෂි සිස්ටචාරයක් හිමි ජාතියකට මේ ,මොකුත් නැති පර දෙශකරයෝ අද අපිට ගොවි තැන කිරිමටත් වැව් හදිමටත් උගන්වති.අපේ හෙළයා මෙතරමටම නිවට කර ඇත්තේ කව්ද? මේවට වග කිව යුතු වන්නේ මෙම දේශපාලන ක්‍රමය නොවේද ? එබැවින් රට හා ජාතිය විනාශ වීමට ඉඩ දෙන්නේද යන්න සිතාබැලිමට උගත් තරුණ පරපුරට සිදුවේ.ඔවුනච මැදි හා මහලු වියට එළඹුන විට ජිවත් වීමේ හැකියාව දැනටමත් උදුරාගෙන ඇත

ඉදිරිපත් කිරීම
ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂද වේධි ආර්. නන්දන

Monday, March 10, 2014

ශ්‍රී ලංකාව දුප්පත් කර හුරා කන්නෝ (01)

 

අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (IMF) හා ලෝක බැංකුව (IBRD)


ලෝකයේ සම්පත් වලින් ගහන නිවර්තන කලාපිය රටවල් සැමදා දුප්පත් වීමට හේතුව වී ඇත්තේ බටහිර ජාතින් විසින් සංවිධානාත්මකව  හුරා කෑමත් තව දුරටත් අනියම් ලෙස යටත් විජිත වසයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අප වැනි රටවල් පිඩාවට ලක්කර පාලන කිරීමට ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදවා ඇත. රජ දවස මිලියන 30 කට වඩා ජනගහනයක් ජිවත් වූ මේ රට ස්වයංපෝෂිත විය. අප ජනතාවගේ සියලු අවශ්‍යතා ,ආහාර, බෙහෙත්, නිවාස, ඇඳුම් පැළදුම්, මේ රටම තුලම නිෂ්පාදනය විය. එහෙත් බටහිර ජාතීන්ගේ ආක්‍රමණයත්, ඔවුන් විසින් කරන ලද ඉඩම් මංකොල්ලයත්, අපේ හෙළ ක්‍රම, බව-බෝග, ගව සම්පත, හෙළ වෙදකම විනාශ කර ඔවුන්ගේ ක්‍රම මෙරටට හඳුන්වා දීම තුලින් අද මිලියන 20 ජනතාවකට එදා වේල සපයා දීමට අද  බටහිරට ගැතිකම් කරන තත්වයට ඔවුන් අපිව විවිධ උපක්‍රම මගින් හසුරවනු ලැබේ (දේව ස්වරුපයෙන් එන බටහිර යක්ෂ ආයතන  මගින් ). ඒවා පිලිවෙලින් පහත ලිපි මගින් සාකච්චා කෙරේ.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (International monitory fund) යනු නිවර්තන ( දුප්පත්) රටවලට තම කෘෂිකර්මාන්ත කටුතුවලට අවශ්‍ය ණය සැපයිමට  ඇති කෙරන ලද අරමුදලයි. ප්‍රතිනිර්මාණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව(International Bank for Reconstruction & development) නොහොත් "ලෝක බැංකුව:  පිහිටුවීමේ අදහස ඇතිවුනේ 1944 ජුලි මස අග භාගයේදීය. ඊට පසුබිම් වූ කතාව ඉතා රසවත්ය.
1944 ජුලි මාසය වනවිට දෙවැනි ලෝක සංග්‍රාමය නිසා යුරෝපය බිඳ වැටි තිබුණි. නගරවල කර්මාන්ත ශාලා කාර්යයාල හා නේවාසික ගොඩනැගිලි වෙනුවට ගරා වැටුණු ගඩොල් විය. කර්මාන්තශාලා වැසි ගොස් නොවැසූ ඒවායේද වැඩ කිරීමට ප්‍රමාණවත් පිරිමි නොවිය. මරණය ,තුවාල වීම ,රෝගී වීම ඊට හේතුවය. කාන්තාවන්ට ඒවායේ වැඩ කිරීමට සිදු විය. ආහාර  හිඟ වූ අතර මන්දපොශනය හා ලෙඩ රෝග බහුල විය. විනෝදාංශ කිසිවක් නොවිය. හැමදෙනාම දුක් කඳුළු මත ජීවත් වුහ.
යුද්ද්දයට සහබාගි නොවූ හා ඉන් පිඩාවට පත් නොවූ ඇමෙරිකා එක්සත් ජනපදය මෙවිට යුරෝපයේ පිහිටට ආවේය. ඇමෙරිකා මහාද්වීපය යනු යුරෝපයෙන් සංක්‍රමණය වූ සුදු මිනිසුන්ගෙන් යුත් පුංචි යුරෝපයක් විය. මෙම කාර්යයයේ මුලිකත්වය ගත්තේ එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට්‍ ය.
කැනඩා - එක්සත් ජනපද දේෂ සිමාවේ පිහිටි බ්රෙන්ට්වෝඩ් නමැති නගරයේ රැස්වීම ශාලාවක දොර වසු කුඩා සම්මන්ත්රණ කාමරයක් තුල 1944 ජුලි 24 හෝ 25 අවට දිනෙක පැවැත්වූ රහස් සම්මේලනයකි. යුරෝපිය රටවල් 18 ඊට සහබාගි  වියා. මාතෘකාව වුයේ  "කඩා වැටුණු යුරෝපය නැවත නගා සිටීමේ ක්‍රම සහ විධි” යන්නය. ජනාධිපති රුස්වෙල්ට් විසින් මෙය සංවිධානය කරන ලද අතර ප්‍රශ්නය සම්බන්දයෙන් කතා කෙළේ ජනාධිපති ලේකම් වරයෙකු විසිනි. ඔහුගේ කතාවේ සාරය  පහත පරිදිය.
යම් පුද්ගලයකු නැවතත් ධනවත්ව නැගී සිටිම යනු අනුන්ගේ වස්තුවෙන් කොටසක් උපක්‍රමික ලෙස ඔහුගේ සාක්කුවට අත දමා ලබා ගැනීමයි . මෙය ඉටු කර ගැනීමට දක්ෂ කම තිබිය යුතුය, එමෙන්ම සාක්කුවේ හිමියාද සරුසාර ධනවත් අයෙකු විය යතුය, මේ අනුව යුරෝපයට නැවත සමුර්ධියෙන් යුතුව නැගී සිටීමට නම් ලොව කිසියම් කලාපයක් සූරා කෑම(exploit)කල යුතුයග මේ සඳහා හොඳම කලාපයනම්( ශ්‍රී ලංකාවද අයත්වන)  නිවර්තන කලාපයයි.
නිවර්තන කලාපය යනු අවූරුද්ද  පුරා හොදින් උෂ්ණය (හිරු) ඇති එමෙන්ම වර්ෂාපතනය ඇති, එනිසාම වර්ෂය  පුරාම ගස් වැල් හැදෙන්නාවූ කලාපය වේ. මෙම යහපත් දේශගුණික තත්වයන් මත එම කලාපයේ වගාවන් හැම විටම බහු - භෝග වගාවන් වෙති. එකවර භෝග ගනනාවක් වැවේ. යුරෝපයේ එසේ සිදු නොවේ. එබැවින් එම නිවර්තනික කලාපය සුරා කෑමේ උපාය උපක්‍රමයන් සොයා බැලිය යුතුය.
ස්වයන්පොශිත කෘෂිකර්මය වැදගත් වන නිවර්තන කලාපය හැමවිටම බහු - භෝග වගාවෙන් යුක්තය. මෙය මහා පරිමාණයේ ඒක භෝග දක්වා වෙනස් කළහොත් ඔවුන්ගේ අතිරික්තය සුදු රටවලට මිලදී ගත හැකිය. එසේ කලවිට එහි වාසිය තවත් ආකාරයකින් යුරෝපයට ලබා ගත හැක්කේ රේගූ බදු හා වෙළද ගිවිසුම් යුරෝපයට අවශ්‍ය ලෙස සකසාලිමෙනි.
බහු භෝග වගාව මහ පරිමාණ එක භෝග ක්‍රමයට වෙනස් කිරීමට නම් මුදල් අවශ්‍යය , විශේෂඥ දැනුම අවශ්‍යය, මේ වනවිට ටෙක්සාස් හි දියුණුකළ තිරිඟු වගාවද 1943 දී එක්සත් ජනපද යටත් විජිතයක්  වූ පිලිපීනයේ දියුණුකළ වී වගාවද සාර්ථක වී තිබුණි. එහිදී සිදුවන්නේ ආශ්චර්යයක්  නොවේ. උස හා ශක්තිමත්  කදක් ඇති ගොයම් ගස ජාන විකුර්තියෙන් කුරු මිට්ටෙක් බවට පත් කර ඒ මත දුර්වල හා විශාල වී කරලක් ඇතිවන්නට සැලැස්වීමය. ගොයම් ගසින් අඩු කල ප්‍රමාණය කරලට යෙදවේ. මෙවිට වී වගාවද වාණිජ වැවිල්ලක් වේග මේ සඳහා ණය සැපීමට IMF පිහිටවීමට යෝජනා කෙරන ලදී.
නමුත් මිනිස් මනස වෙනස් කිරීමට අපහසුය, නවීකරණය වූ වගාවන් සඳහා ජනතාව අවනත කර ගැනීමට ලෝකය වෙනස් වී ඇති බව ඇගේ ස්පර්ශ කෙල යුතුය. ඒ සඳහා සමාජ ආර්ථික යටි තල වෙනස් කල යුතුය. එවිට ඔවුන් එය පිළිගෙන තමාද වෙනස් වීමට කැමති වෙති. මේ සඳහා පුළුල් මාර්ග එහි වේගයෙන් ධාවනය වන මොටෝර් රථ , කර්මාන්තශාලාල ගුවන් තොටුපොළවල්ල වරාය ල මාර්ග සංදී ස්ථාන වල නගරයන්, එම නගර වල සුපර් මාකට්, ඒවයේ විදුලි එළියෙන් බැබලෙන නවීන පාර්භෝගික භාණ්ඩ ආදිය ඇතිවිය යුතුය. මෙම යටිතල වෙනස සඳහා ණය හා ආධාර සැපීමට ප්‍රතිනිර්මාණය හා සංවර්දනයට ජාත්‍යන්තර් බැංකුව (IBRD) නොහොත් ලෝක බැංකුව ඇති කිරීමට යෝජනා කෙරින.
අදIMF හා ලෝක බැංකුව මගින් දුපත් රටවල් වල මිනිසුන් ඔවුනට අනවශ්‍ය හා දරාගත නොහැකි වියදම් වලට ඇද දමා ඇත. ලොව හොඳම නිදසුන  වන්නේ අපේ ලංකාවය. ශ්‍රී ලංකාව නමැති නමක්ද යොදා අත්තේ මෙම අමනයන්ගේ රට හැඳින්වීමට හොඳම නාමය ඒ වන නිසාය. එදා රුස්වල්ට් ගේ කථාවේ තිබු ගුවන් තොටුපොළවල් වරායවල් සදා අප රට එදා සිට අද වනතෙක් අසාර්ථක වී ලෝකයට නය වී ස්වාධීනත්වය උගස් තබා ඇති සැටි රුපවාහිනී හා පුවත් පත් තුලින් දැකීමට හැකිය. ණය ලබා ගැනීමට පුරුදු වූ අනෙක් රටවල් ද ලංකාව මෙන්ම ණය උගුලේ හිරවී සිටිති. ලබා ඇති ණය ගෙවීමට ලංකාව අද තවත් ණය ලබා ගන්නේ IMF ණය ගෙවීම සඳහාය. සෑම රට වැසියෙකුම රු. 275,000.00 ක පමණ ණය කරුවෙකු වී ඇත. මේ සියල්ල සංවර්ධණය යන වචනයෙන් අවරණය කෙරේ. නව යටත් විජිත වාදය (Neo - Colonialism) යනු මෙයයි . ස්ව කැමතෙන්ම බටහිර හැසිරවීමට යටත්ව දුක්වින්දීම ඉන් අදහස් කෙරේ. නිවර්ත රටවල ඇති ස්වභාවික සම්පත් පිළිබද විස්තර අධ්‍යාපනය තුලින් යට ගස්වා ශීතල රටවල ඇති ආකාරයේ පොළොවේ තැන්පත්ව වී ඇති ස්වභාවික සම්පත්(අප රටවල ඇති ස්වාභාවික  සම්පත් මේවා නොවේ) ප්‍රයෝජනයට  ගැනීමට ඉගැන්වීම   නිසා එම නිවර්තන රටවල බිහිවන අනාගත පරම්පරාව ජීවත් වීමට ඇති ඉඩ කඩ ඉන් ඇහිරී ඇත. ඊනියා සංවර්ධනය සඳහා තම රට විනාශ කරගෙන අනාගත පරම්පරාව උගස් තැබීමටද මේ සඳහා අවශ්‍යයි.එය මැනවින් අපේ අනුවනක්කාර අවස්ථාවාදී දේශපාලඥයන් විසින් මැනවින් ඉටු කෙරමින් පවතී. තමන් ජිවත් වන රටේ ඇති ස්වාභවික සම්පතුත් එම රටවලට ගැලපෙන ජීවන රටාවලුත් අධ්‍යාපනය හා ජනමාධය හාවිතයෙන් අමතක කරවා මෙම හපන්කම සිදු කෙරේ.
ණය උගුල තුල තව තවත් එම උගුලේම හිරවීම හැර ලංකාවට සිදුවිය හැකි වෙනත් දෙයක් නැති බව මේ අනුවන දේශපන්ක්නයන්ගේ ක්‍රමය වේ.එයින් මිදීමට ඔවුන් මෙම දේශපාලන ක්‍රමය තුල කිසිත් නොකරයි, කිමද යත් එවිට ඔවුන්ගේ පැවැත්ම නැතිවන බැවිනි. එහෙත් මේ සඳහා විසදුමක් අප තුලම පවතී.
අනෙක් කොටස ඉදිරි ලිපිය (02) මගින් බලාපොරොත්තුවන්න.

Friday, March 7, 2014

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?

 
 
 
ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර
හෙළ ගුප්ත ඖෂධ වෙඩි ආර්. නන්දන

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?


වංශ කතාවේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ දවස බුදු සසුන යනු බුද්ධ පුත්‍රයන්ගේ නොහොත් භික්ෂුන්ගේම ශාසනයකි . නමුත් අද දින ලංකාවේ පිළිගන්නේ භික්ෂු , භික්ෂුණි, උපාසිකා, උපාසක යන සිව් වනක් පිරිසගෙන් බුදු සසුන සංයුක්ත වන බවය. මිහිදු මහ හිමියන් විසින් අනුරාධපුරයට ගෙන ආ බුදු සසුන භාරත වර්ගයේ සංචාරක සහ අරණ්‍ය වර්ගයේ සසුනකි. සෑම ගමකම පන්සලක් හා එහි භික්ෂු සහිත පන්සල් හා අරණ්‍ය ඇතුලත්වන ග්‍රාම වාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් යන බෙදීම ලංකාව තුලදී අපමණක් සිදු වුවකි. කෙටියෙන් කියතොත් ලංකාවේ ඉස්තාපිත වුයෙ ලංකාවට ගැලපෙන ආකාරයේ සසුනක් මිසක භාරතයේ තිබු බුදුන් වහන්සේගේ ආකරයේ ශාස්හනය් නොවේ. 
ගම් වාසින්සමග මිශ්‍ර වී ගිහි කටයුතුවලට භික්ෂුන් සම්බන්ද වීම බුදුන් වහන්සේ අනු දැන වදාලේ නැත. විනය පිටකයට අනුව භික්ෂුන් ෂඩ්විහාරිකව (එකට) ආරාම වල විසිය යුතුය. ධර්මය දේශනා කෙරමින් සංචාරයේ යෙදිය උතුය . ඒ බුදුන් වහන්සේ විසින් කල ආකාරය වේ. වස්සන ශ්‍රුතුවේ (නොහොන් වැහි කාලයේ)පමණක් සංචාරය අපහසු නිසා වස් ශිලය සමාදන්ව ගමේ ගම වැසියන් සමග සම්බන්ද වී ජිවත් වීමට අනු දන වදාළහ. එහිදී ලංකාවේ ගැමි සමාජය විසින් කොළ අතු සෙවිලි කර අතුවලින් අවරණය කරණ ලද තාවකාලික "පණ්ණ + ශාලා" නොහොත් "පන් + සල්" භික්ෂු උදෙසා ගොඩ නගා දෙන ලදී. මිහිදු හිමියන්ගෙන් සියවස් දෙකකකට පමණ පසුවන විට සෑම ගමකම "පණ්ණ + ශාලා" නොහොත් පන්සල් ඇති විය. භික්ෂුන් ගල් ලෙන් වල මුල් යුගයේ ජීවත් වීම එහි කොට ඇති දහස් ගණන් සෙල්ලිපි වලින් පැහැදිලිය. මේවා බ්‍රහ්මි නොහොත් අශෝක අක්ෂර වලින් ලියවී ඇත. අශෝක අක්ෂර වලට බ්‍රහ්මි අක්ෂර නමැති හැඳින්වීම දුන්නේ භාරතියන් නොව ජේම්ස් ප්‍රින්ශේෂ් නමැති ඉංග්‍රීසි ජාතික කමල්කරුවගේ බවද අප සිහි තබාගතයුතුය.
ඉන්දියානු ඉතිහාසය තුල බුදුන් වහන්සේ ගැන විස්තර ඇතුලත්ව නැත. බුදුන්වහන්සේ ඉන්දියානු ඉතිහාසයට ඇතුල් කෙරේ ඉංග්‍රීසි සිවිල් සේවකයන් විසින්ය. පබ්බාජ සුත්‍රයේ බුදුන් තමන්ගේ උපන් බිම ලෙස කාලිංග අගනුවර වන තෝලිසය සඳහන් කරන අතර ඉංග්‍රීසින් විසින් එය පෙන්වා ඇත්තේ නේපාලයේ පිහිටි වත්මන් ලුන්බිනිය ලෙසටය. ගයා දිස්ත්‍රික්කය නමැති ප්‍රදේශ නාමය තුල වත්මන් බුඩ්ගයාව ඉස්තාපිත කලේ ඇලේකසැන්ඩර් කනිග්හම් නමැති පුරාවිද්‍යාඥයා හා පුවත්පත් කතෘවරයකු වන සර්. රෝලින්ග්සන් යන දෙදෙනාය. ඉන්දියානුවෝ ඒ කිසිවක් නොදත්හ . බුදුන් පිරිනිවන් පෑ කුසිනාර නුවර මල්ල රජදරුවන්ගේ උයනද ඉංග්‍රීසින් විසින් ප්‍රකාශයට පත්කළා මිස ඉන්දියානුවෝ නොදැන සිටියහ. එම මල්ල පරම්පරාවේ නිශ්ශන්කමල්ල රජු(පොලොනරුවේ) කාලිංගයෙකි. අදත් මල්ලයන් සිටින්නේ කාලිංගයේ (අද ඔරිස්සාව) අද අගනුවර වනු බුවනේසර්හිය. බුදු දහම එක්කක්ම වද්දී භාරතයේ බුදු සසුනට වඩා වෙනස් ආකාරයකට ලංකා බුදු සසුන සැකසිනි. ග්‍රාම වාසි භික්ෂුව විනයට පටහැනිය. එමෙන්ම රජවාසල ආශ්‍රිතව අනුරාධපුර යුගයේ සිටම රාජ්‍ය අනුශාෂකයන් වීම විනයට පටහැනිය. නමුත් විනයට පටහැනි ඒ ආකාරයේ බුදු සසුන අදත් (2014) පවතී. විනය නීති වලට අනුව සැකසුනු භික්ෂුණි සාසනය අනුරාධපුර යුගය අවසන්වන විටත් අතුරුදන්ව පැවතුනි. මෑත භාගයේ සිටියේ දසසිල් උපාසක අම්මලා මිස භික්ෂුනී නොවේ. 
පැරණි යුගයේදී රාජ්‍යය හැසිරවීම මගින් මෙරට භික්ෂුහු එදා තිබු දේශපාලන ක්‍රියාවලියට සහභාගී වුහ . පොලොන්නරු කතිකාවත හා දඹදෙණි කතිකාවත යන කතිකාවත් දෙකෙන්ම භික්ෂුන් නොකළ යුතු දේ ගෙනහැර දක්වා ඇති අතර රාජ්‍යය පාලනයට උපදෙස් දීම හා සහබාගි වීම නොකළ යුතු බව එදා නායක මහනාහිමිවරුන් විසින් තීරණය කර නැත. නිෂ්පාදනය හා සමාජ හැසිරවීම යන සියලු ක්‍රියාවලියේම ඔවුහු අගනුවර මහ ස්වාමින්වහන්සේලා රජුටත් ගමේ පන්සලේ හාමුදුරුවන් විසින් ගම පාලනය කල ගම් සභාවටත් උපදෙස් දුනි. ඉගැන්වීම හා ආරවුල් සමථ කිරීම (නඩු ඇසීම) මගින් සමාජය යහපත් ලෙස පවත්වා ගත්හ. මේ සියල්ල රාජ්‍ය හැසිරවීම නොහොත් දේශපාලනයයි. 1815 දී වාරියපොළ සුමංගල හිමි වැනි අය ඉංග්‍රීසි කොඩිය බිමට අද දමා පාගා මහනුවර ගිවිසුමට විරෝදය පෑහ. එමෙන්ම දඹුලු විහාරාධිපති ගිරනෙගම හිමියන් විසින් ඉංග්‍රීසි පාලනයට විරුධව 1848 දී ගොන්ගාලේගොඩ බන්ඩාට සිංහල රජුලෙස කිරුළු පළදවන ලදී. මේ හැමදෙයක්ම භික්ෂුන්ගේ යුතුකම ලෙස සාලකින. ඒවා විනය විරෝදී නොවේ. 
1848 රාජ්‍ය පාලනය අවසන්වී පාර්ලිමේන්තු පාලනයද 1978 සිට විධායක ජනාදිපති පාලනයද ඇරබුණි . නමුත් මෙරට භික්ෂු සාසනය පැවතුනේ අවුරුදු දෙදහස් දෙසීයක් (දෙවනපෑතිස් රජු දවස සිට)අනුක්‍රමයෙන් විකාශනය වී ආ පරිද්දෙනි. කිර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස සියමෙන් උපසම්පදාව රැගෙන අවුත් සියම් මහ නිකාය ඇරබින ." ජෝන් ඩොයිල්ගේ" කේලාම් බස් වලින් බින්දවූ භික්ෂුන් මෙහෙයවා 1821 දී අමරපුර (බුරුමයේ) දේශයෙන් ගෙන ආ උප සම්පදාවෙන් අමරපුර නිකාය බිහි විය. ඉංග්‍රීසින්ගේ බෙදා පාලනය කිරීමේ නියාය යටතේ තව දුරටත් ශාශනය බෙදා 1868 දී බුරුමයේ රාමන්න දේශයෙන් උපසම්පදව ගෙනවිත් රාමන්න නිකාය පිහිටවුයේ ශාශනය තවත් බෙදීමටය. 
සුද්දෙකුගේ (ජෝන් ඩොයිල්ගේ) කේලාම් බස් අසා සියම් නිකායෙන් බිඳී අමරපුර නිකාය පිහිටවූ භික්ෂුන්ගේ වර්තමාන නායකත්වයට තම නිකායේ (කොටස) දේශපාලන වැරදි වලට එරෙහි උද්ගෝෂණවලට සහභාගී වීම තහනම් කර ඇත. එම නාහිමියන් විසින් ඉදිරි මාර්තු 2දා වාරියපොළ සුමංගල හිමියන්ගේ දළදා මැදුර අබියස ඇති පිළිමය ඉදිරියේ විරෝදය පාන්නේද ? 1848 දී දඹුලු විහාරදිපති ගිරානේගම හිමියන් විසින් ගොන්ගාලේ ගොඩ බන්ඩා රජ කරවීම ගැන ප්‍රකාශයක් නිකුත් කෙරනේද? දේවානම්පියතිස්ස රජුන් දවස සිට රාජ්‍ය පාලනයට භික්ෂුන් සහබහගි වීම සහ රජුන් වැරදි කෙරන විට ඒවාට විරෝධය පා ජනතාව සමග එකතු වී කටයුතු කිරීම වැරදි බව ප්‍රකාෂ කරන්නේද ? මහසෙන් රජු බෞද්ධ විරෝදී කටයුතු වල දී මහ විහාරයට හානි කෙල විට වැසියන් සමග එකතුවී රජු සිහසුනෙන් නෙරපීමට කටයුතු කිරීමට විරුධව ප්‍රකාශයක් නිකුත් කරන්නේද? 
අමරපුර නිකායේ පාර්ශව 4 හෝ 5 කි . 1948 සිට මේ දක්වා (විශේෂයෙන්ම 1956දි) භික්ෂු දේශපාලනය ගැන විරුද්ධ නොවී 2001 සිට සිංහල උරුමය හා භික්ෂුන් වහන්සේලාගේ පක්ෂයක් වන හෙළ උරුමයට විරුද්ධ (ඇතැම් භික්ෂුන් පාර්ලිමේන්තුවේදී ගිහි මන්ත්‍රීවරුන්ගෙන් මෑතකදී ගුටි කෑහ) නොවී භික්ෂු නායකත්වයකින් යුතු එම පක්ෂයට විරුද්ධ නොවී ගව ගාතනයට හා අන්‍ය ආගමිකයන් විනාශ කරමින් පවතින බුද්ධ දර්මය , බෞද්ධ උරුමයන් ආරක්ෂා කෙරන භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රබල විරෝධයක් එන 2013 – 2014 අවදියේදී හදිසියේ විනය මතක් වුනේ ඇයේ? අද රජයට බෞද්ධ පාර්ශවයෙන් එන ප්‍රබලම පීඩනය වන්නේ ගව ගාතනය හා අන්‍යාගමිකරනයට විරෝධව වේ. ඒ හමුවේ අමරපුර නිකාය තම භික්ෂුන් වහන්සේලාට රාජ්‍ය විරෝධය ඇතුලත් දේශපාලන කටයුතුවලට සම්බන්ද වීම විරුධව විනය නීති පැනවීම රටේම කුතුහලයට හේතු වී ඇත. පළමුවන ශික්ෂා පදය කැඩිමට විරුද්ධවීමට භික්ෂුවට අයිතියක් නැද්ද? තම නිකායේ භික්ෂුන්ගේ දේශපාලන ක්‍රියාවන්ට විරුධවීමට අමරපුර නිකායට 2014 සිදු වුනේ රාජ්‍ය ප්‍රධානින්ගේ බලපෑම මත බව ජනතාවටම සැක පහලව ඇත. මේතාක් සිදුවන බෞද්ධ උරුමයන්ගේ විනාශයට , බෞධයන් අන්‍ය ආගම වලට හරවා ගැනීමටල බෞද්ධ/සිංහල සංස්කෘතිය අමු අමුවේ පල්ලිය විසින් හොරා කනකොට, ගව ගාතන සිදු වෙනකොට, බෞධයන්ට භික්ෂුන්ට අන්‍ය ජාතිකයන්ගෙන් කෙනෙහිලිකම් වනවිට,අන්‍ය ආගමිකයන් හොරට සිව්රු ඇඳ සාසනයත් බුද්ධ ධර්මයත් විනාස කෙරමින් සිටි , තවත් ය තමුන් රහත් බව පවසයි , මේ මහනායක හිමිවරු ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග මොනවද? ජාතියට ආගමට ශාසනයට මොනවා වුනත් සුද්ද දුන්න නිකාය මහා පදවිය රැකීමද එකම අරමුණ?මෙම මහ නාහිමිවරු තමන්ගේ සාසනික සහ ජාතික වගකීම් හිතා මතාම පැහැර හරන බවට බෞද්ධ ජනතාවගේ අදහසයි. 
ලංකාවාසී ජනතාව හා විශේෂයෙන්ම මෙරට බෞධයන් උපන් ගෙයි මෝඩයන් නොවේ. බුද්ධ යනු බුධියයි. බුදුන් වහන්සේ යනු බුධින් වහන්සේය. බෞධයා යනු එම බුධිමත් දහම තේරුම් ගැනීමට හැකි බුධිමතුන්ය . නිකාය මහ හිමි වරුන්ට මෙම බුධිය නැතත් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට සහ ගිහියන්ට මෙම බුධිය ඇත . රට දැය ආගම ගැන කැක්කුමක්ද ඇත. දැන්වත් මේ රටට , ජාතියට ල ආගමට වෙන විනාශය තේරුම් ගෙන ඒ සඳහා අවශය කටයුතු කිරීමට මහනායක හිමිවරු පියවර නොගතහොත් මහනායක පදවියක් දැරීමට නිකායක් තබා බුද්ධ සාසනයවත් අන්‍ය ආගමික අන්තවාදීන් මේ රටේ ඉතුරු නොකරනු ඇත. 

ඉදිරිපත් කිරීම -
ආචර්ය සුරිය ගුණසේකර

Sunday, March 2, 2014

සිංහලයාට උගුල් අටවන්නෝ (03) - පළාත් සභා උගුල


(03) පළාත් සභා උගුල

පළාත් සභා උගුල
පළත් සභාව යන නාමය යටතේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ලබා දුන්නේ උතුරු නැගෙනහිර  ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍යයකි. ඒ පිරිබාහරන් ත්‍රස්තවාදයෙන් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇතුල් කෙරවිම සඳහාය. මෙය පූර්ණ ෆෙඩරල් බව ඔප්පු වුයේ  "දිවිනැගුම " පනත පර්ලිමෙන්තුවේ  සම්මත කර ගැනීමට ගිය විටදීය, ව්‍යවස්ථාවට අනුව එක් පළාතක් හෝ එකඟ වී නැතිනම් ලංකාවටම බලපාන පනතක් සම්මත කරගත නොහැකි බව අග විනිසුරුවරිය පෙන්වා දුන්විට ඇයව ධුරයෙන් ඉවත් වීමට පවා කටයුතු සිද්ධ වුනි.
ලංකාවේ පළාත් සභා වල බීජය ඇත්තේ 1927 දී ඉන්දියාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන නිර්දේශ කළ සයිමන් කොමිස්න් සභාවේය. ස්වදේෂකයන්ට පාලන කටයුතු වලට සහභාගී වීමට ඉන්දියාව විශාල වැඩි නිසා පළමුව ඒ තුල වූ රටවල් ප්‍රාන්ත ලෙස බෙදීමට කොමිසම විසින් යෝජනා කරන ලදී. එම බෙදීමට නිරනයකයද යෝජනා කරන ලදී. එනම්,
1. සමාන භාෂාව
2. සමාන ආගම
3. සමාන සංස්කෘතිය  ඇති ප්‍රදේශ යන සාදක තුන වේ.

1987 ඉන්දු-ලංකා ගිවිසුමේද දෙමල භාෂාව, හින්දු ආගම. දෙමල-හින්දු සංස්කෘතිය ඇති උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමේ යෝජනා කළේ එම සයිමන් කොමිසමේ මෙම මූල ධර්මය අනුවය. තාවකාලිකව අවුරුදකට යන බොරු කොන්දේසි ඊට දැමිණි. අන්තිමට JVP ය විසින් ලබා ගත අධිකරණ නියෝගයකින් පළාත් දෙක වෙන් කරන ලදී.
මේ නිසා හිතා මතාම සහ පැහැදිලි බෙදීමේ චේතනාවක් ඇතිව පළාත් සභා ක්‍රමය එවකට පැවති රජය ඉන්දියාවේ බලපෑම මත  ඇති කෙරින. පළාත් සභා යන වචනය නිසා රට වැසියාට මෙම මර උගුල නොතේරේ.  පළාත් බෙදීම ඇති කරේ බ්‍රිතාන්‍ය පාලන කාලය තුලය. එය අසාර්ථක වී පසුව දිස්ත්‍රිකයයම පළාත් එක්කකය වී කච්ච්රිය එම දිස්ත්‍රික් කාර්යාලය විය.
පක්ෂ දේශපාලනයට මෙම මර උගුල සුව යහනක් වී ඇත.  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පළාත් මට්ටමේ සංවිධාකයන්ගෙන්  යුක්ත වීම ඊට හේතුවය. ප්‍රාදේශීය මට්ටමද එසේම පැහැදිලිව තිබීම නිසා UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම තම සංවිධාන ජලය ප්‍රාදේශීය (ගම් )මට්ටමේ තබාගෙන ඇත. පළාත් සහ ප්‍රාදේශීය දේශපාලකයන් බිහි වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පවුල් වල අයට දේශපාලනයට එලබීමට පළාත් සභා ක්‍රමය ඉවහල් වී ඇත. මෙනිසාම මෙම මර උගුල අතහැර දැමීමට ප්‍රධාන පක්ෂ දෙකම අකමැතිය.
ආණ්ඩුවත් ජනතාවත්  කල්පනා කෙරන්නේ  "ඊළාම් වාදය” පිරිබාහරන්ගේ බවය. LTTE ය සහ පිරිබාහරන් දැන් නැති නිසා මෙරට දෙමළ ජනතාව තවදුරටත් ඊළාම් වාදීන් නොවන බව මෙම අනුවණයෝ සිතති. පළමුවෙන්ම සිටි මහ ඇමති පෙරුමාල් ඊළාම් ප්‍රකාශ කෙළේ තමන්ගේ සැප සම්පත් අහිමි වන බව දන දැනගනය. නමුත් දෙමල ජනතාවගේ හඬට අවනත වීමට ඔහුට සිදු විය. දැන් මහ ඇමති විග්නේශ්වරන් ඒ බව රටට අඟවයි. පෙබරවාරි 13 අවට දිනෙක ඔහු කීවේ ජනාධිපති සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති නමුත් තමන් පත් කල දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට තමන් බැඳී ඇති බවය. මෙම අභිලාශය නම් වෙනම රාජ්‍යයකි. විග්නේශ්වරන් එබන්දක් කෙලොත් පෙරුමාල් දවස මෙන් උතුරු පළාත් සභාව විසුරුවා හැර එය රජය යටතට ගත නොහැක. විසුරුවා හැරිය හැක්කේ,
1. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්  පවා සපයා දීමට පළාත් සභා පාලනය අපොහොසත් වුවහොත්
2. විදේශ ආක්‍රමණ ඇති වුවහොත්
3.    සන්නද්ද කණ්ඩායමක් සහිත කැරලිකාර තත්වයක් ඇති වුවහොත්
යන කොන්දේසි තුන යටතේ පමණකි. දේශපාලන වසයෙන් වෙනම රජයක් ප්‍රකාශ කෙලොත් මධ්‍යම ආණ්ඩුවට එය විසිරුවා හැරිය නොහැක.
මෙරට ජනතාව නොදන්ව වුවද පළාත් සභා යනු අර්ධ ස්වාදීන පාලන ක්‍රමයකි. 1927 දී සයිමන් කොමිසන් සභාව විසින් ප්‍රාන්ත සභා හඳුන්වා දී තිබුනේ එලෙසය. දැන් පළාත් සභා නමින් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එයයි. එදා ඉන්දියාවට ලබා දුන් අර්ධ ස්වාහ්ධින පාලන තන්ත්‍රය 1947 දී නිදහස් ඉන්දියාව බවට පත් විය.සයිමන්  කොමිසමේ කාර්යය ලංකාවට සුදුසු ලෙස ඉටුකෙළේ (අර්ධ ස්වාදීන පාලන ක්‍රමය) ඩොනමෝර් කොමසරිස්වාරුය විසින්ය. ඩොනමෝර් ආණ්ඩුවෙන් පසු 1948 දී අප එලබුනේ  පර්ලිමෙන්තු ක්‍රමයටය.
කකුළුවා වතුර මුට්ටිය ලිප තබා ගිනි මෝලවා ඇත. තවමත් වතුර සිසිල්ය. කකුළුවා එහි ප්‍රීතියෙන් ක්‍රීඩා කරයි. වතුර රත් වූ විට සිදුවන දේ ඌ නොදනී. ඒ සදහා කාලය ගතවීම පමණක් අවශ්‍යව ඇත. වතුර මුමුට්ටියේ සිටීම කකුළුවෝ මේ රට සිංහල ජනතාව නොවේද. ඉදින් මෙම මර උගුල් ගලවා දැමීමට තවමත් කාලය ඉතිරිව ඇත. එබැවින් මෙම පාර්ලිමේන්තු උගුල, සංවර්ධන උගුල, පළාත් සභා උගුල යන උගුල් ගලවා දමා පෙර රජ දවස මෙන් අපටම ගැලපෙන පාලන ආර්ථික ක්‍රමයක් ඇති කර ගැනීමට සිංහල අපි සැවොම එකතු වී අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක විය යුතුය.

සිංහලයට උගුල් අටවන්නෝ (02) - සංවර්ධන උගුල

 

 (02) සංවර්ධන උගුල



1987 දි බ‍්‍රාන්ට්ලන්ඞ් කොමිසමේ වාර්ථාව (අපේ පොදු අනාගතය - our common future) එලිදක්වන තුරුම සංවර්ධනය නමැති වචනය සදහා එක්සත් ජාතීන්ගේ සංවිධනය විසින් දුන් ආර්ථකථනය වුයේ වෙනසන් පසුව ඇතිවන වැඩියාම(growth on change) යන්නයි.මෙය යුරෝපිය සංසිද්ධියකි.කෘෂිකර්මික යුගයේ බඩගින්නෙන් මන්දපෝෂණයයෙන් හා ලෙඩදුක් වලින් යුරෝපියයා පෙථනි.ශිතල රටවල් කෘෂිකර්මයට නුසුදුසු වීම ඊට හේතුවයි.කාර්මිකත්වය හා වානිජත්වය එළඹුනු විට එම රටවලට ස්ථාවර බවක් ඇති වී ජිවිතය දියුණු විය.මේ නිසා එම වෙන(change) තවදුරටත් වැඩියාම (growth)එම රටවලදි සංවර්ධනය නම් විය.
1944 ජුලි මස ඇමෙරිකන් ජනාධිපති රුස්වෙල්ට් විසින් පැවැත්වු සම්මේලනයයේදි යුද්ධයෙන් වැටුන යුරෝපයට නිවර්තනික කලාපිය ලෝකය කොල්ල කා නැවතත් සමෘධිමත් විය හැකි ආකාරය පෙන්වාදෙන ලදි.අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) ලෝක බැංකුව (IBRD) හා ගෑට් සංවිධානය(GATT) ඇරඹුනේ එදිනය එහි ප්‍රතිපලයක් ලෙස නිවර්තන කලාපිය රටවල් කොල්ලකෑමට මූලික අඩිතාලමක් ලෙසය .1944 දෙසැම්බර්හි ආහාර හා කෘෂිකර්ම සංවිධානද(FAO) ඇරඹිමෙන් පසු 1945 දි එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය බවට පත්විය.අද එහි නියෝජිත ආයතයන් දුසිම් 2ක් පමණ ඇත. නිවර්තනික ලෝකයට (දුප්පත්) සංවර්ධනය ගෙන එන්නේ එම එක්සත් ජාතින්ගේ සංවිධානයයි.සංවර්ධිත රටවල් යනු නිවර්තනික ලෝකය සුරා කා පොහොසත් වු රටවල්ය.සංවර්ධනය වන (පළමුව උෘණ සංවර්ධිත) රටවල් යනු නිවර්තනික දුප්පත් (ලංකාව වැනි) රටවල්ය.ලංකාව මෙන්ම අනිකුත් නිවර්තනික රටවල් මෙම ඇමරිකාව ප්‍රමුක බටහිර ජාතින් පෙන්වන”සංවර්ධන මිරිගුව” පසුපස දුවති.නමුත් සංවර්ධනය වු රටක් නැත.
1968 දි ලංකාණ්ඩුව වී ගොවිතැන නවීකරණය කිරිමට ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමග ගිවිසුම් අත්සන් කිරිමෙන් සංවර්ධනයට එළඹීයේය.මෙමගින් අපේ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමය තාක්ෂණය බිජ වර්ග විනාශ විය. 1970 දි එය ගොඩ ගොවිතැන් ඇතුථ සියථ ගොවිතැන් වලටද සුථ කර්මාන්ත වලටද ආදේශ කරන ලදි.1970 දි සංවර්ධන මණ්ඩලය ඇතිවුයේ එනිසාය.එමගින් බහු ජාතික සමාගම්වල ට‍්‍රැක්ටර් බීජ වී ජිව නාශක දියර කෘතිම පොහොර ආදි යෙදවුම් අවශ්‍ය වී වර්ග පමණක් (දියුණු කල) වගා කිරිම ඇරඹුනි.මේ අනෙකක් නොව සොබාදහමේ අංග අධික ලෙස සුරාකමින් ආහාර වටිනාකමක් නැති සහල් වර්ග තාවකාලිකව වැඩියෙන් නිපදවා වැඩි ආදායමක් ලැබීමටය.අද මෙම කෘෂි සංවර්ධනය කොතෙක්ද යත් ගොවියට තම බිජ නිපදවා ගැනීමටත් ළඟ තබා ගැනීමටත් විරුධව නීති සකස් කරමින් පවතින අතර බිජ බහු ජාතික සමාගම් මගින් නිපදව බෙදා හරිම කරනු ලැබී. මෙතුලින් අපේ හීනටි සහල් , කළු හීනටි වැනි අපේම මෙරටට මේ බිමට ගැලපෙන බිජ සහමුලින් වඳ කර දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක.මැද කොළඹ ආසන්නයේ නිවාස ප‍්‍රශ්නයක් ඇත.1970 දි එහි මන්ත‍්‍රි කෙනෙකු වු පිටර් කේනමන් නිවාස ඇමති විය.මැද කොළඹ තිබු නිවාස ප‍්‍රශ්නය ලංකාවටම ව්‍යාප්ත කිරිමට හේ සමත් විය.1977 දි මැද කොළඹ මන්ත‍්‍රි ආර්.පේ‍්‍රමදාස නිවාස හා ඉදිකිරිම් ඇමති විය.විදේශ බලවේග ඔහුට කිට්ටු වී නිවාස සංවර්ධනය ලංකාවේ ප‍්‍රධානම සංවර්ධනය බවට පත්විය.උදාගම් හා වාර්ශික ගම්උදා සංකල්පයත් දියුණු විය.මහ පොලවට මුල්ඇද තිබු සිංහලයා මහ පොලවින් මුල් උදුරා නිවාසයට මුල් ඇද්දවීමට නිවාස හා ගම්උදා සංකල්පය සමත් විය.
1978 දි ආ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා විදේශික ආයෝජනයට වෙළදුන් සංචාරකයින්ට ජාවාරම් කාරයින්ට රට විවෘත විය.රටට අනවශ්‍ය සියථ දේ රටට ඇදී ආවේය.විදේශ ආයෝජකයන් ඇසුරින් ලංකාව කාර්මික රටක් කිරිම ඇරඹුණි."නව කාර්මික රාජ්‍යය” මෙරට ආර්ථික ප‍්‍රතිපත්තිය විය.නමුත් ආයෝජකයන් මෙරට බැංකුවලින් ණය ලබා ආයෝජනය කර සුරාගත හැකි දේ සුරාගෙන කර්මාන්තයන් වසා දමා ණයද නොගෙවා ආපසු ගියහ.කාර්මික ප‍්‍රතිපත්තිය අසාර්ථක විය.
2003 දි යු.එන්.පි පාලනය යටත උත්සහ දරන ලද සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කිරිම දැන් නැවතත් ඇරඹී ඇත.මාර්ග සංවර්ධනය වරායන් ගුවන්තොටුපලවල් සංචාරක හොටල් කැසිනෝ හා ගණිකා ව්‍යාපාර පුද්ගලික රෝහල් සුඛෝපභෝගි රථ ආනයනය ආදි අනවශ්‍ය හා ඹරෝත්තු නොදෙන දේ ඒ අනුව වැඩියයි.සංචාරක කර්මාන්තය වැදගත් ලෙස සලක්න්නේ රට තුල කිසිම ස්වාභාවික සම්පත් නැති අන්ත නිසරු රටවල්ය.ලංකාව වැනි ස්වභාවික සම්පත් වලින් පිරි රටකට කෘෂි ආර්ථිකය හැර වෙනත් ආර්ථිකයන් අවැසි නැත, සංචාරය ආර්ථිකය යනු විදේශිකයන් මත රට උකසට තැබීමක් වැනිය, ඔවුනට අපේ ආර්ථිකය වට්ටන්න ලංකාවට නොයන ලෙස තම වැසියන්ට අනතුරු ඇඟවීමක් සෑහේ.එබැවින් අපේ දේශපාලකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කොපමණ භයානක සහ ඔල මොට්ටලද යන්න අප තීරණය කෙල යුතුය. ලංකාව ලොව ඇති ස්වාභාවික සම්පත් පිරුණු ප‍්‍රධානම රට බව 1835 - 45 ආරම්භක වැවිලි කරුවන් පවසා ඇත. මෙවැනි රටක් මෙතරම් අගහිඟ කම් වලින් දුක් විදුනුයේ වැරදි අපට නොගැලපෙන ආර්ථික හා දේශපාලන ක්‍රමය නිසාය.
1970 සිට වසර 43 ට පසු සංවර්ධන මාවතේ ගමන්ගත් ලංකාවේ අද තත්වය කුමක්ද නවීන ගොවිතැන් ක‍්‍රම නිසා පොලව හා ජලය විෂ වි ඇත.දේශගුණය වෙනස් වි තිබේ.නාගරික ප‍්‍රදේශ වල මෝටර් රථ දුම් නිසා වායුව විෂ වී ඇත.ජල උල්පත් සිදි වියළි ගොස්ය.ජල මාර්ග දෙපස කම්මල් පිහිටුවා ඒවායේ අපදාව්‍ය එම ජලමාරග වලට මුදාහැරිමෙන් ජලමාරග අපවිත‍්‍ර වී ඇත.කදු බෑවුම් අසීමිතව එලි කිරිම නිසාත් පයිනස් යුකැලිප්ටස් වගා කිරිම නිසාත් නාය යාම් ඇරඹී ඇත.උක් වගාව නිසා හපුතලේ අවට නායයම් වල කේන්ද්‍රය බවට පත්විය.වසවිස යොදා වගාකිරිම නිසා ආහාර විසවි ඇත.ඇගලූම් කර්මාන්තය ප‍්‍රධාන ආර්ථික මාර්ගයක් වී දැන් බිද වැටීම නිසා විරැුකියාව දක්නට තිබේ.එමෙන්ම ඒවායේ වැඩකල කම්කරුවන් (කාන්තාවන්)දුර්වල වි ලෙඩ වි සිටිති.නිරෝගි තරුණ ලඳුන් ඇගථම් කම්හලක වැඩට ආ විට වසර 10 - 15 ට පසු රෝගි කාන්තාවක් වී ගෙදර යයි.බොහෝ ය ගණිකා වෘතියට් යොමු වී ඇත.ඔවුන් විවාහ වුවද දරුවන් නැත.දරුවන් ලදොත් අංගවිකලය.නැතිනම් දුර්වලය.ඇය ගෙදරට ඉන්පසු බරක් වී සෙසු ජිවිත කාලය ගෙවයි.
රජයේ සියථ සංවර්ධනයන් සිදුවන්නේ ණයට ගත් මුදල් වලිනි.ඒවායේ වාර්ක පොලී ගෙවා ගැනිමට නොහැක.ඊට හේතුව නම් රටේ නිෂ්පාදනය වර්ධනය නොවීමය.ණය හා වාරික ගෙවීමට තවත් ණයක් ලබාගැනීම දැන් පුරුද්දය.මෙසේ ණය උගුලේ හිරවීම නිසා ඒක පුද්ගල ණය බර දෙලක්‍ෂ හැත්තෑ දහස දක්වා වැඩි වී ඇත.එසේ වද්දි රජයේ නාස්තිකාර උත්සව ගමන් ආනයන ආදිය නිසා ණය ගෙවීම තව තවත් අපහසු වේ.මේ අතර සංවර්ධනයේ ආරම්භය වු වි ගොවිතැන නවිකරණය නිසා පොහොර වසවිය.දැනට කැඞ්මියම් ආසනික් ආදි දේ නිසා රජරට වකුගඩු රෝගය දරුණු විය.දැනට 38000 මිය ගොස් ලක්‍ෂ 4ට රෝගය වැලදී ඇත .බටහිර වෙදකමට මෙය සුවකල නොහැක.වැව් ශිෂ්ඨාචාරය උපන් මුථ රජරටම ඉන් මියයාමට හැකි ප‍්‍රවණතාවක් ඇත. මෙසේ සංවර්ධන උගුල නිසා 1970 දී තුන්වේල ආහාර ගෙන නිරෝගිව සිටි ජනතාව අද රෝගී වී මියයන දෙස බලා සිටිය යුතුව ඇත. විශේෂඥයින් කරන්නේ අනාගතය සුබ බව කීමය."ආසියාවේ ආශ්චර්ය" නමැති පදයෙන්ද රජයද මෙම දරුණු තත්වය වසන් කරයි. ජනතාවද ඊට රැවටෙති. ඔවුහු තව දුරටත් චන්දය දෙමින් තම අවසානය දක්වාම එසේ කරනු ඇත. සංවර්ධන මායාව නිසා රටත් ජාතියත් ශිස්ටාචාර්යත් විනාශ වී යමින් තිබේ. මෙම තත්වය වහාම වෙනස් කරගැනීම ජාතියේ වගකීම වේ, කිමද දේශපාලඥයා කිසිදා මෙය නොකරන බැවිනි. 

ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේධි ආර්. නන්දන
          

Friday, February 28, 2014

සිංහලයට උගුල් අටවන්නෝ (01) - පාර්ලිමේන්තු උගුල




සිංහලයට උගුල් අටවන්නෝ


අප සිංහල ජාතියද මෙම රටද විනාස කිරීමට මාන බලන උගුල් අටවන්නනන් බොහෝය. හයවැනි පන්තියේදි භූගෝල විද්‍යාව යටතේ උගත් එක් පාඩමක් වන්නේ "උගුල් අටවන්නෝ ” යන්නයි.ඉන් අදහස් කලේ ප‍්‍රදේශවල වසන ඉතා වටිනා ලොම්වලින් යුත් සුුදුනරි,සේබල් හා මින්ට් වැනි සතුන්ගේ හම තුවාල නොවීම සදහා උගුල් අටවා මරා ගැනිමයි.අද දින නිවර්තනික රටවල ජාතීන් බිදවැට්ටවීම සදහා බටහිර බලවත් ජාතින් විසින් උගුල් ඇටවීම දක්නට පුථවන.කලින් යටත් විජිත ලෙස පැවති මෙම රට වලට අධ්‍යාපනය ලෙස ආවේ අධිරාජ්‍යය හිමි රටවල දැනුමයි. නිදසුනක් ලෙස අද ලංකාවේ පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන යනු මහා බි‍්‍රතාන්‍යයේ දැනුම් සම්භාරයයි මෙය අප රටට නොගැලපේ.අද "සංවර්ධනය” යටතේ ඇමෙරිකන් දැනුමද ඊට එකතු වී ඇත.ලංකාව වැනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටවල තිබු රටට ගැලපෙන දේශිය දැනුම් සම්භාරය වල්වැදිමට කටයුතු සිද්ධකර ඇත. ලංකාවට අටවන ලද මෙබදු උගුල් තුනක් පහත දැක්වේග

ඒවානම්, පාර්ලිමේන්තු උගුල , සංවර්ධන උගුල සහ පළාත් සභා උගුල වේ. 

1. පාර්ලිමේන්තු උගුල

 උසස් අධ්‍යාපනය ලත් අයෙකුට වත්මන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උගුලක් බව කීවොත් ඔහු කේන්ති ගනු ඇත. ඊට හේතුව අපගේ සිංහල පාලන ක‍්‍රමය පැවති බව හා වසර එක් දහස් අටසියක් එය පැවතුන බව ඔහු විසින් පිලිනොගැනිමයි.එංගලන්ත රිදී බන්දේසියක තබා දුන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1948න් වසර 66ට පසු අපට මර උගුලක් වී ඇත, රටට නොගැලපෙන මෙම ක‍්‍රමය එම හේතුවෙන් තව වසර කිපයකදි නැතිවි යනු ඇත.
1812 මැග්නාකාටා ගිවිසුමෙන් එංගලන්ත රජුගේ බලතල වක‍්‍ර ලෙස යම් සිමාවන්ට යටත් කරන ලදි. එතැන් සිට රජුගේ ජනතාව අතට බලය එ්ම සිඝ‍්‍ර වුනේ කාර්මිකරණය හා වානිජකරණය නිසාය. ධනපති හා දුප්පතුන් පන්ති දෙක ඉංග‍්‍රිසි සමාජ ක‍්‍රමය තුල ඉතිහාසය පුරා පැවතින. කාර්මිකත්වය හා වානිජත්වය නිසා මුථ රටම ධනවාදයට එළබි අතර ධනවත් හා දුප්පත් දෙකොටසම එකම ජිවන රටාවකට එළඹියහ. එනම් "ධනය” මාවතයි.නමුත් 80‍% ක් කම්කරුවන් නිසා ඔවුහු ඉතා බලවත් වුහ.දෙපාර්ශවයම කියා සිටියේ එංගලන්තය සමෘධිමත් කල හැක්කේ තමන්ට බවය.එනිසා මුථ සමාජය ධනපති හා නිර්ධන යන කොටස් දෙකට බෙදුනි. ඔවුන් නියෝජනය කිරිමට කොන්සවටිව් හා ලේබර් යන පක්‍ෂ දෙකක් ඇත.එබැවින් එංගලන්තය ධනවත් බලවත් රටක් කිරිම සදහා හැකියාව ඇත්තේ තමන්ට බව කියමින් බලයද මාරුවෙන් මාරුවට ලබා ගනිමින් එම ජාතික මෙහෙවර ඉටුකරති.බි‍්‍රතාන්‍යයේ පාර්ලිමෙන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එබැවින් හොදින් කි‍්‍රයාත්මක වේ.එරට අවශ්‍යතාවයකට එරට ඉතිහාසය තුලින් වැඞී ආවකි. පාර්ලිමේන්තු ක්‍රමය එරටට ආවේනික සමාජ ආර්ථික ක්‍රමය නිසා ගැලපේ.
ලංකාව යනු බි‍්‍රතාන්‍යය නොවේ. ලංකාව කෘෂිකාර්මික රටකි.අක්‍ෂාංසිය පිහිටිම අනුව එය සොබාමහමින් තීරණය වී ඇත. එංගලන්තය ගොවිතැනට නුසුදුසු අක්‍ෂාංසිය පිහිටිමක් ඇති නිසාම එරට ජනතාව කර්මාන්ත හා වානිජ්‍යය තෝරාගත්. ඉන් එරට ජන ජිවිතය දියුණු විය.බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි අදහස වුයේ බි‍්‍රතාන්‍යයේ දේ ඔවුන්ගේ යටත් විජිතවලටද සුදුසු බවය. එත් එය මෙරටට නොගැලපේ. ඊට හේතුව නම් ඉංගි‍්‍රසි අධ්‍යාපනය තුලින් ලංකාව ඇතුථ යටත් විජිතවල බිහිවු උගතුන් හා ධනපතියන් පිරිස(නව පන්තිය)ඉංගි‍්‍රසි අනුකරණයින් විමය. කෑම, ඇදිම,බෙහෙත් යන මුලික අවශ්‍යතාවලින්ද ආගම,සාහිත්‍යය භාෂාව හා සංස්කෘතිය අතින්ද මෙම පන්තිය කථ සුද්දන් වුහ.1948 දි පාර්ලිමේන්තුවක් ලබාදුන්නේ ඒ අය සදහාය සිංහලයන් සඳහා නොවේ.කිමද කෘෂිකර්මයෙන් ජීවත් වූ සිංහලයන්ට පන්ති බේදයක් නොමැත.
පාර්ලිමේන්තු ප‍්‍රජතන්ත‍්‍රවාදය සාර්ථක වීම සදහා පන්ති භේදය අවශ්‍යය. එය එංගලන්තයේ හැමදාමත් තිබු දුප්පත් පොහොසත් පන්ති දෙක කම්කරු හා කොන්සවෙටිව් ලෙස නිත්‍යානුකූල කිරිමකි.පන්ති ක‍්‍රමයක් නැති පාර්ලිමේන්තු ක‍්‍රමය ලංකාවට දුන්විට දැන් බෙදෙන්නේ ජාති හා ආගම් අනුවය.දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ඉස්ලාමිය හා කි‍්‍රස්තියානි පක්‍ෂ හෙළ උරුමය වැනි බෞද්ධ පක්‍ෂයක් ආදිය ඇති වී තිබේ.උතුරේ ඊළාම් වාදීන්(ජාතිවාදී)උතුරු පළාත් සභාව වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කලවිට (1990 දි මහ ඇමති පෙරුමාල් කලා සේ)පාර්ලිමේන්තු ක‍්‍රමයද අහෝසි වේ.
ඉංග‍්‍රිසි උගත් පාලක පන්තියට එංගලන්තය විසින් උපදෙස් දි තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වීමටය. 1949 දි දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇතිවු වුට එම ජාතිවාදි පක්‍ෂය තහනම් කිරිම වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දෙමළ ඡුන්ද දිනා ගැනිමට කටයුතු කලහ. ඇම්.ඒච්.අෂ්රොෆ් විසින් මුස්ලිම් කොන්ග‍්‍රසය පිහිටුවා ජාතිවාදි දේශපාලනයට ගෙන ආවිට ඔහුට ඇමතිකමක්ද දි නායකයාත් පක්‍ෂයත් සතුටු කලහ.ඉංගි‍්‍රසින් ඇතිකරන ලද මේ රටට විනාශකාරි වු තේ පොල් රබර් ආර්ථිකය වෙනස් කිරිමට පාර්ලිමෙන්තුවට නොහැකි විය. එමෙන්ම වැව් ශිෂ්ඨාචාරයක් තිබු ලංකාවේ වැවට එරෙහිව යුද ප‍්‍රකාශ කර ගංගා හරස්කර විදුලිබල වේල්ල නිෂ්පාදනය කලේ ඉංගි‍්‍රසින් නොව කථ සුද්දාගෙන් සැදුනු ලංකා පාර්ලිමේන්තුවයි.සුදුහම ඇති ඉංග‍්‍රිසිකාරයා රටින් පිට වි ගියේ ඔහුගේ කාර්ය මැනවින් ඉටු කර ස්වදේශික කථ සුද්දන් පිරිසකට නොහොත් හොද මැනේජර් කෙනෙකුට යටත් විජිතය භාර දෙමිනි.
1815 වන තුරු නිදහස් හා තීරණ ගන්නා අයෙකු වු රට වැසියා නොහොත් ගොවියා දැන් ඡුන්දය දි නියෝජිතයන් මගින් තම අදහස ඉටුකර ගැනිමට බලාපොරොත්තු වුහ.කෘෂිකාර්මික රටක නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්ථක නොවේ. මේ කාර්මික හා වානිජ්‍ය රටවලට ගැලපෙන ක‍්‍රමයයි. ලංකාවේ සිදුවන්නේ ඡුන්දය දීම මගින් තමා විසින් දේශපාලන පක්‍ෂයකට හා එහි නියෝජිතයෙකුට තමා පාවාදිමය.එම පක්‍ෂය කටයුතු කරන්නේ එංගලන්ත ක‍්‍රමයටය. පාර්ලිමේන්තුව ඉංගි‍්‍රසි වීම ඊට හේතුවය. එංගලන්ත නොව මාක්ස්වාදි වාමාංශික සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ බිදවැටීමවීමට ලංකා පාර්ලිමේන්තුවට හැකි විය.සිංහල ජාතිකත්වය බිද වට්ටවා සිංහ කොඩිය තුලට වර්ණවත් තීරු මගින් දෙමළ හා මුස්ලිම් ජනකොටස් ඇතුලත් කිරිමට පාර්ලිමේන්තු උගුලට හැකිවිය. 1972දී අපගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් සිංහල ජනවර්ගයක් ඇතිකලේ ජාතිය අහෝසි කරමිනි.දැන් ලංකාවේ නමද ශි‍්‍ර ලංකාවය. ජාතික ශ‍්‍රි ලාංකික. ඒ තුල සිංහල දෙමළ හා මුස්ලිම් ජනවර්ග තුනක් පුරවැසියන් සිටිති. මෙසේ පාරකපන්නේ සිංහල ජාතිය නැති කර ලංකාව කැබලි කැබලි වලට කඩා දැමීමට නොවන්නේද? මෙම ක්‍රමය තව දුරටත් පැවතුනහොත් මොනතරම් විපතක් මෙරටට කෙරනු ඇත්ද?
ඉංග‍්‍රිසි කාරයාගේ එම පාර්ලිමේන්තුව අප රටට ඇටවු උගුලක් බව තේරුම් ගන්නේ මෙම කරුණු ඇසුරිනි.අද දින හැමදෙනා ඒ තුල සිරවි දගලමින් සිටින්නේමු.උගුල තුල සිරවි රටවැසියන් එකිනෙකා සමග දබර වෙමින් දගලන්නේ වටුවැද්දාගේ දැලට අසුවු වටුවන් පරිද්දේනිගකල යුත්තේ වටුවන් සියල්ල එකතු වි දැල ඔසවාගෙන පියඹා ගොස් දැල ගසක රුදවීමය.
පාර්ලිමේන්තුවේ අවසානය වන්නේ සිංහලයාට තම රට නැති වීමය.1815 දි නැතිවුයේ සිංහල රජු පමණි.රට නැති නොවිය. ඉංග‍්‍රිසින් තම සේවය සදහා ගෙන ආ දෙමළ සහ මුස්ලිම් ජනතාව රටේ ජනගහනයෙන් ඉංග්‍රීසින් බලපොරොත්තු වූ ආකාරයට ඔවුන්ගේ කපට වැඩ පිළිවෙල ආකාරයට වැඩි ගොස් ඇත.උතුරු හා නැගෙනහිර පළාත් වල ඔවුන් අති බහුතරය වී රටේ ජනගහනයෙන් 24‍% ක් සැදේ පාර්ලිමේන්තු ක‍්‍රමය යටත ඡුන්දය අහිමිවේය යන බොරු බිය නිසා සුථ ජන කොටස් සුරතල් කර ඇත. අද ඔවුහු ඊළාම් හා කලිස්ථාන් ඉල්ලති.ඊළාම් ඉල්ලන්නට අර්ධ ස්වාධින පාලන තන්ත‍්‍රයක් (පළාත් සභා) උතුරට දී ඇත. නැගෙනහිරටද එසම දී ඇති අතර මුස්ලිම්වරු එහි පාලන බලය ලබා ඇත. අද සියල්ල තීරණය වන්නේ මෙම සුථ ජන කොටස්වල ක‍්‍රියා කලාපය තුලය. සිංහලයාගේ කොදු නාරටිය කඩා ඇත.
උගුල් අටවන්නෝ - සංවර්ධන උගුල බලාපොරොතු වන්න.

ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේදී ආර්. නන්දන

Sunday, February 23, 2014

අප රටේ රකිනුයේ ජාතිකත්වයද? නැතහොත් ජාතිවාදයද? වෙනස ?????



 

අප රටේ  රකිනුයේ ජාතිකත්වයද? නැතහොත් ජාතිවාදයද?   

වෙනස ????? 


සිංහලෙන් ජාතිය  යනු එක් අර්ථයකි ඉන්ගිරියෙන්  "නේෂන්යනු තවත් අර්ථයකි. ජාත නොහොත් උපන් භූමියට (තමන් උපන් භුමියේ අහසට හා පොළොවට) අනුව තම ජිවන රටාව සකස් කරගත් මිනිස් කණ්ඩායමට සිංහලෙන්  ර්‍"ජාතියයයි කියනු ලැබේ. ඒ වෙනුවට එක් භුමි ප්‍රදේශයක් , එක් භාෂාවක්, එක් ආගමක් , එක් පාලනයක් එක් සංස්කෘතික පැවැත්මක් ඇති මිනිස් කණ්ඩායමක්  ර්‍"නේෂන්ලෙස ඉංගිසි බසින් හැඳින්වේ.
යුරෝපයේ  ර්‍"නේෂන් " ඇති වුයේ කාර්මික විප්ලවයෙන් (1832) පසුවය. ඉන් පෙර පැවතියේ ආගමික රාජ්‍යයකි ග රෝම අධිරාජ්‍යයේ ජස්ටින් අධිරාජයාගේ සමයේදී ක්‍රිස්තියානි රාජ්‍ය ගම වූ පසු රෝම අධි රාජ්‍යයේ යටතේ පවතී මුළු මහත් යුරෝපයම එකම ආගමික රාජ්‍යයක් විය. එකම නීති මාලාවකින් මෙම රටවල් පාලනයවූ අතර රොමයේ පාප් තුමාගේ සක්‍රමේන්තු  ර්‍(චක්‍රලේකන) මගින් කලින් කලට අදාල උපදෙස් ලබා දුනි. රාජ්‍යයක් මෙකල හැඳින්වුයේ (kingdom)යනුවෙනි. කිං(King) එම රාජ්‍යයේ පාලකයා වූ අතර පාප් තුමාගේ අනුමැතියෙන් King ගේ හිසේ ශුද්ධ වූ තෙල් අලේප කර රාජත්වයට පත් කෙරන ලදී. (anointed &  appointed)  වතිකානුවේ පාප් තුමා මිහිපිට සිටි දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකුණු නිසා King වරු ඔහුගේ පාලනයට යටත් වුහග යුරෝපයේ මුළු මහත් කාර්මික යුගය මෙසේ ගත වුනි.( සිංහලේ රජතුමා King කෙනෙකු නොවේ. රජතුමා king ලෙස ඉංග්‍රීසින් විසින් වැරදි ලෙස අර්ථ නිරුපනය කර ඇත)

Kindom නැති වීම සහ මනක්කල්පිත දෙවියන් මුදලට පරාජය වීම 

කාර්මික හා  වාණිජ යුගය එලබුන විට මිනිසා විසින් සොයා ගත් කනිජ ලෝහ ඉන්ධන ,වායු ආදිය ඇසුරු කර ඔහු නිපදවූ තාක්ෂණය ඔස්සේ කාර්මික භාණ්ඩ සදා වෙළදාමට යටත් කරන විට ඒ සියල්ල කෙරුනේ මිනිස් මොලෙන් හා මිනිස් දැතෙනිග කර්මිකත්වය සහ වාණිජත්වය  තුල දෙවියන් වහන්සේට හා ආගමට තිබු ආඩිපත්‍යයල ගෞරවය, බිය නැති වී ගියේය. මුදල් නමැති අභිනව පාලකයා හමුවේ දෙවියන් පරාජය විය. එබැවින් කාර්මික විප්ලවයෙන් පසු මිනිසා විසින් ගොඩ නැග්වූ යුරෝපිය සමාජය තුල භාෂාව සංස්කෘතිය ල පාලනය ආදියට අනුව බෙදුණු මිනිස් වර්ගයක් (race)  ඇති වියග මෙම නව රාජ්‍යයන් හැඳින්වුයේ kingdom ලෙස නොවේ. එහි king වරයකු නැතිය. ඒ වෙනුවට මහජනතාව නියෝජනය කෙරන ඔවුන්ගේ කැමැත්තෙන්
(ජ්න්දයෙන්) පත්වුණු නියෝජිත සභා මගින් පාලනය ඇරබුණි. මේවා ජාතික රාජ්‍ය (nation state) යයි හැඳින්වේ.  (ස්ටේට්) නමැති මෙම අලුත් රාජ්‍යයන් 19 සියවස පුරා ඇති වූ අතර අලුත්ම එක නම් 1920 දී ඇතිවූ  "ජර්මනියනමැති රටය. එම භූගෝලීය ප්‍රදේශය ඉන් පෙර  හැඳින්වූයේ   "ර්‍ප්‍රශියාවනමැති රටක් ලෙසය. 1920දි ප්‍රශියාව යුරෝපා සිතියමින් ඉවත්ව ජර්මනිය නම ඊට ආදේශ විය. සියලු ජර්මන් ගෝත්‍ර මේ තුල එකතු වීම සිදු විය.
කාර්මික විප්ලවය නිසා කම්කරු (නිර්ධන) හා ධනපති (කර්මාන්ත හිමි) යනුවෙන් පන්ති බෙභේදයක් යුරෝපය පුරා ඇති වියග කාල්මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදය (මාක්ස්වාදය) ගොඩ නැගී ඇත්තේ මෙම පන්ති දෙක හා ඒ අතර ඇති ගැටුම් පදනම් කර ගනිමිනිග යුරෝපය හා ඇමෙරිකාව පුරා මෙසේ පන්ති වැදගත් වීම නිසා (ජාත භුමිය) මුල් කරගත් ජාතිය නොවැදගත් වී ගර්හාවට ලක් විය. :එහෙත් මෙය ලංකාවට ගැලපෙන්නේ නැත. ලංකාවට ජාතිය වැදගත් , ඊට හේතුව කර්මිකත්වය ලංකාවට නොගැලපෙන බැවිනුත් ලංකාව කෘෂි ආර්ථික රටාව පමණක් ගැලපෙන බැවිනුත් මෙරටට පන්ති බෙහෙදයක් සහ චන්ද ක්‍රමයෙන් පත් කෙරන ලද නියෝජිතයන් අවශ්‍ය නැත. (එහෙන් අපට නොගැලපෙන වාණිජ කාර්මික ආර්ථික ක්‍රමයක් යුරෝපය සහ ඇමරිකාව අප මත බලෙන් පටවා එම බර ඇගෙන් යාමට ණය ආධාර නමැති කෙවිට්ට අපව තැලීමට පෙළීමට පාවිච්චි කරයි) දැන් ජාතිය හදුන්වන්නේ වර්ගය (race) ලෙසට ගර්හිත වචනයකිනි. ලංකාවේ උගතුන් තමන් ලැබූ මිෂනාරි අධ්‍යාපනය නිසා (ර්‍ජාතිය) දක්කිනේ ගර්හිත මිනිස් වර්ගයක් ලෙසය. එබැවින් ලංකාණ්ඩුව මෙම මනසින් යුතුව 1815 දී ඉංග්‍රීසින්ට බාර දුන්  "ර්‍සිංහලේනමැති රට ගැන ලජ්ජා වී එය 1972 දී  ර්‍"ශ්‍රී ලංකාලෙස නම වෙනස් කර  බහවිත කරණට වුහ ( රට නැවත නිසි මගට ගෙන ඒමට නම අපේ ජාතියට ල ජාතිකත්වයට නිසි තැන දීමට නැවත රට  ර්‍"සිංහලේ  වීම ඉතා වැදගත් වේග) සිංහල යයි කීමට ලජ්ජා වූ ඔවුහු  "ශ්‍රී ලංකිකනමැති නව ජාතිකත්වයක් හඳුන්වා දී ඇත. අද අප විසින් භාවිතා කරන ජාතිකත්වය එය බව ඉතාම කණගාටුවෙන් සඳහන් කිරීමට සිදු වී ඇත. එබැවින්  "ර්‍සිංහල " නමැති නියම ජාතිකත්වය ගැන කතා කරනවිට ඔහු ජාතිවාදියකු (Racists)  හා වර්ගවාදියකු ලෙස හංවඩු ගැසීම සුළු ජන කොටස් ,ආණ්ඩුව සහ මාධ්‍යය සැදී පැහැදී ඉතා උවමනාවෙන් ඉෂ්ට සිද්ධ කරනු ලැබේ.
නමුත් කාර්මිකත්වයට යටත් නොවුණු , එනිසාම කම්කරු පන්තියක් සහිත පන්ති සමාජයක් තහවුරු නොවූ එමෙන්ම කෘෂි කාර්මිකත්වය මිස, කාර්මිකත්වය වැදගත් නොවූ ලංකාවට හැමදාමත් ජාතිකත්වය සාමුහික අනන්‍යතාවය වේ.  එය විස්තර වන්නේ ජාත භූමියට අනුකුලව ජිවන රටාව සැකසුනු ජාතිය යනුවෙනි. මෙය සදහටම යථාර්තයක් බවට සාක්ෂි ඇත. අපගේ දේශීය ගොවිතැන් ක්‍රම (ගොඩ හා මඩ) මරා දමා ල විදේශිකයන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  (FAO)  නියෝග හා උපදෙස්  අප්රිදි 1968 සිට ගොවිතැන නවීකරණය කරන ලදීග මෙයින් ලද ප්‍රතිපලය ඉතාම විනාශකාරී විය. වසර 40 පසු ප්‍රතිපලය වුයේ පොලොව නිසරු වීල වායු ගෝලය දුෂණය වීල අස්වැන්න විෂ වී ල ජලය දුෂණය වීල එම නිපද වූ ආහාර පරිභෝජනයට  ගන්න මිනිසුන් ඉතා දරුණු රෝගීන් වීමය. අද මුළු ලංකාවම ලෙඩ වාට්ටුවක් වී ඇත. මීට වසර 30-40 පෙර අසන්නට නොවූ පිලිකා වැනි රෝග මිනිසුන් අතර අද ඉතාම බහුලය. එමෙන්ම සිංහල වෙදකම ප්‍රතික්ෂේප කර බටහිර වෙදකම රටේ ක්‍රියාත්මක වෙමින්  ඇත. (දැනට ලංකාවේ මිලියන  20  ජතාවක් ජිවත් වන අතර පෙර දවස මිලියන 30 අධික ජනතාවක් ජීවත්ව ඇති අතර ඔවුන් යැපුණේ හෙළ ගොවිකමෙන් හා හෙළ වෙදකමින් වේග මොවුන් ඉතාම  සව්ක්‍යය සම්පන්න ඉතා විශාල  දේහදාරී මිනිසුන් විය* ඊට අමතරව ඉන්දියානු ආයුර්වේද වෙදකමට දේශීය ලේබලයක් අලවා විදේශීය වෙදකම දේශීය වෙදකම කිරීමට උත්සහ දෑරේ. මෙම කිසිම වේදකමකට මෙතෙක් මෙරට ජනතාව මෙම දරුණු රෝග වලින් මුදවා ගැනීමට නොහැකි වී තිබේ. වගාවේ කෘතීම පොහොර, කෘමි හා ජීව නාශක රසායනයන් පොළොවට හා ජලයට මුසුව වැළදෙන  "රජරට වකුගඩු රෝගයඅද ලංකාව වසාගෙන පැතිරේ (මෙම කිසිදු රසායනයක් බහවිතා නොකර මාතලේ  තිලක් කන්දේගම මාහතා අක්කර කිහිපයක භුමි භාගයක් දේශීය ඉපැරණි කෘෂි තාක්ෂනය බාවිතයෙන් ඉතා සාර්ථක ලෙස ගොවි පොලක් පවත්වාගෙන් යන අතර එහි අස්වැන්න මෙම රසායන යොදා ලබා ගන්න අස්ස්වන්න මෙන් දෙගුණයකට වැඩි බව ඔහු පවසයි) වැවු බැඳී රටේ උපන් සිංහල සිස්ටචාරය මෙම රෝග මගින් බිඳ වැටීමට හැකි අවදානම් තත්වයක් උදා වී ඇතග බටහිර වෙදකමින් එය සුව කර  නොහැකි අතරල එය  "හඳුනා නොගත් වකුගඩු රෝගයක්ලෙස නම් කර ඇත. ප්‍රතිකාර කෙසේ වෙතත් හේතුව හෝ නිර්ණය කිරීමට බටහිර වෛද්‍ය කරමයට නොහැකි වී ඇත.

ජාතිකත්වය ගොඩ නැගීමට අප කල යුත්තේ කුමක්ද

එබැවින් තවත් පමා නොවී ජාත භූමියට අනුකුලවන ජිවන රටාව සැකසුනු ආර්ථයෙන් හඳුනා ගන්නා 
'ර්‍ජාතියනමැති සංකල්පයට අප නැවත ආ යුතුය. එවිට ඉතිරි වන්නේ  "සිංහල ජාතියයි  ශ්‍රී ලංකික  ආණ්ඩුවේ  ර්‍ණපාර්ලිමේන්තුවසහ එම පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකික ජාතිය වහාම අහෝසි විය යුත්තේ තව දුරටත් රට අන්ත්‍රාව කරා ගමන් නොකළ යුතු නිසාය.
ජාතිකත්වය සහ ජාතිවාදය (racism )  වෙනස කුමක්ද කියා හදුනාගැනීමට ලංකාවාසීන් බුධිමත් විය යුතුය ග ඉංග්‍රීසින්ට පෙර මෙරට වුයේ හෙළයන්ය.  "ර්‍සිංහල බෞද්ධයනු හැඳින්වීමක් මිස ජාතියක් නොවේ. සිංහල මිනිසුන් වරප්‍රසාද දී ක්‍රිස්තියානියට හරවා ගැනීමෙන් පසු පමණක්  ර්‍"සිංහල බෞද්ධනමැති හැඳින්වීම ඇති වියග එනම් පෙර සිංහල බෞද්ධ කියා හැඳින්වීමට බෙදීමක් නොවූ බැවින් හැමෝම හෙළයන් වුහ. බුධාගමද හෙළයන්ගේ සංස්කෘතියේ කාටසක් විය. එම සංස්කෘතිය පර දේෂක්කාර ආක්‍රමනවලින්  බෙදීම් වලට ලක් කෙරන ලදී.   අප පිළිගෙන ඇති පරිදි ඉර හද පවතින තුරු අපගේ ජාතිකත්වය  ර්‍"සිංහලපවතිනු ඇත. කිමදයත් සිංහල ජාතිය හසුරවනේ ඉර හද යන ස්භාව ධර්මය මගිනිගඊට හේතුව  අදටත් ඉර හද පැවතීමය.
හෙළයන් අතර නෑ යකුන් "නෑ යකුන්න් යනු දත් විල්ලිසගත් මිනි මස් කන යක්කු නොවේ මෙය අපේ හෙළ යක්ෂ ගෝත්‍ර මිනිසුන්  වේ" පිදීමේ චාරිත්‍ර  පෙර කල් සිටම පැවතුනිල. "දේවයෝසහ  ර්‍"දෙවියෝයනු කොටස් දෙකකි. මෙය අද පටලවාගෙන හැමෝම දෙවියන් ලෙස සලකතිල දේවයෝ යනු අපේ හෙළ මුතුන් මිත්තන් වේ. හෙලයෝ දේව වන්දනාවේ යෙදුනහ. දෙවියෝ යනු හින්දු සහ අනෙක් අය විසින් මනකකල්පිත ලෙස මවාගෙන අදහන කොට්ටාශයක් වේග කොතෙකුත් දේව ආගම ආවත් හෙළයා එය නොපිලිගතේ ඔවුන් ඉර හද පොලොව යන ස්වභාව ධර්මය සමග ජීවත්වූ බුධිමත් කොටසක් වූ බැවිනි. එහෙත් බුද්ධියේ දහමල නොහොත් බුද්ධ දර්ශනය හෙළය පිලි ගනු ලැබුවේ එය ස්වභාව ධර්මය පරම සත්‍ය වන බැවිනිගමෙම බුද්ධියේ  දහම හෙළයා පිළිගත් නිසා එය හෙලයාගේ සංස්කෘතියේ කොටසක් බවට පත් විය.  ර්‍"දේවයෝ"  නොහොත් නෑ යකුන් වන්දනාව බුදු දර්ශනය විසින් ප්‍රතික්ෂේප නොකරන ලදීල අදටත් අපි මල ගිය අපේ නෑදෑයෝන්ට පින් කර පින් අනුමෝදම් කරති.  මෙය නෑ යකුන් වන්දනාව වේ. අපි අදටත් පින් කර දෙවියන්ට පින් අනුමෝදම් කරන්න එබැවිනි. හින්දු අභාෂයෙන් ආ මනක්කල්පිත දෙවිවරු සහ අපේ යක් පරපුරේ දේවයෝ අද සියල්ල දෙවියන් බවට පත්ව කිසිදු තේරුමක් නොදැන අප අද හැමෝම අදහතිල කතරගම දෙවියන් අපේ හෙළයකිල එහෙන් සුද්දෝ එම දේවාලය අපෙන් උදුරා හින්දුන්ට දෙන ලදීල ඊස්වර  දෙවියෝ අපේ හෙළ දේවයකිල එහෙත් අද හින්දුන්ගේ ශිව දෙවියන් බවට පත්ව ඇත. (මෙම දේවයෝ සහ දෙවියෝ පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් බලපොරෝතුවන්න) මේ සියල්ල නිවැරදිව හඳුනාගෙන වැරදි නිවැරදි කිරීමට කාලය දැන් එලබ ඇත.
එබැවින් සිංහල ජාතියේ සටන  "ජාතිකත්වයබේරා ගැනීමට මිස ජන වර්ග අතර වාදයක්( rasisum - ජාතිවාදය) නොවිය යුතුය. මේ බව අපෙගේ ජාතිකත්ව  සටනේ සිටින වූ සියල්ලම හොඳින් අවබෝධ කර ගත යුතු වේග ජාතිකත්වය බේරාගැනීමේ සටන ජාතිවාදය ලෙස අර්ථ නිරුපනය කරනත් එයට විශාල ප්‍රසිදියක් ලබා දිමටත් අන්තවාදී කොටස් සැදී පැහැදී සිටිතිල එබැවින් අපි ජාතිකත්ව සටන නිසි ලෙස අර්ථ නිරුපනය කිරිමටත් ඒ අනුව ක්‍රියාත්මක විමටත් තරයේ වග බල ගත යුතුය.
යමෙක් මම මුස්ලිම්ල දෙමලල හෝ ක්‍රිස්තියානි හෝ වෙනම ආගමකින් සංස්කෘතික කණ්ඩායමක් ලෙස තමන්ව මෙරටේ හඳුන්වයිද ඔවුන්ට මේ රටේ සම්පත් පරිබෝහ්ජනයට කිසිදු අයිතියක් නොමැත. කිමද යත් ඔවුන් මේ රටේ ජාතිකත්වය පිලි නොගනන බැවින් ඔවුන් මෙරට ජාතිය නොවේල එසේනම් ඔවුන් විදේශිකයන් වේග මෙරට ඉර හද පොලව අනුව සැකසුන (ස්වාභාවික) ජාතිකත්වය පිලි ගත නොහැකිනම්. ඔවුන් මෙරට රැඳී නොසිට තමන් අයත් ජාතිකත්වය සහිත රටවලට වහා පිට මන් විය  යුතුය. එසේ නොවේනම් සෙනරත් රජ දවස මෙන් ඔවුන් මේ රටේ ජාතිකත්වයට (ජාතියටල සංස්කෘතියටල සිස්ටාචාරය) අනුගතවී සිංහලයන් බවට පත් විය යුතුය.

ඉදිරිපත් කිරීම - ආචාර්ය සුරිය ගුණසේකර
                                හෙළ ගුප්ත ඖෂධ වේදී - ආර්. නන්දන