Friday, February 28, 2014

සිංහලයට උගුල් අටවන්නෝ (01) - පාර්ලිමේන්තු උගුල




සිංහලයට උගුල් අටවන්නෝ


අප සිංහල ජාතියද මෙම රටද විනාස කිරීමට මාන බලන උගුල් අටවන්නනන් බොහෝය. හයවැනි පන්තියේදි භූගෝල විද්‍යාව යටතේ උගත් එක් පාඩමක් වන්නේ "උගුල් අටවන්නෝ ” යන්නයි.ඉන් අදහස් කලේ ප‍්‍රදේශවල වසන ඉතා වටිනා ලොම්වලින් යුත් සුුදුනරි,සේබල් හා මින්ට් වැනි සතුන්ගේ හම තුවාල නොවීම සදහා උගුල් අටවා මරා ගැනිමයි.අද දින නිවර්තනික රටවල ජාතීන් බිදවැට්ටවීම සදහා බටහිර බලවත් ජාතින් විසින් උගුල් ඇටවීම දක්නට පුථවන.කලින් යටත් විජිත ලෙස පැවති මෙම රට වලට අධ්‍යාපනය ලෙස ආවේ අධිරාජ්‍යය හිමි රටවල දැනුමයි. නිදසුනක් ලෙස අද ලංකාවේ පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන යනු මහා බි‍්‍රතාන්‍යයේ දැනුම් සම්භාරයයි මෙය අප රටට නොගැලපේ.අද "සංවර්ධනය” යටතේ ඇමෙරිකන් දැනුමද ඊට එකතු වී ඇත.ලංකාව වැනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටවල තිබු රටට ගැලපෙන දේශිය දැනුම් සම්භාරය වල්වැදිමට කටයුතු සිද්ධකර ඇත. ලංකාවට අටවන ලද මෙබදු උගුල් තුනක් පහත දැක්වේග

ඒවානම්, පාර්ලිමේන්තු උගුල , සංවර්ධන උගුල සහ පළාත් සභා උගුල වේ. 

1. පාර්ලිමේන්තු උගුල

 උසස් අධ්‍යාපනය ලත් අයෙකුට වත්මන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උගුලක් බව කීවොත් ඔහු කේන්ති ගනු ඇත. ඊට හේතුව අපගේ සිංහල පාලන ක‍්‍රමය පැවති බව හා වසර එක් දහස් අටසියක් එය පැවතුන බව ඔහු විසින් පිලිනොගැනිමයි.එංගලන්ත රිදී බන්දේසියක තබා දුන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1948න් වසර 66ට පසු අපට මර උගුලක් වී ඇත, රටට නොගැලපෙන මෙම ක‍්‍රමය එම හේතුවෙන් තව වසර කිපයකදි නැතිවි යනු ඇත.
1812 මැග්නාකාටා ගිවිසුමෙන් එංගලන්ත රජුගේ බලතල වක‍්‍ර ලෙස යම් සිමාවන්ට යටත් කරන ලදි. එතැන් සිට රජුගේ ජනතාව අතට බලය එ්ම සිඝ‍්‍ර වුනේ කාර්මිකරණය හා වානිජකරණය නිසාය. ධනපති හා දුප්පතුන් පන්ති දෙක ඉංග‍්‍රිසි සමාජ ක‍්‍රමය තුල ඉතිහාසය පුරා පැවතින. කාර්මිකත්වය හා වානිජත්වය නිසා මුථ රටම ධනවාදයට එළබි අතර ධනවත් හා දුප්පත් දෙකොටසම එකම ජිවන රටාවකට එළඹියහ. එනම් "ධනය” මාවතයි.නමුත් 80‍% ක් කම්කරුවන් නිසා ඔවුහු ඉතා බලවත් වුහ.දෙපාර්ශවයම කියා සිටියේ එංගලන්තය සමෘධිමත් කල හැක්කේ තමන්ට බවය.එනිසා මුථ සමාජය ධනපති හා නිර්ධන යන කොටස් දෙකට බෙදුනි. ඔවුන් නියෝජනය කිරිමට කොන්සවටිව් හා ලේබර් යන පක්‍ෂ දෙකක් ඇත.එබැවින් එංගලන්තය ධනවත් බලවත් රටක් කිරිම සදහා හැකියාව ඇත්තේ තමන්ට බව කියමින් බලයද මාරුවෙන් මාරුවට ලබා ගනිමින් එම ජාතික මෙහෙවර ඉටුකරති.බි‍්‍රතාන්‍යයේ පාර්ලිමෙන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එබැවින් හොදින් කි‍්‍රයාත්මක වේ.එරට අවශ්‍යතාවයකට එරට ඉතිහාසය තුලින් වැඞී ආවකි. පාර්ලිමේන්තු ක්‍රමය එරටට ආවේනික සමාජ ආර්ථික ක්‍රමය නිසා ගැලපේ.
ලංකාව යනු බි‍්‍රතාන්‍යය නොවේ. ලංකාව කෘෂිකාර්මික රටකි.අක්‍ෂාංසිය පිහිටිම අනුව එය සොබාමහමින් තීරණය වී ඇත. එංගලන්තය ගොවිතැනට නුසුදුසු අක්‍ෂාංසිය පිහිටිමක් ඇති නිසාම එරට ජනතාව කර්මාන්ත හා වානිජ්‍යය තෝරාගත්. ඉන් එරට ජන ජිවිතය දියුණු විය.බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි අදහස වුයේ බි‍්‍රතාන්‍යයේ දේ ඔවුන්ගේ යටත් විජිතවලටද සුදුසු බවය. එත් එය මෙරටට නොගැලපේ. ඊට හේතුව නම් ඉංගි‍්‍රසි අධ්‍යාපනය තුලින් ලංකාව ඇතුථ යටත් විජිතවල බිහිවු උගතුන් හා ධනපතියන් පිරිස(නව පන්තිය)ඉංගි‍්‍රසි අනුකරණයින් විමය. කෑම, ඇදිම,බෙහෙත් යන මුලික අවශ්‍යතාවලින්ද ආගම,සාහිත්‍යය භාෂාව හා සංස්කෘතිය අතින්ද මෙම පන්තිය කථ සුද්දන් වුහ.1948 දි පාර්ලිමේන්තුවක් ලබාදුන්නේ ඒ අය සදහාය සිංහලයන් සඳහා නොවේ.කිමද කෘෂිකර්මයෙන් ජීවත් වූ සිංහලයන්ට පන්ති බේදයක් නොමැත.
පාර්ලිමේන්තු ප‍්‍රජතන්ත‍්‍රවාදය සාර්ථක වීම සදහා පන්ති භේදය අවශ්‍යය. එය එංගලන්තයේ හැමදාමත් තිබු දුප්පත් පොහොසත් පන්ති දෙක කම්කරු හා කොන්සවෙටිව් ලෙස නිත්‍යානුකූල කිරිමකි.පන්ති ක‍්‍රමයක් නැති පාර්ලිමේන්තු ක‍්‍රමය ලංකාවට දුන්විට දැන් බෙදෙන්නේ ජාති හා ආගම් අනුවය.දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ඉස්ලාමිය හා කි‍්‍රස්තියානි පක්‍ෂ හෙළ උරුමය වැනි බෞද්ධ පක්‍ෂයක් ආදිය ඇති වී තිබේ.උතුරේ ඊළාම් වාදීන්(ජාතිවාදී)උතුරු පළාත් සභාව වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කලවිට (1990 දි මහ ඇමති පෙරුමාල් කලා සේ)පාර්ලිමේන්තු ක‍්‍රමයද අහෝසි වේ.
ඉංග‍්‍රිසි උගත් පාලක පන්තියට එංගලන්තය විසින් උපදෙස් දි තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වීමටය. 1949 දි දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇතිවු වුට එම ජාතිවාදි පක්‍ෂය තහනම් කිරිම වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දෙමළ ඡුන්ද දිනා ගැනිමට කටයුතු කලහ. ඇම්.ඒච්.අෂ්රොෆ් විසින් මුස්ලිම් කොන්ග‍්‍රසය පිහිටුවා ජාතිවාදි දේශපාලනයට ගෙන ආවිට ඔහුට ඇමතිකමක්ද දි නායකයාත් පක්‍ෂයත් සතුටු කලහ.ඉංගි‍්‍රසින් ඇතිකරන ලද මේ රටට විනාශකාරි වු තේ පොල් රබර් ආර්ථිකය වෙනස් කිරිමට පාර්ලිමෙන්තුවට නොහැකි විය. එමෙන්ම වැව් ශිෂ්ඨාචාරයක් තිබු ලංකාවේ වැවට එරෙහිව යුද ප‍්‍රකාශ කර ගංගා හරස්කර විදුලිබල වේල්ල නිෂ්පාදනය කලේ ඉංගි‍්‍රසින් නොව කථ සුද්දාගෙන් සැදුනු ලංකා පාර්ලිමේන්තුවයි.සුදුහම ඇති ඉංග‍්‍රිසිකාරයා රටින් පිට වි ගියේ ඔහුගේ කාර්ය මැනවින් ඉටු කර ස්වදේශික කථ සුද්දන් පිරිසකට නොහොත් හොද මැනේජර් කෙනෙකුට යටත් විජිතය භාර දෙමිනි.
1815 වන තුරු නිදහස් හා තීරණ ගන්නා අයෙකු වු රට වැසියා නොහොත් ගොවියා දැන් ඡුන්දය දි නියෝජිතයන් මගින් තම අදහස ඉටුකර ගැනිමට බලාපොරොත්තු වුහ.කෘෂිකාර්මික රටක නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්ථක නොවේ. මේ කාර්මික හා වානිජ්‍ය රටවලට ගැලපෙන ක‍්‍රමයයි. ලංකාවේ සිදුවන්නේ ඡුන්දය දීම මගින් තමා විසින් දේශපාලන පක්‍ෂයකට හා එහි නියෝජිතයෙකුට තමා පාවාදිමය.එම පක්‍ෂය කටයුතු කරන්නේ එංගලන්ත ක‍්‍රමයටය. පාර්ලිමේන්තුව ඉංගි‍්‍රසි වීම ඊට හේතුවය. එංගලන්ත නොව මාක්ස්වාදි වාමාංශික සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ බිදවැටීමවීමට ලංකා පාර්ලිමේන්තුවට හැකි විය.සිංහල ජාතිකත්වය බිද වට්ටවා සිංහ කොඩිය තුලට වර්ණවත් තීරු මගින් දෙමළ හා මුස්ලිම් ජනකොටස් ඇතුලත් කිරිමට පාර්ලිමේන්තු උගුලට හැකිවිය. 1972දී අපගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් සිංහල ජනවර්ගයක් ඇතිකලේ ජාතිය අහෝසි කරමිනි.දැන් ලංකාවේ නමද ශි‍්‍ර ලංකාවය. ජාතික ශ‍්‍රි ලාංකික. ඒ තුල සිංහල දෙමළ හා මුස්ලිම් ජනවර්ග තුනක් පුරවැසියන් සිටිති. මෙසේ පාරකපන්නේ සිංහල ජාතිය නැති කර ලංකාව කැබලි කැබලි වලට කඩා දැමීමට නොවන්නේද? මෙම ක්‍රමය තව දුරටත් පැවතුනහොත් මොනතරම් විපතක් මෙරටට කෙරනු ඇත්ද?
ඉංග‍්‍රිසි කාරයාගේ එම පාර්ලිමේන්තුව අප රටට ඇටවු උගුලක් බව තේරුම් ගන්නේ මෙම කරුණු ඇසුරිනි.අද දින හැමදෙනා ඒ තුල සිරවි දගලමින් සිටින්නේමු.උගුල තුල සිරවි රටවැසියන් එකිනෙකා සමග දබර වෙමින් දගලන්නේ වටුවැද්දාගේ දැලට අසුවු වටුවන් පරිද්දේනිගකල යුත්තේ වටුවන් සියල්ල එකතු වි දැල ඔසවාගෙන පියඹා ගොස් දැල ගසක රුදවීමය.
පාර්ලිමේන්තුවේ අවසානය වන්නේ සිංහලයාට තම රට නැති වීමය.1815 දි නැතිවුයේ සිංහල රජු පමණි.රට නැති නොවිය. ඉංග‍්‍රිසින් තම සේවය සදහා ගෙන ආ දෙමළ සහ මුස්ලිම් ජනතාව රටේ ජනගහනයෙන් ඉංග්‍රීසින් බලපොරොත්තු වූ ආකාරයට ඔවුන්ගේ කපට වැඩ පිළිවෙල ආකාරයට වැඩි ගොස් ඇත.උතුරු හා නැගෙනහිර පළාත් වල ඔවුන් අති බහුතරය වී රටේ ජනගහනයෙන් 24‍% ක් සැදේ පාර්ලිමේන්තු ක‍්‍රමය යටත ඡුන්දය අහිමිවේය යන බොරු බිය නිසා සුථ ජන කොටස් සුරතල් කර ඇත. අද ඔවුහු ඊළාම් හා කලිස්ථාන් ඉල්ලති.ඊළාම් ඉල්ලන්නට අර්ධ ස්වාධින පාලන තන්ත‍්‍රයක් (පළාත් සභා) උතුරට දී ඇත. නැගෙනහිරටද එසම දී ඇති අතර මුස්ලිම්වරු එහි පාලන බලය ලබා ඇත. අද සියල්ල තීරණය වන්නේ මෙම සුථ ජන කොටස්වල ක‍්‍රියා කලාපය තුලය. සිංහලයාගේ කොදු නාරටිය කඩා ඇත.
උගුල් අටවන්නෝ - සංවර්ධන උගුල බලාපොරොතු වන්න.

ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේදී ආර්. නන්දන

Sunday, February 23, 2014

අප රටේ රකිනුයේ ජාතිකත්වයද? නැතහොත් ජාතිවාදයද? වෙනස ?????



 

අප රටේ  රකිනුයේ ජාතිකත්වයද? නැතහොත් ජාතිවාදයද?   

වෙනස ????? 


සිංහලෙන් ජාතිය  යනු එක් අර්ථයකි ඉන්ගිරියෙන්  "නේෂන්යනු තවත් අර්ථයකි. ජාත නොහොත් උපන් භූමියට (තමන් උපන් භුමියේ අහසට හා පොළොවට) අනුව තම ජිවන රටාව සකස් කරගත් මිනිස් කණ්ඩායමට සිංහලෙන්  ර්‍"ජාතියයයි කියනු ලැබේ. ඒ වෙනුවට එක් භුමි ප්‍රදේශයක් , එක් භාෂාවක්, එක් ආගමක් , එක් පාලනයක් එක් සංස්කෘතික පැවැත්මක් ඇති මිනිස් කණ්ඩායමක්  ර්‍"නේෂන්ලෙස ඉංගිසි බසින් හැඳින්වේ.
යුරෝපයේ  ර්‍"නේෂන් " ඇති වුයේ කාර්මික විප්ලවයෙන් (1832) පසුවය. ඉන් පෙර පැවතියේ ආගමික රාජ්‍යයකි ග රෝම අධිරාජ්‍යයේ ජස්ටින් අධිරාජයාගේ සමයේදී ක්‍රිස්තියානි රාජ්‍ය ගම වූ පසු රෝම අධි රාජ්‍යයේ යටතේ පවතී මුළු මහත් යුරෝපයම එකම ආගමික රාජ්‍යයක් විය. එකම නීති මාලාවකින් මෙම රටවල් පාලනයවූ අතර රොමයේ පාප් තුමාගේ සක්‍රමේන්තු  ර්‍(චක්‍රලේකන) මගින් කලින් කලට අදාල උපදෙස් ලබා දුනි. රාජ්‍යයක් මෙකල හැඳින්වුයේ (kingdom)යනුවෙනි. කිං(King) එම රාජ්‍යයේ පාලකයා වූ අතර පාප් තුමාගේ අනුමැතියෙන් King ගේ හිසේ ශුද්ධ වූ තෙල් අලේප කර රාජත්වයට පත් කෙරන ලදී. (anointed &  appointed)  වතිකානුවේ පාප් තුමා මිහිපිට සිටි දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකුණු නිසා King වරු ඔහුගේ පාලනයට යටත් වුහග යුරෝපයේ මුළු මහත් කාර්මික යුගය මෙසේ ගත වුනි.( සිංහලේ රජතුමා King කෙනෙකු නොවේ. රජතුමා king ලෙස ඉංග්‍රීසින් විසින් වැරදි ලෙස අර්ථ නිරුපනය කර ඇත)

Kindom නැති වීම සහ මනක්කල්පිත දෙවියන් මුදලට පරාජය වීම 

කාර්මික හා  වාණිජ යුගය එලබුන විට මිනිසා විසින් සොයා ගත් කනිජ ලෝහ ඉන්ධන ,වායු ආදිය ඇසුරු කර ඔහු නිපදවූ තාක්ෂණය ඔස්සේ කාර්මික භාණ්ඩ සදා වෙළදාමට යටත් කරන විට ඒ සියල්ල කෙරුනේ මිනිස් මොලෙන් හා මිනිස් දැතෙනිග කර්මිකත්වය සහ වාණිජත්වය  තුල දෙවියන් වහන්සේට හා ආගමට තිබු ආඩිපත්‍යයල ගෞරවය, බිය නැති වී ගියේය. මුදල් නමැති අභිනව පාලකයා හමුවේ දෙවියන් පරාජය විය. එබැවින් කාර්මික විප්ලවයෙන් පසු මිනිසා විසින් ගොඩ නැග්වූ යුරෝපිය සමාජය තුල භාෂාව සංස්කෘතිය ල පාලනය ආදියට අනුව බෙදුණු මිනිස් වර්ගයක් (race)  ඇති වියග මෙම නව රාජ්‍යයන් හැඳින්වුයේ kingdom ලෙස නොවේ. එහි king වරයකු නැතිය. ඒ වෙනුවට මහජනතාව නියෝජනය කෙරන ඔවුන්ගේ කැමැත්තෙන්
(ජ්න්දයෙන්) පත්වුණු නියෝජිත සභා මගින් පාලනය ඇරබුණි. මේවා ජාතික රාජ්‍ය (nation state) යයි හැඳින්වේ.  (ස්ටේට්) නමැති මෙම අලුත් රාජ්‍යයන් 19 සියවස පුරා ඇති වූ අතර අලුත්ම එක නම් 1920 දී ඇතිවූ  "ජර්මනියනමැති රටය. එම භූගෝලීය ප්‍රදේශය ඉන් පෙර  හැඳින්වූයේ   "ර්‍ප්‍රශියාවනමැති රටක් ලෙසය. 1920දි ප්‍රශියාව යුරෝපා සිතියමින් ඉවත්ව ජර්මනිය නම ඊට ආදේශ විය. සියලු ජර්මන් ගෝත්‍ර මේ තුල එකතු වීම සිදු විය.
කාර්මික විප්ලවය නිසා කම්කරු (නිර්ධන) හා ධනපති (කර්මාන්ත හිමි) යනුවෙන් පන්ති බෙභේදයක් යුරෝපය පුරා ඇති වියග කාල්මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදය (මාක්ස්වාදය) ගොඩ නැගී ඇත්තේ මෙම පන්ති දෙක හා ඒ අතර ඇති ගැටුම් පදනම් කර ගනිමිනිග යුරෝපය හා ඇමෙරිකාව පුරා මෙසේ පන්ති වැදගත් වීම නිසා (ජාත භුමිය) මුල් කරගත් ජාතිය නොවැදගත් වී ගර්හාවට ලක් විය. :එහෙත් මෙය ලංකාවට ගැලපෙන්නේ නැත. ලංකාවට ජාතිය වැදගත් , ඊට හේතුව කර්මිකත්වය ලංකාවට නොගැලපෙන බැවිනුත් ලංකාව කෘෂි ආර්ථික රටාව පමණක් ගැලපෙන බැවිනුත් මෙරටට පන්ති බෙහෙදයක් සහ චන්ද ක්‍රමයෙන් පත් කෙරන ලද නියෝජිතයන් අවශ්‍ය නැත. (එහෙන් අපට නොගැලපෙන වාණිජ කාර්මික ආර්ථික ක්‍රමයක් යුරෝපය සහ ඇමරිකාව අප මත බලෙන් පටවා එම බර ඇගෙන් යාමට ණය ආධාර නමැති කෙවිට්ට අපව තැලීමට පෙළීමට පාවිච්චි කරයි) දැන් ජාතිය හදුන්වන්නේ වර්ගය (race) ලෙසට ගර්හිත වචනයකිනි. ලංකාවේ උගතුන් තමන් ලැබූ මිෂනාරි අධ්‍යාපනය නිසා (ර්‍ජාතිය) දක්කිනේ ගර්හිත මිනිස් වර්ගයක් ලෙසය. එබැවින් ලංකාණ්ඩුව මෙම මනසින් යුතුව 1815 දී ඉංග්‍රීසින්ට බාර දුන්  "ර්‍සිංහලේනමැති රට ගැන ලජ්ජා වී එය 1972 දී  ර්‍"ශ්‍රී ලංකාලෙස නම වෙනස් කර  බහවිත කරණට වුහ ( රට නැවත නිසි මගට ගෙන ඒමට නම අපේ ජාතියට ල ජාතිකත්වයට නිසි තැන දීමට නැවත රට  ර්‍"සිංහලේ  වීම ඉතා වැදගත් වේග) සිංහල යයි කීමට ලජ්ජා වූ ඔවුහු  "ශ්‍රී ලංකිකනමැති නව ජාතිකත්වයක් හඳුන්වා දී ඇත. අද අප විසින් භාවිතා කරන ජාතිකත්වය එය බව ඉතාම කණගාටුවෙන් සඳහන් කිරීමට සිදු වී ඇත. එබැවින්  "ර්‍සිංහල " නමැති නියම ජාතිකත්වය ගැන කතා කරනවිට ඔහු ජාතිවාදියකු (Racists)  හා වර්ගවාදියකු ලෙස හංවඩු ගැසීම සුළු ජන කොටස් ,ආණ්ඩුව සහ මාධ්‍යය සැදී පැහැදී ඉතා උවමනාවෙන් ඉෂ්ට සිද්ධ කරනු ලැබේ.
නමුත් කාර්මිකත්වයට යටත් නොවුණු , එනිසාම කම්කරු පන්තියක් සහිත පන්ති සමාජයක් තහවුරු නොවූ එමෙන්ම කෘෂි කාර්මිකත්වය මිස, කාර්මිකත්වය වැදගත් නොවූ ලංකාවට හැමදාමත් ජාතිකත්වය සාමුහික අනන්‍යතාවය වේ.  එය විස්තර වන්නේ ජාත භූමියට අනුකුලව ජිවන රටාව සැකසුනු ජාතිය යනුවෙනි. මෙය සදහටම යථාර්තයක් බවට සාක්ෂි ඇත. අපගේ දේශීය ගොවිතැන් ක්‍රම (ගොඩ හා මඩ) මරා දමා ල විදේශිකයන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  (FAO)  නියෝග හා උපදෙස්  අප්රිදි 1968 සිට ගොවිතැන නවීකරණය කරන ලදීග මෙයින් ලද ප්‍රතිපලය ඉතාම විනාශකාරී විය. වසර 40 පසු ප්‍රතිපලය වුයේ පොලොව නිසරු වීල වායු ගෝලය දුෂණය වීල අස්වැන්න විෂ වී ල ජලය දුෂණය වීල එම නිපද වූ ආහාර පරිභෝජනයට  ගන්න මිනිසුන් ඉතා දරුණු රෝගීන් වීමය. අද මුළු ලංකාවම ලෙඩ වාට්ටුවක් වී ඇත. මීට වසර 30-40 පෙර අසන්නට නොවූ පිලිකා වැනි රෝග මිනිසුන් අතර අද ඉතාම බහුලය. එමෙන්ම සිංහල වෙදකම ප්‍රතික්ෂේප කර බටහිර වෙදකම රටේ ක්‍රියාත්මක වෙමින්  ඇත. (දැනට ලංකාවේ මිලියන  20  ජතාවක් ජිවත් වන අතර පෙර දවස මිලියන 30 අධික ජනතාවක් ජීවත්ව ඇති අතර ඔවුන් යැපුණේ හෙළ ගොවිකමෙන් හා හෙළ වෙදකමින් වේග මොවුන් ඉතාම  සව්ක්‍යය සම්පන්න ඉතා විශාල  දේහදාරී මිනිසුන් විය* ඊට අමතරව ඉන්දියානු ආයුර්වේද වෙදකමට දේශීය ලේබලයක් අලවා විදේශීය වෙදකම දේශීය වෙදකම කිරීමට උත්සහ දෑරේ. මෙම කිසිම වේදකමකට මෙතෙක් මෙරට ජනතාව මෙම දරුණු රෝග වලින් මුදවා ගැනීමට නොහැකි වී තිබේ. වගාවේ කෘතීම පොහොර, කෘමි හා ජීව නාශක රසායනයන් පොළොවට හා ජලයට මුසුව වැළදෙන  "රජරට වකුගඩු රෝගයඅද ලංකාව වසාගෙන පැතිරේ (මෙම කිසිදු රසායනයක් බහවිතා නොකර මාතලේ  තිලක් කන්දේගම මාහතා අක්කර කිහිපයක භුමි භාගයක් දේශීය ඉපැරණි කෘෂි තාක්ෂනය බාවිතයෙන් ඉතා සාර්ථක ලෙස ගොවි පොලක් පවත්වාගෙන් යන අතර එහි අස්වැන්න මෙම රසායන යොදා ලබා ගන්න අස්ස්වන්න මෙන් දෙගුණයකට වැඩි බව ඔහු පවසයි) වැවු බැඳී රටේ උපන් සිංහල සිස්ටචාරය මෙම රෝග මගින් බිඳ වැටීමට හැකි අවදානම් තත්වයක් උදා වී ඇතග බටහිර වෙදකමින් එය සුව කර  නොහැකි අතරල එය  "හඳුනා නොගත් වකුගඩු රෝගයක්ලෙස නම් කර ඇත. ප්‍රතිකාර කෙසේ වෙතත් හේතුව හෝ නිර්ණය කිරීමට බටහිර වෛද්‍ය කරමයට නොහැකි වී ඇත.

ජාතිකත්වය ගොඩ නැගීමට අප කල යුත්තේ කුමක්ද

එබැවින් තවත් පමා නොවී ජාත භූමියට අනුකුලවන ජිවන රටාව සැකසුනු ආර්ථයෙන් හඳුනා ගන්නා 
'ර්‍ජාතියනමැති සංකල්පයට අප නැවත ආ යුතුය. එවිට ඉතිරි වන්නේ  "සිංහල ජාතියයි  ශ්‍රී ලංකික  ආණ්ඩුවේ  ර්‍ණපාර්ලිමේන්තුවසහ එම පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකික ජාතිය වහාම අහෝසි විය යුත්තේ තව දුරටත් රට අන්ත්‍රාව කරා ගමන් නොකළ යුතු නිසාය.
ජාතිකත්වය සහ ජාතිවාදය (racism )  වෙනස කුමක්ද කියා හදුනාගැනීමට ලංකාවාසීන් බුධිමත් විය යුතුය ග ඉංග්‍රීසින්ට පෙර මෙරට වුයේ හෙළයන්ය.  "ර්‍සිංහල බෞද්ධයනු හැඳින්වීමක් මිස ජාතියක් නොවේ. සිංහල මිනිසුන් වරප්‍රසාද දී ක්‍රිස්තියානියට හරවා ගැනීමෙන් පසු පමණක්  ර්‍"සිංහල බෞද්ධනමැති හැඳින්වීම ඇති වියග එනම් පෙර සිංහල බෞද්ධ කියා හැඳින්වීමට බෙදීමක් නොවූ බැවින් හැමෝම හෙළයන් වුහ. බුධාගමද හෙළයන්ගේ සංස්කෘතියේ කාටසක් විය. එම සංස්කෘතිය පර දේෂක්කාර ආක්‍රමනවලින්  බෙදීම් වලට ලක් කෙරන ලදී.   අප පිළිගෙන ඇති පරිදි ඉර හද පවතින තුරු අපගේ ජාතිකත්වය  ර්‍"සිංහලපවතිනු ඇත. කිමදයත් සිංහල ජාතිය හසුරවනේ ඉර හද යන ස්භාව ධර්මය මගිනිගඊට හේතුව  අදටත් ඉර හද පැවතීමය.
හෙළයන් අතර නෑ යකුන් "නෑ යකුන්න් යනු දත් විල්ලිසගත් මිනි මස් කන යක්කු නොවේ මෙය අපේ හෙළ යක්ෂ ගෝත්‍ර මිනිසුන්  වේ" පිදීමේ චාරිත්‍ර  පෙර කල් සිටම පැවතුනිල. "දේවයෝසහ  ර්‍"දෙවියෝයනු කොටස් දෙකකි. මෙය අද පටලවාගෙන හැමෝම දෙවියන් ලෙස සලකතිල දේවයෝ යනු අපේ හෙළ මුතුන් මිත්තන් වේ. හෙලයෝ දේව වන්දනාවේ යෙදුනහ. දෙවියෝ යනු හින්දු සහ අනෙක් අය විසින් මනකකල්පිත ලෙස මවාගෙන අදහන කොට්ටාශයක් වේග කොතෙකුත් දේව ආගම ආවත් හෙළයා එය නොපිලිගතේ ඔවුන් ඉර හද පොලොව යන ස්වභාව ධර්මය සමග ජීවත්වූ බුධිමත් කොටසක් වූ බැවිනි. එහෙත් බුද්ධියේ දහමල නොහොත් බුද්ධ දර්ශනය හෙළය පිලි ගනු ලැබුවේ එය ස්වභාව ධර්මය පරම සත්‍ය වන බැවිනිගමෙම බුද්ධියේ  දහම හෙළයා පිළිගත් නිසා එය හෙලයාගේ සංස්කෘතියේ කොටසක් බවට පත් විය.  ර්‍"දේවයෝ"  නොහොත් නෑ යකුන් වන්දනාව බුදු දර්ශනය විසින් ප්‍රතික්ෂේප නොකරන ලදීල අදටත් අපි මල ගිය අපේ නෑදෑයෝන්ට පින් කර පින් අනුමෝදම් කරති.  මෙය නෑ යකුන් වන්දනාව වේ. අපි අදටත් පින් කර දෙවියන්ට පින් අනුමෝදම් කරන්න එබැවිනි. හින්දු අභාෂයෙන් ආ මනක්කල්පිත දෙවිවරු සහ අපේ යක් පරපුරේ දේවයෝ අද සියල්ල දෙවියන් බවට පත්ව කිසිදු තේරුමක් නොදැන අප අද හැමෝම අදහතිල කතරගම දෙවියන් අපේ හෙළයකිල එහෙන් සුද්දෝ එම දේවාලය අපෙන් උදුරා හින්දුන්ට දෙන ලදීල ඊස්වර  දෙවියෝ අපේ හෙළ දේවයකිල එහෙත් අද හින්දුන්ගේ ශිව දෙවියන් බවට පත්ව ඇත. (මෙම දේවයෝ සහ දෙවියෝ පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් බලපොරෝතුවන්න) මේ සියල්ල නිවැරදිව හඳුනාගෙන වැරදි නිවැරදි කිරීමට කාලය දැන් එලබ ඇත.
එබැවින් සිංහල ජාතියේ සටන  "ජාතිකත්වයබේරා ගැනීමට මිස ජන වර්ග අතර වාදයක්( rasisum - ජාතිවාදය) නොවිය යුතුය. මේ බව අපෙගේ ජාතිකත්ව  සටනේ සිටින වූ සියල්ලම හොඳින් අවබෝධ කර ගත යුතු වේග ජාතිකත්වය බේරාගැනීමේ සටන ජාතිවාදය ලෙස අර්ථ නිරුපනය කරනත් එයට විශාල ප්‍රසිදියක් ලබා දිමටත් අන්තවාදී කොටස් සැදී පැහැදී සිටිතිල එබැවින් අපි ජාතිකත්ව සටන නිසි ලෙස අර්ථ නිරුපනය කිරිමටත් ඒ අනුව ක්‍රියාත්මක විමටත් තරයේ වග බල ගත යුතුය.
යමෙක් මම මුස්ලිම්ල දෙමලල හෝ ක්‍රිස්තියානි හෝ වෙනම ආගමකින් සංස්කෘතික කණ්ඩායමක් ලෙස තමන්ව මෙරටේ හඳුන්වයිද ඔවුන්ට මේ රටේ සම්පත් පරිබෝහ්ජනයට කිසිදු අයිතියක් නොමැත. කිමද යත් ඔවුන් මේ රටේ ජාතිකත්වය පිලි නොගනන බැවින් ඔවුන් මෙරට ජාතිය නොවේල එසේනම් ඔවුන් විදේශිකයන් වේග මෙරට ඉර හද පොලව අනුව සැකසුන (ස්වාභාවික) ජාතිකත්වය පිලි ගත නොහැකිනම්. ඔවුන් මෙරට රැඳී නොසිට තමන් අයත් ජාතිකත්වය සහිත රටවලට වහා පිට මන් විය  යුතුය. එසේ නොවේනම් සෙනරත් රජ දවස මෙන් ඔවුන් මේ රටේ ජාතිකත්වයට (ජාතියටල සංස්කෘතියටල සිස්ටාචාරය) අනුගතවී සිංහලයන් බවට පත් විය යුතුය.

ඉදිරිපත් කිරීම - ආචාර්ය සුරිය ගුණසේකර
                                හෙළ ගුප්ත ඖෂධ වේදී - ආර්. නන්දන

Friday, February 14, 2014

මෙරට දේව රාජ්‍යක් කිරීමේ ක්‍රිස්තියානි කුට උපායන් වල ඇතුල් පැත්ත



 

මෙරට දේව රාජ්‍යක් කිරීමේ ක්‍රිස්තියානි කුට උපායන් වල ඇතුල් පැත්ත

ලංකාව තුල ක‍්‍රිස්තියානි නිජ බිමක් ඇති බවට කතෝලික සභා නායකයෙකු විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන මාධ්‍යය තුලින් නොබෝදා අසන්නට ලැබිනි.මාල දිවයින් මුහුදට යටවෙතැයි බියෙන් 1995න් පසු එරට වත්පොහොසත්කම් ඇති පිරිස් කඩුවෙල අවට ඉඩම් හා ගෙවල් මිලදිගෙන ජිවත්ව සිටිති.වසර 2095වන විට මාලදිවයින් නිජබිමක් කඩුවෙල අවට ප‍්‍රකාශ කිරිමට මෙම අදහස ඹවුන්ට ශුභාරංචියක් වනු ඇත.1505ට ප‍්‍රථම මෙරට ක‍්‍රිස්තියානි භක්තිකයන් නොසිටි බව පවසන්නේ පෘතුගීසි ජාතික කතෝලික ක්වේරෝස් පියතුමාය.(Temporal and spiritual conquest of Ceylon)පෘතුගීසින් විසින් විහාරස්ථාන බි දමා භික්ෂුන් පලවා හැර බෞද්ධයන් මරාදැමු අයුරු ක්වේරෝස් නිර්ලජ්ජි ලෙස විස්තර කරයි.1650 අවට ප‍්‍රසිද්ධ කල ඉහත කෘතිය සම්පාදනය කරන විට පෑලියගොඩ සිට හලාවත දක්වා ඇතැයි අද පවසන ඊනියා ක‍්‍රිස්තියානි නිජබිම සිංහල බෞද්ධයන්ගේ නිජබිමෙහිම (ලංකාවේ) කොටසක් විය.ඒවා කතෝලික නිජබිම් කියන කතෝලික පූජකයාගේ ජාතිවාදී හා ආගම්වාදීත්වය ඒ තුල සැඟවුණු යටි අරමුණ පිළිබඳව පිලිබදව අප සියල්ල ප්‍රශ්න කල යුතුය. 
කතෝලික භක්තික පුරාවිද්‍යා ප‍්‍රධානියෙකු විසින් අථත්ම අථත් ගල් කනුවක අර්ධ විෂ්කම්භය අගල් 4 රවුමක් තුල කුරුසියක් කොටා පුරාවිද්‍යාත්මක සොයා ගැනිමක් ලෙස පුවත්පත් මගින් බොරු ප‍්‍රචාරයක් දුන්නේ 1984 වැනි යුගයකය.මෙම බොරුව හෙලිදරව් වු අතර කවුරුත් ඊට සිනා සී නිහඩ වුහ.උපතේ සිට මරණය දක්වා කතෝලික බැතිමතෙකු වු මහාචාර්ය සෙනරත් පරණවිතාන ඹවුගේ සිගිරිය පිළිබද පුවත් සාක්‍ෂි රහිත කරුණු ඉදිරිපත් කරයි.පෘතුගිසින් යටත් කේරළයේ කතෝලික ආගම පැතිරියාම මුගලන් රජු දක්වා අතීතයට ඹහු මනඃකල්පිතව ගෙනයයි.ඹහු මනඃකල්පිත ඉතිහාසයන් ගොඩනැගිමේ තම ආශාවන් ප‍්‍රකට කර ඇත්තේ සෙල්ලිපි අතර සෙල්ලිපිවැනි ප‍්‍රබන්ධ වලිනි.ඇස් පෙනිම දුර්වල වු වයස 68න් පසු පමණක් මෙම සෙල්ලිපි අතර සෙල්ලිපි ඔහු දිටිය.ඇස් හොදින් පෙනෙන කිසිම පුරාවිධ්‍යඥයෙකුට මෙම සෙල්ලිපි අතර සෙල්ලිපි නොපේනේ.මුගලන් කුමරු කේරළ(චෝර ) දේශයෙන්ද ගෙන ආ කුලි හමුදාවන් නිසා මහාචාර්ය පරණවිතාන පවා අද තුලින් අතීතය සිතා කේරළය කතෝලික දේශයක් ලෙස උපකල්පන කරන්නට ඇත.නමුත් කාලිංග මාස කේරළ යෝධයන් 12,000ක් ගෙන ආ බව මහාවංශය පවසන අතර පරණවිතානට ඒ ගැන උපකල්පන බිහිවී නැත.අපගේ මහා පුරාවිද්‍යාඥයාද (පුරාවිද්‍යාවේ පියා) මෙසේ දියයටින් ගින්දර ගෙනගොස් ඇති අතර සිංහල බෞද්ධ ජාතියටම මහ අසාධාරණයක් විනාශයක් හතා මතාම සිදුකර ඇති බව පැහැදිලිය.
ලොව විවිධ රටවල් විවිධ ජාතින් හා ආගම් වලට අයත් විදේශිකයන් ලංකාවට අවුත් තාවකාලිකව අගනුවර නැවති සිටියහ(වෙළඳ කටයුතු ආදියට). එම කාලය තුල වන්දනාමානවලට තම ආගම්වලට අයත් තාවකාලික ඉතා කුඩා දේවාල කෝවිල් පල්ලි ආදිය තිබුනි.අද සිංහල බෞද්ධන් රුකියාවන් සදහා ගොස් ඇති විවිධ රටවලට අයත් නගරවල කුඩා බුදු මැදුරු තනාගෙන ආගමික කටයුතු වල යෙදෙති.මෙය හුදෙක් තාවකාලික කටයුත්තක් පමණි.අනුරාධපුර අගනුවරද තාවකාලිකව රැදී සිටි විවිධ විදේශිකයන් තම ආගමික ස්ථාන පිහිටුවාගෙන සිටින්නට ඇත.අගනුවරින් පිට එබදු අගමික මධ්‍යස්ථාන කිසිවක් සොයාගෙන නැති අතර විදේශිහු අගනුවරින් පිට ජිවත් නොවුහ.ලංකාවේ විවිධ ආගමිකයන් සිටි බවට මෙම සිදුවීම උචිත සාක්‍ෂියක් නොවන්නේය.
පෘතුගිසින් විසින් සිරභාරයට ගත් තරුණයන්ට කතෝලික ආගම හෝ මරණයතෝරා ගැනීමට ඉඩදුන්විට ජිවිතාශාව නිසා කතෝලිකාගම භාරගත්හ.එමෙන්ම කුරුදු තැලිමට හා මාථ ඇල්ලීමට දකුණු ඉන්දියාවෙන් ගෙන ආ පිරිස්ද තම ආගමට බලහත්කාරයෙන් හරවා ගත්හ.ප‍්‍රනාන්දු,පීරිස්,පෙරේරා,අල්මේදා,කල්දේරා,කුරේ,සිල්වා ආදි නම් එසේ භාවිතයට ආහ.නමුත් සිංහල ගමතුල ජිවත්වන්නට වීමෙන් මෙම නම් ඇති හැමදෙනාම කතෝලික නොවුහ.සිංහල බෞද්ධ වු පිරිස් ඔවුන් අතර බොහෝය.ලංකාවේ මුහුදුබඩ පලාත් පාලනය කල ලන්දේසින් ආගමික පිස්සන් නොවුහ.නියම වෙළදුන් වු ඔවුන් තම රෙපරමාදු ක‍්‍රිස්තියානියට ස්වදේශිකයන්  හරවා ගැනීමට පෘතුගිසින් මෙන් උනන්දු නොවුහ.
බි‍්‍රතාන්‍ය පාලන යටත් සිංහල බෞද්ධයාට සම්බන්ධ නොවන පිරිස් වලට සංග‍්‍රහ කිරිමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක විය.මේ නිසා ඉංග‍්‍රිිසින් එංගලන්ත  සභාවට අයත් වුවත් කතෝලික සභාවේ අයද තම සභාවට පළමුවැනි පක්‍ෂපාතිත්වය ඇති යුරෝපිය ආහාර,ඇදුම්,ඉංග‍්‍රිසි බස හා යුරෝපිය ගතිපැවතුම් ඇති අය නිසා බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ විශේෂ සංග‍්‍රවලට ලක්විය.එනිසා කතෝලික සභාව වැඩි යන්නේ පෘතුගිසින් යටත් නොව බි‍්‍රතාන්‍ය පාලනය යටතය.කොළඹ සිට ගාල්ල දක්වා බටහිර වෙරළ තීරය බෞද්ධයන් බලවත් නිසා ක‍්‍රිස්තියාවන් කොළඹ සිට හලාවත දක්වා වෙරළ තීරයෙහි ඒ කරුශි වුහ.ධීවරයින් මොවුන්ගේ බහුතරය වු අතර දකුණු ඉන්දියාවෙන් මාථ හා රා මැදිමට ගෙනා බහුතරය 19 සියවසේදි මිගමුව අවට පදිංචි වුහ.20 සියවස මැදවන විට එනිසා මිගමුවට ඔවුහු පුංචි රෝමයයයි නමක්ද පටබැන්හ.පොල් වගාව හා ඒ ආශි‍්‍රත රා මැදිමට බහුතර කතෝලිකයින් අතින් සිදුවිය.රට ඇතුලට කතෝලික ආගම පැතිරුනේ පොල් වගාව සමගය.
1964 පැවති දෙවන වතිකානු සම්මේලනයේදි ගත් එක් තීරණයක්  වුයේ ආසියානු රටවල ඉපැරණි සංස්කෘතින් ඇති නිසා එම අය කතෝලිකාගමට හරවා ගැනිමට වඩා කතෝලික සභාව එම සංස්කෘතීන් තුලට ඇතුල්වී ඒවායේ හැසිරවීම් ශක්තිය තමන් ලබා ගත යුතු බවය.කි‍්‍රස්තියානි ආගම වෙනුවට කි‍්‍රස්තියානි සංස්කෘතිය තහවුරු කිරිම ඉන් අදහස් වුනි.මෙතුලින් අනෙකුත් ආගම අතුගා දැමිය හැකිය, කාලයාගේ ඇවෑමෙන් අපේ හෙළ සංස්කෘතිය ක්‍රිස්තියානි සංස්කෘතිය බවට ඉදිරි පරපුරට ඔවුන් උගන්වනු ඇත.ලංකාවෙහි මේ බව කි‍්‍රයාත්මක කිරීමට පුරෝගාමි වුයේ ලියෝ නානායක්කාර පියතුමා ප‍්‍රමුඛ කණ්ඩායමයි.මේ අනුව පළමුව තහනම් කර තිබුනු ගොක් කොළ සැරසිලි හා බෙර ගැසිම් පළමුව පල්ලිය තුලට ඇතුථ විය.පෙරහැර යාම්, සිලිරෙදි හා සිව්රු පෙරවිම්, සංඝය, මහානාහිිමියන්, අති උත්තම, ස්වාමින් වහන්සේ වැනි වචන භාවිතය ලමා සාරිය, පෝරුවේ චාරිත‍්‍ර, මුතුකුඩය යටින් අලියා පිට කුරුසය වැඩමවීම, උඩරට නැට්ටුවන් කුරුසය වැඩමවිමේදි නැටීම ආදි සංස්කෘතික ලක්‍ෂනයන් පල්ලිය විසින් බලහත්කාරයෙන් තමන් වෙත පවරාගෙන ඇත.මෙය ආක‍්‍රමණයක් ලෙස සිංහල බෞද්ධයා විසින් නොදැකීම කණගාටුවට කරුණකි.මුලික මිනිස් අයිතිවාසිකම්නමැති වාක්‍යය යටතේ රජයද ඊට උදව් දෙයි.
මේ පිළිබඳව වහාම සියලෝම දැනුවත් කර හෙළ සංස්කෘතිය අගම ආරක්ෂා කර ගැනීම අපේ ජාතියේ උරහිසමත පතිත වී ඇත. එයට හේතුවනම් පවතින රජය හෝ මෙම වෙස්ට්මින්ස්ටෙර් ක්‍රමයේ පාර්ලිමේන්තුවක් තුලින් එය ඉටුකෙරගැනීම සිහිනයක්ම පමණි. සිංහල බෞද්ධයා තමන් රටේ ජාතිය හා රටේ අයිතිකරු බව තේරුම් ගැනිමට අවශ්‍යය.තමන්ගේ සංස්කෘතික අංගෝපාංගයන් දුෂණය කිරිමට පල්ලියට ඉඩදීම යනු තම දියණිය දුෂණය කිරිමට සල්ලාලයාට ඉඩදිමට සමාන වේ. 


-ආචාර්ය සුර්ය ගුණසේකර

-හෙළ ගුප්ත ඹෞෂධ ‍වේදී ආර් නන්දන