Monday, May 9, 2016

සිංහළ රජවරු හමුවේ සිල් බිදගන්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය


සිංහළ රජවරු හමුවේ සිල් බිදගන්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

අද පවතින පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය තුල රටේ ජනතාව ජනතා පරමාධිපත්‍ය හා සර්වජ ජන්දය , ජන්දය යනු ඔබේ අයිතිය යයි මැතවරණ වේදිකාවලින් නිතර නිතර අසන්නට ලැබේ. එහෙත් රැල්ලට ගොස් කිසිම අවභෝදයකින් තොරව පරමාධිපත්‍යයයි කියන්නාවූ අයිතිය  චන්දය හරහා පවා දෙන්නේනේ රැකියාවක් ලබා ගැනීම, පාරක් , විදුලිය ලබා ගැනීම වැනි පෞද්ගලික වුත් ඉතාම අල්ප වූ දේ අරභයා මිස රජයක් ලෙස රටේ පොදු යහපත උදෙසා නොවේ. රජයක් පත් කල යුත්තේ රැකියාවක් ලබා ගැනීම, දුරකතනයක්, පින් පඩියක් වැනි කටයුතු අරම්භයා නොව , රජයක කාර්යයභාරය ඊට වඩා  ඉහල මට්ටමක පවතී. පෙර පැවති අපේ හෙළ පාලන ක්‍රමය තුල සියලුම පෞද්ගලික අවශ්‍යතාවන් ගම හා ප්‍රාදේශීය මට්ටමින් ඉටු වූ අතර රජය ක්‍රියාත්මක වුයේ මුළු රටටම බලපාන පොදු කටයුතු හමුවේ පමණි. අපේ තිබු ක්‍රමයන් විනාශ කර සියල්ල උඩු යටිකුරු අප නොගැලපෙන දේ දීම තුලින් රජයක සැබෑ වගකීම් ඉටු කිරීමට නොහැකි ඉතා දුර්වල පාලනයක් ඇති වී තිබේ.

1.       සිංහළේ රජවරු King ලෙස දක්වා අපව මුලාකර ඇත. මැවුම් වාදයට අනුව ක්‍රිස්තියානිය  ලෝකය හඳුනාගන්නේ Kingdom of God හෙවත් දෙවියන්ගේ  රාජධානිය ලෙසටය, එහි සිදුවන  සෑම දෙයම දෙවියන්ගේ කැමැත්තට සිදුවන බව ඔවුන්ගේ විශ්වාසය හා තමාගේ ගැලවුම් කාරයා  දෙවියන් ලෙස ඔවුන් විශ්වාස කරති. එම විශ්වාසයන් මත හිඳ ඔවුන් දෙවියන්ගේ කැමැත්ත යයි කියා පරිසර  දුෂණය, විනාශයන්, කොල්ල කෑම් සිදු කරන අතර ඒ තුලින් මිනිසාගේ හා අනෙකුත් ජිවින්ට පෘතුවිය තුල ජිවත් වීමට පවා නොහැකි තත්වයකට පත් කර ඇත. එහෙත් සෑම දේම දෙවියන්ගේ කැමැත්තට සිදුවන නිසා දෙවියන් විසින් තමුන්ව බේරා ගනී යන අන්ධ විශ්වාසය මත මොවුන් මෙම විනාශකාරී ක්‍රියා දිගටම පවත්වා ගෙන යති.
2.       දෙවියන්ගේ Kindom of God කුඩා කොටස් වලට බෙදා ඒවා කුඩා Kingdom ලෙස හඳුන්වා දෙන  අතර දෙවියන්ගේ නියෝජිතයා වන පාප් විසින් හිසේ තෙල්/ශුද්ධ ජලය ගලවා එම kingdom හි  භාරකාරයා හැටියට King කෙනෙකු පත් කරයි. ක්‍රිස්තියානි මැවුම්වාදයට  අනුව සියළු දේ අයිති එය මැවූ දෙවියන්නටය . එම කුඩා kingdom සඳහා   දෙවියන්වහන්සේගේ  කැමැත්ත අනුව යයි  පවසා පත් කරන ලද King වරු ඒකාධිපතියන් හා දරුණු පුද්ගලයන් වූ ,අතර හැම දේම දෙවියන්ගේ කැමැත්ත ලෙස හුවා දක්වමින් දරුණු පාලනයක් ගෙන ගිය අය වේ.දෙවියන්ගේ දේව රාජයයට  අයත් කුඩා රාජ්‍යයේ king ගේ කොටසේ ඇති සියලු දේ අයිතිකාරයා king වේ. මෙම king වරු පත් කරනා පූජකයන් හා මෙම king වරු එකට එකතුව  සමාජයේ ඉහලින් වැජබෙමින්  වැඩවසම් ක්‍රමය තුල රටේ ජනතාව හුරා කා තලා පෙලා සුර සැප වින්දහ.
3.       අපේ රට තුල මැවුම්වාදය  පිලි නොගන්න්නා බැවින් යුරෝපයේ King හා අපේ “රජවරු” හාත්පසින්ම වෙනස් වේ.  අපේ රජවරු දෙවියන්ගේ නියෝජිතයන්  ලෙස සලකන්නේ නැත. එසේම අපේ රට මැවුම්කාර දෙවියන්ගේ රාජධානියේ කොටසක් ලෙසද සලකන්නේ නැත.. එබැවින් කිසි විටකත් වැඩවසම් පාලනයක් අපේ රටේ නොවූ අතර රාජකාරි ක්‍රමයක් පමණක් ක්‍රියාත්මක විය. එම රාජකාරී ක්‍රමය මගින් සිදු කරන ලද්දේද රටේ මහජනයාගේ සුබ සිද්ධිය සදහා අදාළ වූ වැවු අමුණු නඩත්තුව වැනි පොදු ක්‍රියාවන් වේ.එයත් මිනිස් ශ්‍රමය වසරකට සති දෙකක් පමණි.  එහෙත් සුද්දන් විසින් මෙම රාජකාරි ක්‍රමය ඔවුන්ගේ වැඩවසම් ක්‍රමය හා සම කොට  වැරදි ලෙස  හුවා දැක්වීමට කටුයුතු කරන ලදී. එහෙත් මෙම වැවු අමුණු නඩත්තුව ඇතුළු පොදු ක්‍රියා මගින් සේවය සැලසුනේ රටවැසියාටමය.
4.       එසේම අපේ රජවරු මේ රටේ සමාජයේ පැවැත්මට සදහා  ස්වභාව දහමට අනුකුල වූ මහා සම්මතයේ සිට පැවති මෙරටට ගැලපෙන්නා  වූ නිෂ්පාදනය, සමාජයා හා  පාලනය හැසිරවූ නිසි ක්‍රමවේදය හෙවත්  දර්ශනය බිඳ වැටීමට  නොදී  ආරක්ෂා කරමින් ක්‍රියාත්මක වූ භාරකාරයන් පමණක් විය .ඔවුන්ගේ කාර්යභාරය වුයේ King වරු මෙන් ඒකාධිපතිත්වයෙන් රට පාලනය  නොව දර්ශනයට අනුව රාජ්‍යය විචාලිමයි. මේ නිසා වැඩවසම් පාලනයක් ගෙන ගිය ඒකාධිපති king වරුන්ට වඩා අපේ රජවරු හාත්පසින්ම වෙනස් වුණි. අපේ රජවරුන් හට පැවරී තිබුනේ රටටම බලපාන්න්න වූ ප්‍රධාන කාර්යයන් 3 ක් පමණි  , එනම්

අ.         වාරිමාර්ග ක්‍රමය නඩත්තුව හා ආරක්ෂාව (නිෂ්පාදනය සඳහා අවශ්‍ය වැවු පද්ධතිය)
ආ.        බුද්ධ සාශනය ආරක්ෂාව හා වර්ධනය
ඇ.        රටේ ආරක්ෂාව

5.       ඉහත කටයුතු  තුනට පරිබාහිර  විෂයයන් වූ ඉඩම් , ගොවිතැන , සමාජ සේවා, ආර්ථිකය, ප්‍රවාහනය, වෙළදාම, ආදී සියළුම කටයුතු හැසිරුනේ ගම මුලික කරගත්  ගම්සභාව මගිනි.  අපේ පාලන ක්‍රමය ගම්සභාවෙන් පටන් ගෙන ඉහලට ගමන් කරන ලදී. ගමේ සියලුම වැසියන්ගේ එකමුතුවෙන් හා අනුමැතියෙන් එම ගමට ආදාල නීති ගම්සභාව මගින් සාදා ගම, දසගම, රට ,දිසාව, හරහා  රජු වෙත පහල සිට ඉහලට ගමන් කොට රජු විසින් එය රාජ ආඥාවක් ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු යොදවන  ලදී. එනම් මිනිසුන් තමන්ට ගැලපෙන ආකාරයට  නිතිය තමන්ම සාදා එය රජු ගේ ආඥාවෙන් බලාත්මක කර ගනී.එහෙත්  මැවුම් වාදයේදී  King ගේ  ඒකාධිපති අණ නිතිය ලෙස  ඉහල සිට පහලට ක්‍රියාත්මක විය .  
6.       වැඩවසම් King ගේ ක්‍රමය ඍජුව ක්‍රියාත්මක නොවුවත් අද පාර්ලිමේන්තුව හරහා වක්‍රව සිදුවන්නේද සුළු සුළු වෙනස්කම් සහිතව   වැඩවසම් King ගේ  ක්‍රමයම වේ.  පාර්ලිමේන්තු ක්‍රමය තුල  ජනතා පරමාධිපත්‍ය නම් බොරුව ගොතා  ජනතාව මෝඩයන්ට අන්දා  ජනතාවගේ පාරම්පරිකව පැවත එන උරුමය හා  අයිතිය ජන්දය මගින් නැවත කොල්ලා කාගෙන  එය  ජනතා වරම  ලෙස පෙන්වයි.  ඉන්පසු ක්‍රියාත්මක පාර්ලිමේන්තුව තුල සිදු කරන්නේ ජනතා පරමාධිපත්‍ය කොල්ලා කා ගත්  කොල්ලකරුවන්ගේ අභිමතයට අනුව ක්‍රියාත්මක වීම මිස ජනතාවගේ අභිමතයට අනුව නීති සම්පාදනය, තීන්දු තීරණ ගැනීමේ නොවේ. ඔවුන් ජනතා අභිමතයට එරෙහි  නීති කෙටුම්පත් සම්පාදනය කොට අනුමත  කර අපේ ඔළුව මත බලෙන් පටවනවා නොවේද?  එනම්, චන්දය දින දී පමණක් උදේ 7 සිට හවස 4 වනතෙක් තාවකාලිකව දුන් ජනතා පරමාධිපත්‍ය නම් ප්‍රෝඩාව නැවත ජනතාවගෙන් උදුරා ගනී.  එසේනම් මෙය වක්‍රව කරන්නේ මැවුම් වාදයේ  King ගේ ක්‍රියාවලියම නොවේද?
7.       සිංහළයාට මෙරටේ පරමාධිපත්‍ය හිමිවන්නේ පාරමපරිකව තම උරුමයෙන් වේ. එය මහා සම්මත රාජ්‍ය කාලයේ සිට 1815 ඉංග්‍රීසින් මෙරටේ පාලනය භාර ගන්නා තෙක් එසේම පැවතුනි. සිංහළයාගේ පරමාධිපත්‍ය හා ප්‍රජතන්ත්‍රවාදය උපරිමයෙන් ගම් සභාව තුලදී ක්‍රියාත්මක විය. එනම් තමන්ට අදාළ වූ නීතිරීති තීන්දු තීරණ ගැනීම සදහා ජන්දයෙන් පත්වන එක් නියෝජිතයකු  නොව සෑම දෙනාම පෞද්ගලිකව ගම් සභාවේදී තමන් නියෝජනය කරන ලදී. (අද පාර්ලිමේන්තුව තුල සිදු වන්නේ  ජනතා නියෝජිතයා  කියනා රැවටීමකි).
8.       සිංහළයාට පරමාධිපත්‍යයක් වෙනම සංකල්පයක් මගින් පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය හරහා ලබා දීමට අවශ්‍යතාවයක් නොවිය . “ප්‍රදේශානුබද්ද පාලන ක්‍රමය” හෙවත් ගම් සභා ක්‍රමය තුල උපරිම පරමාධිපත්‍යය ක්‍රියාත්මක විය. සිංහළයාට පමණක් හිමිව තිබු මෙරටේ  පරමාධිපත්‍ය කොල්ලා කෑමට ඉංග්‍රීසින් විසින් අපේ පාලන ක්‍රමය විනාශ කොට ජනතා පරමාධිපත්‍ය” නම් සංකල්පයක් හදුන්වා දී පාර්ලිමේන්තු ක්‍රමයා හා සර්වජන ජන්දය හරහා පාරම්පරිකව උරුමයෙන් සිංහළයට පමණක් තිබු පරමාධිපත්‍යය දෙමළ, මුස්ලිම් ඇතුළු ඉංග්‍රීසින් විසින් ගෙනවිත් පදිංචි කරන ලද ජන කොටස් අතරටද බෙදා දීමට කටයුතු යොදන ලදී. එනම් ඉංග්‍රීසින්ගේ ජනතා පරමාධිපත්‍ය හා සර්වජන ජන්ද බලය යන සංකල්ප නම් බොරුවක් ගොතාගෙන අපේ ගෙට රිංගාගෙන අපිට උරුමයත්  අයිතියත්  කොල්ලා පරයන්ට දීමකි. 
9.       ඉහත විස්තර කරන ලද  අපේ පෙර රාජ්‍ය පාලන ක්‍රමය තුල පැවති ප්‍රජාතත්‍රවාදය කොතරම් දුරට සාධාරණව පැවතියේද යන වග  අම්පාර කච්චේරියේ ඇති කොන්ඩව්ට්ටවන A.D 840 නමැති  ටැම් ලිපිය (සෙල්ලිපිය ) ඇති කරුණු මගින්  හොදින් වටහා ගත හැක. එම සෙල් ලිපියේ සදහන්ව ඇත්තේ ජලය පරිහරණය පිලිබඳ නීති රීති හා ඊට අදාල වූ දඩ ගාස්තු පිලිබඳවය. මෙම නීතින් සාදා ඇත්තේ ගම් වැසියන් විසින්මය. පසුව  අදාළ නිතිය රාජාඥාවෙන්  බලාත්මක කලද,  එකදු ගම වැසියෙකු හෝ ඒම නීතියට  අභියෝග කල විට එම නීතියට අදාල රජුගේ ආඥාව  අහෝසි වන අතර රජු විත්තිකරු ලෙස ගෙන   ගම්වැසියා පැමිණිලිකරු ලෙස ගෙන එම නිතිය සම්පාදනය කල  ගම විසින්ම එම නඩුව අසා යුක්තිය පසිදලිය යුතුය. අද දින මෙවැනි සර්ව සාධාරණ වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සුද්දන් දී ගිය පාර්ලිමේන්තු ක්‍රමය තුල තිබේද? මිට වඩා යුක්ති සහගත වූ  ප්‍රජාතන්ත්‍රවාදයක් ලොව පැවතිය  හැකිද?
10.   ලොව සියළුම පාලනයන් බිහිවන්නේ නිෂ්පාදනය හා එතුලින් ඇතිවන ආර්ථිකය හා එම  ආර්ථිකය  රැකීමට ඇතිවන සමාජයේ ආරක්ෂාවට හා එහි  කටයුතු හැසිරවීම අරභයා වේ.ලොව මුල්  ශිෂ්ඨචාරයන් බිහිවීමේ  පදනමද  මෙයයි .  නිවර්තන කලාපයේ පවතින අපේ රටට ගැලපෙන හා ප්‍රධානතම  නිෂ්පාදන ක්‍රියාවලිය ගොවිතැන වේ. එනම් ගොවිතැන  ප්‍රදේශ අනුබද්ද වේ. (මෙම ගොවිතැන යනු අද පවතින කෘෂිකර්මාන්තය ලෙස ඇතැමුන් වැරදියට වටහාගෙන ඇත.) එම හේතුව මත අපේ පාළන ක්‍රමය ප්‍රදේශ අනුබද්ද එනම් නිෂ්පාදන ඒකකයක් වූ ගම මුල් කරගෙන ගම් සභාවේ පාලනයෙන් ඇරබුණි. එනම් ගම> දසගම > රට > දිසාව > රජු ලෙස පහල සිට  ඉහලට පාලන ක්‍රමය  සකස් වී තිබුණි.
11.   එහෙත් යුරෝපය  ඇතුලු අනෙක් රටවල් ගොවිතැන්  ආර්ථිකයකින් නොයැපෙන (ගොවිතැන සදහා එම රටවලට ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබී නැත, පරිභෝජනය සදහා වූ බහු බෝග වගාවෙන් යුත් ගොවිතැන වෙනුවට වාණිජ ඒක භෝග කෘෂිකර්මාන්තය ඇතැම් රටවල ඇත)  අතර ඔවුන් කාර්මිකරණය මගින් ඔවුනගේ  නිෂ්පාදන ක්‍රියාකාරකම් හසුරවයි. මෙහිදී නිෂ්පාදන ඒකකය කර්මාන්ත ශාලාව මිස ගොවිතැනේ මෙන් ප්‍රදේශය වැදගත්  නොවේ. එහිදී පාලනය සිදුවන්නේ විෂයානුබද්දව මිස ප්‍රදේශය අනුබද්දව නොවේ. එනම් අපේ ගම් සභාවේ පහල  සිට ඉහලට ගිය පාලන ක්‍රමය  සුද්දගේ කර්මාන්ත සඳහා  වැදගත් නොවේ. එයට හේතුව අදාළ ප්‍රදේශයේ ස්වභාවික පාරසරික සාධක ඔවුන්ට වැඩි වැදගත් කමක් නොවන අතර කර්මාන්තශාලවලට යටිතල  පහසුකම් සැපයීම  කේන්ද්‍ර කොට  ඉඩම්, වාරිමාර්ග, වෙළදාම, ප්‍රවාහනය, සේවා ආදී වූ විෂයන් කළමනාකරණය හා හැසිරවීමය ඔවුන්ට වැදගත් වේ. එනම් ඒවායේ කළමනාකරණය  කේන්ද්‍ර කොට රජය මගින් ඉහල සිට පහලට ආඥාවන් පනවයි. කර්මාන්ත ශාලාවක් යනු  කෘතීම නිෂ්පාදන ඒකකයක් මිස ප්‍රදේශයක් , පළාතක් හා ඒ හා බැදුණු අනන්‍ය සංස්කෘතියකින් යුතු ස්වභාව දහමට අනුව ගොවිතැන් මගින් නිෂ්පාදනය හැසිරවූ  වූ සමාජ ඒකකයක් නොවේ.  මිනිසුන් විසින් ඇටවූ කෘතීම නිෂ්පාදන පදධතියක් වන කර්මාන්ත ශාලාවක් උදෙසා  ස්වභාව දහම එතරම් වැදගත් නොවන අතර කෘතීම ලෙස යටිතල පහුකම් සැපයීම ප්‍රමාණවත් වේ.

12.   එදා අපේ රටේ පැවති පාලන ක්‍රමය අපේ නිෂ්පාදන  ක්‍රියාවලියට උචිත  ලෙස සැකසී  තිබුණි.  අපේ රටේ ඇති ස්වභාවික සම්පත නිසි අයුරින්  කළමනාකරණය කර ගොවිතැන  තුලින් රට ස්වයං පෝෂණය කිරීමට එම පාළන ක්‍රමයට  හැකි විය. එහෙත් කාර්මික සම්පත් නැති අපේ රටට කාර්මික රටවලට පමණක් උචිත වූ  පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් මෙන්ම  කාර්මික රටකට ගැලපෙන වාණිජ ආර්ථිකයක්ද හඳුන්වා දී පාරම්පරික ගොවි තැන විනාශ කොට කාර්මිකකරණයේ අංගයක් වන  ඒක භෝග කෘෂිකර්ම වාණිජ වගා හඳුන්වාදීම තුලින්  මෙරටේ සියල්ල උඩු යටිකුරු කොට ඇත. අපිටම  ආවේනික වූ ස්වභාවික සම්පත තුලින්  රට සුඛිත මුදිත කරවූ අපේ පාරම්පරික ගොවි තැන  අගු පිලට විසි කර දමා අපිට නොගැලපෙන පාලන ක්‍රමක්ද හඳුන්වා දී අපිට නොගැලපෙන නව කාර්මිකරණය වන රක්ට ලෙස බෝර්ඩ් එකක් එල්ලා සියල්ල විනශ කර දමා අවසන්ය . කාරමිකරණය සඳහා සම්පත් නොමැතිව මහා පරිසර විනාශයක්ද ආර්ථික හා සමාජීය විනාශයක් සිදු කර අවසානයේ මේවන විට නව කාර්මික  නම් සංකල්පය මෙරටේ අසාර්ථක වී ඇත.   දැන් නව ආර්ථික ප්‍රතිපත්තිය ලෙස “සංචාරක කර්මාන්තය ” නම් වූ  තවත් නොගැලපෙන සංකල්පයක් හදුන්වා දී , ඒ සඳහා නොයෙකුත් ව්‍යපෘති නගර නිර්මාණය( මෙගා පොලිස්) මගින් තෙත් කලාපයේ පිහිටි  ගොවිතැන් සදහා  සම්පතක් වූ පෝෂක ඉඩම්  සියල්ල විනාශ  කිරීමට සුදානම් වේ.  

රට ගොඩ නැගීමට නම් කල යුත්තේ අපගේ පොළොවේ සාරයෙන් අපේ නිෂ්පාදනයන් කර ඒ තුලින් ආර්ථිකය ගොඩ නැගීම මිස ස්වභාවික සම්පත් විනාශ කරමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මගින් දෙන ලනු කා නොගැලපෙන වාණිජ ආර්ථිකය ක්‍රමයකට  ගොස් රටම විනාශ කර දැමීම නොවේ. රසායනික පොහොර ඉවත් කොට නිසි කළමනාකරණය තුලින් පොළොවෙන් ලැබෙන සම්පත හෙවත් ගොවිතැන් ක්‍රමයෙන් උපයනා දේ පොළොවේ සාරය මිස එය සදහා ශ්‍රමය හැර මුදල් ආයෝජනයක් අවශ්‍ය නොවේ. මෙය  පොළොවෙන් ඉබේ ලැබෙන ධනය  ලෙස නිර්වචනය කල හැක.  එනම් මේ සදහා අපිට උචිත නිෂ්පාදන> සමාජ> පාලන ක්‍රමයටකට  අප වහා ගමන් කල යුතුය.

රට ගොඩ නැගීමට නම්, විෂයානුබද්ධ පාලන ක්‍රමය හෙවත් පාර්ලිමේන්තු පාලන ක්‍රමයෙන් බැහැරව අපිට ස්වභාව ධර්මයෙන් උරුම කරදුන් සම්පත් හසුරවා කරන්නා වූ නිෂ්පාදනය හෙවත් ගොවිතැනට  උචිත ප්‍රදේශානුබද්ද පාළන ක්‍රමය ස්ථාපිත කිරීම  ඉතාම වැදගත් වේ. එසේම හැකිතාක් දුරට වාණිජ ඒක භෝග රසායනික භාවිතා වන  කෘෂිකර්මාන්තයෙන් බැහැරව බහු භෝග “ගොවි තැන” වෙත යොමු වීමෙන් රට අහරින් ස්වයංපෝෂිතත්වය කරා නැවත රැගෙන යා හැක.
නිෂ්පාදන ක්‍රමය වෙනස් වූ විට ඒ අරම්භයා , සමාජය , ආර්ථිකය ආදී සියල්ල වෙනස් වේ. ඊට සමගාමිව පාලන ක්‍රමයද වෙනස් වූ වූ විට අහරින් ස්වයංපෝෂිත වූ  රට ක්‍රමයෙන් අනෙකුත් අංශ වලින්ද ස්වයංපොශිත්ත්වය කරා නොදනිම ගමන් කරනු ඇත.

සුර්ය වංශය යලි ගොඩ නැගීම (සංවිධානය) 
රුවන් රත්නායක - කැදවුම්කරු  





No comments:

Post a Comment