Wednesday, May 18, 2016

1815 වන තෙක් මෙරටේ නොසිටි දෙමළ ජනයාට මෙරට පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඇතිවූ සැටි



1815 වන තෙක් මෙරටේ නොසිටි  දෙමළ ජනයාට  මෙරට පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඇතිවූ සැටි

ඓතිහාසික මුලාශ්‍ර හා  ඉංග්‍රීසින්ගේත්   මෙරට ආක්‍රමණය කල අනෙකුත් බටහිර ජතින්ගේත් රාජකාරි ලේඛන වලට අනුව ඓතිහාසික දෙමළ නිජබිම් හෝ ස්ථිර දෙමළ ජනාවාස මෙරටේ නොතිබුණු බවත් මුලිකව 1834 වසරේත් පසුව විශාල වශයෙන් 1856  අවදියෙන් පසු ඉංග්‍රීසින් විසින් මලබාරයන් (දකුණු ඉන්දියාවෙන් ගෙනෙන ලද පොදුවේ දෙමළ කථා කරන ජනතාව) වහලුන්සේ  ගෙනවිත් පදිංචි කර ජනාවාස ඇරඹු බවට ලිඛිත සාක්ෂි තිබේ.
1.       1801 වසරේදී තංගල්ලේ සිට මඩකලපුව හා ත්‍රිකුණාමලයට පා ගමනින් ගිය කොළඹ කොටුව දේවස්ථානයේ ප්‍රධාන පූජක ජේම්ස් කෝර්ඩ්නර්  පවසන්නේ මඩකලපුව ඕලන්ද කොටුව අසල දුපතක ඕලන්ද කොටුවේ සේවයට ගෙනන ලද මලබාර් පවුල් 220 පමණ හැර රට තුල එනම් ප්‍රධාන භුමිය තුල කිසිදු මලබාර් ජනාවාස නොවූ බවය. එසේම 19වන සියවස ආරම්භයේදී හම්බන්තොට සිට නැගෙනහිර වෙරල දිගේ ගොඩබිමින් ගමන් කල ජෝන් රීඩර් නම් ශල්‍ය වෛද්‍යවරයාද පවසන්නේ තමන්හට මලබාරියන් හමු නොවූ බවය.

2.       1803 දී මහනුවර ආක්‍රමණය කල 3000  ඉංග්‍රීසි හමුදාව සිංහළ ගරිල්ලන් අතින් සමූල ඝාතනය වීම ඉංග්‍රීසින්ට තද බල  නින්දාවක් විය. එසේම  1818  දී සිදු වූ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයෙන්  පසු මෙරට හැර දා යාමට සුදානම් වූ ඉංග්‍රීසින් ඉන්දියාවෙන් ලැබුණු ආධාර නිසා යන්තම් ජාම බේරාගෙන අරගලය මැඩ පැවැත්වීමට සමත් විය. මෙම හේතු මත ඉංග්‍රීසින්   සිංහළයා කෙරෙහි දැඩි ලෙස  වෛර බැඳගත්හ. එසේම සිංහළ ප්‍රභූ රදළ පාලක පන්තිය වෙල්ලස්ස අරගලයට උදවු දීම නිසා මුළු සිංහළ ජාතියම ඔවුනට අවිශ්වාස විය. මේ හේතුව මත 1818 නොවැම්බර් 21 වන දින ප්‍රකාශයක් (Declaration) මගින් 1815 අත්සන් කරන ලද උඩරට ගිව්සුම ඉංග්‍රීසින් විසින් උල්ලංඝනය කරන ලදී. 1815 ගිවිසුමට පටහැනිව තමන් රටේ පරම බලය බවත් සිංහළේ රටවැසියා යටත් විජිත වාසීන් පමණක් බවත් ප්‍රකාශ කළහ. මින් පසු  ඉංග්‍රීසින්, ඔවුන්ට හිස රදයක් වූ සිංහළ ප්‍රභූ පාලක පන්තිය  දියකර හැරීමට කටයුතු යොදන ලදී. පහලම නිලයන් පමණක් සිංහළයා හට හිමි විය.

3.       1818 නිදහස් අරගලයෙන් පසු පංචවිද නීති දමා සිංහළ ගම බිම් විනාශ කොට මෘත ශරීර නැගෙනහිර ප්‍රදේශයේ හා දකුණේ වැවු වලට ගංගා වලට දමා වසංගත බෝ කොට සිංහළ ගම පිටින් විනාශ  කිරීමට සැලැස්වූ බවත් ඉතිරි ජිවිත බේරා ගැනීමට පිරිස ගම් බිම් අතහැර ගිය බව ලැජ්ජාවකින් තොරව පැවසිය නොහැකි බව 1818 වර්සරේ එවකට අගවිනිසුරු වූ ලෝරි පවසා තිබේ.

4.       එසේම 1948 විශාල සිංහළ  ජන සංහාරයකින් , දේපොළ විනාශයකට පසු ටොරින්ටෝන් ආණ්ඩුකාර තැන යටත් විජිත ලේඛම් හට නිර්දේශ කරන්නේ  අල්ලා ගත් ඉඩම වල සිංහළයට ප්‍රතිවිරුද්ධ ජන කොට්ටාශයක් වන මලබාරයන්, උතුරේ මෙන් නොව  නැගෙනහිර පළාතේ අඹු දරුවන් හා පූජකයන් සහිතව ගම් පිටින් මුලින් උදුරා ගෙනවිත්(UPROOT AND TRANSPLANT) පදිංචි කරවන ලෙසටය. ඒ සදහා යටත් විජිත ලේඛම්ගේ අනුමැතිය ඔහුට හිමිවන ලදී.
5.       පසුව නැගෙනහිර ප්‍රදේශයේ 1856 පටන් විශාල වැවු පිළිසකර ඉඩම් කට්ටි කදු බව මිනුම්පති වාර්තාවේ සදහන්ය. කන්තලේ වැව යටතේ පමණක්  ඉඩම් කට්ටි 6000 ක් කඩා  මොවුන් පදිංචි කරවන ලදී. එහෙත් 1982 කන්තලේ වැවු බැම්ම කැඩුණු වෙලාවේ කෝවිල් ,ගම, ගම්මු හා පුසාරිලද ජලයෙන් ගසාගෙන හියහ.
6.       මඩකලපුව දිසාපති වූ W.W හියුම් වාර්තා කරන ආකරයට 1874 වන විටත් බහුතරයක් මලබාරියන් නැගෙනහිර පදිංචි වූ බවත් 70,000 පමණ ජනගහනයක් වූ මොවුන් දම්වැලක් සේ වාලච්චේනේ සිට සැතැක්ම විස්සක් පුලුයන්තු හා සැතැක්ම පනහක් ත්රික්කොවිල් වනතෙක් මුල්ම(Pioneers) දෙමළ පදිංචිව කරුවන් වූ බවය.  
7.       1868 මන්නාරම උප දිසාපතිගේ වාර්තාවල ජනගහන තොරතුරු වලට අනුව මලබාර් ජනගහනයක් නැති බව සදහන්ය. එහෙත් 1870 මන්නාරම වරාය හරහා කොපි වගාව සඳහා ගෙන ආ කම්කරුවන් 70,000 පමණ කොපි වගා බිම් වලට නොගොස් බලෙන් මන්නාරම අවට පදිංචි වූ බව සදහන්ය. ප්‍රමාණය කෙසේ වුවත් 1872 පසු මන්නාරම දිස්ත්‍රිකයේ මලබාර් ජනගහනයක් වාර්තා වී ඇත.
8.       ඉහත අංක 6 යටතේ සදහන් කල ආකාරයට අධිරාජ්‍යවාදීන්ගේ පාලනයත් හා සාමාන්‍ය ජනයා අතරතුර සිටි රදළ ප්‍රභූ පාලක පන්තිය දිය කර හැරිම නිසා හා රටේ පාලනය කොමසාරිස් මඩුල්ලක් යටතට පත් කල බැවින් හිඩැස පිරවීමට  මදුරාසියෙන් සිවිල් සේවකකයන් ගෙන්වීමට සිදු විය. 1870 දශකය පමණ වන තෙක් මදුරාසි සිවිල් සේවකයන් මෙහි විදේශිකයන් ලෙස රැකියාවේ යෙදුනහ. එසේම දිය කරන හරින ලද ප්‍රභූ පාලක පන්තිය වෙනුවට අනාගතය සදහා අලුත් ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් (Elite Class) යාපනයේ දෙමළ කතා කරන පිරිස අතරින් බිහි කිරීමට 1819 දීම සැලසුම් සකස් කර ලන්ඩන් හි යටත් විජිත කාර්යාලයෙන් අනුමැතිය ලබා ගන්නා ලදී.   
9.       ඒ අනුව යාපනයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලත් උගතුන් බිහි කිරීමේ කටයුත්ත   American Church මිෂනාරීන් හට පැවරිය. කලම්බු ඇකඩමී (කොළඹට රාජකීය විද්‍යාලය) ඇරඹෙන  විට  එවැනි විද්‍යාල 5  (කාන්තා විද්‍යාලයක් ඇතුළුව) මගින්  දෙමළ කථා කරන ජනතාව අතරින් ඉංග්‍රීසි උගත් නව  පරපුරක් බිහි කිරීමට කටයුතු යොදන ලදී.
10.   එහෙත් 1830  වන විටත් ප්‍රමාණවත් දෙමළ  ජනගහනයක් යාපනයේ නොවිය.එවකට යාපනයේ කලෙක්ටර් විසින් කෝල් බෘක් කොමිසම ඉදිරියේ ශාක්ෂි දෙමින් කියා සිටියේ
                                                               i.      රජයේ ඉඩම් හෝ පෞද්ගලික ඉඩම් නොමැති බවත්
                                                             ii.      ආර්ථිකය රැඳී ඇත්තේ ධිවර කරමාන්තය දුන්කොල වගාව මත බවත්
                                                            iii.      ජනගහනය ඉතාම අල්ප බැවින් ජන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කල නොහැකි බවත්ය
11.   මේ හේතුව මත යාපනයේ ස්ථිර මලබාර් ජනගහනය වැඩි කිරීමේ අවශ්‍යතාවක් දුටු කෝල් බෘක්  ඊට විසදුමක් ලෙස  නිර්දේශ කරන ලද්දේ  1819 වසරේදී  මහාමාර්ග තැනීමට  ගෙන එන  ලද ද්‍රවිඩ බස කතා කරන ජනතාව, ඔවුන්ගේ තාවකාලික  වහල් සේවය අවසන් වූ පසු තම මවු බිම් වලට නැවත නොයවා යාපනයේ පදිංචි කරන ලෙසය. මෙසේ  ද්‍රවිඩ ජනාවාසකරණය මුල් පියවර යාපනයෙන් අරඹන ලදී. 1834 පසු දහස් ගණනින් යාපනයේ මලබාර්  පදිංචි කිරීම සිදු විය. පිහිටවන විද්‍යාල හරහා මොවුන්ගේ දෙවන පරම්පරාවට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුණු අතර ඔවුන් ඕවර්සියර් , කන්කානි, ගුරුවරු ආදීන් ලෙස රාජ්‍ය සේවයේ පහල මට්ටමට එකතු කරන ලදී. එහෙත් ඉහල රැකියාවන් සඳහා තව දුරටත් මදුරාසියේ සිට තාවකාලික පදනම මත සිවිල් සේවකයන් ගෙනෙන ලදී.
12.   මෙසේ බිහිකරන ලද මධ්‍යම පන්තිකයන් අතරින් පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල ඉදිරියට එන ලදී. මෙසේ  මෙරටින් බිහි වූ  ප්‍රථම සිවිල් නිලධාරියා වන්නේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. යාපනයෙන් වැඩි උගතුන් ප්‍රමාණයක් බිහි කිරීම නිසා රාජ්‍ය පරිපාලන බලයද දේශපාලන බලයද විසිවන සියවසේ මුල් කාලය වන විට ක්‍රමයෙන් දෙමළ ජනයා අතට පත් විය.
13.   උගත් ලාංකිකයන්ගේ ජන්ද බලයෙන් නියෝජිතයකු පත් කර ගනීමට අවස්ථාව පැමිණි විට , සර්. මාර්කස්  ප්‍රනාන්දු පරදවා පොන්නම්බලම් රාමනාතන් ජය ලැබීමත් සමගම ඔහුට මෙරට පාලනය කිරීමේ සිහිනය ඇති විය.
14.   මෙයින් උද්දාමයට පත් පොන්නම්බලම් රාමනාතන්  මහතා ප්‍රසිදියේ කියා සිටියේ සිංහලයන් නුගතුන් ඔවුන් පාලනය කල යුත්තේ දෙමළ නායකයන් විසින් බවය .
15.   එහෙත් 1920 මැනිo ප්‍රතිසංස්කරණ හමුවේ බිඳවැටුණු දෙමළ දේශපාලන බලය,  පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුනාචලම් යන සහෝදරයන් ලංකා ජාතික සංගමයෙන්  වෙන්ව මෙරටේ  ප්‍රථම ජාතිවාදී සංවිධානය වන “දෙමළ මහජන සභාව” පිහිටුවා ප්‍රථමයෙන්ම මෙරට ජාතිවාදී මාවතකට ඇද දැමීමට  කටයුතු කරන ලදී.
16.   පසුව ඩොනමෝර් ප්‍රතිසංන්ස්කරණයට  විරුද්ධ වන ද්‍රවිඩයන් සර්ව ජන ජන්ද බලය ලබා නොදෙන බවට ඉල්ලීමක් කරන ලද අතර, හේතු ලෙස දක්වා සිටියේ සිංහළයන් නුගතුන් බැවින් ජන්දය වැරදි ලෙස පාවිච්චි කරියි යන මතයවේ. එසේනම් එම අවස්ථාවේද ඔවුන්ගේ  මෙරටේ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය සනාථ කරන ලදී එසේම සර්වජන ජන්දය වෙනුවට 50-50 නියෝජනයක් ඉල්ලා සිටයේය. එහෙත් එම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප විය.
17.   1946 දී ජි. ජි. පොන්නම්බලම් එක්සත් ජාතික පක්ෂය සැදීමට හවුල් වූ නිසා , චෙල්වනායගම් මහතා ඉලන්කෙයි තමිල් අරුසුකච්චි හෙවත් ෆෙඩරල් පක්ෂ පිහිටවා ෆෙඩරල් පාලනයක් දෙමළ ජනයාට ලබා දිය  යුතු බව මතවාදයක් ඇති කරන ලදී. මෙම මතවාදය  ඔහු විසින් ගෙනහැර පෑවේ, බණඩාරනායක සිංහළ භාෂාව  එක් රාජ්‍ය භාෂාවක් ලෙස සම්මත කිරීමට වසර කිහිපයකට පෙරට. එනම් නුබලාගේ බෙදුම්වාදී සංකල්පයට භාෂාව හේතුවක් නොවේ.
18.   සිංහළ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් දෙමළ කථා කරන ජනයාට  අසාධාරණයක්  වූ බව දැඩි ප්‍රචාරයක් ගෙන ගියද , එයට දෙමළ කථා කරන මුස්ලිම් ජනයා සිංහළ භාෂාව රාජ්‍ය භාෂාව  කිරීම සම්බන්දව ඔවුන්ගේ දැඩි සහයෝගය ලබා ඩි ඇත. අනෙක් කාරණය නම් සිංහළ භාෂාව එකම රාජය භාෂාව නොව , එය එක් රාජ්‍ය භාෂාවක්  බව ගැසට් නිවේදනයේ  දක්වයි. එනම් දෙමළ දේශපාලකයන්  ප්‍රතිරෝධයක්  දක්වා ඇත්තේ බොරුවටය.  
19.   මින් පසු වසර 23ක විනාශකාරී යුද්ධයකට රට ගෙනයාමට පදනම දමා ගන්නේ  ගිය කේ. ඉන්ද්‍රපාලන් ගේ නිබන්දනයට මුලාශ වී ඇත්තේ ලන්දේසි ජාතික ජාන් මක්කාර් නම් නිලධාරියාගේ ආරාධනයෙන් ලන්දේසීන්ගේ අවශ්‍යතාවක් සපුරාලීම සඳහා 1736 පමණ  ලියන ලද ව්‍යාජ දෙමළ ඉතිහාසය ග්‍රන්ථය වන යාලපනම් වෛපමාලේය. මෙහි සදහන් ඉතිහාසය හුදෙක්ම මනකක්ල්පිත වන අතර කිසිදු කරුණක් නිසි මුලාශ්‍ර සහිතව සනාථ කර නොමැති අතර දෙමළ  ජාතික  රාජනායගම් මුදලි 1919 විසින් ලියු Ancient Jaffna නම්  කෘතියේ සදහන් කර ඇත්තේ වෛපමාලේ ග්‍රන්ථයේ ඇති කරුණු හුදෙක්ම මව්වරු තම දරුවන් නිදිගන්විමට  කියූ ප්‍රබන්ධ කථා බවය. එසේනම් අපි විසින් මෙම ඉතිහාසය සවාදය බව ඔප්පු කිරීමට ප්‍රථම රාසරත්නම් මහතා එය පෙන්වා ඩි ඇත.
20.   මෙම සාවද්‍ය ඉතිහාසය මත  පිහිට අහිංසක දෙමළ ජනතාවගේ මොළ දුෂණය කොට 1976 වද්දුකොදෙයි සම්මේලනයේදී පෙරමුණු දෙකක් ඇති කරන ලදී .
                                                               i.      දේශපාලන පෙරමුණ
                                                             ii.      සන්නද්ද පෙරමුණ
21.   එනම්, සාමකාමිව තිබු මෙරට යුද්ධයකට ඇදගෙන යාමේ නිශ්චිත පුර්ව චේතනාවෙන්ම   සන්නද්ධ අංශයක පිහිටවන ලදි . එම අරමුණ ශාක්ෂාත් කර ගැනීම උදෙසා 1983 වසරේ ජුලි මාසයේදී හමුදා සෙබළුන් 13 ඝාතනය කොට පසුව 1986 ඔක්තෝබර් මසදී චාවකච්චේරි පොලිසිය පුපුරවා මෙරටේ යුද්ධයක්  ආරම්භ කරන ලද්දේ ද්‍රවිඩයන් බෙදුම්වාදීන් විසින්මය.
22.   එසේනම් මෙරට යුද්ධයකට ඇද දමා  යුද අපරාධ සිදු කරන ලද්දේ දෙමළ දේශපාලඥයන් හා බෙදුම්වාදීන් මිස රජය හෝ සිංහළ හමුදා නොවේ. එහෙත් අද සිද්ද වී ඇත්තේ එහි කණපිට පෙරලිමය.  

23.   යතාර්ථය  නම්, දෙමළ බෙදුම්වාදීන් පවසන්නා සේ එළාර යුගයේ හෝ කාලිංග මාඝ යුගයේ මෙරටේ කිසිදා දෙමළ ජනගහනයක් පදිංචි වී සිට නොමැත. එසේ සිටි බවට දෙමළ බෙදුම්වාදීන් මෙතෙක් ඔප්පු කොට නොමැති අතර එය ඔප්පු කිරීමටද නොහැක.දෙමළ නමින් ජාතියක් ලෝකේ කොහෙවත් නොමැති අතර දෙමළ යනු හුදෙක්ම බශාවක් පමණි.  සත්‍ය නම්  පොන්නම්බලම් රාමනාතන් හට  1914 දී ඇති වූ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට දෙමළ දේශපාලකයන් නොයෙකුත් උපක්‍රම 1914 සිට අද වනතෙක්  ක්‍රියාත්මක කිරීමය.
ඉහත අප විසින් ඉදිරිපත් කරන ලද්දේ ඉතාම සංශිප්ත විස්තරයක් පමණි. මෙවැනි කරුණු හා ඒවා සනාථ කිරීමට වාර්තා බොහෝ ඉදිරිපත් කල හැක. එම වාර්තා වලට අනුව යාපනයේ 1834 පටන්, නැගෙනහිර පළාතේ 1856 න් පසුවද, මන්නාරම අවට 1868 න් පසුවද විශාල ලෙස මලබාර් වහල් සේවකයන් පදිංචි කල බව සනාථ කර ඇත. මිට අමතරව පළමුව කෝපි වගාවට මලබාරයන් ගෙන ඒම සිදුව  ඇත. 1815 වන විට සිංහළේ රටේ ඉඩම් හිමි ගොවිතැන් කරන , ගම්මාන සහිත දෙමළ මලබාර් ජනයා නොවූ ලංකාවේ 1915 පමණ වන විට සියයට 5ක් පමණ දෙමළ කථා කරන ජනගහනයක් ඇති වී ඔවුන් ඉඩම් හිමි, ගොවිතැන් කරන, රජයේ රැකියා හා වෙනත් කටයුතු වල නියත ස්ථිර දෙමළ ජගහනයක් ඇති වී තිබුණි.  ඒ සංඛ්‍යාව සියට 16  පමණ වැඩි යාමේදී  බොරු නිජබිමක් පෙන්වා සිංහළ ජාතියත් රජයත් බිය ගැන්වීමට උත්සහ කරයි. ඔවුන් තම අයිතිවාසිකම් ඉල්ලීම් දැඩිව ඉල්ලා සිටියත් තමන්ට මෙරටේ අයිතියක් ඇති බව කිවත් කිසිදා එය ඔප්පු කොට පෙන්වා නොමැත. ඒගැන ඉතිහාසය තුලින් ප්‍රශ්න කොඉරිමේදී කිරීමේදී තර්ජන ගර්ජන බොරු හේතු පෙන්නා මග හැරීමට දෙමළ දෙෂ්පඥයන් හැම විටම ක්‍රියා කරති.  
සත්‍ය නම්, මෙය කිසිවිටකත් අහිංසක දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. විග්නශ්වරන් මහතා , සම්බන්දන් මහතා වැනි දේශපාලකයන් හා බෙදුම්වාදීන් මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කලත් මෙය හුදෙක්ම 1914 සිට පවතින  දෙමළ දේශපාලකයන්ගේ බල ලෝභිත්වය පිලිබඳ ප්‍රශ්නයකි. දෙමළ ජනතාවගේ ප්‍රශ්නය කියා කදුකරය ඈදා ගැනීමට උත්සහ කලද, පසුගියදා සිදම්බරන් ඇමතිවරයා කියා සිටියේ තමනට වෙනම කලාපයක් අවශ්‍ය නැති බවත් කදුකරයේ දෙමළ ජනයා සිංහළ ජනයා සමග සහයෝගයෙන් ජිවත් වීමට කැමති බවත්ය. එසේම යාපනයේ දෙමළ සිවිල්  කණ්ඩායම් මාධ්‍ය සාකච්චා පවත්වා ප්‍රකාශ කොට සිටින්නේ දෙමළ ජාතක සඳහන්ය දෙමළ ජනතාව රවටන බවත්, දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ සිංහළ ජනයා සමග සහයෝගයෙන් දෙමළ ජනයාගේ සමාජ ආරථික ප්‍රශ්න විසදාගැනීමට බවත් , රට බෙදීමක් ෆෙඩරල් හෝ එවැනි කිසි බෙදීමක් අනවශ්‍ය බවය.
ද්‍රවිඩ දේශපාලකයන් විසින් ඇති කරන ලද යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස මෙරටේ නියම  උරුම්මකරයන් වන සිංහළයාට වූ විනාශය හා ඇති කරන ලද  පිඩනයත් , රටේ දේපොළ වලට කරන ලද හානියත් , විනාශ කරන ලද සිංහළ, දෙමළ, මුස්ලිම් අහිංසක ජිවිත ගන්නද අති විශාලය. මෙම විනාශයන් හමුවේ පෙර සිටි හා දැන් සිටිනා බෙදුම්වාදී සංකල්පය පෝෂණය කරන දේශපාලඥයන් වරදකරුවන් විය යුතු අතර විනාශ   කරන ලද ජිවිත හා දේපොළ විනාශයන් හමුවේ ඔබ සියළු දෙනා දඬුවම් ලැබිය  යුතුය. 
දැඩි කනගාටුවට කාරණය නම් , සත්‍ය මෙසේ වුවත් , අපට විරුධව අපේ විනාශය අරමුණුකොට ඉංග්‍රීසින් විසින්  ගෙනෙනා  දෙමළ වහලුන් එදා සිට අදටත් අපේ විනාශය සිදු කරමින් සිටින විට රජය හා රජයේ නිලධාරින් ඔවුන් අපේම කොටසක් ලෙස හුවා දැක්වීමට උත්සහ කිරීමයි. එසේම සිංහලයාගේ අයිතිය පර ජන කොටසකට පවා දීමේ උත්සහයයි . අපේ අයිතිය රැක ගැනීමටනම්  මෙම නියම සත්‍ය හඬ නැගිය යුත්තේ අපිමය . එසේනම් වහා ක්‍රියාත්මකවී මෙම සත්‍ය මහා ජන හඬක් ලෙස ප්‍රශ්න කරමු! 

No comments:

Post a Comment