Monday, March 10, 2014

ශ්‍රී ලංකාව දුප්පත් කර හුරා කන්නෝ (01)

 

අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (IMF) හා ලෝක බැංකුව (IBRD)


ලෝකයේ සම්පත් වලින් ගහන නිවර්තන කලාපිය රටවල් සැමදා දුප්පත් වීමට හේතුව වී ඇත්තේ බටහිර ජාතින් විසින් සංවිධානාත්මකව  හුරා කෑමත් තව දුරටත් අනියම් ලෙස යටත් විජිත වසයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අප වැනි රටවල් පිඩාවට ලක්කර පාලන කිරීමට ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදවා ඇත. රජ දවස මිලියන 30 කට වඩා ජනගහනයක් ජිවත් වූ මේ රට ස්වයංපෝෂිත විය. අප ජනතාවගේ සියලු අවශ්‍යතා ,ආහාර, බෙහෙත්, නිවාස, ඇඳුම් පැළදුම්, මේ රටම තුලම නිෂ්පාදනය විය. එහෙත් බටහිර ජාතීන්ගේ ආක්‍රමණයත්, ඔවුන් විසින් කරන ලද ඉඩම් මංකොල්ලයත්, අපේ හෙළ ක්‍රම, බව-බෝග, ගව සම්පත, හෙළ වෙදකම විනාශ කර ඔවුන්ගේ ක්‍රම මෙරටට හඳුන්වා දීම තුලින් අද මිලියන 20 ජනතාවකට එදා වේල සපයා දීමට අද  බටහිරට ගැතිකම් කරන තත්වයට ඔවුන් අපිව විවිධ උපක්‍රම මගින් හසුරවනු ලැබේ (දේව ස්වරුපයෙන් එන බටහිර යක්ෂ ආයතන  මගින් ). ඒවා පිලිවෙලින් පහත ලිපි මගින් සාකච්චා කෙරේ.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (International monitory fund) යනු නිවර්තන ( දුප්පත්) රටවලට තම කෘෂිකර්මාන්ත කටුතුවලට අවශ්‍ය ණය සැපයිමට  ඇති කෙරන ලද අරමුදලයි. ප්‍රතිනිර්මාණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව(International Bank for Reconstruction & development) නොහොත් "ලෝක බැංකුව:  පිහිටුවීමේ අදහස ඇතිවුනේ 1944 ජුලි මස අග භාගයේදීය. ඊට පසුබිම් වූ කතාව ඉතා රසවත්ය.
1944 ජුලි මාසය වනවිට දෙවැනි ලෝක සංග්‍රාමය නිසා යුරෝපය බිඳ වැටි තිබුණි. නගරවල කර්මාන්ත ශාලා කාර්යයාල හා නේවාසික ගොඩනැගිලි වෙනුවට ගරා වැටුණු ගඩොල් විය. කර්මාන්තශාලා වැසි ගොස් නොවැසූ ඒවායේද වැඩ කිරීමට ප්‍රමාණවත් පිරිමි නොවිය. මරණය ,තුවාල වීම ,රෝගී වීම ඊට හේතුවය. කාන්තාවන්ට ඒවායේ වැඩ කිරීමට සිදු විය. ආහාර  හිඟ වූ අතර මන්දපොශනය හා ලෙඩ රෝග බහුල විය. විනෝදාංශ කිසිවක් නොවිය. හැමදෙනාම දුක් කඳුළු මත ජීවත් වුහ.
යුද්ද්දයට සහබාගි නොවූ හා ඉන් පිඩාවට පත් නොවූ ඇමෙරිකා එක්සත් ජනපදය මෙවිට යුරෝපයේ පිහිටට ආවේය. ඇමෙරිකා මහාද්වීපය යනු යුරෝපයෙන් සංක්‍රමණය වූ සුදු මිනිසුන්ගෙන් යුත් පුංචි යුරෝපයක් විය. මෙම කාර්යයයේ මුලිකත්වය ගත්තේ එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට්‍ ය.
කැනඩා - එක්සත් ජනපද දේෂ සිමාවේ පිහිටි බ්රෙන්ට්වෝඩ් නමැති නගරයේ රැස්වීම ශාලාවක දොර වසු කුඩා සම්මන්ත්රණ කාමරයක් තුල 1944 ජුලි 24 හෝ 25 අවට දිනෙක පැවැත්වූ රහස් සම්මේලනයකි. යුරෝපිය රටවල් 18 ඊට සහබාගි  වියා. මාතෘකාව වුයේ  "කඩා වැටුණු යුරෝපය නැවත නගා සිටීමේ ක්‍රම සහ විධි” යන්නය. ජනාධිපති රුස්වෙල්ට් විසින් මෙය සංවිධානය කරන ලද අතර ප්‍රශ්නය සම්බන්දයෙන් කතා කෙළේ ජනාධිපති ලේකම් වරයෙකු විසිනි. ඔහුගේ කතාවේ සාරය  පහත පරිදිය.
යම් පුද්ගලයකු නැවතත් ධනවත්ව නැගී සිටිම යනු අනුන්ගේ වස්තුවෙන් කොටසක් උපක්‍රමික ලෙස ඔහුගේ සාක්කුවට අත දමා ලබා ගැනීමයි . මෙය ඉටු කර ගැනීමට දක්ෂ කම තිබිය යුතුය, එමෙන්ම සාක්කුවේ හිමියාද සරුසාර ධනවත් අයෙකු විය යතුය, මේ අනුව යුරෝපයට නැවත සමුර්ධියෙන් යුතුව නැගී සිටීමට නම් ලොව කිසියම් කලාපයක් සූරා කෑම(exploit)කල යුතුයග මේ සඳහා හොඳම කලාපයනම්( ශ්‍රී ලංකාවද අයත්වන)  නිවර්තන කලාපයයි.
නිවර්තන කලාපය යනු අවූරුද්ද  පුරා හොදින් උෂ්ණය (හිරු) ඇති එමෙන්ම වර්ෂාපතනය ඇති, එනිසාම වර්ෂය  පුරාම ගස් වැල් හැදෙන්නාවූ කලාපය වේ. මෙම යහපත් දේශගුණික තත්වයන් මත එම කලාපයේ වගාවන් හැම විටම බහු - භෝග වගාවන් වෙති. එකවර භෝග ගනනාවක් වැවේ. යුරෝපයේ එසේ සිදු නොවේ. එබැවින් එම නිවර්තනික කලාපය සුරා කෑමේ උපාය උපක්‍රමයන් සොයා බැලිය යුතුය.
ස්වයන්පොශිත කෘෂිකර්මය වැදගත් වන නිවර්තන කලාපය හැමවිටම බහු - භෝග වගාවෙන් යුක්තය. මෙය මහා පරිමාණයේ ඒක භෝග දක්වා වෙනස් කළහොත් ඔවුන්ගේ අතිරික්තය සුදු රටවලට මිලදී ගත හැකිය. එසේ කලවිට එහි වාසිය තවත් ආකාරයකින් යුරෝපයට ලබා ගත හැක්කේ රේගූ බදු හා වෙළද ගිවිසුම් යුරෝපයට අවශ්‍ය ලෙස සකසාලිමෙනි.
බහු භෝග වගාව මහ පරිමාණ එක භෝග ක්‍රමයට වෙනස් කිරීමට නම් මුදල් අවශ්‍යය , විශේෂඥ දැනුම අවශ්‍යය, මේ වනවිට ටෙක්සාස් හි දියුණුකළ තිරිඟු වගාවද 1943 දී එක්සත් ජනපද යටත් විජිතයක්  වූ පිලිපීනයේ දියුණුකළ වී වගාවද සාර්ථක වී තිබුණි. එහිදී සිදුවන්නේ ආශ්චර්යයක්  නොවේ. උස හා ශක්තිමත්  කදක් ඇති ගොයම් ගස ජාන විකුර්තියෙන් කුරු මිට්ටෙක් බවට පත් කර ඒ මත දුර්වල හා විශාල වී කරලක් ඇතිවන්නට සැලැස්වීමය. ගොයම් ගසින් අඩු කල ප්‍රමාණය කරලට යෙදවේ. මෙවිට වී වගාවද වාණිජ වැවිල්ලක් වේග මේ සඳහා ණය සැපීමට IMF පිහිටවීමට යෝජනා කෙරන ලදී.
නමුත් මිනිස් මනස වෙනස් කිරීමට අපහසුය, නවීකරණය වූ වගාවන් සඳහා ජනතාව අවනත කර ගැනීමට ලෝකය වෙනස් වී ඇති බව ඇගේ ස්පර්ශ කෙල යුතුය. ඒ සඳහා සමාජ ආර්ථික යටි තල වෙනස් කල යුතුය. එවිට ඔවුන් එය පිළිගෙන තමාද වෙනස් වීමට කැමති වෙති. මේ සඳහා පුළුල් මාර්ග එහි වේගයෙන් ධාවනය වන මොටෝර් රථ , කර්මාන්තශාලාල ගුවන් තොටුපොළවල්ල වරාය ල මාර්ග සංදී ස්ථාන වල නගරයන්, එම නගර වල සුපර් මාකට්, ඒවයේ විදුලි එළියෙන් බැබලෙන නවීන පාර්භෝගික භාණ්ඩ ආදිය ඇතිවිය යුතුය. මෙම යටිතල වෙනස සඳහා ණය හා ආධාර සැපීමට ප්‍රතිනිර්මාණය හා සංවර්දනයට ජාත්‍යන්තර් බැංකුව (IBRD) නොහොත් ලෝක බැංකුව ඇති කිරීමට යෝජනා කෙරින.
අදIMF හා ලෝක බැංකුව මගින් දුපත් රටවල් වල මිනිසුන් ඔවුනට අනවශ්‍ය හා දරාගත නොහැකි වියදම් වලට ඇද දමා ඇත. ලොව හොඳම නිදසුන  වන්නේ අපේ ලංකාවය. ශ්‍රී ලංකාව නමැති නමක්ද යොදා අත්තේ මෙම අමනයන්ගේ රට හැඳින්වීමට හොඳම නාමය ඒ වන නිසාය. එදා රුස්වල්ට් ගේ කථාවේ තිබු ගුවන් තොටුපොළවල් වරායවල් සදා අප රට එදා සිට අද වනතෙක් අසාර්ථක වී ලෝකයට නය වී ස්වාධීනත්වය උගස් තබා ඇති සැටි රුපවාහිනී හා පුවත් පත් තුලින් දැකීමට හැකිය. ණය ලබා ගැනීමට පුරුදු වූ අනෙක් රටවල් ද ලංකාව මෙන්ම ණය උගුලේ හිරවී සිටිති. ලබා ඇති ණය ගෙවීමට ලංකාව අද තවත් ණය ලබා ගන්නේ IMF ණය ගෙවීම සඳහාය. සෑම රට වැසියෙකුම රු. 275,000.00 ක පමණ ණය කරුවෙකු වී ඇත. මේ සියල්ල සංවර්ධණය යන වචනයෙන් අවරණය කෙරේ. නව යටත් විජිත වාදය (Neo - Colonialism) යනු මෙයයි . ස්ව කැමතෙන්ම බටහිර හැසිරවීමට යටත්ව දුක්වින්දීම ඉන් අදහස් කෙරේ. නිවර්ත රටවල ඇති ස්වභාවික සම්පත් පිළිබද විස්තර අධ්‍යාපනය තුලින් යට ගස්වා ශීතල රටවල ඇති ආකාරයේ පොළොවේ තැන්පත්ව වී ඇති ස්වභාවික සම්පත්(අප රටවල ඇති ස්වාභාවික  සම්පත් මේවා නොවේ) ප්‍රයෝජනයට  ගැනීමට ඉගැන්වීම   නිසා එම නිවර්තන රටවල බිහිවන අනාගත පරම්පරාව ජීවත් වීමට ඇති ඉඩ කඩ ඉන් ඇහිරී ඇත. ඊනියා සංවර්ධනය සඳහා තම රට විනාශ කරගෙන අනාගත පරම්පරාව උගස් තැබීමටද මේ සඳහා අවශ්‍යයි.එය මැනවින් අපේ අනුවනක්කාර අවස්ථාවාදී දේශපාලඥයන් විසින් මැනවින් ඉටු කෙරමින් පවතී. තමන් ජිවත් වන රටේ ඇති ස්වාභවික සම්පතුත් එම රටවලට ගැලපෙන ජීවන රටාවලුත් අධ්‍යාපනය හා ජනමාධය හාවිතයෙන් අමතක කරවා මෙම හපන්කම සිදු කෙරේ.
ණය උගුල තුල තව තවත් එම උගුලේම හිරවීම හැර ලංකාවට සිදුවිය හැකි වෙනත් දෙයක් නැති බව මේ අනුවන දේශපන්ක්නයන්ගේ ක්‍රමය වේ.එයින් මිදීමට ඔවුන් මෙම දේශපාලන ක්‍රමය තුල කිසිත් නොකරයි, කිමද යත් එවිට ඔවුන්ගේ පැවැත්ම නැතිවන බැවිනි. එහෙත් මේ සඳහා විසදුමක් අප තුලම පවතී.
අනෙක් කොටස ඉදිරි ලිපිය (02) මගින් බලාපොරොත්තුවන්න.

No comments:

Post a Comment