Sunday, March 2, 2014

සිංහලයට උගුල් අටවන්නෝ (02) - සංවර්ධන උගුල

 

 (02) සංවර්ධන උගුල



1987 දි බ‍්‍රාන්ට්ලන්ඞ් කොමිසමේ වාර්ථාව (අපේ පොදු අනාගතය - our common future) එලිදක්වන තුරුම සංවර්ධනය නමැති වචනය සදහා එක්සත් ජාතීන්ගේ සංවිධනය විසින් දුන් ආර්ථකථනය වුයේ වෙනසන් පසුව ඇතිවන වැඩියාම(growth on change) යන්නයි.මෙය යුරෝපිය සංසිද්ධියකි.කෘෂිකර්මික යුගයේ බඩගින්නෙන් මන්දපෝෂණයයෙන් හා ලෙඩදුක් වලින් යුරෝපියයා පෙථනි.ශිතල රටවල් කෘෂිකර්මයට නුසුදුසු වීම ඊට හේතුවයි.කාර්මිකත්වය හා වානිජත්වය එළඹුනු විට එම රටවලට ස්ථාවර බවක් ඇති වී ජිවිතය දියුණු විය.මේ නිසා එම වෙන(change) තවදුරටත් වැඩියාම (growth)එම රටවලදි සංවර්ධනය නම් විය.
1944 ජුලි මස ඇමෙරිකන් ජනාධිපති රුස්වෙල්ට් විසින් පැවැත්වු සම්මේලනයයේදි යුද්ධයෙන් වැටුන යුරෝපයට නිවර්තනික කලාපිය ලෝකය කොල්ල කා නැවතත් සමෘධිමත් විය හැකි ආකාරය පෙන්වාදෙන ලදි.අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) ලෝක බැංකුව (IBRD) හා ගෑට් සංවිධානය(GATT) ඇරඹුනේ එදිනය එහි ප්‍රතිපලයක් ලෙස නිවර්තන කලාපිය රටවල් කොල්ලකෑමට මූලික අඩිතාලමක් ලෙසය .1944 දෙසැම්බර්හි ආහාර හා කෘෂිකර්ම සංවිධානද(FAO) ඇරඹිමෙන් පසු 1945 දි එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය බවට පත්විය.අද එහි නියෝජිත ආයතයන් දුසිම් 2ක් පමණ ඇත. නිවර්තනික ලෝකයට (දුප්පත්) සංවර්ධනය ගෙන එන්නේ එම එක්සත් ජාතින්ගේ සංවිධානයයි.සංවර්ධිත රටවල් යනු නිවර්තනික ලෝකය සුරා කා පොහොසත් වු රටවල්ය.සංවර්ධනය වන (පළමුව උෘණ සංවර්ධිත) රටවල් යනු නිවර්තනික දුප්පත් (ලංකාව වැනි) රටවල්ය.ලංකාව මෙන්ම අනිකුත් නිවර්තනික රටවල් මෙම ඇමරිකාව ප්‍රමුක බටහිර ජාතින් පෙන්වන”සංවර්ධන මිරිගුව” පසුපස දුවති.නමුත් සංවර්ධනය වු රටක් නැත.
1968 දි ලංකාණ්ඩුව වී ගොවිතැන නවීකරණය කිරිමට ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමග ගිවිසුම් අත්සන් කිරිමෙන් සංවර්ධනයට එළඹීයේය.මෙමගින් අපේ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමය තාක්ෂණය බිජ වර්ග විනාශ විය. 1970 දි එය ගොඩ ගොවිතැන් ඇතුථ සියථ ගොවිතැන් වලටද සුථ කර්මාන්ත වලටද ආදේශ කරන ලදි.1970 දි සංවර්ධන මණ්ඩලය ඇතිවුයේ එනිසාය.එමගින් බහු ජාතික සමාගම්වල ට‍්‍රැක්ටර් බීජ වී ජිව නාශක දියර කෘතිම පොහොර ආදි යෙදවුම් අවශ්‍ය වී වර්ග පමණක් (දියුණු කල) වගා කිරිම ඇරඹුනි.මේ අනෙකක් නොව සොබාදහමේ අංග අධික ලෙස සුරාකමින් ආහාර වටිනාකමක් නැති සහල් වර්ග තාවකාලිකව වැඩියෙන් නිපදවා වැඩි ආදායමක් ලැබීමටය.අද මෙම කෘෂි සංවර්ධනය කොතෙක්ද යත් ගොවියට තම බිජ නිපදවා ගැනීමටත් ළඟ තබා ගැනීමටත් විරුධව නීති සකස් කරමින් පවතින අතර බිජ බහු ජාතික සමාගම් මගින් නිපදව බෙදා හරිම කරනු ලැබී. මෙතුලින් අපේ හීනටි සහල් , කළු හීනටි වැනි අපේම මෙරටට මේ බිමට ගැලපෙන බිජ සහමුලින් වඳ කර දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක.මැද කොළඹ ආසන්නයේ නිවාස ප‍්‍රශ්නයක් ඇත.1970 දි එහි මන්ත‍්‍රි කෙනෙකු වු පිටර් කේනමන් නිවාස ඇමති විය.මැද කොළඹ තිබු නිවාස ප‍්‍රශ්නය ලංකාවටම ව්‍යාප්ත කිරිමට හේ සමත් විය.1977 දි මැද කොළඹ මන්ත‍්‍රි ආර්.පේ‍්‍රමදාස නිවාස හා ඉදිකිරිම් ඇමති විය.විදේශ බලවේග ඔහුට කිට්ටු වී නිවාස සංවර්ධනය ලංකාවේ ප‍්‍රධානම සංවර්ධනය බවට පත්විය.උදාගම් හා වාර්ශික ගම්උදා සංකල්පයත් දියුණු විය.මහ පොලවට මුල්ඇද තිබු සිංහලයා මහ පොලවින් මුල් උදුරා නිවාසයට මුල් ඇද්දවීමට නිවාස හා ගම්උදා සංකල්පය සමත් විය.
1978 දි ආ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා විදේශික ආයෝජනයට වෙළදුන් සංචාරකයින්ට ජාවාරම් කාරයින්ට රට විවෘත විය.රටට අනවශ්‍ය සියථ දේ රටට ඇදී ආවේය.විදේශ ආයෝජකයන් ඇසුරින් ලංකාව කාර්මික රටක් කිරිම ඇරඹුණි."නව කාර්මික රාජ්‍යය” මෙරට ආර්ථික ප‍්‍රතිපත්තිය විය.නමුත් ආයෝජකයන් මෙරට බැංකුවලින් ණය ලබා ආයෝජනය කර සුරාගත හැකි දේ සුරාගෙන කර්මාන්තයන් වසා දමා ණයද නොගෙවා ආපසු ගියහ.කාර්මික ප‍්‍රතිපත්තිය අසාර්ථක විය.
2003 දි යු.එන්.පි පාලනය යටත උත්සහ දරන ලද සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කිරිම දැන් නැවතත් ඇරඹී ඇත.මාර්ග සංවර්ධනය වරායන් ගුවන්තොටුපලවල් සංචාරක හොටල් කැසිනෝ හා ගණිකා ව්‍යාපාර පුද්ගලික රෝහල් සුඛෝපභෝගි රථ ආනයනය ආදි අනවශ්‍ය හා ඹරෝත්තු නොදෙන දේ ඒ අනුව වැඩියයි.සංචාරක කර්මාන්තය වැදගත් ලෙස සලක්න්නේ රට තුල කිසිම ස්වාභාවික සම්පත් නැති අන්ත නිසරු රටවල්ය.ලංකාව වැනි ස්වභාවික සම්පත් වලින් පිරි රටකට කෘෂි ආර්ථිකය හැර වෙනත් ආර්ථිකයන් අවැසි නැත, සංචාරය ආර්ථිකය යනු විදේශිකයන් මත රට උකසට තැබීමක් වැනිය, ඔවුනට අපේ ආර්ථිකය වට්ටන්න ලංකාවට නොයන ලෙස තම වැසියන්ට අනතුරු ඇඟවීමක් සෑහේ.එබැවින් අපේ දේශපාලකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කොපමණ භයානක සහ ඔල මොට්ටලද යන්න අප තීරණය කෙල යුතුය. ලංකාව ලොව ඇති ස්වාභාවික සම්පත් පිරුණු ප‍්‍රධානම රට බව 1835 - 45 ආරම්භක වැවිලි කරුවන් පවසා ඇත. මෙවැනි රටක් මෙතරම් අගහිඟ කම් වලින් දුක් විදුනුයේ වැරදි අපට නොගැලපෙන ආර්ථික හා දේශපාලන ක්‍රමය නිසාය.
1970 සිට වසර 43 ට පසු සංවර්ධන මාවතේ ගමන්ගත් ලංකාවේ අද තත්වය කුමක්ද නවීන ගොවිතැන් ක‍්‍රම නිසා පොලව හා ජලය විෂ වි ඇත.දේශගුණය වෙනස් වි තිබේ.නාගරික ප‍්‍රදේශ වල මෝටර් රථ දුම් නිසා වායුව විෂ වී ඇත.ජල උල්පත් සිදි වියළි ගොස්ය.ජල මාර්ග දෙපස කම්මල් පිහිටුවා ඒවායේ අපදාව්‍ය එම ජලමාරග වලට මුදාහැරිමෙන් ජලමාරග අපවිත‍්‍ර වී ඇත.කදු බෑවුම් අසීමිතව එලි කිරිම නිසාත් පයිනස් යුකැලිප්ටස් වගා කිරිම නිසාත් නාය යාම් ඇරඹී ඇත.උක් වගාව නිසා හපුතලේ අවට නායයම් වල කේන්ද්‍රය බවට පත්විය.වසවිස යොදා වගාකිරිම නිසා ආහාර විසවි ඇත.ඇගලූම් කර්මාන්තය ප‍්‍රධාන ආර්ථික මාර්ගයක් වී දැන් බිද වැටීම නිසා විරැුකියාව දක්නට තිබේ.එමෙන්ම ඒවායේ වැඩකල කම්කරුවන් (කාන්තාවන්)දුර්වල වි ලෙඩ වි සිටිති.නිරෝගි තරුණ ලඳුන් ඇගථම් කම්හලක වැඩට ආ විට වසර 10 - 15 ට පසු රෝගි කාන්තාවක් වී ගෙදර යයි.බොහෝ ය ගණිකා වෘතියට් යොමු වී ඇත.ඔවුන් විවාහ වුවද දරුවන් නැත.දරුවන් ලදොත් අංගවිකලය.නැතිනම් දුර්වලය.ඇය ගෙදරට ඉන්පසු බරක් වී සෙසු ජිවිත කාලය ගෙවයි.
රජයේ සියථ සංවර්ධනයන් සිදුවන්නේ ණයට ගත් මුදල් වලිනි.ඒවායේ වාර්ක පොලී ගෙවා ගැනිමට නොහැක.ඊට හේතුව නම් රටේ නිෂ්පාදනය වර්ධනය නොවීමය.ණය හා වාරික ගෙවීමට තවත් ණයක් ලබාගැනීම දැන් පුරුද්දය.මෙසේ ණය උගුලේ හිරවීම නිසා ඒක පුද්ගල ණය බර දෙලක්‍ෂ හැත්තෑ දහස දක්වා වැඩි වී ඇත.එසේ වද්දි රජයේ නාස්තිකාර උත්සව ගමන් ආනයන ආදිය නිසා ණය ගෙවීම තව තවත් අපහසු වේ.මේ අතර සංවර්ධනයේ ආරම්භය වු වි ගොවිතැන නවිකරණය නිසා පොහොර වසවිය.දැනට කැඞ්මියම් ආසනික් ආදි දේ නිසා රජරට වකුගඩු රෝගය දරුණු විය.දැනට 38000 මිය ගොස් ලක්‍ෂ 4ට රෝගය වැලදී ඇත .බටහිර වෙදකමට මෙය සුවකල නොහැක.වැව් ශිෂ්ඨාචාරය උපන් මුථ රජරටම ඉන් මියයාමට හැකි ප‍්‍රවණතාවක් ඇත. මෙසේ සංවර්ධන උගුල නිසා 1970 දී තුන්වේල ආහාර ගෙන නිරෝගිව සිටි ජනතාව අද රෝගී වී මියයන දෙස බලා සිටිය යුතුව ඇත. විශේෂඥයින් කරන්නේ අනාගතය සුබ බව කීමය."ආසියාවේ ආශ්චර්ය" නමැති පදයෙන්ද රජයද මෙම දරුණු තත්වය වසන් කරයි. ජනතාවද ඊට රැවටෙති. ඔවුහු තව දුරටත් චන්දය දෙමින් තම අවසානය දක්වාම එසේ කරනු ඇත. සංවර්ධන මායාව නිසා රටත් ජාතියත් ශිස්ටාචාර්යත් විනාශ වී යමින් තිබේ. මෙම තත්වය වහාම වෙනස් කරගැනීම ජාතියේ වගකීම වේ, කිමද දේශපාලඥයා කිසිදා මෙය නොකරන බැවිනි. 

ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේධි ආර්. නන්දන
          

No comments:

Post a Comment