Thursday, March 3, 2016

උදුරා ගත් සිංහළ අයිතීන් නැවත වහා ස්ථාපිත කරන්න - 2016 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා යෝජනා 2016.03.02




ගරු සභාපති තුමා , 
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය,                                                               පිටු ගණන 22 කි
විසුම්පාය, කොළඹ -02                                            2016 මාර්තු  මස 03 වැනි බ්‍රහස්පතින්දා
                                                                  
ගරු සභාපති තුමනි,
යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 2016

ආණ්ඩුක්‍රමයක් හා ඊට අදාළ ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ එම රටේ ජාතිය විසින් ජාත භුමියේ අහස පොළොව හා ඒවායේ සම්පත් ඇසුරින් ආර්ථිකය හා එය හා බැඳුනු  සමාජය ඇතිකල විට ඒවා ආරක්ෂා කර ගැනීමටය.ලංකාවේ අද සිද්ධවන ආකාරට  රටේත්, ජාතියෙත් , ආර්ථියේ  හා සමාජයේ  විනාශයක් සිදු  කිරීමට නොවේ. මෙහි අනු පිළිවෙල විය යුත්තේ ආර්ථිකය > සමාජය > ආණ්ඩුක්‍රමය ලෙසය. මෙය දේශපාලන විද්‍යාවේ “අ” යන්න වේ.   
එබැවින් අතීතයේ සිදුකරන ලද වැරදි වල ප්‍රථිපල වශයෙන් වර්තමානයේ රට අත් විදින්නා වූ ගැටළු  නිරාකරණය කර ගැනීම පිණිස ශක්තිමත් පදනමක් සැකසීම සඳහා ඉතා වැදගත්ම හා ප්‍රධානතම  සාධකයන් නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව තුලට අනුඋල්ලංඝනීය ලෙස ඇතුලත් කළ යුතු යැයි අපි දැඩිව කියා සිටිමු. ඒ සඳහා වූ යෝජනා කිහිපයක් හා එම යෝජනා ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වන ජාත්‍යන්තරය පිළිගත් සම්ප්‍රදායන් ද, ඉතිහාසගත සිද්ධීන් හා මුලාශ්‍ර  ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ  අවධානය පිණිස අපි මෙසේ ඉදිරිපත් කරමු.  

සුර්ය වංශය යලි ගොඩ නැගීමේ (සංවිධානය ) හා ජාතික බුද්ධි මණ්ඩලය වෙනුවෙන්
අත්සන් කලේ,


           
ආචාර්ය සූරිය ගුණසේකර - කැඳවුම්කරු                         රුවන් රත්නායක - කැඳවුම්කරු                                                    
(ජාතික බුද්ධි මණ්ඩලය)                                     (සූර්ය වංශය යලි ගොඩනැගීමේ සංවිධානය)

පිටපත්-
අස්ගිරි පාර්ශවයේ ,මල්වතු පාර්ශවයේ , අමරපුර නිකායේ හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ  මහනායක හිමිවරුන්
අතිගරු ජනාධිපති-මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා
ගරු අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු කථානායක - කරු ජයසුරිය මැතිතුමා
ගරු අධිකරණ හා බුද්ධ සාශන අමාත්‍යතුමා





නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  සඳහා  ඉල්ලීම්

අද මෙරටට බලපාන්නාවූ  සියළුම ආර්ථික, සමාජීය , දේශපාලන ගැටළු වලට මූලය වී තිබෙන්නේ මෙරටට සිදු වූ බටහිර ආක්‍රමණයන්ය. අවූරුදු දහස් ගණනක් මෙරටට උචිත ලෙස සැකසුනු ආර්ථිකය , සමාජය , පාලන රටාව බටහිර  ආක්‍රමණිකයන් විසින් ඔවුනගේ ලාභ අපේක්ෂා වෙනුවෙන් උඩු යටි කුරු කරන ලද අතර ශිෂ්ඨාචාරය සංස්කෘතිය , පමණක් නොව රටේ නියම උරුමක්කාරයන්ගේ අයිතියට  පවා අභියෝගයක් කරන ලදී. එදා ඒ කරන ලද විනාශයන් 1948 නිදහස ලැබීමේන් පසු රටට ගැලපෙන ආකාරයට වෙනස් කළ යුතුව තිබුනත් එසේ නොකරන ලද අද නිසා  මුළු  රටම නිදන්ගත රෝගියකු සේ ලෙඩ වී  ඇත. එසේම එදා අපිව ලෙඩ කෙරූ බටහිර තවමත් අපිව අත් හැර දමා  නැත. ඔවුන්ගේ පරම අභිලාශය මේ රට භේද බින්න කොට  කැබලි  වලට කඩා සිංහළයා විනාශ කොට තමන්  විසින් ගෙනෙන ලද පර ජන කොටස් සෑම අතින්ම මෙරට තුල බලවත් කර වාසිදායක ලෙස හසුරවාගැනීමය .බටහිර ආක්‍රමණයන්  සිදුවී අවසානයෙදී  බ්‍රිතාන්‍යයට රට භාර දුන්  දින සිට මේ වනතෙක් අපට සිදු වූ දැඩි විනාශයක් මිස සෙතක් නැත. ඔවුන් හැමදා කලේ වැරදි උපදෙස් මත අපව නොමග යවා විනාශයට ලගා කරවීමයි.එබැවින් ඒ සියළු බලපෑම් වලට යටත් නොවී අප අනන්‍යතාව අයිතිය ආරක්ෂාකර ගැනීමටත් , අපේ කටයුතු අපට  සිදු කර ගැනීම හැකි බව ලෝකයාට පෙන්වීමට තරම් පාලකයන්ට කශේරුවක් තිබිය යුතුය. අපේ රට කරවිය යුත්තේ අපට අවැසි ආකාරයට මිස බටහිර දුරස්ථ පාලනයෙන් නොවේ.  එසේනම් දැන්වත් බුද්ධිය විවර කර ඔවුන්ගේ උපදෙස් ,බලපෑම් පසෙකලා අපේ දේ අපට අවැසි ආකාරයෙන් සිදු කරගනීමු. අපේ ඉදිරි පරම්පරාවට (රටේ සැබෑ අයිතිකරුවන්ට) අභිමානවත් නිවහල් ජාතියක් ලෙස කොන්ද කෙලින් කර නැගී සිටීමට ඉඩ සලසා දීම මේ රටේ පාලකයන්ගේ මෙන්ම ජනතාවගේ යුතුකම සහ වගකීම් වේ.  ඒ සඳහා ප්‍රථමයෙන් මේරටේ  නියම අයිතිකාරුවන්  කවුරුන්ද යයි  තහවුරු කළ යුතුය.   

1815, උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින් විසින් මේ රට භාර ගත්තේ සිංහළයන් ගෙනි ඒ “සියළු පෙර රජ සිරිත්” රකිනා පොරොන්දුව මතිනි. එහෙත් ඒ සියළු ගිවිසුම් ඉංග්‍රීසින් විසින් උල්ලංඝණය කරන  ලද අතර පැහැරගත් මේ රටත් සිංහළයාගේ පරම අයිතිනුත් ඉංග්‍රීසින්  විසින් වහල් සේවය සඳහා (1819  වසරේන් පසු ) මෙරට ගෙන එන ලද දෙමළ හා මුස්ලිම් ජන කොටස් වලටද පවරා දෙනු ලැබිය. එසේ හෙයින් මේවා නිදහසෙන් පසු වහා නිවැරදි කල යුතුව තිබු නමුත් එදා සිට මේතාක් පැවති රජයන් විසින්  කරන ලද්දේ තව දුරටත් සිංහළයාගේ අයිතීන් කපා හරිමින් සුළු ජන කොටස් වලට එම අයිතීන් පවරා දිමය. මේ බරපතල වරද වහාම නිවැරදි කල යුතුය.

එබැවින් , “රටක් හා ජාතියක් පිලිබඳ වූ ජාත්‍යන්තර සම්ප්‍රදායන්” හා වසර 2500 ක ලිඛිත ඉතිහාසයත්  ඊටත් එපිටින් වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි  තුළින් ඔප්පු වන සිංහළයේ අයිතිවාසිකම සැලකිල්ලට ගෙන, උදුරාගත් සිංහළ අයිතීන් ඉදිරියේදී  නව ව්‍යවස්ථාව තුළ  නැවත ස්ථාපනය  කරන ලෙස සූර්ය වංශය යලි ගොඩ නැගීම (සංවිධානය ) හා එහි උත්තරීතර මණ්ඩලය වූ ජාතික බුද්ධි මණ්ඩලය සමග මෙලෙස බලකර ඉල්ලා සිටිමු.

නව ව්‍යවස්ථාව සඳහා ඉල්ලීම්
අ. රටේ නම  “සිංහළේ” ලෙස නැවත ස්ථාපනය  කිරීම
ආ. 1972/1978 ව්‍යවස්ථා වලින්  තවත් එක් ජන කණ්ඩායමක් පමණක් බවට කරන ලද භුමියේ සැබෑ හිමිකරු වූ සිංහළයා ජාත්‍යන්තරය  පිළිගත් සම්ප්‍රදායට අනුව “මේ රටේ ජාතිය ලෙස  නැවත නම් කිරීම
ඇ. එම ජාතියට අයත් පරම අයිතීන් හතර වන
                                                               i.      මේරටේ ශිෂ්ඨාචාරයට ඇති අයිතිය
                                                             ii.      මේරටේ ඉතිහාසයට ඇති අයිතිය
                                                            iii.      මේරටේ සම්පුර්ණ භූමියට ඇති අයිතිය
                                                           iv.      මේරටේ ජාතික තීරණ ගැනීමට “සිංහළ” ජාතියට පමණක් ඇති අයිතිය  යන කරුණු සතර ව්‍යවස්ථාව තුළ තහවුරු කිරීම
ඈ. සිංහළයන් මෙරටේ “ජාත භූමිගත “රටවැසියන්” ලෙසත් අන්‍ය ජන කොටස් “විජාතික පුරවැසියන්” (Non National citizen) ලෙසත් ව්‍යවස්ථාගත  කිරීම.
ජාතිය යනු “නේෂන්” (Nation) නොවේ. තමන් ජාත භුමිය ජීවත්වීමට නුසුදුසු මධ්‍ය අක්ෂාංශික රටවල “නේෂන්”  නමැති සමාන පැවතුම් ඇති ජන සමුහයක් ඇත. ඔවුන්ගේ රට “නේෂන් ස්ටේට්” වේ. එනම් ශිෂ්ඨාචාරයක්  බිහි නොකට ජනාකීර්ණ වී තැනූ රටවලය. උදාහරණයක් ලෙස ඇමරිකා එකසත් ජනපදය ගත හැක (රතු ඉන්දියානුවන්ගෙන් කොල්ල කෑ රට).  ජාතිය යනු අවශ්‍යයෙන්ම තම ජාත භුමියේ අහසට පොළොවට හා ඒවායේ සම්පත් වලට අනුව ශිෂ්ඨාචාරයටක් බිහි කොට එමගින් ඇති කල ජිවන රාටාවට හැඩ ගැන්වූ අය පමණි. එසේ නොවන නමුත් රටේ ස්ථිර පදිංචිය ඇති අය පුරවැසියන් පමණි.

රටක සිටිය හැක්කේ එක් ජාතියකි, වෙනත් රටවල ජාතිකත්වය ඇති සුළු ජන කණ්ඩායම් පසු කාලීනව මෙහි පැමිණ  පදිංචි වුවාට ඔවුන් මෙරටේ “ජාතියක්” නොවේ.වාර්ගික කණ්ඩායම් පමණක්මය. එසේනම් රජය, ජන මාධ්‍ය ආදී බොහෝ දෙනා පාවිච්චි කරන්නා වූ “දෙමළ ජාතිය” හා  මුස්ලිම් ජාතිය” වැනි වචන පාවිච්චිය වැරදිය. ඔවුන් සුළු ජන කණ්ඩායම් මිස මෙරටේ ජාතීන් නොවේ. එසේම රජය “ජාතික” යන වචනය ඉතාම වැරදි සහ නිසි අවබෝධයකින් තොරව පාවිච්චි කරනු ලබයි. උදා - ජාතික පිළිකා රෝහල , ජාතිය ගොඩ නැගීමේ බද්ද. මේ කියන්නේ කුමන ජාතියේ පිළිකා රෝහලද? කුමන  ජාතියද මේම බද්ද මත ගොඩ නගන්නේ?  රටේ නියම ජාතිය නිසි ලෙස හදුනා නොගත් රටක,  ජාතික හා  ජාතිය යන වචන පාවිච්චි කරන්නේ කුමන පදනමක් මතදැයි අපහැදිලිය ?
ඉ . මේ  ලෝකයේ පවතින එකම දහම හෙවත්   “බුදු දහම”  රාජ්‍යය පිළිගත් දහම බවට පත් කිරීම හා එය ආරක්ෂා කිරීම
රජය විසින් “බුදු දහම” වැරදි ලෙස “බුද්ධාගම” ලෙස භාවිතා කරයි . බුදු දහම යනු ආගමක් නොවේ. එය ලෝකයේ පවතින එකම දහම හෙවත්( ස්වභාව දහම) පරම සත්‍ය වේ. ආගම් යනු “මිත්‍යා දෘෂ්ටින්” මත පිහිටා සිදුරකරණ  ඇදහීම් ක්‍රම වේ. බුදු දහම ආරක්ෂා කිරීමට නම්  මිත්‍යා දෘෂ්ටිය බැහැර කළ යුතුය. 
ඊ.  සිංහළයාගේ අනන්‍යතාව දැක්වෙන සාම්ප්‍රදායික සිංහ ධජය  නැවත  ජාතික ධජය  ලෙස පිලි ගැනීම
එ. සිංහළ භාෂාව පමණක් “රාජ්‍ය භාෂාව”  කිරීම (එක රාජ්‍යයක පැවතිය හැක්කේ එක් රාජ්‍ය භාෂාවක් පමණි)
ඒ. පළාත් සභා අහෝසි කිරීම (යුද්ධය අවසන් වීමත් සමගම පළාත් සභා ඇති කිරීමට හේතු වූ නිමිත්ත අහෝසි විය, ඒ සමගම පිළිගත් ද්‍රවිඩ නිජ බිම් අයිතියද අහෝසි විය යුතුය)
ඔ. ඉහත සඳහන් කරුණු නිත්‍ය අයිතීන් ලෙස ව්‍යවස්ථාව තුළට ඇතුලත්  කර අනුල්ලංඝනිය ලෙස ක්‍රියාත්මක කිරීම
මෙම ඉල්ලීම් සාධාරණීකරණය කිරීම සඳහාවූ ජාත්‍යන්තරය පිළිගත් සම්ප්‍රදාය ,ඉතිහාසගත  සිද්ධීන් හා මුලාශ්‍ර පහත දැක්වේ.

රටක අයිතිය හා ඒ රටේ ජාතිය හඳුනා ගැනීම (ජාත්‍යන්තර සම්ප්‍රදාය)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලිඛ්ත ව්‍යවස්ථාවක් නැත. 1215 මැග්නාකාටා ගිවිසුමේ සිට එය අදටත් සම්ප්‍රදායක් ලෙස ක්‍රියාත්මක වේ. එලෙසම පිළිගත් ලෝක සම්ප්‍රදායට අනුව කිසියම් රටක  ශිෂ්ටාචාරය බිහි කල පිරිස එම රටේ ජාතිය බවත්  ඔවුන්ගේ ඔප්පුව ඉතිහාසය ලෙසත් කියවේ. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයද පිළිගන්නා අතර  එය “Right of Nation” යනුවෙන් හඳුන්වයි. එය තව දුරටත් මෙසේ විස්තර කෙරෙයි.

එසේම , එම ජාතියටම පමණක් හිමිවන පරම අයිතීන් 4ක්  වේ. ඒවානම්,

අ.   එරටේ ඉතිහාසයට ඇති අයිතිය
ආ.  එරටේ  ශිෂ්ඨාචාරයට  ඇති අයිතිය
ඇ.  එම රටේ සමස්ත භූමියට ඇති අයිතිය
ඈ.  එම රටට බලපාන ජාතික තීරණ ගැනීමේ අයිතිය

අදාළ රටේ අයිතිකරුවන්(උරුමක්කාරයන්) වන්නේද එම ජාතිය පමණක්ම වේ. එවිට එම ජාතියේ නම රටට භාවිතා වේ. නිදසුන් නම් ප්‍රංශයින් ගේ රට ප්‍රංශය , ජර්මනුවාගේ රට ජර්මනිය , චිනුන්ගේ රට චීනයද, ජපනාගේ රට ජපානය වේ. (ශිෂ්ඨාචාරය බිහි නොකොට පසුව ජනාවාස කරන රටවල මිනිසුන්ට රටේ නම හිමි වේ . උදා - ඇමෙරිකාව- ඇමෙරිකානුවා) එසේනම් මෙරටේ  ශිෂ්ඨාචාරය බිහිකළ ජාතිය සිංහළයා වන අතර  එම ජාතියට අයත් රට “සිංහළේ” නම් වේ.  

උරුමයෙන් ලැබූ රටත් ජාතිකත්වයත් කුමන්ත්‍රණකාරී ලෙස සිංහළයාට අහිමි කිරීම   

ජාත්‍යන්තරයේ පිළිගැනිම හා බටහිරයන්ගේ රටවලදී ඔවුන්ගේ රට හා ජාතිය පිළිගැනීමේ  ක්‍රියා පිළිවෙත ඉහත දක්වා ඇති සේ  වුවත් , යටත් විජිත සමයේ සිට මේ දක්වාම  සිංහළ ජාතියටත් , බුද්ධ ශාසනයටත්  එරෙහිව දැඩි කුමන්ත්‍රණ  ඔවුන් විසින් එකින් එක මෙසේ  පිළිවෙලට ක්‍රියාත්මක කරමින් පවතී.
1.       සිංහලයා ගේ  රටත් ජාතියත් අහෝසි කිරීමේ කුමන්ත්‍රණය 1815 ගිවිසුමෙන්ම  ඉංග්‍රීසින්  විසින් ආරම්භ කරන   ලදී  , එහිදී රටේ නම සිංහළ පිටපතේ  “සිංහළේ”  ලෙස සදහන් ව තිබුනද බ්‍රිතාන්‍යයන් විසින් එය “Ceylon”ලෙස ආදේශ කලහ. මෙසේ නම වෙනස් කිරීමට කිසිදු පිළිගත හැකි පදනමක් දක්වා නැත. අනතුරුව  1818 දී ඒක පාර්ශ්වික නිවේදනයක් මගින් මෙම ගිවිසුමද  බ්‍රිතාන්‍යයන්  විසින් අමු අමුවේ උල්ලංඝනය කරන ලදී. 

2.       එසේම 1815 ගිවිසුමෙන් පවරා  ගත් සිංහළයාගේ “සිංහළේ නම් වූ රට”  1948 දී නාම මාත්‍රික නිදහස ලබා දීමේදී “Ceylon” ලෙස ආදේශ කොට  ලබා දීමට කටයුතු කලේය. “සිංහළේ” රට සිංහළ ජාතියට අයත් අතර “ceylon” නමැති රට එහි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ  පුරවැසියනට එනම්, බ්‍රිතාන්‍යයන් විසින්  ගෙනත් පදිංචි කරන ලද දෙමළ , මුස්ලිම් ආදී  පරදේශ  ජන කොටස්ද  පුරවැසියන් ලෙස හඳුනා ගෙන රටේ අයිතිවාසිකම්  ඔවුනටත් පවරා දීමට කටයුතු කරන ලදී.උඩරට ගිවිසුමෙන්  බ්‍රිතාන්‍යයන් රට ගත්තේ සිංහළයන්ගෙනි.  එහෙත් නැවත  රට බාර දුන්නේ දෙමළ, මුස්ලිම්, සිංහළ යන ජන කොටස්  3 ටම වේ. මෙවැනි දෙයක් කිරීමට බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නොමැත.

3.       ඉංග්‍රීසින් ගෙනත් පදිංචි කරන ලද දෙමළ හා මුස්ලිම ජන කොටස් වලටද රටේ අයිතිය පවරන ලද්දේ මෙසේය. 1949 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉංග්‍රීසින් විසින් සිංහළයාගේ පරම  ජාතික අයිතීන් හා උරුමය “29 වන වගන්තිය මගින්”  මෙසේ ඉවත් කරන ලදී.    
“ එක් ජාතියකට නැති අයිතිවාසිකමක් වෙනත් කිසිම ජාතියකට නැත”  
යනුවෙන් සඳහන් කර  මේ රටේ උරුමයෙන්ම එන පරම  අයිතිය සිංහළයාගෙන් උදුරා බ්‍රිතාන්‍යයන් විසින් ගෙනවූත් පදිංචි කරන ලද පර ජන කොටස් අතර සමව බෙදා දෙන ලදී.
මෙය බ්‍රිතාන්‍යය තම යටත් විජිත වාසින් (British subject’s) දකින ආකාර යයි. 1972 දී අධිරාජ්‍ය නායකත්වයෙන්  ඉවත්ව ජනරජයක් වූ පසු එය අහෝසි විය යුතුය. ඒ වෙනුවට කලේ ජාතිය "ශ්‍රී ලංකික” ලෙස අනුවර්ථනය කර සිංහළයා ජන කොටසක් කිරීමයි. මෙය බරපතල වරදකි.
4.       එසේම සුද්දන් විසින් ඇති කරන ලද දේශීය  කළු සුද්දන් සිංහළ ජාතියත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සිංහළයා විසින්  බුද්ධියෙන් විමසා පිලිගත් බුදු දහමත් රටෙන්  අතුගා දැමීමට “සංහිඳියාව, සහජීවනය , සර්වාගමික යන සංකල්පය ” හරහා අදටත්  කටයුතු කරමින් සිටින බව නොරහසකි.

5.       1951 දී කළු සුද්දන්ගේ කොඩි කමිටුව මගින් මෙරට අනාදිමත් කාලයක් සිට භාවිතා වූ  සිංහළයාගේ අනන්‍යතාව දැක්වෙන සිංහළේ ධජයට  පටි දෙකක් ගසා දෙමළ මුස්ලිම් අයද ඊට ඇතුල් කොට ජාතියේ  අනන්‍යතාව පිළිබිඹු කරන සිංහ ධජය  විකෘති  කරන ලදී.

6.       එසේම 1972/1978 ව්‍යවස්ථා වලින්  සුක්ෂම ලෙස රටේ ජාතිය අතුගා දමා කියවුනේ “සිංහළ දෙමළ  මුස්ලිම් යන ප්‍රධාන ජන වර්ග තුනෙන් මෙරට ජනගහනය සමන්විත  බවය”(රටේ උරුමක්කාරයන් වන ජාතිය ගැන ව්‍යවස්ථාව තුළ කිසිදු සඳහනක් නැත).එතැන් සිට සිංහළයාගේ ජාතිකත්වය හා උරුමය යටකර දමා පිටින් ගෙනෙන ලද පර ජනකොටස් වලට සමාන කොට “සිංහළයන්  දෙමළ, මුස්ලිම් වැනි මෙරට තවත් එක් ජන  වර්ගයක් පමණක්” බවට පත් කරන ලදී. රටේ අයිතියෙන් තීරණය වන ජාතිය වෙනුවට පදිංචිය තීරණය වන පුරවැසි බව ලබා දුණි. නමුත් ඉංග්‍රීසින්ගේම නීතියට අනුව නිවසක  කුලියට පදිංචිව  සිටින අයකුට වුවද එම නිවසේ උළුවස්සවත් වෙනස් කිරීමට අයිතියක් නැත.


7.       1987 දී එවකට ජනාධිපති උතුරු -නැගෙනහිර  “දෙමළ නිජබිම්” පිළිගෙන සිංහළයාගෙන් පැහැරගත් මේ රට කිසිදු පැහැදිලි පදනමකින් තොරව දෙමළ ජනතාවගේ අයිතියක් බව තහවුරු කරන ලදී. (එනම් දෙමළට නිජ බිම් අයිතිය ඇති සිංහළයාට අයිති නැති රටකි). මෙසේ දෙමළ නිජ බිම් පිළිගැනීමත් සමගම උතුරු-නැගෙනහිර ප්‍රදේශවලට සිංහළයාට  උරුමයෙන් එන අයිතියත් සිංහලයාගේ නිජ බිම් අයිතියත් අහෝසි වී ඇත. එබැවින් මෙම වරද වහා නිවැරදි කල යුතුය.  

8.       මිට අමතරව මහා ඛේදවාච්යකට පසුබිම සකස් කරමින්  “කඳුරට දෙමළ රාජ්‍යයකට”  මුල් ගල තබමින් වෙනම ඇමතිවරයකු යටතේ දෙමළ ගම්මාන හා නගර ඉදිකිරීමට වත්මන් පාලනය කටයුතු කර ඇත. මෙය උතුරු නැගෙනහිර නිජ භුමි අයිතිය කියාපාන්නා ලෙසින්ම කදුකරයටද අයිතිවාසිකම් කීමට පදනමක් දමා දීමකි. (මෙම ගම්මාන ඇති කරනු ලබන්නේ  1818 නිදහස් අරගලයේදී අහිමි කරන ලද සිංහළ ගම බිම් හා 1848 ටොරින්ටන් ආණ්ඩුකාරයා විසින් ගිනි තබා විනාශ කර සිංහළයාගෙන් කොල්ලකෑ ඉඩම් වලය)


9.       මෙසේ  උතුරු නැගෙනහිර නැති අයිතියක් පරදේශක්කාරයන්ට උරුම කොට දීමට අධිරාජ්‍යවාදීන් විසින් ගන්නා ලද දුෂ්ඨ ප්‍රයත්නය වර්තමාන පාලකයන් විසින් ඉදිරියට ගෙන යාමත්  සිංහළයාගේ හදවත වැනි කන්ද උඩරට ද සිංහළයාගෙන් උදුරා පරදේශක්කාරයන්ට ලබා දීම  යුක්ති සහගතද? යමෙකු මම දෙමළ හෝ මුස්ලිම් කීමේ අර්ථය වන්නේ තමා මේ රටේ අයෙකු නොවන බවත් තමා විසින්ම එය පිළිගත් බවයි.

10.   මෙරට උරුමක්කාරයන් වන සිංහළ ජාතියේ  මළගම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව   හරහා  ලිවීමට වත්මන් රජය කටයුතු යොදමින් පවතින්නේ එය බටහිර දක්වන ගැති බව නිසා , බලය බෙදීම ලෙස ප්‍රකාශයට පත්කර සංහිඳියාව නමින් සුළු ජන කොටස් සංසිදෙන ආකාරයට රටේ අයිතිකරුවන් තම අයිතිවාසිකම් පාවා දිය යුතු බව ඉගියෙන් කියාපානු ඇසේ. සංසිඳවියයුතු වන්නේ මෙරටේ නියම උරුමක්කාරයන් වන සිංහළයා මිස පිටින් ගෙනා ආ ආක්‍රමණිකයන් නොවේ.  
එසේනම්  සිංහළයාට උරුමයෙන් ලැබිය යුතු අයිතිය යටපත් කර දමා , මෙම රටේ ඒකියභාවයද , සිංහළයා විසින් පිළිගත් බුදු දහමද  යටපත්  කිරීමට  පැවති හා පවතින රජයන් විසින්  දැනුවත්වම කටයුතු කරමින් පවතින බව ප්‍රතික්ෂේප කළ නොහැක  . අනෙකුත් සුළු ජන කොටස් විසින්  තමන්ට නැති නිජබිම් අයිතියක්  ව්‍යවස්ථාව හරහා සුද්දා හැදු නීතිය තුලින්ම නිත්‍යානුකුලව අත්පත් කර ගැනීමට  උත්සහ කරන මේ මොහොතේ අපට උරුමයෙන්ම  ලැබූණ එහෙත්  ආක්‍රමණකාරී  බ්‍රිතාන්‍යයන් විසින්  අපට අහිමි  කරන ලද අයිතිය නැවත ඉල්ලීම ඉතාම යුක්ති සහගත වන අතර එය අපේ උරුමය හා අයිතියද වේ. 1818 11. 21 දින ඒක පාර්ශවික ප්‍රකාශයක් මගින් ඉංග්‍රීසින් විසින් උඩරට  ගිවිසුම අමු අමුවේ ලිඛ්තව උල්ලංඝනය කරන ලද නිසා එය බල රහිත වේ. ඒබැවින් එතැන් පටන් ඔවුගේ පාලනයද, ඒ පාලනය තුල සිදු කල සියළු ක්‍රියාකාරකම් හා වෙනස්කම් ද නීති විරෝධී වේ. එබැවින් , එදා සිංහළයාගේ අයිතිය අදත් එසේම විය යුතුය. එම ඉතිහාසගත  පරම අයිතියට අනුවත් ,  ජාත්‍යන්තර සම්ප්‍රදායට  අනුවත් මෙම  රට “සිංහළේ”ලෙසත්  ජාතිය “සිංහළ” ලෙසත් , එම ජාතියේ අයිතිනුත් පිළිගෙන ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට  රජය කටයුතු කල යුතු බවට අපි බලකර සිටින්නෙමු.
මෙම ඉල්ලීම සඳහා පාදක වන ඓතිහාසික කරුණු සහ මුලාශ මෙසේ දක්වමු.
රාජ්‍යයේ නාමය
1.       විජයාගමණයට පෙර නොහොත් සම්මත ලෙස ඉතිහාස පුර්ව යුග වලදී මෙරට හෙළයන් සිටි බව හා හෙළ දිව , හෙළදේශය  ලෙස නම් භාවිතා වූ බවද සංස්කෘත සාහිත්‍යයට අයත් “පුරාණ” නමැති ග්‍රන්ථ වල සඳහන්ය. රාවණා රජු පුත් ඉන්ද්‍රජිත් සිංහ ලාංජන ධජය  පෙරටුව යුද්දයට ගිය බව රාමායනයේ සඳහන්ය. මේ අවුරුදු 5000 ටත් ඉහත කාලයේදීය.

2.       විජයාගමනය නමින් වංශකථා  දක්වන ආකාරයට උතුරු ඉන්දියානු සංක්‍රමනිකයන් තම ගංගා නිම්න ශිෂ්ඨාචාර  රටාව අත  හැර හෙළයන්ගේ වැව් ශිෂ්ඨාචාරයට අවනත වුවද බුදු සමයේ ආගමනයත් සමගම සංස්කෘත භාෂා ශාස්ත්‍රයක්ද අපට එක් විය . “හෙළ” වචනය සංස්කෘතයට පරිවර්තනය කල විට “සිංහළ” විය. අප සිංහළ වුයේ එසේය.   

3.       අනුරාධපුර යුගයේ පටන් පොළොන්නරු , දඹදෙනි , කෝට්ටේ, යුග හරහා  මහනුවර යුගය වනතුරු දිගටම රටේ නම සිංහළේ විය. 1815 මහනුවර ගිවිසුමේදී අට වතාවක්ම  “සිංහළේ” යන නාමය  යෙදෙමින් එංගලන්ත රජුට පාලනය සදහා භාර දුන් රට හැඳින්වේ.

4.       රොබර්ට් නොක්ස් සදහන් කරන්නේ කොට්ටියා රටේදී තමන් “සිංහළේ” රජුගේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවය. එසේම ලන්දේසි ලියවිලි වල අලිමංකඩින් දකුණු ප්‍රදේශයද සිංහළේ රජුගේ නිලධාරීන් යටතේ පාලනය වූ බව සදහන් වේ.  

5.       උඩරට ගිවිසුම මගින් 1815 මුළු දිවයිනම තමන් යටතට ගත් ඉංග්‍රීසීන් විසින් එම ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුකොට ගෙන 1818 ඇති වූ  ඌව -වෙල්ලස්ස නිදහස් අරගලය නිසා ඉංග්‍රීසීහු  සිංහළයන් සමග වෛරී වුහ. ඕලන්ද ජාතිකයන්ගේ  ලංකා සිතියමෙහි ඇති වෙල්ලස්ස නාමය පවා සිතියමෙන් මකා (මැණික් ගඟ හා කුබුක්කන් ඔය අතර කලාපය) කුබුක්කන් කුමරු (රාවණයන්ගේ සොයුරු) සෑදු, කුබුක්කන් ඔයේ ගල් අමුණ වෙඩි දමා පුපුරවා හැර කතරගම දේවාලයද සිංහළයන්ගෙන් පැහැර ගෙන දෙමළ හින්දු පූක්ජකවරුන්ට දී තමන් පාලනයට ගත් “සිංහළේ” නමැති රටේ නාමයද මකා “ලංකාව” යනුවෙන් භාවිතා කරන්නට වුහ. “ලංකා” යනු අලංකාර යන අර්ථයයි. මෙම භාවිතාව නිසා ඉංග්‍රීසි යුගයේදී සිංහළේ රට ලංකාව බවට පත් විය. මෙය වෛරය  පිරිමහන්නට යෙදු නමකි. ලංකාව ලෙස යෙදුනු අවස්ථා තිබුනද මෙරටේ ජනතාව අතර පොදු ව්‍යවහාරය  “සිංහළේ” විය.

6.       1948 නිදහස ලැබීම නිසා ඉංග්‍රීසින් විසින් කරන ලද සියළු වැරදි  නිවැරදි කිරීමේ අවස්ථාව  අපට ලැබුණි. බොහෝ ආසියාතික අසල්වැසි රටවල් එය කලද අප රට භාරගත්තේ (ඉංග්‍රීසින් විසින් තනනු ලැබූ )ඉංග්‍රීසි ගැති කළු සුද්දන් පන්තියක් නිසා ඉංග්‍රීසින් විකෘති කල දේ  නිවැරදි කිරීමට ඔවුහු අකමැති වුහ. “සුද්දන් යන්නේ මෙරට කළු සුද්දන්ට භාර දී”  බවට අනගාරික ධර්මපාල තුමා පලකළ අනාවැකිය එලෙසින්ම සත්‍ය වූ බව මෙයින් පෙනේ.


7.       1972 දී මේ කළු සුද්දන් විසින් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රටේ නම “ශ්‍රී ලංකා” කරන ලදී . ඒ ඉංග්‍රීසින් ගේ අවශ්‍යතාව ඉංග්‍රීසින්ට වඩා හොඳන් ඉෂ්ඨ කිරීමකි. එසේ කලේ රටේ ජාතිය  “සිංහළ”  වෙනුවට “ශ්‍රී ලන්කන්” නමැති  නව ජාතියක්  බිහි කිරීමටය.  ( සිංහළ ජාතිය වෙනුවට  සිංහළ , දෙමළ , මුස්ලිම් යන සියල්ල එකතුකොට  “ශ්‍රී ලාංකික” ජාතියක් තැනිම යටි අරමුණ වේ) එසේ කරන ලද්දේ  19 වන සියවසේ යුරෝපියන් ගේ සංස්කෘතික ආභාෂයට ලක් කොට  ශිෂ්ඨ  සම්පන්න කරවූ අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු ගෝත්‍රික රටවලය. නමක් දැමු පමණින් රටක ජාතියක් බිහි නොවේ. ජාතිය බිහි වන්නේ ශිෂ්ඨාචාරයක් තුලිනි, ශිෂ්ඨාචාරයක් නොමැතිව  සමාන පැවතුම් ඇති පිරිසක් “ එක් සංස්කෘතික ජන කණ්ඩායමක්” මිස ජාතියක් නොවේ. පැහැදිලි ශිෂ්ඨාචාරයක් හරහා  උරුමකම් කියනා  සිංහළ ජාතිය සිටීන මේ රටට එය අදාළ නොවන අතර  එසේ කිරීමටද  නොහැක.

8.       රට සිංහළයාගෙන් භාර  ගත්තද නැවත රට භාර දී ගියේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ගෙනවිත් පදිංචි කරවන ලද සුළු ජන කොටස් වලටද සම අයිතිවාසිකම් ලබා දෙමින් ඔවුන්ද පාලනයට කොටස් කරුවන් ලෙස සහභාගී කරවමින්ය. 1972 දී “ශ්‍රී ලංකා” නමැති නම ගෙන ආවේ “සිංහළේ” රට “ ශ්‍රී ලංකා” කර  එය සිංහළ, දෙමළ, මුස්ලිම්, බර්ගර් , මැලේ ආදී කි නොකී ඒ තාක් කල් මෙරට නොසිටියායයි හැඟෙන තරමට අක්‍රියව සිටි පිරිස් කුලප්පු කරවමිනි.එසේ කරනු ලැබුවේ සිංහළයගේ අයිතිය නසා  හැමටම පොදු රටක් කිරීමට හැකිවන නිසාය. මෙය මේ රටේ ශිෂ්ඨාචාරය බිහිකරන ලද උරුමයෙන්ම මේ රට අයිති සිංහළයාට කරන ලද බලවත් අසාධාරණයකි. චෙල්වනායගම්ගේ බෑනා වූ A . J විල්සන් ලියු ආණ්ඩුක්‍රම ග්‍රන්ථයේ තිබු පරිදි ලංකාවට ගැලපෙන්නේ ස්විට්සර්ලන්තයේ වර්ගයේ කැන්ටන් වලින් යුතු ෆෙඩරල් ක්‍රමයක් බව 1950 පටන් පාසැල් වල උසස් පෙළ පන්තියේ උගන්වන ලදී. මෙය බිහිවන අනාගත පරපුරට ලබා දෙන ඉතාම වැරදි මතයකි.


9.       අනතුරුව එයින්  නොනැවතී 1987 දී ඉන්දු ලංකා සාම ගිවිසුමෙන් ජනාධිපති හා පාර්ලිමේන්තුව විසින් පැරණි රජරට හා රුහුණු රට දෙමළ නිජබිම් බවට පත් කරනු ලැබුහ. උතුරු නැගෙනහිර පලාත්වලදී රජරට හා රුහුණු රටෙන්  බිහි වූ දෙමළ ජාතිය පසු කලෙක දකුණු ඉන්දියාවටද සංක්‍රමණය වූ බව දැන් දෙමළ පාසැල් දරුවන්ට උගන්වන්නේ එමගින් ආගන්තුක ආක්‍රමණකාරී  කොටස් සිංහළේ  ව්‍යාජ උරුමක්කාරයන් බවට කිරුළු පලදවන්නටය. මෙය ඉතිහාසය විකෘති කිරීමක් හා දැඩි වරදක් වන අතර රජය මෙය නිවැරදි කිරීමටත් අනාගතයේදී  මෙවැනි ප්‍රෝඩාකාරී  දේ නොවීමට වග බලා ගැනීමට වහා පියවර ගත යුතු වේ.   

10.   යුරෝපීය ජාතීන්  සෑම දෙනාම විසින් තම උච්චාරණ පහසුව තකා  ලංකාව එදා හැදින්වුයේ සිංහළයන්ගේ රට යන අර්ථයෙන් යුත් cey + lan  (Land of Sinhalese) හෙවත් “Ceylon” නමිනි. 1818 විමුක්ති සටන  වෙල්ලසෙන් ආරම්භ වූ නිසා උරණ වූ ඉංග්‍රීසින් විසින්  ලන්දේසි සිතියම්වල දැක්වෙන වෙල්ලස්ස ලංකා සිතියමෙන් මකා දමා ඊට “යාල” යයි භාවිත කිරීමට පටන් ගෙන ඇත. එපමණක් නොව අක්කර 21,000  මහා වෙල්යාය ඇතුලත් මැණික් ගඟ  හා කුබුක්කන් ඔය අතර සියළු ජනාවාස ඉවත් කර කැලෑවට යටවීමට ඉඩහැර සතුන්ගේ අභය භූමියක් බවට පත් කළහ. මිනිසුන්ට නියම කරනු ලැබුවේ  පහල ඌවේ කැලෑ එලි පෙහෙලි කර ජිවත් වීමටය. ඕලන්ද සිතියම්වල “යාල” තිබුනේ කිරිඳි ඔය හා මැණික් ගඟ අතරය.


11.   ලංකාව සිතියම් ගත කිරිමේදී 1761 ඕලන්ද සිතියම් වල ඇති චාවාකච්චේරි අවට වැවු සමුහයද (21) ඉංග්‍රීසි සිතියම් වලින් ඉවත්කරන ලදී . මන්නාරම අවට වෙල් යායවල්, යුධ වැව (යෝධ වැව) ආශ්‍රිත වාරි සැපයුම් ඇල මාර්ග ඉංග්‍රීසි සිතියම් වල නොමැත. මෙසේ කරන ලද්දේ එම ප්‍රදේශවල පැවති සිංහළ ශිෂ්ඨාචාරය මකා දැමීමටය.මහනුවර රජුගේ අණසක අවසන්ව ඕලන්ද අණසක ඇරඹේන සිමාවේ අලිමංකඩ  තිබු විශාල ඕලන්ද බලකොටු (1761) ඉංග්‍රීසි සිතියම් වල නැත.1849 දී  මන්නාරම පුත්තලම ආශ්‍රිත රට අභ්‍යන්තරයෙහි දෙමළ හින්දු අය ගෙනවුත් පදිංචි කරන ලෙස  J . W  බෙනට්  (ඉංග්‍රීසි සිවිල් නිලධාරී) විසින් නිර්දේශ කරන ලදී.

12.   එසේම ,1815 දී රට භාර දෙන අවස්ථාව වන විටත්  “සිංහළේ” ලෙස වසර  දහස්  ගණනක් තිස්සේ පැවති රටේ නම වෙනස් නොකළ යුතුය. ඉංග්‍රීසින් ගිවිසුම උල්ලංඝනය කරන ලද බැවින් අදටත් මෙරටේ නම “1815 පැවතියා සේ “සිංහළේ” විය යුතුය.
ජාතිය
1.       සංස්කෘත සාහිත්‍යයට අයත් පුරාණ ග්‍රන්ථ  වලට අනුවත් මෙරට පාරම්පරික ඉගැන්වීම් වලට අනුවත් විජයාගමනයට පෙර ඈත අතීතයේදී මෙරට “හෙළ” නමැති ජාතියක් විය. මෙරට ගංගා අමුණු මගින් ජලය ලබා ගෙන වී ගොවි ශිෂ්ඨාචාරයක් බිහි කලේ මොවුන් විසින්ය. කඩුව අතින් ගත් සිංහයා ඔවුන්ගේ   සංකේතය විය. යක්, රකුස්, නාග, දේව ලෙස ඔවුන් වෘත්තිය කොටස් 4 කට  බෙදී සිටිය බව පාරම්පරික ඉතිහාසය දක්වයි. මෙම “හෙළ” යන නාමය මහාවංශය ලිවීමේදී සංස්කෘත භාෂාවට පරිවර්තයන කිරීමේදී “සිංහළ” විය.

2.       කඩුව අතින් ගත් සිංහයා ලාංජනය බැබිලෝනියාවේද ඇත. 1998 අප්‍රේල් මස බැබිලෝනියාවේ සිදු කල පුරාවිද්‍යා කැනීම් අනුව හෙළිවුණේ ගුවන් යානා වලින් පැමිණි සිංහ මිනිසුන් කියාදුන් ආකාරයට බැබිලෝනියාව ගොඩ නැගු බවයි. හෙළයන්ගේ සිංහ සංකේතය නිසා ඔවුන් පැරණි බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩ නැගීමට උපදෙස් දුන්  ඔවුන්ව හඳුන්වා ඇත්තේ ගුවන් යානා මගින් පැමිණි  සිංහ මිනිසුන් ලෙසය.( මේ පිළිබඳව වැඩ සටහනක් 1998 මැයි  මස History නාලිකාව ඔස්සේ විකාශය වූ අතර අන්තර්ජාලය තුලද කරුණු සටහන්ව ඇත)  පැරණි සාහිත්‍යයේ ගුවන් යානයක් ගැන ඇති එකම සඳහන  රාමායණයේ එන රාවණයන්ගේ පුෂ්පක යානයයි. බැබිලෝනියාවේ සංකේතය වන සිංහ ශරීරය හා  පියාපත් දෙකකින්ද  මිනිස් මුහුණක්ද  සහිත අමුතු සත්වයකුගේ  රුපය මගින් ඔවුන් හෙළයාට දැක්වූ ගෞරවයද සනාථ කරයි. හෙළයට දියුණු භාෂාවක් ,අක්ෂර හෝඩියක් හා ලිවීමේ සම්ප්‍රදායක් විය. අනුරාධපුර යුගයේ ඇතුන් සත්දෙනෙකු  උසට ගිණි තබා විනාශ කරන ලද්දේ මෙම හෙළ බසින් ලියන ලද හෙළයාගේ බෞද්ධ අටුවා ග්‍රන්ථ වේ.මිහිදු හිමියන් ලංකාවට අවුත් ධර්ම දේශනා කලේ දේශයේ බසින් බව වංශ කථා පවසයි. එනම්  හෙළ බසයි. අවරුදු 6000 පමණ හෝ ඊට වඩා පැරණි වාරි වේල්ලක්ද සහ සොරොව්වක් 1983 වසරේ  මාදුරුඔය දී සොයා ගැනීම හෙළ ශිෂ්ඨාචාරය හා ජාතියේ  ඉපැරණි බව ඔප්පු කරයි.

3.       විජයට පෙර වූ නහුත මහ රජ, පණිත මහා රජ, රාවණ රජු, කුවේර, මහබිය, තෘණ බින්දු ඍෂි , සගරකිත හිමි , හා සුමන භාණ්ඩාගාරික ආදීන්ගේ නම් සඳහන් වූ බ්‍රාහ්මි අක්ෂර සෙල්ලිපි මේ වන විට මෙරටේ සොයාගෙන ඇත. බුදු දහමට අටුවාවන් ලිවේද හෙළ බසිනි. පාලියෙන් ඒවාට සිංහළට්කථා යයි කියයි. හෙළයන් හා හෙළබස මහාවංශය මගින් සිංහළයන් හා සිංහළ භාෂාව ලෙස හදුන්වා දුණි.

4.       විජයාගමනයේදී මෙරටට සංක්‍රමණය වී පදිංචි වූ උතුරු ඉන්දියානුවන් මෙරට ශිෂ්ඨාචාරයට හා ජන  සංයුතියට  අන්තර් ග්‍රහණය  විය. බුදු සසුන පැමිණීම නිසා එම සම්මිශ්‍රණය සංස්කෘතියටද බලපෑවේය.
මෙය තේරුම් ගත නොහැකිවූ ඉංග්‍රීසීහු ඊට සිංහළ - බෞද්ධ (Sinhala Buddhist) යයි කිහ.

5.      නම වෙනස් වුවද “හෙළ” ජාතිය සිංහළ ලෙසම හෙළ සංස්කෘතිය තුල වැඩි ගියේය. අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි ,කෝට්ටේ හරහා මහනුවර යුගය දක්වා අඛණ්ඩව මෙම හෙළ ජාතිය සිංහළ නම් විය. මෙය වෙනස් කරණ ලද්දේ බ්‍රිතාන්‍ය පාලනය විසිනි.

6.       බ්‍රිතාන්‍ය පාලනය විසින් 1818  නැගෙනහිර පළාතේ වැව් වලට මෙන්ම රුහුණේ ගංගා වලට මෘත ශරීර දමා ඒවා කුණු වීමට සලස්වා එමගින් වසංගත රෝග බෝ කර සිංහළ ගම්වල මිනිසුන් බුරුතු පිටින් මියයාමට සලස්වා සිංහළයන්  අතුරුදහන් කරවන ලදී. එවකට අගවිනිසුරු වූ “ලෝරි” මේ බව පවසයි.

7.       මින් පසු 1848.08.11 දින ටොරින්ටන් ආණ්ඩුකාරයා ලන්ඩන් හි යටත් විජිත මහා ලේකම් “ග්‍රේ සාමිට” දන්වා යැවුයේ සිංහළයාට එරෙහි ජන කොටසක් ලෙස දකුණු ඉන්දියානු වහලුන් ගෙනවිත්  (දෙමළ කථාකරන පිරිස ) නැගෙනහිර පළාතේ පදිංචි කල යුතු බවය. එය ඉටු වූ බව සනාථ කරමින්  1870 මඩකලපුව ඒජන්ත හියුම් පවසන්නේ 1865 -70 අතර කාලය තුළ දිස්ත්‍රික්කයේ සිංහළ ගම් 168 ක් අතුරුදහන් වූ බවය. මේ වසංගත බෝ වීම මගිනි. එමෙන්ම මේ කාලය තුල මලබාර්වරුන්(ඉන්දියානු මලබාර් වෙරළේ සිට ගෙන ආ දෙමළ කතා කරණ ජනයා) 70,000 ගෙනවුත් පදිංචි කරවීමෙන් සැතපුම් 23 දිගට එකම ජනාවාසයක් සැදුනු බවය. මොවුන් අපිරිසිදු , පහත් ගතිගුණ සහිත , ලෙඩ රෝග සහිත  කාලකන්නි කොටසක් බව හා තමන්ට මොවුන් මහත් හිසරදයක් වූ බව 1874 පාලන වාර්තාවේ සදහන්ය. උප ඒජන්ත එස්ලින්ටන් ද එයම පවසයි. 1818 දී ඉංග්‍රීසින්ට සිංහළයන් කෙරෙහි ඇති වූ වෛරය අවබෝධ කරගැනීමට මේ නිදසුන් කිහිපයකි.

8.       මලබාර් යනු ජාතියක් නොවේ. මලබාර් යනු දකුණු ඉන්දියාවේ බටහිර  දිග වෙරළයි. ඉංග්‍රීසින්  විසින් දකුණු ඉන්දීය  වෙරළබඩ විසු හැමෝම “මලබාරියන්” ලෙස හැඳින්වූහ, ඔවුනට ජාතිකත්වයක් අනන්‍යතාවක් නොවිය . මේ මලබාර් වෙරළේ, පොදුවේ දෙමළ කථා කරනා හින්දු හා ඉස්ලාමිකයයෝ වුහ.  ඉංග්‍රීසින්ගේ අවශ්‍යතාව සඳහා මලබාරියන් ලෙස ලංකාවේ උතුරේ හා නැගෙනහිර වෙරළේ පදිංචි කරන ලද්දේ මෙසේ ගෙනා  පොදුවේ දෙමළ කථා කරන හින්දුන් හා ඉස්ලාමිකයන් යන කොටස්  දෙකම වේ. 1948 දී ඉංග්‍රීසින් පිටව යන විට මලබාර් වෙරළෙන් ගෙනා මේ පිරිස( ඉංග්‍රීසින් විසින් උපක්‍රම යොදා සිංහළයන් මරා දැමීම නිසා) උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩි ගොස්   බහුතරය බවට පත් වී සිටියහ. 

9.       තමන් ගෙනා පිරිස තමන් ආරක්ෂා කල යුතු බැවින් ඉංග්‍රීසින් විසින් 1949 සොල්බරි ව්‍යවස්ථාවට 29 වන වගන්තිය ඇතුලත් කරන ලදී . එනම් මුස්ලිම් හා දෙමළ වාර්ගිකයන්ට  නැති අයිතියක් සිංහළයාට නැති බව දක්වන වගන්තියකි .වසර 5000 කට වඩා පැරණි බැබිලෝනියාවටද ගිය සිංහළයාගේ ජාතික සංකේතය වූ සිංහ ධජය  ඉංග්‍රීසිගේ  බලපෑම මත ලංකා පාර්ලිමේන්තුව විසින් 1951 දී වෙනස් කර විකෘති කරන ලදී . එනම් වර්ණ තීරු දෙකක මාර්ගයෙන් දෙමළ හා මුස්ලිම් කොට්ඨාශ දෙක ජාතික කොඩියට ඇතුල් කිරීමය. ඔවුන් ගැන සදහන් කොට ඇත්තේ අනෙක් ජන වර්ග නමිනි.


10.   මෙසේ  ක්‍රමානුකුව සිංහළයාගේ ඇස් වසා සිදු කරන  කුමන්ත්‍රණවල  තුන්වන කොටස 1972 දී ක්‍රියාත්මක කරන ලදී. එනම් රටේ නම “ශ්‍රී ලංකාව” ලෙස වෙනස් කර ජාතියේ නම “ශ්‍රී ලාංකික” ලෙස භාවිතා කිරීමයි. නැෂනල් (National ) නමැති  වචනය ජාතික ලෙස වැරදියට සිංහළට භාවිතා කිරීම මේ සියල්ල කිරීමට ආධාරකයක් විය .

11.   සිව්වන පියවර වුයේ 1951 දී වෙනස් කරන ලද ජාතික ධජය  1978 ව්‍යවස්ථාව තුලට දමා නීතිගත කිරීමය. මේ ගැන ප්‍රශ්න කල විට අදාළ කමිටු සාමාජිකයන් කියා සිටියේ “එය හුදෙක්ම පටි දෙකකක් පමණක් බවත්  එය ඕනෑම අවස්ථාවක ගලවා දැමිය හැකි බවත්” ය. එහෙත් සිදු වුයේ සිංහළයා මුලා කොට මෙම විකෘති කොඩිය නිත්‍යානුකුල කිරීමයි.


12.   අතීතයේ සිට  සුළු ජනකොටස් තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස අවස්ථාව ලද සෑම විටම ක්‍රියාත්මක වුයේ සිංහළ ජාතියට විරුද්ධවය. අදටත් එය එසේමය. 1818 කැරැල්ල සාර්ථක ලෙස මෙහෙයවූ වීර කැප්පටිපොළ නිළමේ ගැන ඉංග්‍රීසින්ට ඔත්තුව ලබා දුන්නේ මුස්ලිම් වෙළදුන් විසිනි , ඉංග්‍රීසින් පලවා හැර මේ රට බේරා ගැනීමට එදා තිබු අවස්ථාව ගිලිහී ගියේ එම මුස්ලිම් වෙළදුන් විසින් කරන ලද අනර්ථය තුලිනි. එදා ඒ කල මහා පාවා දීම තුලින් මෙරට සිංහළයාට අහිමි වුවා පමණක් නොව ඉංග්‍රීසින් විසින් සිදු කරන ලද විනාශයේ ප්‍රථිපල අදටත් අත් විදිමින් සිටි.  අතීතය තුල එවැනි පාවා දීම්  බොහෝය. 1915 සිංහළ මුස්ලිම් කෝලාහලයේදී වැරදි කරුවන්  මුස්ලිමුන්  වුවත්  ඉංග්‍රීසින් දඩුවම් කරන ලද්දේ සිංහළයාටය.  එසේම වතුකරයේද , උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉංග්‍රීසින් විසින් පදිංචි කරන ලද දෙමළ  ජනතාව සෑම විටම සිංහළයාට විරුද්ධ වූ අතර ඉංග්‍රීසින්ට පක්ෂපාත විය. එසේම ඉංග්‍රීසින් ද සෑම අවස්ථාවකම  එම ජනයා සිංහළයාට විරුද්ධ හසුරවන ලද අතර ඔවුන් හට වරප්‍රසාද සැළකුම් ලබා දෙන ලදී . අදටත් ඉංග්‍රීසින් එම ජන කොටස්  සිංහළයාට එරෙහිව හසුරවන අතර ඉංග්‍රීසින්ගේ ඔවුන්ට ඇති සැලකිල්ල  ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.එසේම අද දින දකුණේදී තම ආගමික කටයුතු වලට එරෙහි වන මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහළයා හා එකතුවන ද්‍රවිඩයන් උතුරේදී හා නැගෙනහිරදී බෙදුමවාදී සංකල්පය තුලින්  සිංහළයාට එරෙහිව නැගී සිටිති.එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිංහළයාටත් , රජයටත් , යුද්ධ හමුදාවටත් එරෙහිව ද්‍රවිඩ හා මුස්ලිම් යන කොටස් දෙකම මෑතකදිත් පෙත්සම් ඉදිරිපත් කරන ලදී . මේ ඔවුන් කිසිවිටකත් සිංහළයාට හිතවත් නොවන බවට සාක්ෂි නොවේද?

13.    එපමණක් නොව සිංහළ ශිෂ්ඨාචාරය හැදී වැඩුණු රජරට හා රෝහණය (ඉංග්‍රීසින්ගේ උතුරු පළාත හා නැගෙනහිර පළාත) දෙමළ නිජබිම් බව ලංකාණ්ඩුව විසින් පිළිගෙන එම නිජ බිම් තුල කොටි සංවිධානයට තම ත්‍රස්තවාදය නවතා දේශපාලනයට ඇතුල් වීමට ඉඩ කඩ ලබා දෙන ලදී . 1988 දී උතුරු - නැගෙනහිර පළාත් සභාවක් ඇතිකර අර්ධ ස්වයං පාලන ක්‍රමයක්ද ලබා දී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුල් කළේය. මෙය සිංහළයන්ගේ බලවත් විරුධත්වය නොතකා  පළාත් සභා ක්‍රමය බලෙන් පැටවීමකි.

එබැවින් “ජාතික බුද්ධි මණ්ඩලය” හා” සුර්ය වංශය යලි ගොඩ නැගීම”( සංවිධානය) සමග යෝජනා කර සිටින්නේ, වසර දහස්  ගණනක් තිස්සේ නිවැරදි ලෙස මෙරටේ භාවිතා වූ රටේ නාමය “සිංහළේ”  ලෙසද ජාතියේ නාමය “සිංහළ” ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන ලෙසය.

මෙරටේ පැවති ඉතා දියුණු ශිෂ්ඨාචාරය බිහි කල , ඉතා දියුණු භාෂාවක් , අක්ෂර මාලාවක් මෙන්ම  සංස්කෘතියක් තිබු හෙළයා , එදා මෙන් අදත්  මෙරට ජාතිය වූ හෙළයා හෙවත්  සිංහළයා මෙරටේ   නියම උරුමක්කාරයා  වෙයි. 

බුදු දහම  රාජ්‍ය දහම කිරීම

1.       එදා සිංහළ රජුන් දවස සිට දිවි හිමියෙන් ඉටු කළ යුතු වූ  රාජකාරි තුනක් රජුන්ට භාරව තිබුණි . එනම වාරි මාර්ග ක්‍රමය පවත්වාගෙන යාම, බුදු සසුන ආරක්ෂා කර වැඩි දියුණු කිරීම හා  විදේශ ආක්‍රමණ හා රාජ ද්‍රෝහී කැරලි වලින් රාජ්‍යය ආරක්ෂා කිරීමය. එනම් රට දැය සමය ආරක්ෂා කිරීමය.  නීතිය හා පාලන කටයුතු අද මෙන් ඉහලින් පහලට නොව ගම්සභාවෙන් ආරම්භව ඉහළට ගමන් කරණ ලදී. පෙර රජ දවස බුද්ධ ශාසනය පණමෙන් රැක ගැනීමට රජුන් පෙළඹුනේ එබැවිණි . දුටුගැමුණු රජ පැවසු  “මේ ව්‍යායාමය මාගේ රජ සැප පිණිස නොව උතුම් වූ බුදු සසුන හා සිංහළ ජාතිය ආරක්ෂා කිරීම උදෙසා වේ” යන වදනින් පැහැදිලි වන්නේ එයයි. මහාවංශය හා අනෙකුත්  වංශ කථා එයට සාක්ෂි දරති. නමුත් ලංකා ඉතිහාසයේ පාඩම යටතේ පාසැල් දරුවන්ට  මෙම ඉගැන්වීම නොකර මුසාවාද දෙසා  ඇත.

2.       1505 දී  පසු පෘතුගීසිහූ කඩුවේ හා තුවක්කුවේ බලයෙන් නිරිත දිග මුහුදු බඩ ප්‍රදේශ වල කතෝලික ආගම පැතිරවුහ.මිනිසුන් මෙන්ම කිරි දරුවන්ද  මරා දැමුහ, ස්ත්‍රීන් දුෂණය කළහ. කතෝලික ආගමට හැරුණු අයට තම පාලනය යටතේ විශේෂ වරප්‍රසාද ලබා දුණි. පෙරේරා , සිල්වා, බොතේජු, ප්‍රනාන්දු, පිරිස්, ෆොන්සේකා, අල්මේදා වැනි නම් ඇති අය කතෝලික ආගම වැළදගෙන පෘතුගීසි නම් ගෙන ඔවුන්ගේ ආධාරයෙන් සමාජයේ ඉහල තලයට  නැග ගත් අය වෙති. අද ඇතැම් සිංහළ බෞද්ධයනුත් මේ නම් වලින් හැදින්වෙන්නේ  බ්‍රිතාන්‍ය යුගයේදී  බෞද්ධයන්ට උප්පැන්නය ලියනු ලැබුවේ  කතෝලික පුජකයන්  හා කතිසේරු වරුන් වූ නිසාය. ඔවුන් උප්පැන්න ලිව්වේ  බෞද්ධයන්ට  පෘතුගීසි හා ඉංග්‍රීසි නම්(පිටර් , ඩේවිඩ්, විලියම් වැනි ) එකතු කරමිනි.

3.       බ්‍රිතාන්‍ය යුගයේදී ප්‍රතිපත්තියක් ලෙස බුදු දහම අතහැර ක්‍රිස්තියානිය වැළඳ ගැනීම  උසස් අධ්‍යාපනයක් ලැබීමට හා  තනතුරු වරප්‍රසාද ලැබීමට හේතු විය. අද ද මෙය නැතයි කීම නොහැකි තරම්ය.1973 සිට මැද පෙරදිග මුස්ලිම් රටවල ඛනිජ තෙල් වලින් ලද මුදලේ බලයෙන් රට තුළත් මැදපෙරදිග සේවයට ගිය ඇතැමුනුත් ඉස්ලාමයට හරවා ගෙන ඇත. අදත් එය සිදු වෙමින් පවතී. ක්‍රිස්තියානි පල්ලි ජාලයක් රට පුරා විහිදෙමින් සහනාධාර ලබා දෙන මුවාවෙන් බෞද්ධයන් බුරුතු පිටින් ක්‍රිස්තියානිකරණය කරමින් යයි. ඒවාට විරුද්ධවන සංඝයාට හා  ජනතාවට විරුද්ධව සාමයට බාධා  කිරීම යටතේ පොලීසිය ක්‍රියාත්මක වේ. එමෙන්ම ඉතා මෑතක සිට ප්‍රධාන නගර සැම එකකම පාහේ මහවීදියේ ඉස්ලාමිය පවුල් කිහිපයක් පදිංචිව දැවැන්ත මුස්ලිම් පල්ලි සාදාගෙන මුස්ලිම් ජනපද කරණයක් ආරම්භ කර ඇත.


4.       මේ සියල්ල සිදුවන්නේ පෙර රජුන් දවස මෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රජය ඇප කැප නොවන නිසාය. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ලංකා ශාඛාව  වන ලංකා පාර්ලිමේන්තුව ක්‍රිස්තියානිය වැළදගත් ඉංග්‍රීසි කතා කරන හා බටහිර පැවතුම් ඇති කළු සුද්දන්ගේ ආයතනයක් ලෙස 1948 සිට කටයුතු කර ඇත. 1972 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “බුද්ධාගම / බුදු සසුන  ආරක්ෂා කොට පෝෂණය කිරීම” යනුවෙන් ඇතුල් කර ඇති මුත් ආරක්ෂා කිරීමක් හෝ පෝෂණය කිරීමක් සිදු වී නොමැත. සිදු වී ඇත්තේ ඍජුව හෝ වක්‍රව එහි විනාශයට රුකුල් දීමය. 1946 දී සිංහළ මහ සභාව, ලංකා දෙමළ සම්මේලනය, හා මුස්ලිම් ලීගය යන සංවිධානවල  එකතුව වන UNP හා එහි ශාඛාවක් වන SLFP යන පක්ෂ මාරුවෙන් මාරුවට අද වනතුරු මෙරට පාළනය කිරීම මීට හේතුවයි.

5.       යුරෝපිය ජාතීන්ගේ පාලනය නිසා පැමිණි ක්‍රිස්තියානියද , මැද පෙරදිග තෙල් බලය නිසා ඉස්ලාමයද ආක්‍රමණික ස්වරුපයෙන් බුදු සසුන  තව දුරටත් විනාශ කරමින් පවතී. නමුත් කිසිදු හින්දු ආක්‍රමණශීලීත්වයක්   නොමැති  නිසා බෞද්ධයන් හින්දු ආගමට  හරවාගෙන නැත.එහෙත් බෞද්ධයන් මෙන්ම හින්දුන්ද ක්‍රිස්තියානි කරණය හා ඉස්ලාම් කරණයේ ගොදුරු බවට පත්ව තිබේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවද වේගයෙන් ක්‍රිස්තියානියට හා ඉස්ලාමයට හැරවීම වේගයෙන් ක්‍රියාත්මක වේ.     ක්‍රිස්තියානියට හැරවීමෙන්  යුරෝපා ජිවන රටාවටද  ඉස්ලාමියට හැරුණු අය අරාබි ජිවන රටාවටද අන්තර් ග්‍රහණය වී ඇත්තේ ලංකාවේ පොළොවෙන් හා අහසින් ඈත් වෙමිනි. මේ අය ශරීරයෙන් මෙරට සිටියත් මනසින් විදේශිකයන්ය. ඔවුන්ට බුද්ධ සාශනයට හානි කර ලෙස ව්‍යාප්ත වීමට මුදල් හැකියාව ඇති අතර බලය සැපයෙන්නේ ඔවුන්ගේ  බොහෝ  මන්ත්‍රීවරුන්  ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ සිටීමෙන්ය. මේ ප්‍රශ්නය හමුවේ සියයට 70 දක්වා අඩු වී සිටින සිංහළ බෞද්ධයන් නිහඩව සිටියත් දැනට පවතින පීඩනය පුපුරා ගියහොත්  අත් විදිය හැකි ප්‍රථිපලය අතිශය භයානක හා ඛේදජනක විය හැකිය. 

6.       රජය බුදු දහම සංරක්ෂණය කර ආරක්ෂා කිරීමට බැදී සිටියත් රට පුරා ව්‍යාප්ත වන මුලධර්මවාදී කල්ලි,  ගම් දනවූ නගර ආක්‍රමණය කරමින් හතු පිපෙන්නා සේ ඉදිවන පල්ලි ජාලය හා ඒ හරහා බෞද්ධයා  අන්‍යගමිකරණයට ගොදුරු කිරීම  පිළිබඳව අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තියක් රජය  ක්‍රියාත්මක කරයි. තමන්ගේ ආගම ඇදහීමට ඕනෑම අයෙකුට නිදහස ඇති මුත් ආක්‍රමණශීලි ලෙස ආගම් ප්‍රචාරයට, අනෙක් අයව බලෙන් හෝ අල්ලස් දී අන්‍යාගමිකරණයට ලක් කිරීමට , සංවිධානාත්මකවූ  පල්ලි ජාලාවන්  වර්ධනයට  ඉඩ නොදිය යුතුය. බුදු දහම ආරක්ෂා කරනවා කියනුයේ , මිත්‍යාව වැපිරීමට ඉඩ නොදීමයි. එහෙත් මේ සියළුම ආගම් මිත්‍යා මත පදනම්වූ බුදු දහමට පටහැනි වූ ඇදහීම් ක්‍රම වේ. එසේනම් කිසි අයුරකින් මෙම ආගම් සංවිධානයට හෝ ප්‍රචාරණයට ඉඩ දීම රජය විසින්ම කරන ව්‍යවස්ථාව උල්ලංඝනයකි. බුදු දහම මේ රට තුල ආරක්ෂා වීමට නම් බෞද්ධයා හා බුද්ධ ශාසනය ආරක්ෂා විය යුතුය. බෞද්ධයා අන්‍යාගමිකරණයට ලක් කිරීමන්  බුදු සසුන ආරක්ෂා  නොවේ. මිත්‍යා දෘෂ්ටිය පතුරවන්නට ඉඩ දී සම්‍යක්දෘස්ටිය ආරක්ෂා කරනවායයි  පැවසීම විහිළු කථාවකි.


7.       මෙරට රජය විසින් බුදු දහම ආරක්ෂා කර පෝෂණය කල යුතු වුවත් මෙරට නීති පද්ධතිය පදනම්ව ඇත්තේ  බයිබලේ දස පනත් මුල් වූ රෝම ලන්දේසි නීති පද්ධතියකිනි. ඉන් සිංහළයාටවත් බෞද්ධයාටවත්  ආරක්ෂාවක් ආවරණයක් නොලැබේ. මෙම නීති අණ පනත් පවා නොපමාව රටට ගැලපෙන අයුරින් පුර්ණ ලෙස වෙනස් විය යුතුය. දෙවනපෑතිස් රජ දවස සිට පැවති ක්‍රමය පෘතුගීසීන්ගේ අවි බලයෙන් හා පටන් ගෙන පසුව පැමිණි  ඉස්ලාමිකයන්ගේ ඛනිජ තෙල් බලය හරහා සිදුකල  සියළු වෙනස්කම්  සිංහල  බෞද්ධයන්ගේ  අකමැත්තෙන් සිදුකර ඇත. එසේම 1815 වනතුරු හින්දු හෝ ඉස්ලාමිය “රට වැසියකු” මෙරට ජිවත් වී නොමැත. යම් යම් කාර්යයන් සඳහා පැමිණි ඉස්ලාමිය හෝ හින්දු භක්තිකයන් මෙරට සිටියේ විදේශිකයන් ලෙසය. ඔවූන් ස්වදේශීක රටවැසියන් හා පුරවැසියන් බවට පත් කිරීම ඉංග්‍රීසි පාලනයේ කූට උපක්‍රමයම  මිස වෙන යමක් නොවේ. එහෙත් අද දක්වාම ඔවුන් හැසිරෙන්නේ රටට එරෙහිව විදේශිකයන් ලෙස බවට ක්‍රීඩා පිටියේදීත් ජාත්‍යන්තර කටයුතුවලදීත් සහ අභ්‍යන්තර කටයුතු වලදීත් මොනවට පෙනෙනු ඇත.

8.       වෙළද කටයුතු හා වෙනයම් කාර්‍යයන් සඳහා තාවකාලිකව ලෙස  පැමිණි පර ජාතින්ගේ වර්ධනය සිමා කිරිමටත් ඔවුන්ගේ ආදායම් සිමා කිරිමටත්  ඌලියම් බද්ද , පරජන බද්ද හෙවත් නොරටුන්ගේ බද්ද යනුවෙන් බදු ක්‍රමයක් පර ජාතීන් හට  “පෙර රජ සිරිත” තුල පනවා තිබු බවට පුස්කොළ පොත් වල සදහන් වේ. මෙය 1815 තෙක් ක්‍රියාත්මක විය. මෙහිදී පර ජනයා ලෙස  විශේෂයෙන්ම “දෙමිල / “යොන්” ජනයා සදහන් වී තිබේ.  යොන් ජනයා පසුකාලීනව “මරක්කයන්” ලෙසද හඳුන්වා දී ඇත. මෙහිදී පර ජනයා හට දරුවන් එක් අයකුට වඩා වැඩිනම් විශාල ප්‍රමාණයක් බදු අය කර ඇති අතර මුදලින්  බදු ගෙවීමට නොහැකි අයගෙන් භාණ්ඩ වලින් හෝ ශ්‍රමයෙන් එම බදු ලබාගෙන ඇත.එසේ නොවන අවස්ථාවල  රටින් පිටුවහල් කර  දමා ඇත. “පෙර රජ සිරිත” රැකීම  උඩරට ගිවිසුමේද පිළිගෙන ඇති අතර මෙම නිතී කිසිවිටකත් ඉංග්‍රීසින් විසින් අහෝසි නොකරන ලදී. එසේනම් එය අදටත් වලංගු විය යුතුය.  

9.       මෙරට ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය ගොඩ නැගු සිංහල බෞද්ධයන්ගේ අයිතිය වෙනස් කිරීමට කිසිවකුට නොහැකිය. බලහත්කාරකමින්,  හිතුවක්කාරකමින්  හා බලෙන් පැටවූ  විදේශික නීති රීති වලින් එම අයිතීන් වෙනස් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදීව බැලුවද ඉතාම වැඩි බහුතරයක් වන සියයට 70 වන (සංඛ්‍යාලේඛන අනුව සීඝ්‍රයෙන් අඩු වෙමින් ඇත) බෞද්ධයන්ට බුදු දහම මෙරට රාජ්‍ය පිළිගත් දහම කරන ලෙස ඉල්ලීමට  ඉතාම සාධාරණවූ  අයිතියක් තිබේ. (එසේම උඩරට ගිවිසුමේද බුදු දහම ආරක්ෂා කිරීමට බැඳෙන බවට  විශේෂයෙන් සදහන් කර ඇත) එවිට අනෙක් ආගම් වල තත්වය කුමක් දැයි විමසුවොත් එයටද පැහැදිලි පිළිතුරක් ඇත. ප්‍රංශ , ජර්මන්, චීන ආදී රටවල පිළිගැනීම හා  සම්මතය  වී ඇති ආකාරයට එරට රාජ්‍ය ආගම හැර අනෙක්වා පුද්ගලික ආගම්ය. ඒ ඒ පුද්ගලයාට තම ආගම ඇදහීමට නීදහස ඇත. අසල්වැසි ඉන්දියාවේද රාජ්‍ය අනුග්‍රහය ලබන්නේ හින්දු ආගම පමණි. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ  මුලින්ම ඇරඹි ක්‍රිස්තියානියට හැරවුණු අය නැවත හින්දු ආගමට හරවා ගැනීමට එරට ඉඩ ප්‍රස්තා සලසා ඇත. ලංකා ආණ්ඩුවද  එම ශිෂ්ඨ සම්පන්න ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළින් අන්තවාදයේ බෙදුමවාදයේ අක් මුල් සිඳ දමන  තත්වයට පත් විය යුතුය.

10.   සිංහළ ජාතියේ  අනන්‍යතාව එම ජාතිය බිහිකළ ශිෂ්ඨාචාරය හරහා ගොඩ නැගුනු සංස්කෘතිය මත පදනම්  වේ. එසේම බලහත්කාරකමක් මත නොව බුද්ධියෙන් විමසා තම ශිෂ්ඨාචාරයටත්  සංස්කෘතියටත් අනුකුල වුත්, එය  පෝෂණය කරන්නා වූත් බුදු දහම ඔවුන් විසින් පිළිගන්නා ලදී. එබැවින් බුදු දහමින් පෝෂණය වූ  එම සංස්කෘතිය සිංහළ බෞද්ධ සංස්කෘතිය වේ. යමෙක් මෙම සංස්කෘතිය හෝ දහම ප්‍රතික්ෂේප කරන්නේද ඔවුන් තව දුරටත් එම සිංහළ ජාතියට එම සිංහළයගේ රටටත් අයත් නොවේ.


11.   බුදු සසුන සර්වකාලීන හා සර්වදේශීය වූ බැවින් දෙවන පෑතිස් රජුන් දවස මෙරටේ පරිසරයට සමාජයට හා සංස්කෘතියට හොඳින් ගැලපුණි. එය සමාජයේ දියුණුවට රුකුලක් වුණි.  පරංගියා  තම කඩුව හා තුවක්කුව සමග අවි අමෝරාගෙන පැමිණි  යුගය තෙක් වසර 1750 ක් කාලයක් තිස්සේ  මෙරට සියලු දෙනා බෞද්ධයන් වුහ. වඩුග වංශික, නායක්කාර කුමාරවරුන් මහනුවර රජකමට පත් කර ගත්තේ නාථ දේවාලයට ගොස් නිල වශයෙන් තිසරණේ පිහිටා පංචශීලය සමාදන්ව බෞද්ධයන් ලෙස සිංහළ සංස්කෘතියට අනුගත වීමෙන් පසුවය. එසේ රජ වූ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බෞද්ධ සේවාව බොහෝ සිංහළ රජවරුන්ට වඩා ප්‍රබල  විය.

12.   “කොහෙද ලියල තියෙන්නේ මේක සිංහල රට කියල” යනුවෙන් වර්තමාන  අධිකරණ ඇමතිගේ වචනවලට අනුව රටේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා තැබීමට  වර්තමාන ආණ්ඩුව අදහස් කරන බව පෙනේ . එබැවින් බුදුදහම මෙරට රාජ්‍ය අනුග්‍රය ලැබිය යුතු එකම රාජ්‍ය දහම  ලෙස 2016 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන ලෙස අපි තරයේ ඉල්ලා සිටිමු. අන්‍ය ආගමිකයන්ට තම ආගම් ඇදහීමට හා වත් පිළිවෙත් කිරිමට මෙනිසා කිසිදු හානියක් සිදු නොවේ. ඒවා ඔවුන්ගේ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ පෞද්ගලික  ආගම් හෙවත් ඇදහීම් වේ.(බෞද්ධයන් හා  හින්දුන් කතරගම දෙවියන් අදහනවා සේ පෞද්ගලික කටයුත්තකි) ඔවුන්ගේ  ආගමික දේපොළ රටේ නිතිය අනුව හැසිරවේ.

බුදු දහම යනු සිතින් මවා ගත් දෙවියකු ඇදහීමක් හෝ ආගමක් නොවේ, එය නිර්වාණය කරා යොමු වූ උතුම් වූ පරම ලෝක සත්‍යයි. එය මෙරටට පමණක් නොව මුළු ලෝක වාසි ජනතාවගේත් සියළු සත්වයාගේත්  හිත සුව පිණිස ආරක්ෂා කිරීම රජයේ දැඩි වගකීමකි. එනිසා බුදු දහම පමණක් සංරක්ෂණය කර ආරක්ෂා කිරීම සදහා එය ව්‍යවස්ථාගත කරන මෙන් අපි ඉල්ලා සිටිමු. 

ජාතික ධජය
1.       සිංහළේ නැමැති රටේ සිංහළ ජාතික ධජය අවරුදු 5500 හෝ ඊටත් වඩා පැරණිය. එමෙන්ම බැබිලෝනියාවේ අතීතයේදී භාවිතා කර  ඇති එකී සංකේතය පළමුව මෙරටේ භාවිත කර බැබිලෝනියානුවන්  විසින් අපෙන් ගෙන සාදරයෙන් වැළද ගත්  එකකි. බැබිලෝනියාවේ හමුවූ පුළුස්සන ලද මැටි පුවරුවල සදහන් පරිදි ගුවන්යානා වලින් ආ සිංහ මිනිසුන් දුන් උපදෙස් පරිදි බැබිලෝනියා ශිෂ්ඨාචාරය  ගොඩ නැගුණි. රාමායනය අනුව රාවණාගේ පුත් ඉන්ද්‍රජිත් විසින් කඩුව අතින් ගත් සිංහයාගේ ලාංජනය ඇතිව හමුදාව සමග ගමන් කළේය. දුටුගැමුණු රජ සමයේ සිංහ ධජය  කඩුව අතින් ගත් දුවන සිංහයකි. කෝට්ටේ හා මහනුවර යුග වල විවිධ අවධි වලදී හා අවසන් සිංහළ රජුගේ සිංහ ධජ  අප සතුව ඇත. කුමන අයුරකින් සටහන් කළද ඒ අභිමානවත් සිංහයෙකි. සිංහළේ රාජ්‍ය ලාංජනය එයයි.

2.       යුරෝපයේ රාජ්‍ය ධජය දෙවියන්ට සම්බන්ධ සංකල්පයක් වුවද සිංහළ රාජ්‍ය ධජය  ඊට හාත්පසින්ම වෙනස් සංකල්පය මත ඇති වුවකි . සිංහ කොඩියේ සිංහයාගෙන් නිරුපණය වන්නේ සුර්යයා වන අතර කඩුව අතින් ගත් සිංහයා යනු සුර්යයාගේ ආධිපත්‍ය පෙනුම් කිරීමය. අපේ මුතුන් මිත්තෝ  සුර්යයාගේ අධිපත්‍යයත් ඉර හඳ පොලොවත් ආශ්‍රයෙන් ශිෂ්ඨාචාරයක් බිහි කළහ. එනම් ඒ ශිෂ්ඨාචාරය බිහි කල පිරිසගේ(ඉරෙන් හඳෙන්  වැඩගත් පිරිස)  අන්‍යනතා සංකේතය සිංහ ධජය වේ. එයට කිසි විටෙකත් එම ශිෂ්ඨාචාරයට අයත් නොවන විදේශීය ජන කොටස්  එම ධජය  තුලට බලහත්කාරයෙන් එකතු කිරීම විකෘති කිරීමක්  හා එම ශිෂ්ඨාචාරය බිහි කරන ලද හෙළයාට නොහොත් සිංහළයාට  කරණ ලද බලවත් අවමානයක්  හා දැඩි වූ අසාධාරණයක් මෙන්ම සදාචාර විරෝධි ක්‍රියාවකි.


3.       1951 දෙමළ හා මුස්ලිම් ජන කොටස් මෙරටේ ජාතිකත්වයට ඇතුල් කිරීමට අවශ්‍යතාව තිබුනේ ඔවූන් මෙරටට ගෙනවිත් පදිංචි කරන ලද ඉංග්‍රීසින්ට පමණි. නමුත් 1951 පසු මේවනතෙක්  කිසිදු සහයෝගීතාවක් මෙම ජන කොටස් වලින්  සිදු වී නොමැති අතර මෙම කොටස් දෙකෙන් සිදු වුයේ සැබෑ උරුමක්කාරයන්ට එරෙහිව  සුළුජන අරගලය වැඩි වීම පමණි. දෙමළ ජනතාව ඊළම් මතවාදයක් මත රජය හා සන්නද්ධ අරගලයකට එළඹුනි. එබැවින් 1978 දී එම සුළු ජන කොටස් ජාතික ධජයට නීතිගත කිරීම රටටත් ජාතියටත් හානිකර වී ඇත. ජිනීවා උපදෙස් මත සුළු ජන කොටස් වලට සාමය ඇති කිරීමේ උත්සහය  නිෂ්පල බව මින් වටහා ගත හැක.

4.       1951 දී බණ්ඩාරනායක මහතාගේ ජාතික කොඩි කමිටුවේ සිටි දෙමළ නියෝජිතයකු වූ එස්. නඩේෂන් මහතා දෙමළ හා මුස්ලිම් කොටස් ජාතික ධජයට  ඇතුල් කිරීමට විරුද්ධව වෙනම වාර්තාවක් දුනි. මෙම ක්‍රියාව සිදු වුවොත් ජාතින් අතර භේද වීමක් සිදුවන බව ඔහු පැවසිය. අද එය එලෙසින්ම සිදුවිය.

එබැවින් අප  යෝජනා කර සිටින්නේ 1978 දී ව්‍යවස්ථාගත  කරන ලද විකෘති  ජාතික ධජය වෙනුවට වසර 5000 කට වඩා පැරණි  මෙරට ජාතික ධජය  වූද, 1948 නිදහස ලබන අවස්ථාවේ ජාතික ධජය  වුද , පිරිසිදු සිංහ ධජය  මෙරට ජාතික ධජය  ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  ඇතුල් කරන ලෙසය.

රාජ්‍ය භාෂාව
සිංහළේ රාජ්‍යය නමින්  මෙරට ඇත්තේ  එක් රාජ්‍යයක් පමණක් බැවින් ඊට අයත් වන්නේ එක් රාජ්‍ය භාෂාවක් පමණිකි.

විජයාගමනයෙන් ආරම්භ වුවා යයි වංශ කථා වලින් කියන මුත් ඊට බොහෝ කලකට ඉහත සිට එන සිංහළ ජාතිය වසර 2500 කට අධික කාලයක්ම  අතවරයකට හෝ උවදුරකට හෝ ලක් නොවිය. පළමු වරට එයට අනතුර ආවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදෙයනි. අධිරාජ්‍යයට අවශ්‍ය අන්දමේ  ඊට ගැලපෙන යටත්  විජිතයක් ලංකාව තුලින්  සාදා ගැනීම සඳහා  ආර්ථිකය හා සමාජය උඩු යටිකුරු කිරීම ( සිංහළයාගේ කොඳු නාරටිය බිඳීමට)  අවශ්‍ය වුයේ 1818 නිදහස් අරගලය කරන ලද  රට තව දුරටත් එසේ තැබීම නුසුදුසු නිසා බව කෝල් බෲක් කොමිසම පවසයි. ඉන්දියාවට එවැනි උඩු යටිකුරු කිරීමක් අවශ්‍ය නොවිය.

1.       බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් උඩරට රදළ  ප්‍රභූ පන්තිය විනාශ කර දැමිය. පසුව ඉංග්‍රීසින් විසින්  නව  උගත් මධ්‍යම පන්තියක් (elite class) යාපනේ මලබාර් දෙමළ මිනිසුන් අතරින් බිහි කිරීමට කටයුතු කරන ලදී . එහි මුල් පියවර නම්, පොහොසත්ම මිෂනාරි සංවිධානය වූ ඇමෙරිකන් චර්ච් මිෂනාරීන් එහි යැවිමය. ඔවුහු රට විජාතික කරණය සදහා වූ ප්‍රබල ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති කළහ.

2.       කැලෑවක් ලෙස තිබු යාපනය අර්ධද්වීපය දෙමළ ජනතාවගෙන් පිරවීම කෝල් බෲක් ගේ අභිලාශය විය.  එනිසා අවුරුදු 15 කොන්ත්‍රාත් පදනම මත පාරවල් සැදීමට ගෙන ආ දෙමළ කම්කරුවන් ආපසු මවු රටට නොයවා සිංහළ ජනගහනය තුනී වූ යාපනයේ පදිංචි කරවීමට නිර්දේශ කළේය. සිංහළේ රඳා පැවත්ම තීරණය වූ, රාජකාරි ක්‍රමය, ශ්‍රම විශේඥතාව හෙවත් කුළ ක්‍රමය හා සාමුහික පාලන ක්‍රමය වූ ගම් සභාවද තහනම් කර ලංකාව පළාත් 5 කට බෙදාහළ, ඔහුගේ  නිර්දේශ වලින් අපේක්ෂා කලේ  අනාගතේදී සිංහළ ජනතාව කඩා වැටීමකට ලක් කිරීමය. එසේම අවුරුදු 16 වැඩි පිරිමින් මරාදැමීම, සිංහළයාට ආහාරය සපයන සියළු පල දරන ගස්  විනාශ කිරීම, ගවයන්  විනාශ කිරීම , අධිකරණ කටයුතු හා අධ්‍යාපන කටයුතු සංඝයා වහන්සේට  තහනම් කිරීම තුළින් දේශීය දැනුම විනාශ කිරීම, සාරධර්ම මත සංඝයා වහන්සේගේ  උපදෙස් මත ස්වයං විනයෙන් හැසිරවූනු  සමාජය දඩුවම් දෙන නීතිය මගින් හසුරවන සමාජයක් බවට පත් කිරීමද ඉංග්‍රීසින් විසින් සිදු කරණ  ලදී.


3.       තම අලුත් “එලිට් ක්ලාස්” නොහොත් උගත් මධ්‍යම පංතිය ඉංග්‍රීසින්ගේ පාලන සහායකයින් කර ගැනීමේ චේතනාවෙන් ආසියාවේ ප්‍රථම වරට ව්‍යවස්ථාදායක සභාවක් ලංකාවේ ඇති කරන ලදී. ජනගහනයෙන් සියයට  95 වූ සිංහළයන් සඳහා එක් නියෝජිතයකුද සියයට 3 වූ දෙමළ කථාකරන  ජනගහණය සඳහා එක් නියෝජිතයකුත් ලෙස සම නියෝජනයක් ලබා දෙමින් සිංහළයාට දැඩි අසාධාරණයක් කරමින් එංගලන්තයේ මහජන නියෝජන ක්‍රමයටද  පටහැනිව මෙරටේ දී නියෝජිතයන් පත් කරන ලදී. (සුළු ජන කොටස් වලට දේශපාලන සමතැන දීම)
                                                                                                                                                                       
4.       1885 දී ව්‍යවස්ථාදායක සභාවේ අළුත් දෙමළ නියෝජිතයා වු  පී . රාමනාදන් ඔහු පත්වූ  වහාම ජාති වාදී ඉල්ලීම් වලට අවතීර්ණ විය. 1885 දී වෙසක් පසළොස්වක නිවාඩු දිනයක් කල විට දෙමළ හින්දුන්ටද එසේනම් නිවාඩු දිනයක් අවශ්‍ය බවට හඬ නැගිය. එබැවින් නිවාඩු පනත් කෙටුම් පත (holiday bill) ගෙන ඒම 1885 දෙසැම්බර් මස තෙක් ප්‍රමාද කොට ගෙනෙන ලදී.

5.       මෙරටට විවිධ අවස්තාවන් වලදී  ගෙනවිත් පදිංචි කරන ලද සුළු ජන කොටස් සිංහළයන් හා තරග වැදී ඉල්ලීම් ඉදිරිපත් කරන්න සැරසුන හැටි මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. එබැවින් මුසල්මානුවන්ගේ ඉල්ලීම්ක් නොමැතිවද ඉංග්‍රීසින් හිතා මතාම සිංහළයා අවුල් කිරීමට බලහත්කාරයෙන්ම වාගේ 1889 දී  සියයට 1 වූ මුස්ලිම් ජනතාව නියෝජනයට  නියෝජිතයෙක් ද ව්‍යවස්ථාදායක සභාවටද ඇතුල් කරණ ලදී.එසේම සිංහළයා තව දුරටත් භේද කිරීමේ යටි අරමුණින් උඩරට සිංහළ හා පහතරට සිංහළ ලෙස නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමට ඔවුන් සුදානම් වූ විට සිංහළ නියෝජිතයන් ඊට විරුද්ධ තාවය පල කරන ලදී.


6.       මෙහි යටි අරමුණ වුයේ 20 වන සියවසේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිරීමේදී බටහිර පන්නයට හැඩ ගැසුණු  සිංහළ, දෙමළ, මුස්ලිම් උගතුන් එකතුවී එසේ ඉල්ලීම් කරනවා දැකීමට ඉංග්‍රීසින් සතුවූ ජාතිය බෙදීමේ අපේක්ෂාව මල් පල ගැන්වීමය. ඉංග්‍රීසින්ගේ උගුල සාර්ථක කරමින් මේ සිංහළ, දෙමළ, මුස්ලිම් උගතුන් පිරිස අත්වැල් බැඳගෙන කටයුතු කළහ. 1918 දී ඉංග්‍රීසි අපේක්ෂාව මුදුන් පමුණුවා මේ ජාති 3ම එක්වූ ලංකා ජාතික සංගමය ද බිහි විය. එහි මුලිකත්වය හිමි වුයේ දෙමළ උගතුන්ටය.

7.       1920 “මැනීo” ප්‍රතිසංස්කරණ තුළින් බටහිර දැනුමෙන් උගත් ලාංකිකයන්ගේ ජන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීන් තේරීමේදී සිංහළ නියෝජනය ආසන 13 හා දෙමළ ආසන 3ක් බවට පත් වීමෙන් දෙමළ ජනයාට තිබු ලංකාවේ පාලන බලය තම අතට ගැනීමේ සිහිනය බොඳ  වීම නිසා දෙමළ නායකයෝ 1921 දී දෙමළ මහජන සභාව නමැති වෙනම ජාතික අන්‍යතාව ඇති සංවිධානයක්  පිහිටුවා ගත්හ. මෙම දෙමළ නායකයින් ඇතිකළ ජාතිවාදය  වැඩි ගොස් 1940 වන විට සිංහළ මහා සභාව , ලංකා දෙමළ සම්මේලනය, මුස්ලිම් ලීගය වශයෙන් ප්‍රධාන ජාතිභේද වාදී සංවිධාන 3ක් බිහි විය.


8.       1946 දී සුද්දන් විසින්  බිහි කරන ලද උගත් ප්‍රභූ පන්තිය  පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ලබා දෙන ලෙස ඉල්ලන ලදී. එවිට මේසන් මුවර් ආණ්ඩුකාරයා ඔවුන් කැදවා කිවේ ප්‍රජාත්‍යන්තරවාදී  දේශපාලන පක්ෂ නැතිව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් දිය නොහැකි බවය. එතැනදී මේසන් මුවර් කූට ලෙස ඔහුගේ කථාව තුලින් සිංහළ, දෙමළ, මුස්ලිම් යන  තුන් වර්ගය එකතු වී පක්ෂය සැදිය යුතුය යන්නට ඔවුන්  යොමු කරන ලදී . මන්දයත් මාක්ස්වාදී පක්ෂ දෙකක් ඒ වන විටත් බලය ලබා ගැනීමේ සටනට යොමු වී තිබීමය (සම සමාජ, කොමිනිට්ස්) . මෙහි යටි අදහස නම් ඔවූන් ගෙනත් පදිංචි කරන ලද මලබාර නම් මුස්ලිම් හා දෙමළ කොට්ඨාශ දෙකටද මෙරටේ අයිතිය තහවුරු කර දීමය.එසේම  එක ගලෙන් කුරුල්ලන්  දෙදෙනෙකු බා ගැනීමේ උපක්‍රමශීලි මග ගනිමින්  මාක්ස්වාදී පක්ෂ වලින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති බලපෑමද මෙමගින් හැසිරවීම බලාපොරොත්තු විය.

9.       1946 සැප්තැම්බර් මසදී සිංහළ මහා සභාව , ලංකා දෙමළ කොන්ග්‍රසය, හා මුස්ලිම් ලීගය යන සංවිධාන තුන (බණ්ඩාරනායක, G.G  පොන්නම්බලම් , දොස්තර කලීල්) ඒකාබද්ධ වී අලුත් ලේබලයක් ඇලවිය. එය එක්සත් ජාතික පක්ෂය ලෙස (UNP-United National party) නම් කෙරිණ.එය හුදෙක් සංවිධාන තුනක එකතුවක් මිස රටකට අවශ්‍ය දේශපාලන පක්ෂයක් තැනීමේ මූලධර්මය මේ තුල ගැබ්ව නොතිබුණි.


10.   වසර 1948 .01.04 දින එනම් හරියටම අපට නිදහස ලැබීමට මාසයකට පෙර නිදහස ලබා ගත් බුරුමයෙන් ඉංග්‍රීසින්ට ඉතාම අමිහිරි  පාඩමක් ඉගෙන ගන්නට ලැබිණ. එනම් බුරුමය බ්‍රිතාන්‍ය ක්‍රම ප්‍රතික්ෂේප කර බුරුම ක්‍රම වලට යෑමට තීරණය කිරීමය. එසේම ඉංග්‍රීසින් විසින් එරටට ගෙනෙන ලද දසලක්ෂයක් සේවකයන් සියල්ල නැවත ආපසු රැගෙන යන ලෙස ඉංග්‍රීසින්ට දැනුම් දුන් අතර පසුව බුරුමය විසින් පනවන ලද  ස්වාභාවිකරණ කොන්දේසි වලට යටත්  වීමට කැමති වූ 15,000 හැර අනෙක් ලක්ෂ ගනනක් වූ සියළුම වහලුන් ඉංග්‍රීසින් විසින් ඉවත් කර ගන්නා ලදී. එබන්දක්  ලංකාව  තුල සිදු වීම වලක්වා ගැනීමට නව රජයට කණවැල අල්ලා දීම සඳහා “Diplomatic Council” නමැති තිරයේ පිටුපස අදිසි හස්තයක්  අධිරාජ්‍යය විසින් මවා තිබුණි. මහජන ජන්දයෙන් පත් වූ ආණ්ඩුව රූකඩයක් සේ නටවන්නට වුයේ එම අදිසි හස්තය මගිනි. සිංහළ , දෙමළ, මුස්ලිම් ආණ්ඩුවේ (UNP) ක්‍රියාත්මක වුයේ  දේශීය පාලනයක් නොව විදේශීය පාලනයක්ය . මෙය ඩොමිනියන් තත්වය යනු වේ.

11.   1948 සිට මේ දක්වා විටින් විට රට පාලනය කළේ UNP හා ඉන් කැඩී ගිය SLFP විසින් වේ. මෙම පක්ෂ වල පුද්ගලයන්ගේ මිස ප්‍රතිපත්ති  වල වෙනසක් නැත.දේශීයත්වය නොඉවසන සිංහළයාට හා බුදු දහමට එරෙහි කටයුතු කරන විදේශ ගැති ඔවුන්ට  එනිසාම 67 අවරුද්දකට පසුත් එම කොටස් දෙකට නැවතත් එකතු වී ගැටළුකාරී  වුවද එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත. එදා 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ මුස්ලිම් අයට මෙහි නැති අයිතියක් සිංහළයට නැති බව කියන 29 වන වගන්තිය හදුන්වා දුන්නේ මේ නිසාය.  නිතැතින්ම අද දිනද  ඔවුන්ගේ පළමු කාර්යය වී ඇත්තේද ව්‍යවස්ථාව මගින් සිංහළයාට පහරදීම හා අධිකරණ බලය වක්‍ර ලෙස යොදා භික්ෂුන් වහන්සේ  මර්ධනය කිරීමය.

12.   1951 දී එකතුවේ මුලිකයා වූ බණ්ඩාරනායක මහතා  විසින් කමිටුවක්ද සහය කරගෙන එවකට ජාතික ධජය  තුනට බෙදා සිංහළ , දෙමළ, මුස්ලිම් යන තුන් කොටස ඇතුලත් කළේ ඒ නිසාය. 1951 සැප්තැම්බර් බණ්ඩාරනායක UNP පක්ෂයෙන් කැඩි ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කලේ තමන්ට ලැබීමට තිබු අගමැති කම ඩඩ්ලි සේනානායක මහතාට ලැබීමට යාමේ  පුද්ගලික හේතුව මත මිස රට වෙනුවෙන් වූ  ප්‍රතිපත්තිමය හේතුවක් මත නොවේ. එනිසා මෙම පක්ෂ දෙකේම ප්‍රතිපත්ති හා අරමුණු එකම වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිංහළ හිතවාදී හා UNP සිංහල විරෝධි පක්ෂ ලෙස ජනතාව දුටුවත් සත්‍යය නම් මේ පක්ෂ දෙකම සිංහළ ජනයාට අඩු වැඩි වශයෙන් කළේ විනාශයක් බවයි.


13.   1956 දී දක්ෂ නීතිඥයෙකු වූ බණ්ඩාරනායක මහතා  විසින් සිංහළ ජන්ද බහුතරය තමන්ට ලබා ගැනීමේ අරමුණින් සිංහළ භාෂා පණත පාර්ලිමේන්තුවේ සම්මත කළද එය කූට උපායක් විය. එසේම  එය බලාත්මක නොවන ආකාරයට ශුක්ෂම ලෙස ගැසට් කර ජනතාව මුලා කරන ලදී. පණතක් නිත්‍යානුකුල වන්නේ එහි ගැසට් නිවේදනය පල කිරීමෙන් පසුවය. එහිදී සිංහළ භාෂාව එකම රාජ්‍ය භාෂාව බව නොකීමට ඔහු වග බලාගෙන ඇත. එම ගැසට් නිවේදනය හිතා මතාම වෙනස් කිරීම නිසා සිංහළ භාෂා පණත නීත්‍යානුකූල නැත. එමනිසා පසුව දෙමළද රාජ්‍ය භාෂාවක් ලෙස හඳුන්වන්ට  විය.

14.   එක් රාජ්‍යයකට තිබිය හැක්කේ  එක් රාජ්‍ය භාෂාවකි.රාජ්‍ය භාෂා දෙකක් පැවතීමට නම් රාජ්‍යයන් දෙකක් පැවතිය යුතුය. ලෝකයේ සියළුම ඒකීය රාජ්‍ය වල පවතින්නේ එක් රාජ්‍ය භාෂාවකි. ඉන්දියාවේ විවිධ භාෂා 46 කථා කරන ජන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සිටි, බුරුමයේ මේ ප්‍රමාණය 127 කි. එහෙත් ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යක් වද්දී  සමස්ථ ඉන්දියාවේම රාජ්‍ය භාෂාව වන්නේ “හින්දි” බස පමණි. ලෝකයේ වැඩිම බහුතරයක් දෙමළ වෙසෙන තමිල්නාඩු ප්‍රාන්තය ද ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව සමග ගනුදෙනු කල යුත්තේ හින්දි බසිනි.


15.   1982 දී එවක රජය විසින් දෙමළ භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාවක් කළේය. මෙය වැරදි ක්‍රියාවකි. එසේම වෙනම රාජ්‍යයක් සඳහා අවශ්‍ය මූලික අඩිතාලම් දැමීමකි. එක් රටක් තුල රාජ්‍ය භාෂා 2ක් මුදල් වර්ග 2ක් තිබිය නොහැක. 2015 දී  කිලිනොච්චි නගරයේ මහ  බැංකුවක් විවෘත කරන ලදී. එය තවත් වෙනම රාජ්‍යයකට පාවඩ එළිමකි.

16.   තත්වය මෙසේ තිබියදී ,මෙතැනදී පමණක්  අන් රටවල් විසින් සිදු කරනු ලබන දේට පටහැනීව යමින්  රටේ ජාතික භාෂාව වන සිංහළ(සියයට 76 පමණ වන සිංහළ හා මීට වඩා වැඩි පිරිසක් සිංහළ භාෂාව කථා කරන ජනයා සිටිති )  සුළු ජන කොටස් වලට උගන්වනු වෙනුවට සියයට 20 ටද අඩු  දෙමළ මුස්ලිම් වරු පමණක් කථා කරන දෙමළ භාෂාව සිංහළයාට උගැන්වීමට සහ එය ව්‍යාප්ත කිරීමට රජය උත්සහ කරයි. දෙමළ භාෂාව සිංහළ පාසැල් වල අනිවාර්ය වුවත් සිංහළ රාජ්‍ය භාෂාව ද්‍රවිඩ පාසල්වල ඉගැන්වීම සිදු නොවේ. සිංහළ රාජ්‍ය නිලධාරීන්ට උසස් වීම ලැබීමට ද්‍රවිඩ භෂා ප්‍රවීනතාවය අනිවාර්ය වන අතර ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයන්ට සිංහළ අනිවාර්ය කිරීම  ක්‍රියාත්මක  නොවේ. බෙදීම නැති කිරීමට හා බෙදුම් වාදය පරාජයට නම් රජය කළ යුත්තේ සුළුතරයක් වන ද්‍රවිඩ කථා කරන ජනතාවට සිංහළ රාජ්‍ය භාෂාව ඉගැන්වීම මිස, බහුතරයක් වූ සිංහළයාට දෙමළ බස ඉගැන්වීම නොවේ. මෙය බෙදුම්වාදය පෝෂණය කිරීමට රජය සිදු කරන බරපතල සහාය දීමකි. එහෙයින්ම එය බරපතල වරදකි.

එසේනම් මෙම  විශාල වරද වහාම නිවැරදි කල යුතුය. ලෝකයේ අනෙක් රටවල පවතිනවා සේ මෙරටේ බහුතරය වන රටේ  නියම උරුමක්කාරයන්ගේ භාෂාව වන සිංහළ භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කල යුතුය. එසේම මෙය ඒකීය රාජ්‍යයක් නම් එක් භාෂාවක් පමණක් පැවතිය යුතුය. මෙය නිසි ලෙස නව ව්‍යවස්ථාව තුලට ඇතුල් කර සාධාරණය ඉටු කරන මෙන් ඉල්ලා සිටිමු. රෝගයක් සුව කර ගැනීම වරදක් නොවන්නා සේම පාලන වැරදි නිවැරදි කර ගැනීමද වරදක් නොවේ. එය රටේ ඉදිරි ගමනට බෙහෙවින් බලපාන අවශ්‍යතාවයකි.

නීතිය
1.       රටක නීතියක් පැවතිය යුත්තේ ඒ රටේ භුමියේ , ශිෂ්ඨාචාරයේ, රාජ්‍යයයේ, ජාතියේ හා රට වැසියාගේ  ආරක්ෂාව පිණිසය. එහෙත් අද මෙරටේ පවතින නීතිය රටේ හතුරු පාර්ශවයන්  විසින් රටේ විනාශය අරභයා භාවිතා කළහැකි  අවියක් ලෙස ඇති කරන ලද්දකි. එය රටේ ආරක්ෂාවට ප්‍රමාණවත් නොවන අතර රටේ විනාශයටද හේතු කොට ගනී. එනම් රටට , ජාතියට, ආගමට යම් විනාශයක් සිදුවන අවස්ථාවේ ඒ අරභයා නැගී සිටින අය මෙම  නීතිය මගින් මර්ධනය  කරයි . නීතිය මගින් කල යුත්තේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය ආරක්ෂා කිරීමය.

2.       අපේ රටේ පෙර පැවතියේ සම්ප්‍රදායයන් රැකීම  හෙවත් චාරිත්‍ර වාරිත්‍ර  රැකීම වේ. 1815 ගිවිසුමෙන්ද “පෙර රජ සිරිත් නොකඩවා පවත්වාගෙන යා යුතු බව” සදහන් කළේ එම සම්මතයන් එක සේම ආරක්ෂා වීම රටේ යහපත සිදුවීම පිණිස වන බැවිනි . එහෙත් ඉංග්‍රීසින් මෙය අමු අමුවේ උල්ලංඝනය කරන ලදී. ඔවුන් සියල්ල උඩු යටිකුරු කර ජාතියේ පැවැත්මත් රටත් විනාශ කළහ.


3.       ඉංග්‍රීසින් ඇතුළු බටහිර ආක්‍රමණිකයන්ගේ උප්පරවැට්ටියක් වන්නේ තමන්ට යමක් කොල්ල කෑමට හෝ වැරදි දෙයක් කිරීමට අවශ්‍යය  විට එය ප්‍රථමයෙන් නීතිගත කොට වංචනික ලෙස ඔවුන් විසින්ම එසේ සෑදු නීතියට මුවා වී සාධාරණී කරණය කිරීමය.මෙය හොරාගේ අම්මගෙන් පේන ඇසීම වැනිය. එසේම අද මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදය වැනි ඔවුන්ගේ අර්ථ ශුන්‍ය සංකල්ප  හරහාද සිදු කරනුයේ මෙරට අනතුරට හෙලීමය. එහි ආභාෂය අපේ කළු සුද්දන්ද ලබාගෙන ඇති බව මෑත ඉතිහාසයේදී  හා වර්තමාන පාර්ලිමේන්තුවේදී  සිදුවන නිතී අනපනත් (රටට , ජාතියට, බුද්ධ සාශනයට අහිතකර)  ඉදිරිපත් කිරීම් හා සම්මත කිරීම මගින් පැහැදලි වේ. මෙම නව ව්‍යවස්ථාවද රටේත් ,ජාතියේත්, සාශනයේත් විනාශය පිණිස වූ   එවැනි උප්පරවැට්ටියක් වීමට බොහෝ ඉඩ කඩ ඇත.  

4.       මෙරටට ප්‍රථමයෙන් ඉංග්‍රීසි නීතිය හඳුන්වා දුන්නේ (මුඩු බිම් පණත හරහා) සිංහළයාගේ ඉඩම් කොල්ල කෑමටය. (  ඉංග්‍රීසින් විසින් සිංහළ ගම බිම් ගිනි තබා විනාශ කර සිංහළයාගෙන්  කොල්ල කෑ ඉඩම්  ප්‍රමාණය අක්කර 1,395,642 ක වේ. මෙම ඉඩම් පවුම් 1,903,668.00 කට  එදා ඔවුන්ගේ වැවිලිකරුවන් හට විකුණන ලදී. එම ඉඩම් වල නියම උරුම්මක්කාරයන් අදටත් මහනුවර කොළඹ ඇති මුඩුක්කු වල දුක් විදිති.) ස්වයංපොෂිත තත්වටයට  පත් කර තිබු මෙරටේ සුභ සිද්ධිය පිණිස අවුරුදු දහස්  ගණනක් තිස්සේ පැවති  සම්මතයන්, රජ සිරිත් බිඳ දැමුවේද,ඉන්පසුව සියලුම නීති සැකසුවේද මේ රටේ ආරක්ෂාවට හෝ මෙරටේ අවශ්‍යතාවට අනුව නොව ඉංග්‍රීසින්ට මෙරට ඔවුන්ට අවශ්‍ය ආකාරයට පාලනය කල හැකි ලාබදායි යටත් විජිතයක් කර ගැනීමේ අරමුණු ඇතිව මිස මේ දෙරණේ විසු ජනතාවගේ සුභ සිද්ධිය අරභයා නොවේ. 1948 නිදහස ලැබීමෙන් පසුව අපට නොගැලපෙන මෙම  නීති පද්ධතිය රටට ගැලපෙන මේ දේශයේ ආරක්ෂාව උදෙසා  වෙනස් කල හැකිව තිබුනත්  අදටත් අපිට නොගැලපෙන ඉංග්‍රීසින්ගේ වාසියට සෑදු නිතිය එලෙසම මුග්ධයන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.


5.       යම් රටකට පැවතිය යුත්තේ එක් පොදු නීතියකි. සියළුම රට වැසියා එම නීතියට පමණක් යටත් විය යුතුය. රටේ ජිවත් වන ජන කණ්ඩායම් සඳහා ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතික  අවශ්‍යතා සඳහා වෙනත් නීති හෝ අනු නීතීන්ට ඉඩ දීම රජය විසින්ම කරන්නාවූ විශාල වරදකි. එනම් රට බෙදා  වෙන් කිරීම හෙවත් බෙදුම්වාදයට අනුබල දීමකි.

6.       බෙදුම්වාදය පරාජය  කල හැක්කේ භූමියෙන් පාලනයෙන්,සංස්කෘතියෙන්, නීතියෙන්, භාෂාවෙන් බෙදීමෙන් නොවේ. සුළු කණ්ඩායම් සියල්ලම රටේ ප්‍රධාන ධාරාව තුලට අනුගත කිරීමෙනි. එනම් පෙර රජ වරු මෙරට පාලනය කල ක්‍රමවේදයයි. එසේනම් මෙම බෙදුම්වාදය , වර්ගවාදය , අන්තවාදය නැති කිරීමට සංහිදියාව, සහජීවනය , සර්වාගමික ලෙස බෙදීම් තබා එකට ගැට ගැසීම නොව පෙර ආදර්ශය ගෙන සුළු කණ්ඩායම් මෙරටේ ප්‍රධාන ජන ධාරාවට සංස්කෘතියට අනුගත කල යුතුය. කිමද ඔවුන්ට මේ රටේ අයිතියක් ඉල්ලිමට කිසිදු පදනමක් නැති අතර මෙරටේ අයිතිකරුවන් වන සිංහළයාගේ අවසරයකින් තොරව ආක්‍රමණිකයන් (බ්‍රිතාන්‍යයන් විසින් අවරුදු 160 තරම් මෑත කාලයක) විසින් ගෙනවවුත් පදිංචි කරන ලද පිරිසක් හෙයින්  ඔවුන්ට මේ රටේ අයිතියක් ලබා ගැනීමට නම් ඔවුන් ස්වභාවිකරණය විය යුතුය. එනම් මනසින් විදේශික ලෙස හා   ශරීරයෙන් දේශීය ලෙස නොව  , මනස  (සංස්කෘතියෙන්) හා  ශරීරය යන දෙකෙන්ම මේ දෙරණේ වැසියෙක් විය යුතුය. එනම් සිංහළේ වැසියකු විය යුතුය.
පළාත් සභා   
1.       ස්ථිර ද්‍රවිඩ හෝ මුස්ලිම් ජනගහනයක් නොවූ මෙරට දකුණු ඉන්දියානු දෙමළ කථා කරන ද්‍රවිඩ හා මුස්ලිම ජනයාගෙන් ජනාකීර්ණ කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. මෙරට මලබාර් ස්ථිර ජනාවාස නොවූ බව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගේ වාර්තා වලින් ඉතාම පැහැදිලි ලෙස සනාථ වේ.   එසේම දෙමළ බෙදුමවාදින්  විසින් ඉදිරිපත් කරනු ලබන වෛපමාලේ ග්‍රන්ථයේ ඇති ඉතිහාසයත් ප්‍රබන්ධ කථාවකි. එය හුදෙක් හිතළු මත පදනම්ව ඉදිරිපත් කර ඇති අතර , කිසිදු මුලාශ්‍රයක් ඉදිරිපත් නොකරයි. මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට හේතු වුයේ මහනුවර රාජධානියට විරුද්ධව සිදු කෙරුණු ලන්දේසීන්ගේ ආක්‍රමණ අසාර්ථක වීමය. මේ නිසා වෛරී වූ ලන්දේසින් යාපනය සිංහළ රජතුමාට අයත් නැති බව කීමට මයිල්වාතනම් පුලවර් හට  (ජාන් මක්කාර් නම් ඔවුන්ගේ නිලධාරියා මගින් ) ඉල්ලීමක් කරන ලදී. එය පිළිගත් ඔහු යාල් පානම් වෛපමාලේ ලියා තෑගි බෝග හා තනතුරක්ද ලබා ගත්තේය.  එසේම ඊලාම් මතවාදයට පදනම දැමු  “Early Tamil settlement in Jaffna” නමැති කේ. ඉන්ද්‍රපාලන් විසින් රචිත නිබන්දනයට 1967  වසරේදී  PHD උපාධිය පිරිනමන ලදී. ඉන්ද්‍රපාලන් මහතාගේ මෙම නිබන්දනයට මුලාශ්‍ර කරගන්නා ලද වෛපමාලේ ග්‍රන්ථයත්, පරරාජසේකරන් උලෙයි, වයියා පාඩල් , කයිලය මාලෙයි  නමැති ග්‍රන්ථ වල ඇති කථාත් හුදෙක්ම ළමයින්ව නිදි කිරීමට අම්මලා විසින් ගොතා කියූ කථා බව  1919 වසරේදී රාසනායගම්  මුදලි  ඔහුගේ “Ancient Jaffna” නමැති කෘතියේ සදහන් කර ඇත.   

2.       ඉංග්‍රීසින් මෙරටේ අවස්ථා තුනකදී දෙමළ කථා කරන ජනයා පදිංචි කරවන ලදී. එනම්, 1819 පාරේ වැඩට ගෙන එන ලද කුලී කරුවන් කෝල් බෲක් නිර්දේශ ( 1829-32 ) මත 1834 දී යාපනයේ පදිංචි කිරීම. දෙවන කණ්ඩායම 1840 වසර අවට කෝපි හා තේ වතු සඳහාත්, තුන්වන කණ්ඩායම 1948 දී  ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ ගේ නිර්දේශ මත සිංහළයන්  මරා දමන ලද නැගෙනහිර ප්‍රදේශයේද පදිංචි කරවන ලදී.  එනම් මෙරට සිටින ද්‍රවිඩ හා මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය වසර 160 පමණ වන අතර ඔවුන්ට කිසිදු නිජබිම් හෝ රාජ්‍යය අයිතියක් මෙරටේ  නොමැත. තත්වය එසේ වුවත් 1987 දී එවකට ජනාධිපති  හා රජය වැරදි උපදෙස්මත දෙමළ නිජබිම් සංකල්පය පිළිගෙන පළාත් සභාද ස්ථාපිත කරන ලදී.    


3.       එල්. ටී .ටි. ඊ සංවිධානය ත්‍රස්තවාදයෙන් ඉවත් කර දේශපාලනයට අවතීර්න කරවීම 1987 දී හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකන ලද . මේ සඳහා ඉන්දියානු රජයෙන් යෝජනා කර ඉන්දු- ලංකා ගිවිසුම යටතේ ලංකාවේ පළාත් සභා ඇති කළේය. ඒ අනුව අපේක්ෂා කරන ලද්දේ LTTE සංවිධානය ඇතුළු සියළුම  ද්‍රවිඩ ත්‍රස්තවාදී සංවිධාන ආයුධ බිම තබා දේශපාලනයට අවතීර්ණ කරවීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ලෙස පළාත් සභා ඇති කලද LTTE සංවිධානය ආයුධ බිම තබා ත්‍රස්තවාදයෙන් ඉවත් නොවිය. එසේම ඉන්දියාවට ත්‍රස්තවාදීන් නිරායුධ කිරීමේ  කොන්දේසිය  ඉටු  කිරීමට අපොහොසත් වූ  බැවින් ගිවිසුමේ වලංගු භාවයක් නොමැත.

4.       LTTE සංවිධානය යුධමය වශයෙන් 2009 මැයි මස පරාජය කරන ලදී . එබැවින්  මේ වන විට LTTE සංවිධානය හෝ උතුරු නැගෙනහිර වෙනත් කිසිදු  ත්‍රස්තවාදී කණ්ඩායමක්  ක්‍රියාත්මක නොවන නිසා 13 වන සංශෝධනයේ නිමිත්ත අහෝසි වී ඇත. එබැවින් 2016 ව්‍යවස්ථාව සඳහා පළාත් සභා ක්‍රමය ඇතුලත් කිරීමේ හෝ රට පළාත් වලට බෙදීමේ ක්‍රමයක් ඇතුල් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. එය අහෝසි කර දැමිය යුතුය. ලංකාව ප්‍රාන්ත 9 කට බෙදා ඇති අතර දැන් උතුරු පළාත වෙනම රාජ්‍යයක් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව එහි මහ ඇමති විග්නේශ්වරන්   ප්‍රකාශ කොට ඇත. මෙනිසා තවදුරටත් මෙම අනවශ්‍ය පළාත් සභා ක්‍රියාත්මක වුවහොත් ලංකාව ප්‍රාන්ත වලට බෙදී වෙන්වී යාම සිදු වේ. 

5.       එසේම LTTE සංවිධානය ඇතුළු ද්‍රවිඩ කොටස් ත්‍රස්තවාදයෙන් මුදවා දේශපාලනයට ගෙන ඒමේ අරමුණ සමගම පළාත් සභා පිහිටුවීමේදී ඒ සඳහා කිසිදු පිළිගත හැකි පදනමක් නොමැතිව ද්‍රවිඩ නිජ බිම් අයිතිය පිළිගන්නා ලදී. එහෙත් ද්‍රවිඩ රාජ්‍යයක් හෝ නිජ බිම් අයිතියක් සනාථ කිරීමට කිසිදු පිළිගත හැකි ඉතිහාසයක්, පුරාවිද්‍යාත්මක සාක්ෂි හෝ සාහිත්‍යයක් , ඔවුන් බිහිකල සිස්ටාචාරයක්, ඒ තුලන් බිහි වූ ජාතියක් හෝ ආර්ථික ක්‍රමයක් (වාරි කරමාන්තය, ගොඩ මඩ ගොවිතැන) නොමැත. දෙමළ ජනතාවට නොමැති නිජ බිම අයිතියක් පිළිගෙන එවකට ජනාධිපතිවරයා කර ඇත්තේ විශාල වරදකි. එසේනම් එය අහෝසි කොට වරද වහා නිවැරදි කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කරමු.

ජාතියට ඇති අයිතීන්
1.       ජාත්‍යන්තර සම්ප්‍රදාය අනුව යම් රටක  ජාතියේ පිළිගත් අයිතීන් නම්, ඒ රටේ ඉතිහාසයට ඇති අයිතිය,   ශිෂ්ඨාචාරයට ඇති අයිතිය, සමස්ථ භූමියට ඇති අයිතිය හා ජාතික තීරණ ගැනීමේ අයිතිය වේ. මේවා පුර්ණ ලෙසම එම රටේ නියම උරුමක්කරුවන් සතු වන අතර කිසි විටකත් රටක වෙසෙන  විදේශිකයන්ට හිමි නොවේ.  එහෙත් විදේශිකයකු වුවද පුර්ණ ලෙස ස්වාභාවිකරණය(ජාතිය, එම ජාතිය පිළිගත් දහම,හා එම ජාතියේ සංස්කෘතිය පිළිගෙන ඒවා වැළදගැනීම)  තුලින් එම අයිතීන් ලබා ගත හැකිය.උදාහරණය ලෙස පෙර සදහන් කල සේ වඩුග, නායක්කාර රජ දරුවන් දේශීය වූ අන්දම දැක්විය හැක.

2.       එහෙත් අද එම ජාත්‍යන්තර සම්ප්‍රදායත් උල්ලංඝනය  කරමින් මෙරටේ සමස්ථ භූමියට ඇති අයිතිය ද්‍රවිඩ නිජබිම් සංකල්පය තුලිනුත් , සුළු ජන කොටස් බොරු ඉතිහාසයක් මවා පාමින් සහ ඔවුන්ව රටේ රජය, ජනාධිපති තෝරා ගැනීම වැනි ජාතික තීරණ ගැනීමට ඉඩ ප්‍රස්තා ලබා දීමෙන් හා ඒවාට අනුබල දීමෙන් රජය මෙරටේ නියම උරුමක්කරුවන්  වන  සිංහළයාගේ පාරම්පරික උරුමය හා අයිතියත්  උල්ලංඝනය කරයි. එය වහා නිවැරදි කල යුතුය. එහෙත් මේ නිවැරදි කිරීම තුලින් සුළු ජන කොටස් වලට පුරවැසියන් ලෙස සිංහළයාට සමානව  පුරවැසි වරප්‍රසාද  භුක්ති විඳීමට මෙරටේ නිදහසේ ජිවත් වීමට  කිසිදු බාධාවක්  නොමැත.


3.       මේ සඳහා අපට ජර්මනිය හොදම උදාහරණය ලෙස ගත හැකිය. පරම්පරාවෙන් ජර්මානුවන් හා ක්‍රිස්තියානි වන පිරිස එරටේ ජාතිය වන අතර , යුදෙව්, මුස්ලිම් වැනි පරම්පරා 7-8 ජිවත් වූ පිරිස ජර්මනියේ විජාතික පුරවැසියන් ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලබයි. ඔවුන්ට සියලු පුරවැසි වරප්‍රසාද  හිමිවන අතර ජාතික පුරවැසියන්ට ඇති විශේෂ අයිතීන් වලට හිමිකම් නැත. මෙහිදී උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ ඉතාම ධනවත් නීතිඥයකු වූ යුදෙවූ ජාතික කාල් මාක්ස්ගේ පියා යුදෙව් ආගම අතහැර ක්‍රිස්තියානිය වැළදගෙන, ජර්මන් සංස්කෘතිය වැළදගෙන පුර්ණ  ජර්මානුවෙක් ලෙස ජාතික පුරවැසි අයිතීන් ලබා ගත් බවයි. මින් අසතුටට පත් කාල් මාක්ස් උගතෙකු වූ විට ජාතිය මිත්‍යාවක් බව හා පන්තිය යථාර්තය බව කියන “විද්‍යාත්මක සමාජවාදය” ලිවිය. මේ විකාර ඔලුවේ දමාගත් අපේ ඇතැම් තරුණ කොටස් තමන්ගේ අම්මා තාත්තා , රට ජාතිය, ආගම නොහදුනන මෙරටට කොඩිවිනයක් වන් පිරිසක් බවට පත්ව ඇත.

4.      අපේ රටේ මෙන්ම ෆිජි රටටද  බටහිරයන් විසින්  ගෙනගොස් පදිංචි කරන ලද ඉන්දියානුවන් එරටේ ආර්ථිකය හා පාලන බලය අල්ලාගෙන සිටියේය. මෙහිදී ෆිජි ජාතික යුද හමුදා නායක රඹුකා  හමුදා මෙයෙයුමකින් රටේ බලය නැවත අල්ලා ගන්නා ලදී. මෙම ක්‍රියාවට ප්‍රතිවිරුධව එක්සත් ජාතීන්ගේ සංගමය කිසිම පියවරක් නොගත්තේය. මේ පිළිබඳව BBC ප්‍රවෘත්ති සේවය එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්ෂක හිමිකම් කවුන්සලයේ ප්‍රධානියකුගෙන් ප්‍රශ්න කල අවස්ථාවේ ඔහු සඳහන් කළේ , එය එරටේ ජාතියේ අයිතිය(right of nation) බැවින් එයට මැදීහත් වීමට එක්සත් ජාතීන්ට නොහැකි බවය. මෙම “right of nation” යනු කුමක්ද කියා අසු විට ඔහු තහවුරු කළේ “ රටක ශිෂ්ටාචාරය බිහිකළ පිරිස එම රටේ ජාතිය වන බවය” ඔවුන්ට පමණක් හිමි වරප්‍රසාද 4 ක් පවතින බවත්(එම වරප්‍රසාද  ඉහත සඳහන් කර ඇත) ,එම අයිතිය සඳහා වූ ඔප්පුව ඔවුන්ගේ ඉතිහාසය යන බවත්ය. එසේනම්, මෙරටේ ශිෂ්ඨාචාරය බිහි කළේ සිංහළයා වන අතර, ඒ සඳහා අපට පැහැදිලි  ලිඛිත ඉතිහාසයක් මෙන්ම පුරාවිද්‍යාත්මක සාක්ෂිද ඇත. එසේනම් වසර 160 පමණ සුළු කාලයක් තුළ මෙරටේ පදිංචි පර දේශක්කාරයනට ඒ අයිතිය පවරන්නේ කුමන  පදනම මතද?  මේ ගැන පවතින රජය සිංහළ ජාතියට වහාම උත්තර බැඳිය යුතුය. 
එසේනම් , මේ ලෝකයේ පිළිගත් පරිදි  නිවැරදි ලෙස අනෙක් රටවල ක්‍රියාත්මක වන ක්‍රමය වන  ජාතීන් හා ජාතීන්ගේ අයිතීන් ආදර්ශයට  ගෙන, මෙරටේද ජාතිය “සිංහළ” හා එම “සිංහළයා රට වැසියන්” ලෙසද, පිටින් ගෙනවුත් පදිංචි කරන ලද්දවුන් වන දෙමළ මුස්ලිම් වැනි අන් ජන කොටස්  විජාතික පුර වැසියන් ලෙසද හඳුන්වා දිය  යුතුය. යමෙකුට රට වැසියකුගේ  අයිතිවාසිකම් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහු පුර්ණ ලෙසම “සිංහළේ රට වැසියාගේ” දහරාවට ස්වාභාවිකරණය විය යුතුය. එසේ නොවන්නාට විජාතික පුරවැසියකු ලෙස සිංහළේ රට වැසියන්ට  ලැබෙන “පොදු  වරප්‍රසාද”  භුක්ති විදීමට හැකි අතර , රට  වැසියාට ඇති  “පරම  අයිතීන්” ඔවුනට නොලැබේ.
1815 ඉංග්‍රීසින් මෙරටේ බලය ලබා ගන්නා තෙක් සියළු යස ඉසුරින් පිරි ස්වයංපෝෂිතව  තිබූ මේ රට ඉංග්‍රීසින් හඳුන්වා දුන් පාර්ලිමේන්තු ක්‍රමයෙන් , ඔවුන්ගේ දෙවියන්ගේ අණ පණත් නම් ව්‍යවස්ථාවෙන් , ඔවුන්ගේ දසපනතේ නීතියෙන් , හෝ ඔවුන් හඳුන්වා දුන් සමාජ, ආරථික ක්‍රම වලින් හෝ මෙරටට පසුගිය අවූරුදු 200 (ඔවුන්ගේ පාලන සමය හා නිදහසෙන් පසු ගෙවුණු අවරුදු 68 )  තුලදී කිසිදු යහපතක් සිදුව නැත. එන්න එන්නම විනාශයම ලඟා වෙමින්  පවතී. ඔවුන් විසින් පවරා දුන් පාර්ලිමේන්තුව හෝ එහි නියෝජනය කරන දේශපාලඥයන්ට හෝ මෙරටට යහපතක් කිරීමට රට නැවත පෙර රජ දවස සේ ස්වයංපෝෂිත කර සුඛිත මුදිත කිරීමට තබා මෙරටේ නියම උරුමක්කාරයන්ට එහි අයිතියවත් තහවුරු කර දීමට පසුගිය අවුරුදු 68 තුලම  සමත් වී නැති අතර බ්‍රිතාන්‍ය යුගයට වඩා වේගයෙන් හා දරුණු ලෙස රටත් එහි නියම ජාතිය වූ සිංහළයාත් විනාශය කරා ගෙන යමින් පවතී.
බ්‍රිතාන්‍යයන් අපට බලෙන් පැටවූ වෙස්ට්මිනිස්ටර් වර්ගයේ පාර්ලිමේන්තු ක්‍රමය හා , අද මේ රටේ පවතින සියළු ආකාර ප්‍රජාතන්ත්‍රවාදය, මාක්ස්වාදය, කොමිනියුට්ස්වාදය හෝ වෙනයම් විදේශයන්ගෙන් පැමිණි මතවාද මෙතෙක් මෙරටට විනාශයක් මිස කිසිදු යහපතක් සිදු කර නොමැත.ඒවා මෙරටට නොගැළපෙන බව පසුගිය 68 වසර තුල  ක්‍රියාවෙන්ම ඔප්පු වී හමාරය. එනම් මේ රටම  ලෙඩ කර ඇත. ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු නොකර නිසි ප්‍රතිකාර කල යුතුය. එහෙත් ඒ දෙයද ක්‍රමානුකුලව පරෙස්සමට කල යුතු වේ.   එබැවින් , ප්‍රතිපත්තිමය වශයෙන් “සුර්ය වංශ ගොඩ නැගීම” (සංවිධානය) හා එහි උත්තරීතර මණ්ඩලය වූ “ජාතික බුද්ධි මණ්ඩලය”  විසින් මෙම සියළුම බටහිර මතවාද හා ක්‍රම සියල්ල  ප්‍රතික්ෂේප කළද , දැනට පවතින ක්‍රමය යටතේ වුවද අනාගත සුබ සිද්ධිය උදෙසා  රටේ හා එම රටේ ජාතියේ අයිතිවාසිකම් හා  ආරක්ෂාව තහවුරු කලයුතු බැවින්  මෙම යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන මෙන් මෙසේ රජයට බලකර ඉල්ලා සිටිමු.
මේ වන විට රටම ලෙඩ වී ඇත. මේතාක් කරන ලද්දේ ලෙඩේ මූලය හේතුවෙන් විටින් විට ඉස්මතු වන අතුරු ආබාධ වලට තාවකාලික ප්‍රතිකාර කිරීම පමණි. අදටත් ලෙඩා ලෙඩා කියමින් දුක් විදිමින් සිටි.පුර්ණ සුවය ලැබ ලෙඩා මරණයෙන් බේරීමට නම් ලෙඩේ මූලයට ප්‍රතිකාර දිය යුතුය. මෙරටට ද්‍රවිඩ , මුස්ලිම (මලබාර්) වහල් ජන කොටස් ගෙනෙන ලද්දේ ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් රට පාලනය කිරීමට  ඔවුන්ගේ සහයටය .පසුව ආක්‍රමණිකයා ඔවුන්ගේ අවශ්‍යතාව මත සහයකයන්ට රටේ පාලනයද භාර දෙන ලදී. අද ආක්‍රමණිකයා ගිය පසු ඔවුන්ගේ සහයට ගෙන එන ලද එම කොටස් ආක්‍රමණිකයන් බවට පත්ව ඇත. එසේනම් මූලික ආක්‍රමණිකයා විසින් සිවිල් පාලනය හා දේශපාලනය එම පර ජන කොටස් අතට පත් කලද අප එසේ කල යුතු නැත. ආක්‍රමණයන් තුලින් අපට මේතාක්  කල හානියන්ට  දඬුවම් පැමිණ විය  යුතුය . අප කල යුත්තේ සංහිදියාව , සහජීවනය , සර්වාගම් සංකල්පය මගින් “ආක්‍රමණික හා ඔවුන්ගේ සහයකයින් සංසිදවන”  තරමට අපේ අයිතීන් අත් හැරීම නොව, ආක්‍රමණිකයන් තම ආක්‍රමණකාරිත්වය පිළිගැනීමට සලස්වා මෙරටේ හිමිකරුවන් පවසන ආකාරයට “ස්වාභාවිකරණය” වී ජිවත් වීමට යොමු කරවීමය. එසේ නොවී දෙමළ , මුස්ලිම් යයි පවසා තමා විසින්ම ඉන්දියානුවෙක් අරාබි ජාතිකයෙක් කියා ගන්නා ඔවුන් පැමිණි දේශයන්ටම වහා  පිටමං කල යුතුය.(බුරුමය සිදුකල දේ කිරීමට තවමත් අප ප්‍රමාද නැත) .  එසේම මොවුන් විසින් මවා පානා බොරු ඉතිහාසයේ හෙළුව එක්සත්  ජාතීන්ගේ සංවිධානයත් ඊට සහය දක්වන අනෙකුත් රටවලටත් නොබියව පෙන්නා දී මෙරට විනාශ කිරීමේ අනවශ්‍ය මැදිහත් වීම් වලින් ඔවුන්ව වළක්වාලමින්  කටයුතු කිරීමට රජය වග බලා ගත යුතුය.
එසේම රජයද ආපසු හැරි පසු ගිය 68 වසර තුල සිදු වූ ක්‍රියාකාරකම් ගැන හා ඒ ක්‍රියාකාරකම් අරභයා බටහිරින් ලැබූ වැරදි උපදෙස් හා ඒවායේ අනිටු විපාකයන් ගැන සමාලෝචනයක යෙදීම මැනවි. එතුලින් තව දුරටත් මුලා නොවී ඔවුන්ගේ වහසි බස් වලට නොරැවටී මේ රටට, එහි නියම උරුමක්කාරයන්ට හා මේ රටේ පැවැත්මට ,සුබ සිද්ධියට අදාලවන බටහිර ගැති මානසිකත්වයෙන් මිදී පියවි ලොවට පැමිණ  දේශීය කෝණයකින්  බලා මෙරටට අවශ්‍ය  ව්‍යවස්ථාව සම්පාදනය කිරීම රජයේ දැඩි වගකීමකි. රජය විසින් කල යුත්තේ තමන්ගේ රට සහ එහි නියම උරුමක්කාර  වැසියන් ආරක්ෂා කිරීම මිස ආක්‍රමණිකයන් හා  ජාත්‍යන්තරය තෘප්තිමත් කිරීම නොවන බව අවධාරණය කළ යුතුය.
මෙරටේ වැඩිම අසාධාරණයකට අගතියකට පත් කොට්ඨාශය සිංහළයාය. සුළු ජන කොටස් වලට ඔවුන්ට සාපේක්ෂ වශයෙන් ලැබිය  යුතු ප්‍රමාණයටත් වඩා අයිතිවාසිකම් ලබා දී ඇත. එහෙත් රජයද, සුළු ජන කොටස්ද , ජාත්‍යන්තරයද  මාධ්‍යය  උපයෝගී කර  උලුප්පා දක්වන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයට වේ. මේ වනතෙක් කිසිදු සුළු  ජන කොට්ඨාශයක් නිජ භුමි අයිතිය හෝ උරුමය පෙන්වීමට නිසි සාක්ෂි සාධක ඉදිරිපත් කර නොමැත. ඒවා ඔප්පු කරන ලෙස කියූ විට ඔවුහු  ඒවා ගැන කථා කිරීම මග හරිති. ඔවුන්ට මෙරට භුමියේ අයිතියක් තිබේ නම්, ඒවා ඉතිහාසය තුලින්, පුරා විද්‍යාත්මක සාක්ෂි තුලින්, තහවුරු කල යුතුය, එසේම ඔවුන්ගේ ජාතිකත්වයද තහවුරු කල යුතුය. මේවා නොකොට යම් හෙයකින් භුමි හා පාලන අයිතියක් ලබා දීමට රජය ක්‍රියා කරයි නම් එය දැඩි වරදක් වේ. ඉහත දක්වා ඇති සියළු කරුණු ඔබේ හර්ද සාක්ෂියට එකගය. නමුත් නිළයේ හා බලයේ කෑදරකම නිසා ඔබට තම හර්ද සාක්ෂියට විරුධව කටයුතු කිරීමට සිදු වේ. එහෙත් මරණ මංචකයේදී ඔබ ඒ ගැන පසු තැවෙනු ඇත. එසේම තම දරු මුණුබුරන්ද මෙරටේ උරුම්මක්කාරයන් සියළු දෙනා අනාගතයෙදී  ඔබට ශාප කරනු ඇත.  
අප විසින් කරන ලද ඉහත ඉල්ලීම් ඉතාම සර්ව සාධාරණ වේ. අප ඉල්ලා සිටින්නේ අලුත් දෙයක් නොව සිංහළයාට  උරුමයෙන් ලද, සිංහළයාගේ  කැමැත්තෙන් තොරව ආක්‍රමණිකයන් විසින්  උදුරාගත් අයිතිය නැවත සිංහළයාට ලබා දෙන ලෙසය. මේම කුමන්ත්‍රණකාරී  පසුබිමේ ඉතිහාස කථාව සැකෙවින් විස්තර කරන ලදී.   යම් හෙයකින් මේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එයට මෙරටේ ඉතාම වැඩි  බහුතරය වන සිංහළයාට උත්තර බැඳීමට පවතින  රජය සුදානම් වීය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කිරීමක් නිසා ආර්ථික හා සමාජය ගැන යෝජනා ඉදිරිපත් නොකරන අතර රටක පැවැත්මේ ක්‍රියාදාමයේදී ආණ්ඩුව යනු තුන්වන අවස්තාව පමණි. එහෙත් ආර්ථිකය මූලික වන බැවින් මෙරටට ස්ථිර වූ ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුය , එක්සත් ජාතීන්ගේ උපදෙස් මත විටින් විට වෙනස් වන ආර්ථික ප්‍රතිපත්ති කලක්   “නව කාර්මිකකරණය” වූ අතර අද එය “සංචාරක කර්මාන්තය” මුල් කරගත් ආර්ථිකයක් බවට වෙනස් කර ඇත. එහෙත් මෙතෙක් රටේ ආර්ථිකය දියුණු වී නොමැති අතර කඩා වැටීමකට ලක්ව ඇත. නිවර්තන කළාපයේ රටවලට සුදුසු වන්නේ “දේශීය කෘෂී” ආර්ථික රටාවකි. එහෙත් එය අද පවතික ඇමරිකානු ක්‍රමයේ කෘෂී කර්මාන්තය නොවේ. හරිත විප්ලවයට පෙර තිබු “පාරම්පරික ගොවි ආර්ථික රටාව” නැවත ස්ථාපිත විය යුතුය. එසේනම් ව්‍යවස්ථාව තුල අපගේ මූලික ආර්ථික ප්‍රතිපත්තිය ලෙස  “පාරම්පරික  ගොවිතැන” අර්ථ කථනය විය යුතුය. අපේ පැවැත්ම තීරණය වන්නේ පිටරැටියන්ගේ නිෂ්පාදනය හුවමාරු කරන කාර්මික භාණ්ඩ සදහා වූ වාණිජ ආර්ථිකයක් මත නොව, මේ පොළොවේ සාරයෙන් නිපදවන “කෘෂී නිෂ්පාදන” මත වේ. ඒ සඳහා වාරි කර්මාන්තය (වැවු මුල් කරගත් වාරි පද්ධතිය) ආරක්ෂා කිරීමද අත්‍යාවශය වේ.
එසේනම් , අනු පිළිවෙලට අනුව  පලමුවැන්න විය යුත්තේ  තම අවශ්‍යතා නිපදවා ගැනීමටය , එනම් ආර්ථිකය වේ. දෙවැන්න එම ආර්ථිකය ක්‍රියාත්මක කරන හා භුක්ති විඳින සමාජයයි. තුන්වැන්න නම් එම ආර්ථිකයට හා සමාජයට හානියක් වන්නට නොදී නීති රීති දමා රැකගන්නා ආණ්ඩුව හා එය බිහිකරන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව මුලට ගෙන  ඉංග්‍රීසින් සෑදු ව්‍යවස්ථාව මගින්  වත්මන් සමාජය හා ඉංග්‍රීසින් විසින් ඇතිකළ රටට නොගැලපෙන වැරදි ආර්ථිකය  හැසිරවීම යනු නගුට විසින්  බල්ලා වැනීම හා සමානය. එසේනම් මෙම වැරදි ක්‍රමය තුල මේ රටට , සමාජයට, ආර්ථිකයට හා රට වැසියාට සෙතක් සිදු වේද?

සුර්ය වංශය යලි ගොඩ නැගීම(සංවිධානය )                                 උත්තරීතර ජාතික බුද්ධි මණ්ඩලය