Friday, March 7, 2014

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?

 
 
 
ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර
හෙළ ගුප්ත ඖෂධ වෙඩි ආර්. නන්දන

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?


වංශ කතාවේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ දවස බුදු සසුන යනු බුද්ධ පුත්‍රයන්ගේ නොහොත් භික්ෂුන්ගේම ශාසනයකි . නමුත් අද දින ලංකාවේ පිළිගන්නේ භික්ෂු , භික්ෂුණි, උපාසිකා, උපාසක යන සිව් වනක් පිරිසගෙන් බුදු සසුන සංයුක්ත වන බවය. මිහිදු මහ හිමියන් විසින් අනුරාධපුරයට ගෙන ආ බුදු සසුන භාරත වර්ගයේ සංචාරක සහ අරණ්‍ය වර්ගයේ සසුනකි. සෑම ගමකම පන්සලක් හා එහි භික්ෂු සහිත පන්සල් හා අරණ්‍ය ඇතුලත්වන ග්‍රාම වාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් යන බෙදීම ලංකාව තුලදී අපමණක් සිදු වුවකි. කෙටියෙන් කියතොත් ලංකාවේ ඉස්තාපිත වුයෙ ලංකාවට ගැලපෙන ආකාරයේ සසුනක් මිසක භාරතයේ තිබු බුදුන් වහන්සේගේ ආකරයේ ශාස්හනය් නොවේ. 
ගම් වාසින්සමග මිශ්‍ර වී ගිහි කටයුතුවලට භික්ෂුන් සම්බන්ද වීම බුදුන් වහන්සේ අනු දැන වදාලේ නැත. විනය පිටකයට අනුව භික්ෂුන් ෂඩ්විහාරිකව (එකට) ආරාම වල විසිය යුතුය. ධර්මය දේශනා කෙරමින් සංචාරයේ යෙදිය උතුය . ඒ බුදුන් වහන්සේ විසින් කල ආකාරය වේ. වස්සන ශ්‍රුතුවේ (නොහොන් වැහි කාලයේ)පමණක් සංචාරය අපහසු නිසා වස් ශිලය සමාදන්ව ගමේ ගම වැසියන් සමග සම්බන්ද වී ජිවත් වීමට අනු දන වදාළහ. එහිදී ලංකාවේ ගැමි සමාජය විසින් කොළ අතු සෙවිලි කර අතුවලින් අවරණය කරණ ලද තාවකාලික "පණ්ණ + ශාලා" නොහොත් "පන් + සල්" භික්ෂු උදෙසා ගොඩ නගා දෙන ලදී. මිහිදු හිමියන්ගෙන් සියවස් දෙකකකට පමණ පසුවන විට සෑම ගමකම "පණ්ණ + ශාලා" නොහොත් පන්සල් ඇති විය. භික්ෂුන් ගල් ලෙන් වල මුල් යුගයේ ජීවත් වීම එහි කොට ඇති දහස් ගණන් සෙල්ලිපි වලින් පැහැදිලිය. මේවා බ්‍රහ්මි නොහොත් අශෝක අක්ෂර වලින් ලියවී ඇත. අශෝක අක්ෂර වලට බ්‍රහ්මි අක්ෂර නමැති හැඳින්වීම දුන්නේ භාරතියන් නොව ජේම්ස් ප්‍රින්ශේෂ් නමැති ඉංග්‍රීසි ජාතික කමල්කරුවගේ බවද අප සිහි තබාගතයුතුය.
ඉන්දියානු ඉතිහාසය තුල බුදුන් වහන්සේ ගැන විස්තර ඇතුලත්ව නැත. බුදුන්වහන්සේ ඉන්දියානු ඉතිහාසයට ඇතුල් කෙරේ ඉංග්‍රීසි සිවිල් සේවකයන් විසින්ය. පබ්බාජ සුත්‍රයේ බුදුන් තමන්ගේ උපන් බිම ලෙස කාලිංග අගනුවර වන තෝලිසය සඳහන් කරන අතර ඉංග්‍රීසින් විසින් එය පෙන්වා ඇත්තේ නේපාලයේ පිහිටි වත්මන් ලුන්බිනිය ලෙසටය. ගයා දිස්ත්‍රික්කය නමැති ප්‍රදේශ නාමය තුල වත්මන් බුඩ්ගයාව ඉස්තාපිත කලේ ඇලේකසැන්ඩර් කනිග්හම් නමැති පුරාවිද්‍යාඥයා හා පුවත්පත් කතෘවරයකු වන සර්. රෝලින්ග්සන් යන දෙදෙනාය. ඉන්දියානුවෝ ඒ කිසිවක් නොදත්හ . බුදුන් පිරිනිවන් පෑ කුසිනාර නුවර මල්ල රජදරුවන්ගේ උයනද ඉංග්‍රීසින් විසින් ප්‍රකාශයට පත්කළා මිස ඉන්දියානුවෝ නොදැන සිටියහ. එම මල්ල පරම්පරාවේ නිශ්ශන්කමල්ල රජු(පොලොනරුවේ) කාලිංගයෙකි. අදත් මල්ලයන් සිටින්නේ කාලිංගයේ (අද ඔරිස්සාව) අද අගනුවර වනු බුවනේසර්හිය. බුදු දහම එක්කක්ම වද්දී භාරතයේ බුදු සසුනට වඩා වෙනස් ආකාරයකට ලංකා බුදු සසුන සැකසිනි. ග්‍රාම වාසි භික්ෂුව විනයට පටහැනිය. එමෙන්ම රජවාසල ආශ්‍රිතව අනුරාධපුර යුගයේ සිටම රාජ්‍ය අනුශාෂකයන් වීම විනයට පටහැනිය. නමුත් විනයට පටහැනි ඒ ආකාරයේ බුදු සසුන අදත් (2014) පවතී. විනය නීති වලට අනුව සැකසුනු භික්ෂුණි සාසනය අනුරාධපුර යුගය අවසන්වන විටත් අතුරුදන්ව පැවතුනි. මෑත භාගයේ සිටියේ දසසිල් උපාසක අම්මලා මිස භික්ෂුනී නොවේ. 
පැරණි යුගයේදී රාජ්‍යය හැසිරවීම මගින් මෙරට භික්ෂුහු එදා තිබු දේශපාලන ක්‍රියාවලියට සහභාගී වුහ . පොලොන්නරු කතිකාවත හා දඹදෙණි කතිකාවත යන කතිකාවත් දෙකෙන්ම භික්ෂුන් නොකළ යුතු දේ ගෙනහැර දක්වා ඇති අතර රාජ්‍යය පාලනයට උපදෙස් දීම හා සහබාගි වීම නොකළ යුතු බව එදා නායක මහනාහිමිවරුන් විසින් තීරණය කර නැත. නිෂ්පාදනය හා සමාජ හැසිරවීම යන සියලු ක්‍රියාවලියේම ඔවුහු අගනුවර මහ ස්වාමින්වහන්සේලා රජුටත් ගමේ පන්සලේ හාමුදුරුවන් විසින් ගම පාලනය කල ගම් සභාවටත් උපදෙස් දුනි. ඉගැන්වීම හා ආරවුල් සමථ කිරීම (නඩු ඇසීම) මගින් සමාජය යහපත් ලෙස පවත්වා ගත්හ. මේ සියල්ල රාජ්‍ය හැසිරවීම නොහොත් දේශපාලනයයි. 1815 දී වාරියපොළ සුමංගල හිමි වැනි අය ඉංග්‍රීසි කොඩිය බිමට අද දමා පාගා මහනුවර ගිවිසුමට විරෝදය පෑහ. එමෙන්ම දඹුලු විහාරාධිපති ගිරනෙගම හිමියන් විසින් ඉංග්‍රීසි පාලනයට විරුධව 1848 දී ගොන්ගාලේගොඩ බන්ඩාට සිංහල රජුලෙස කිරුළු පළදවන ලදී. මේ හැමදෙයක්ම භික්ෂුන්ගේ යුතුකම ලෙස සාලකින. ඒවා විනය විරෝදී නොවේ. 
1848 රාජ්‍ය පාලනය අවසන්වී පාර්ලිමේන්තු පාලනයද 1978 සිට විධායක ජනාදිපති පාලනයද ඇරබුණි . නමුත් මෙරට භික්ෂු සාසනය පැවතුනේ අවුරුදු දෙදහස් දෙසීයක් (දෙවනපෑතිස් රජු දවස සිට)අනුක්‍රමයෙන් විකාශනය වී ආ පරිද්දෙනි. කිර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස සියමෙන් උපසම්පදාව රැගෙන අවුත් සියම් මහ නිකාය ඇරබින ." ජෝන් ඩොයිල්ගේ" කේලාම් බස් වලින් බින්දවූ භික්ෂුන් මෙහෙයවා 1821 දී අමරපුර (බුරුමයේ) දේශයෙන් ගෙන ආ උප සම්පදාවෙන් අමරපුර නිකාය බිහි විය. ඉංග්‍රීසින්ගේ බෙදා පාලනය කිරීමේ නියාය යටතේ තව දුරටත් ශාශනය බෙදා 1868 දී බුරුමයේ රාමන්න දේශයෙන් උපසම්පදව ගෙනවිත් රාමන්න නිකාය පිහිටවුයේ ශාශනය තවත් බෙදීමටය. 
සුද්දෙකුගේ (ජෝන් ඩොයිල්ගේ) කේලාම් බස් අසා සියම් නිකායෙන් බිඳී අමරපුර නිකාය පිහිටවූ භික්ෂුන්ගේ වර්තමාන නායකත්වයට තම නිකායේ (කොටස) දේශපාලන වැරදි වලට එරෙහි උද්ගෝෂණවලට සහභාගී වීම තහනම් කර ඇත. එම නාහිමියන් විසින් ඉදිරි මාර්තු 2දා වාරියපොළ සුමංගල හිමියන්ගේ දළදා මැදුර අබියස ඇති පිළිමය ඉදිරියේ විරෝදය පාන්නේද ? 1848 දී දඹුලු විහාරදිපති ගිරානේගම හිමියන් විසින් ගොන්ගාලේ ගොඩ බන්ඩා රජ කරවීම ගැන ප්‍රකාශයක් නිකුත් කෙරනේද? දේවානම්පියතිස්ස රජුන් දවස සිට රාජ්‍ය පාලනයට භික්ෂුන් සහබහගි වීම සහ රජුන් වැරදි කෙරන විට ඒවාට විරෝධය පා ජනතාව සමග එකතු වී කටයුතු කිරීම වැරදි බව ප්‍රකාෂ කරන්නේද ? මහසෙන් රජු බෞද්ධ විරෝදී කටයුතු වල දී මහ විහාරයට හානි කෙල විට වැසියන් සමග එකතුවී රජු සිහසුනෙන් නෙරපීමට කටයුතු කිරීමට විරුධව ප්‍රකාශයක් නිකුත් කරන්නේද? 
අමරපුර නිකායේ පාර්ශව 4 හෝ 5 කි . 1948 සිට මේ දක්වා (විශේෂයෙන්ම 1956දි) භික්ෂු දේශපාලනය ගැන විරුද්ධ නොවී 2001 සිට සිංහල උරුමය හා භික්ෂුන් වහන්සේලාගේ පක්ෂයක් වන හෙළ උරුමයට විරුද්ධ (ඇතැම් භික්ෂුන් පාර්ලිමේන්තුවේදී ගිහි මන්ත්‍රීවරුන්ගෙන් මෑතකදී ගුටි කෑහ) නොවී භික්ෂු නායකත්වයකින් යුතු එම පක්ෂයට විරුද්ධ නොවී ගව ගාතනයට හා අන්‍ය ආගමිකයන් විනාශ කරමින් පවතින බුද්ධ දර්මය , බෞද්ධ උරුමයන් ආරක්ෂා කෙරන භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රබල විරෝධයක් එන 2013 – 2014 අවදියේදී හදිසියේ විනය මතක් වුනේ ඇයේ? අද රජයට බෞද්ධ පාර්ශවයෙන් එන ප්‍රබලම පීඩනය වන්නේ ගව ගාතනය හා අන්‍යාගමිකරනයට විරෝධව වේ. ඒ හමුවේ අමරපුර නිකාය තම භික්ෂුන් වහන්සේලාට රාජ්‍ය විරෝධය ඇතුලත් දේශපාලන කටයුතුවලට සම්බන්ද වීම විරුධව විනය නීති පැනවීම රටේම කුතුහලයට හේතු වී ඇත. පළමුවන ශික්ෂා පදය කැඩිමට විරුද්ධවීමට භික්ෂුවට අයිතියක් නැද්ද? තම නිකායේ භික්ෂුන්ගේ දේශපාලන ක්‍රියාවන්ට විරුධවීමට අමරපුර නිකායට 2014 සිදු වුනේ රාජ්‍ය ප්‍රධානින්ගේ බලපෑම මත බව ජනතාවටම සැක පහලව ඇත. මේතාක් සිදුවන බෞද්ධ උරුමයන්ගේ විනාශයට , බෞධයන් අන්‍ය ආගම වලට හරවා ගැනීමටල බෞද්ධ/සිංහල සංස්කෘතිය අමු අමුවේ පල්ලිය විසින් හොරා කනකොට, ගව ගාතන සිදු වෙනකොට, බෞධයන්ට භික්ෂුන්ට අන්‍ය ජාතිකයන්ගෙන් කෙනෙහිලිකම් වනවිට,අන්‍ය ආගමිකයන් හොරට සිව්රු ඇඳ සාසනයත් බුද්ධ ධර්මයත් විනාස කෙරමින් සිටි , තවත් ය තමුන් රහත් බව පවසයි , මේ මහනායක හිමිවරු ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග මොනවද? ජාතියට ආගමට ශාසනයට මොනවා වුනත් සුද්ද දුන්න නිකාය මහා පදවිය රැකීමද එකම අරමුණ?මෙම මහ නාහිමිවරු තමන්ගේ සාසනික සහ ජාතික වගකීම් හිතා මතාම පැහැර හරන බවට බෞද්ධ ජනතාවගේ අදහසයි. 
ලංකාවාසී ජනතාව හා විශේෂයෙන්ම මෙරට බෞධයන් උපන් ගෙයි මෝඩයන් නොවේ. බුද්ධ යනු බුධියයි. බුදුන් වහන්සේ යනු බුධින් වහන්සේය. බෞධයා යනු එම බුධිමත් දහම තේරුම් ගැනීමට හැකි බුධිමතුන්ය . නිකාය මහ හිමි වරුන්ට මෙම බුධිය නැතත් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට සහ ගිහියන්ට මෙම බුධිය ඇත . රට දැය ආගම ගැන කැක්කුමක්ද ඇත. දැන්වත් මේ රටට , ජාතියට ල ආගමට වෙන විනාශය තේරුම් ගෙන ඒ සඳහා අවශය කටයුතු කිරීමට මහනායක හිමිවරු පියවර නොගතහොත් මහනායක පදවියක් දැරීමට නිකායක් තබා බුද්ධ සාසනයවත් අන්‍ය ආගමික අන්තවාදීන් මේ රටේ ඉතුරු නොකරනු ඇත. 

ඉදිරිපත් කිරීම -
ආචර්ය සුරිය ගුණසේකර

No comments:

Post a Comment