Friday, February 28, 2014

සිංහලයට උගුල් අටවන්නෝ (01) - පාර්ලිමේන්තු උගුල




සිංහලයට උගුල් අටවන්නෝ


අප සිංහල ජාතියද මෙම රටද විනාස කිරීමට මාන බලන උගුල් අටවන්නනන් බොහෝය. හයවැනි පන්තියේදි භූගෝල විද්‍යාව යටතේ උගත් එක් පාඩමක් වන්නේ "උගුල් අටවන්නෝ ” යන්නයි.ඉන් අදහස් කලේ ප‍්‍රදේශවල වසන ඉතා වටිනා ලොම්වලින් යුත් සුුදුනරි,සේබල් හා මින්ට් වැනි සතුන්ගේ හම තුවාල නොවීම සදහා උගුල් අටවා මරා ගැනිමයි.අද දින නිවර්තනික රටවල ජාතීන් බිදවැට්ටවීම සදහා බටහිර බලවත් ජාතින් විසින් උගුල් ඇටවීම දක්නට පුථවන.කලින් යටත් විජිත ලෙස පැවති මෙම රට වලට අධ්‍යාපනය ලෙස ආවේ අධිරාජ්‍යය හිමි රටවල දැනුමයි. නිදසුනක් ලෙස අද ලංකාවේ පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන යනු මහා බි‍්‍රතාන්‍යයේ දැනුම් සම්භාරයයි මෙය අප රටට නොගැලපේ.අද "සංවර්ධනය” යටතේ ඇමෙරිකන් දැනුමද ඊට එකතු වී ඇත.ලංකාව වැනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටවල තිබු රටට ගැලපෙන දේශිය දැනුම් සම්භාරය වල්වැදිමට කටයුතු සිද්ධකර ඇත. ලංකාවට අටවන ලද මෙබදු උගුල් තුනක් පහත දැක්වේග

ඒවානම්, පාර්ලිමේන්තු උගුල , සංවර්ධන උගුල සහ පළාත් සභා උගුල වේ. 

1. පාර්ලිමේන්තු උගුල

 උසස් අධ්‍යාපනය ලත් අයෙකුට වත්මන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උගුලක් බව කීවොත් ඔහු කේන්ති ගනු ඇත. ඊට හේතුව අපගේ සිංහල පාලන ක‍්‍රමය පැවති බව හා වසර එක් දහස් අටසියක් එය පැවතුන බව ඔහු විසින් පිලිනොගැනිමයි.එංගලන්ත රිදී බන්දේසියක තබා දුන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1948න් වසර 66ට පසු අපට මර උගුලක් වී ඇත, රටට නොගැලපෙන මෙම ක‍්‍රමය එම හේතුවෙන් තව වසර කිපයකදි නැතිවි යනු ඇත.
1812 මැග්නාකාටා ගිවිසුමෙන් එංගලන්ත රජුගේ බලතල වක‍්‍ර ලෙස යම් සිමාවන්ට යටත් කරන ලදි. එතැන් සිට රජුගේ ජනතාව අතට බලය එ්ම සිඝ‍්‍ර වුනේ කාර්මිකරණය හා වානිජකරණය නිසාය. ධනපති හා දුප්පතුන් පන්ති දෙක ඉංග‍්‍රිසි සමාජ ක‍්‍රමය තුල ඉතිහාසය පුරා පැවතින. කාර්මිකත්වය හා වානිජත්වය නිසා මුථ රටම ධනවාදයට එළබි අතර ධනවත් හා දුප්පත් දෙකොටසම එකම ජිවන රටාවකට එළඹියහ. එනම් "ධනය” මාවතයි.නමුත් 80‍% ක් කම්කරුවන් නිසා ඔවුහු ඉතා බලවත් වුහ.දෙපාර්ශවයම කියා සිටියේ එංගලන්තය සමෘධිමත් කල හැක්කේ තමන්ට බවය.එනිසා මුථ සමාජය ධනපති හා නිර්ධන යන කොටස් දෙකට බෙදුනි. ඔවුන් නියෝජනය කිරිමට කොන්සවටිව් හා ලේබර් යන පක්‍ෂ දෙකක් ඇත.එබැවින් එංගලන්තය ධනවත් බලවත් රටක් කිරිම සදහා හැකියාව ඇත්තේ තමන්ට බව කියමින් බලයද මාරුවෙන් මාරුවට ලබා ගනිමින් එම ජාතික මෙහෙවර ඉටුකරති.බි‍්‍රතාන්‍යයේ පාර්ලිමෙන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එබැවින් හොදින් කි‍්‍රයාත්මක වේ.එරට අවශ්‍යතාවයකට එරට ඉතිහාසය තුලින් වැඞී ආවකි. පාර්ලිමේන්තු ක්‍රමය එරටට ආවේනික සමාජ ආර්ථික ක්‍රමය නිසා ගැලපේ.
ලංකාව යනු බි‍්‍රතාන්‍යය නොවේ. ලංකාව කෘෂිකාර්මික රටකි.අක්‍ෂාංසිය පිහිටිම අනුව එය සොබාමහමින් තීරණය වී ඇත. එංගලන්තය ගොවිතැනට නුසුදුසු අක්‍ෂාංසිය පිහිටිමක් ඇති නිසාම එරට ජනතාව කර්මාන්ත හා වානිජ්‍යය තෝරාගත්. ඉන් එරට ජන ජිවිතය දියුණු විය.බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි අදහස වුයේ බි‍්‍රතාන්‍යයේ දේ ඔවුන්ගේ යටත් විජිතවලටද සුදුසු බවය. එත් එය මෙරටට නොගැලපේ. ඊට හේතුව නම් ඉංගි‍්‍රසි අධ්‍යාපනය තුලින් ලංකාව ඇතුථ යටත් විජිතවල බිහිවු උගතුන් හා ධනපතියන් පිරිස(නව පන්තිය)ඉංගි‍්‍රසි අනුකරණයින් විමය. කෑම, ඇදිම,බෙහෙත් යන මුලික අවශ්‍යතාවලින්ද ආගම,සාහිත්‍යය භාෂාව හා සංස්කෘතිය අතින්ද මෙම පන්තිය කථ සුද්දන් වුහ.1948 දි පාර්ලිමේන්තුවක් ලබාදුන්නේ ඒ අය සදහාය සිංහලයන් සඳහා නොවේ.කිමද කෘෂිකර්මයෙන් ජීවත් වූ සිංහලයන්ට පන්ති බේදයක් නොමැත.
පාර්ලිමේන්තු ප‍්‍රජතන්ත‍්‍රවාදය සාර්ථක වීම සදහා පන්ති භේදය අවශ්‍යය. එය එංගලන්තයේ හැමදාමත් තිබු දුප්පත් පොහොසත් පන්ති දෙක කම්කරු හා කොන්සවෙටිව් ලෙස නිත්‍යානුකූල කිරිමකි.පන්ති ක‍්‍රමයක් නැති පාර්ලිමේන්තු ක‍්‍රමය ලංකාවට දුන්විට දැන් බෙදෙන්නේ ජාති හා ආගම් අනුවය.දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ඉස්ලාමිය හා කි‍්‍රස්තියානි පක්‍ෂ හෙළ උරුමය වැනි බෞද්ධ පක්‍ෂයක් ආදිය ඇති වී තිබේ.උතුරේ ඊළාම් වාදීන්(ජාතිවාදී)උතුරු පළාත් සභාව වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කලවිට (1990 දි මහ ඇමති පෙරුමාල් කලා සේ)පාර්ලිමේන්තු ක‍්‍රමයද අහෝසි වේ.
ඉංග‍්‍රිසි උගත් පාලක පන්තියට එංගලන්තය විසින් උපදෙස් දි තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වීමටය. 1949 දි දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇතිවු වුට එම ජාතිවාදි පක්‍ෂය තහනම් කිරිම වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දෙමළ ඡුන්ද දිනා ගැනිමට කටයුතු කලහ. ඇම්.ඒච්.අෂ්රොෆ් විසින් මුස්ලිම් කොන්ග‍්‍රසය පිහිටුවා ජාතිවාදි දේශපාලනයට ගෙන ආවිට ඔහුට ඇමතිකමක්ද දි නායකයාත් පක්‍ෂයත් සතුටු කලහ.ඉංගි‍්‍රසින් ඇතිකරන ලද මේ රටට විනාශකාරි වු තේ පොල් රබර් ආර්ථිකය වෙනස් කිරිමට පාර්ලිමෙන්තුවට නොහැකි විය. එමෙන්ම වැව් ශිෂ්ඨාචාරයක් තිබු ලංකාවේ වැවට එරෙහිව යුද ප‍්‍රකාශ කර ගංගා හරස්කර විදුලිබල වේල්ල නිෂ්පාදනය කලේ ඉංගි‍්‍රසින් නොව කථ සුද්දාගෙන් සැදුනු ලංකා පාර්ලිමේන්තුවයි.සුදුහම ඇති ඉංග‍්‍රිසිකාරයා රටින් පිට වි ගියේ ඔහුගේ කාර්ය මැනවින් ඉටු කර ස්වදේශික කථ සුද්දන් පිරිසකට නොහොත් හොද මැනේජර් කෙනෙකුට යටත් විජිතය භාර දෙමිනි.
1815 වන තුරු නිදහස් හා තීරණ ගන්නා අයෙකු වු රට වැසියා නොහොත් ගොවියා දැන් ඡුන්දය දි නියෝජිතයන් මගින් තම අදහස ඉටුකර ගැනිමට බලාපොරොත්තු වුහ.කෘෂිකාර්මික රටක නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්ථක නොවේ. මේ කාර්මික හා වානිජ්‍ය රටවලට ගැලපෙන ක‍්‍රමයයි. ලංකාවේ සිදුවන්නේ ඡුන්දය දීම මගින් තමා විසින් දේශපාලන පක්‍ෂයකට හා එහි නියෝජිතයෙකුට තමා පාවාදිමය.එම පක්‍ෂය කටයුතු කරන්නේ එංගලන්ත ක‍්‍රමයටය. පාර්ලිමේන්තුව ඉංගි‍්‍රසි වීම ඊට හේතුවය. එංගලන්ත නොව මාක්ස්වාදි වාමාංශික සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ බිදවැටීමවීමට ලංකා පාර්ලිමේන්තුවට හැකි විය.සිංහල ජාතිකත්වය බිද වට්ටවා සිංහ කොඩිය තුලට වර්ණවත් තීරු මගින් දෙමළ හා මුස්ලිම් ජනකොටස් ඇතුලත් කිරිමට පාර්ලිමේන්තු උගුලට හැකිවිය. 1972දී අපගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් සිංහල ජනවර්ගයක් ඇතිකලේ ජාතිය අහෝසි කරමිනි.දැන් ලංකාවේ නමද ශි‍්‍ර ලංකාවය. ජාතික ශ‍්‍රි ලාංකික. ඒ තුල සිංහල දෙමළ හා මුස්ලිම් ජනවර්ග තුනක් පුරවැසියන් සිටිති. මෙසේ පාරකපන්නේ සිංහල ජාතිය නැති කර ලංකාව කැබලි කැබලි වලට කඩා දැමීමට නොවන්නේද? මෙම ක්‍රමය තව දුරටත් පැවතුනහොත් මොනතරම් විපතක් මෙරටට කෙරනු ඇත්ද?
ඉංග‍්‍රිසි කාරයාගේ එම පාර්ලිමේන්තුව අප රටට ඇටවු උගුලක් බව තේරුම් ගන්නේ මෙම කරුණු ඇසුරිනි.අද දින හැමදෙනා ඒ තුල සිරවි දගලමින් සිටින්නේමු.උගුල තුල සිරවි රටවැසියන් එකිනෙකා සමග දබර වෙමින් දගලන්නේ වටුවැද්දාගේ දැලට අසුවු වටුවන් පරිද්දේනිගකල යුත්තේ වටුවන් සියල්ල එකතු වි දැල ඔසවාගෙන පියඹා ගොස් දැල ගසක රුදවීමය.
පාර්ලිමේන්තුවේ අවසානය වන්නේ සිංහලයාට තම රට නැති වීමය.1815 දි නැතිවුයේ සිංහල රජු පමණි.රට නැති නොවිය. ඉංග‍්‍රිසින් තම සේවය සදහා ගෙන ආ දෙමළ සහ මුස්ලිම් ජනතාව රටේ ජනගහනයෙන් ඉංග්‍රීසින් බලපොරොත්තු වූ ආකාරයට ඔවුන්ගේ කපට වැඩ පිළිවෙල ආකාරයට වැඩි ගොස් ඇත.උතුරු හා නැගෙනහිර පළාත් වල ඔවුන් අති බහුතරය වී රටේ ජනගහනයෙන් 24‍% ක් සැදේ පාර්ලිමේන්තු ක‍්‍රමය යටත ඡුන්දය අහිමිවේය යන බොරු බිය නිසා සුථ ජන කොටස් සුරතල් කර ඇත. අද ඔවුහු ඊළාම් හා කලිස්ථාන් ඉල්ලති.ඊළාම් ඉල්ලන්නට අර්ධ ස්වාධින පාලන තන්ත‍්‍රයක් (පළාත් සභා) උතුරට දී ඇත. නැගෙනහිරටද එසම දී ඇති අතර මුස්ලිම්වරු එහි පාලන බලය ලබා ඇත. අද සියල්ල තීරණය වන්නේ මෙම සුථ ජන කොටස්වල ක‍්‍රියා කලාපය තුලය. සිංහලයාගේ කොදු නාරටිය කඩා ඇත.
උගුල් අටවන්නෝ - සංවර්ධන උගුල බලාපොරොතු වන්න.

ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේදී ආර්. නන්දන

No comments:

Post a Comment