Monday, May 9, 2016

අයුක්තියෙන් බිහි වූ නීතියට යුක්තිය පසිදලිය හැකිද? අපේ රටේ පාර්ලිමේන්තුවත් නීතියත් නීත්‍යානුකූලද?

1.     
 

අපේ රටේ පාර්ලිමේන්තුව නීතිය නිත්‍යානුකුලද ?
          රටකට  නීතියක් අවශ්‍ය වන්නේ එසේම අවශ්‍ය විය යුත්තේ ඒ රටේ භුමියේ , ශිෂ්ටාචාරයේ, රාජ්‍යයයේ, ජාතියේ හා රට වැසියාගේ ආරක්ෂාව පිණිසය. එහෙත් අද මෙරටේ පවතින නීතිය සාදා ඇත්තේ ඒ වගකීම  අරඹයා නොවේ. අද උත්තරීතරයැයි කියා ගන්නා  නීතියේ ආරම්භය ගිවිසුම් කඩ කිරීම මගින් නීතිය කඩ කිරීම හා ඒ හරහා  කරණ ලද වංචාවක් බව ඔබ විශ්වාස කරන්නේද? අද පවතින නීතිය සැදුවේ රටේ හතුරු පාර්ශවයන්  විසින් රටේ විනාශය අරඹයා අවියක් ලෙස පාවිච්චි කිරීමටය.
2.    අපේ රටේ පොදු ජන සමාජය ඉංග්‍රීසින් පැමිණීමට පෙර  හැසිර වූයේ බලහත්කාර නීති මගින් නොව ස්වයං විනයක් හෙවත් ස්වයං පාලනයක් සදහා වූ චරියා ධර්ම පද්ධතියක් හරහාය. එම සමාජය සාරධර්මවාදී සමාජයක් ලෙස නම් කල හැක. එසේනම්  පෙර පැවතියේ “සිරිත්” රැකීම වේ. කලක් නොකඩවා රැකුන එම සම්ප්‍රධාය පවුල් ඒකකයන් තුලින් පටන් සමුහයක් ලෙස ගම පිළිගත් ඒ සම්ප්‍රධාය/චාරිත්‍රය ගම් සභාව හරහා රජතුමා තෙක් යොමු කොට ආඥාවක් මගින් නීතියක් බවට සම්මත කරගන්නා ලදී . 1815 ගිවිසුමෙන්ද රජ සිරිත් නොකඩවා පවත්වාගෙන යා යුතු බව සදහන් කළේ එම සම්මතයන් එක සේම ආරක්ෂා වී රටේ සහ සිංහළේ වැසියාගේ  පැවැත්ම හා  ආරක්ෂාව උදෙසාමය . එහෙත් ඉංග්‍රීසින් මෙම ගිවිසුම  අමු අමුවේ උල්ලංඝනය කළහ.  ඔවුන් සියල්ල උඩු යටිකුරු කර ජාතියේ පැවැත්මත් රටත් විනාශ කළහ.
3.   ප්‍රධාන ලෙසම තමන් විසින් බිහි කල ශිෂ්ටාචාරයේ (නිෂ්පාදන ආර්ථිකයේ) ආරක්ෂාව සඳහා සහ එම නිෂ්පාදනයන්ගෙන්ම යැපෙන සමාජයේ ආරක්ෂාව සඳහා සිරිත් විරිත් ගොඩ නැගුණි. එසේනම් වැසියන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාව, ආරක්ෂාව සඳහා ඇති කරගත් ඇතැම් වැදගත් ම වූ  කලක් තිස්සේ පවත්වාගෙන ආ සිරිත් රජුගේ පිළිගැනීමෙන් ආඥාවක් මගින්  පෙර පැවසු සේ නීතියක් බවට පෙර දවස පත් කරන ලදී.
 4.  සිරිතක් පිළිගැනීමට නම්  නම් එම සිරිත දිඟු කලක් පිළිගෙන භාවිතා වීම,එය අඛණ්ඩව ගෙන ඒම, එය අයිතියක්  මිස බලෙන් හෝ රහසින් අනුගමනය නොකිරීම, නිශ්චිත එකක් වීම, සාධාරණ වීම, වෙනත් සිරිත් සමග නොගැටීම,වෙනත් මුලික විධි විධාන හා ගැලපීම යන කරුණු සම්පුර්ණ විය යුතුය. 
5.    එසේනම් අපේ පෙර සමාජයේ නිතිය ජනතාව අතරින් ජනතාවගේ අවශ්‍යතාවය මත ඇති වූ සිරිත් හරහා රටේ දැයේ සමයේ ආරක්ෂාවට  ඇති වූ ඒවාය. ඒවා කිසි විටකත් අද මෙන් ජනතා මර්ධනයට හෝ බලහත්කාරකම් උදෙසා නොවිය.
6.   එහෙත් අද සිදු වන්නේ ඊට හාත් පසින්ම ප්‍රතිවිරුද්ධ වූ දෙයකි. අද නීති සම්පාදනයේදී සිරිත් ගැන තැකීමක් නැත , ජනතාවගේ අවශ්‍යතාව කෙරෙහිද තැකීමක් නැත. හුදෙක්ම පාලකයන්ගේ අවශ්‍යතා සපුරාලීම පිණිස වූ නීතිය පාර්ලිමෙන්තුවෙන් සම්මත කර උසාවිය පොලිසිය හරහා ජනතාවගේ හිස මත අත හැර දමයි. අද දවසේ බොහෝමයක් වූ මෙම නීතින් රටෙත්, ජනතාවගේත් ආරක්ෂාවට නොව විනාශයට හේතු වන අතර සුළුතරයකගේ අවශ්‍යතාව උදෙසා හා ඔවුන්ගේ  නීති විරෝධි ක්‍රියා මෙතුලින් ආවරණය කර ගැනීම පිණීස නොවන්නේද?
7. 1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට ආණ්ඩුකරණය (දේශය අයිතිය භාර දුන්නේ නැත.ආණ්ඩුකරණය හෙවත් පරිපාලනය පමණක් භාර කරන ලදී)  භාර දෙන ලද්දේ  හෙළයන්ගේ චාරිත්‍ර මත ගොඩ නැගුනු නීති හෙවත්“රජ සිරිත්” නොකඩවා පවත්වාගෙන යාම මුල් කරගත් කොදේසි සමුදායක් සමගිනි.
8.   එම කොන්දේසි ප්‍රකාරව උඩරට ගිවිසුමේ 4 වන වගන්තියට අනුව සිංහලේ රටවැසියාට විරුද්ධව නඩු ඇසීමේ ඉංග්‍රීසි ආණ්ඩුවට තහනම්ය. ලංකාවේ සිරිත් විරිත් නඩු ප්‍රකාර අනුව එය අධිකාරම්, දිසාවේ , මොහොට්ටාල ලා විසින් එය කල යුතු වේ. 5 වන වගන්තියට අනුව බුද්ධ සාසනයත් දේවාගම් සියළු දේ කඩ නොකොට පවත්වාගෙන යාමත් ආරක්ෂා කිරීමත් කල යුතුය. ඒවාට මැදිහත් වීමට ඉංග්‍රීසි ආණ්ඩුවට කල නොහැක. ගිවිසුමේ 9 වන වගන්තියට අනුව එංගලන්තයේ රජුගේ නීතියට අනුව නඩු ඇසීම කල හැකි ජන කණඩායම් නම්,
                    I.            පිටරටින් මෙරටට පැමිණියා වූ සිංහලේ වැසියන් නොවන සිවිල් පුද්ගලයන් (උදා- තමිල්  , මුස්ලිම්, බුර්ගර්,අනෙකුත් යුරෝපියන්  ආදී)
                 II.            පිටින් පැමිණි හේවා පන්නක්\කාරයන් හා ඔවුන් සමග යන ඔවුන්ගේ සේවකයන්,,
               III.             මිනි මැරීමේ චෝදනා සහිතව මෙරටට පැමිණි විදේශිකයන්
(ඉහත I හා II වර්ගයේ නඩු ආණ්ඩුවේ ඒජන්තවරයකු ද III වර්ගයේ නඩු රජයේ කොමසාරිස් වරයකුටද ඇසිය හැක. ). 
එහෙත් එම ගිවිසුම ඉංග්‍රීසින් විසින් අමු අමුවේ උල්ලංඝනය කර කැප්පෙටිපොල දිසාවේ ඇතුළු ඉහලම  නිලම්ක්කරයන්ගේ නඩු පවා සෝරස් වැනි ආණ්ඩුවේ ඒජන්තයන් ලවා අසවා මරණ දඩුවම් නියම කරන ලදී.   ඒ මගින් ඉංග්‍රීසින්  විසින් උඩරට ගිවිසුම් කොන්දේසි කඩ කරන ලද බැවින් ගිවිසුමේ වලංගු භාවය අහෝසි වේ. ඉංග්‍රීසින් පවසා සිටියේ සිංහලයා කැරලි ගසා ගිවිසුම කැඩූ බවය. එහෙත්, ගිවිසුමේ නිදහස් අරගල හෝ කැරලි ගැසීම් වාරණය කරමින් කිසිදු කොන්දේසියක් සදහන් නොවේ.  අනේකවිධි  අයුරින් ගිවිසුම අත්සන් කොට  දින 14ක  පටන් විටින් විට බොහෝ අවස්තාවල ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉංග්‍රීසින් ගෙන ගිය දරදඩු හිතුවක්කාර පාලනය නිසා  1818 දී සිංහළයන් නිදහස් අරගලයක් දියත් කරන ලදී.මෙය කූට ලෙස තම යටි අරමුණ ඉටු කර ගැනීමට යොදාගත්  ඉංග්‍රීසින් සිංහල නායකයන් මර්ධනය කොට  1818 දී ඒක පාර්ශවික ලෙස තමන් මෙම රටේ පරමාධිපත්‍ය බවත් සිංහලේ රටවැසියා බ්‍රිතාන්‍යයේ යටත් වැසියන් බවටත් Declaration නමැති ලේඛනය මගින්   ඒක පාර්ශවික  ආඥාවක් නිකුත් කළේය. ඉංග්‍රීසින් තම නීති විරෝධී ක්‍රියාව වසන් කිරීමට බොරුවක් ගෙතුහ. එනම්, ඔවුන් කියා සිටියේ සිංහලයන් ගිවිසුම උල්ලංඝනය කොට දෙමළ වඩිගයන්ට නෑ කම් තියෙනා රජෙකු වෙල්ලසේදී අභිෂේක කල වගයි. රජුකු අභිෂේක කරනා ක්‍රියා පිළිවෙලක් එකල තිබුණි. එවන් වූ කිසිදු පිලිවෙලකට  කන්නසාමි අභිෂේක කල බවට සාක්ෂි නොමැත. යමෙක් අභිෂේක කලානම් එය එම අභිෂේක කල රජ තුමා රාජ ආඥාවක් මගින් දැනුම් දීමක් විය යුතුය. අභිෂේකය අක්‍ර පත්‍රයක හෝ තල් පත්තිරු වල රාජකාරිමය වශයෙන් නිත්‍යානුකුලව සටහන් විය යුතුය. එසේ අභිශේක වූවානම්, 1818 ඉංග්‍රීසින් නිකුත් කල Declaration  නමැති ලියවිල්ල අභෝයෝගයට ලක් කරමින් මින් පසු රටේ පරමාධිපත්‍ය තමන් බව රජු විසින් රජ ආඥාවක් නිකුත් කොට ඉංග්‍රීසින්ට වහා පාලනය භාර දී පිටත් වන බවට සැලකොට සිටිය යුතුය. එහෙත් එවැනි කිසිවක් පිලිබද සදහනක් නැත. ඉංග්‍රීසින් කල වංචාව නම්, තමන් කල වංචාව වසා ගැනීමට හුදෙක් කැරැල්ලට නායකත්වය දීමට පත් කල කන්දසාමිව රජෙකු ලෙස හඳුන්වාදී ඉතිහාසයට එකතු කිරීමයි.
8.  ඉංග්‍රීසින්ට උඩරට ගිවිසුමෙන් “සිංහළේ” රාජ්‍යය සිංහලේ රටවැසියන් වෙනුවට සිංහලේ නිලමේවරුන්  විසින් ලබා දෙන අතර  ගිවිසුම කඩ කිරීම මත එම බලතල හා අයිතිය  ඉංග්‍රීසින්හට අහිමි වී නැවත එම බලතල සිංහලයා සතු විය  යුතු අතර, එම නිසා , ගිවිසුම කඩ කිරීමෙන් පසු ඉංග්‍රීසින් විසින් මෙරට කරන සියලුම ක්‍රියාවන් හා වෙනස් කම් නීති විරෝධී බවට පත් විය.  
9. එසේනම් ඔවුන් විසින් හඳුන්වා දුන් අද වෙනතෙක් පවත්වාගෙන එන ආණ්ඩු ක්‍රමය,සමාජක්‍රමය, ආර්ථික හා අධ්‍යාපන ආදී සියලු දේද “රෝම ලන්දේසි” නීතියද නීති නිත්‍යානුකූල වන්නේ කෙසේදැයි ඒවා රකිනා ආදාල පාර්ශවයන් රටවැසියාට වහා පැහැදිලි කර දිය යුතුවේ.
10.  ඉංග්‍රීසින් ඇතුළු බටහිර ආක්‍රමණිකයන්ගේ උප්පරවැට්ටියක් වන්නේ තමන්ට යමක් කොල්ල කෑමට හෝ වැරදි දෙයක් කිරීමට අවශ්‍ය විට ප්‍රථමයෙන් එය නීතිගත කොට වංචනික ලෙස ඔවුන් විසින්ම සෑදු එම නීතියට මුවා වී තම අපරාධය  සාධාරණී කරණය කිරීමය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ උපමාව මෙයට කදිමට ගැලපේ. එසේම අද මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදය වැනි ඔවුන්ගේ සංකල්ප  හරහාද සිදු කරනුයේ මේ ආකාරයේම වංචාවකි. අවසානයේ මොවුන්ගේ මේ කූට ජාත්‍යන්තර ප්‍රඥප්ති පිළිගැනීමෙන් සිදුව ඇත්තේ අද  මෙරට අනතුරට පත්වීමය .  
11. මෙරටට  ඉංග්‍රීසින් නීතිය හඳුන්වා දුන්නේ සිංහළයාගේ ඉඩම් කොල්ල කෑමටය.ඒ අපේ හේන් ගොවිතැන් කරමින් සිට සිංහළයන්ව නිවාස ගම් බිම් ගිනි තබා මරා/එළවා දමා කොල්ල කෑ ඉඩම් ඉංග්‍රීසින්ට වතු වගාව සඳහා විකිනීමට නිත්‍යානුකුල කර ගැනීම පිණිස මුඩු බිම් පණත සම්මත කරන ලදී  . (හෙළ ගොවි තාක්ෂනය සමාජයෙන් ඈත වීමට මුලිකම අඩිතාලම සැකසුනේද මේ හේතුව මතය) ස්වයංපෝෂිතතත්ත්වයට පත් කර තිබු මෙරටේ සුබ සිද්ධිය පිණිස අවුරුදු දහස් ගනනක් තිස්සේ පැවති  සම්මතයන්, රජ සිරිත් බිඳ දැමුවේ ,ඉන්පසුව සියලුම නීති සැකසුවේ ද මේ රටේ ආරක්ෂාවට හෝ මෙරටේ අවශ්‍යතාවට අනුව නොව ඉංග්‍රීසින්ට මෙරට ඔවුන්ට අවශ්‍ය ආකාරයට පාළනය කල හැකි ලාබදායි යටත් විජිතයක් කර ගැනීමේ අරමුණු කොට මිස මේ දෙරණේ අයිතිකරුවන් වූ සිංහල ජාතියේ අභිවෘධිය  අරඹයා නොවේ. 1948 නිදහස ලබා දුන්නානම් , අපට නොගැලපෙන මෙම ආර්ථික , සමාජීය , පාලන හා ඒ හා බැඳුනු  නීති පද්ධතිය රටට ගැලපෙන ආකාරයට හා මේ දේශයේ ආරක්ෂාව උදෙසා  වෙනස් යුතු  වුවත්,  අපිට නොගැලපෙන ඉංග්‍රීසින්ගේ වාසියට සෑදු නිතිය එලෙසම ඉංග්‍රීසි අනුප්‍රාප්තික දේශද්‍රෝහී  දේශපාලකයන්   විසින් අදටත් ක්‍රියාත්මක කරනු ලබයි.
12. එසේම, 1815 ගිවිසුමෙන් ලබා ගත් රට නැවත ලබා දිය යුත්තේ සිංහළයා වුවත්  රට ලබා දී ගියේ සිංහළ, දෙමළ, මුස්ලිම් යන තුන් කොට්ටශයටම වේ. ඔවුන් ගිවිසුමේ ප්‍රධාන වගන්තියක්වන රජ සිරිත් රැකිම” වෙනුවට ඒවා විනාශ කර පාර්ලිමේන්තු ක්‍රමයක් හඳුන්වා දී, ඔවුන් වහල් සේවයේ මෙරටට ගෙනා පර ජනයා වන තමිල් හා මුස්ලිම් කොට්ටාශ දෙක රාජ්‍ය පාලනය එක් කිරීම  යනු  නැවත වතාවක් ගිවිසුම උල්ලංඝනය කිරීමකි.  එසේනම් ගිවිසුම් කඩා වංචාවෙන් ගත් රටේ ඇති ආණ්ඩු ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය නීති විරෝධී හා  සදාචාර විරෝධී විය යුතුය නොවේද?  එසේනම් නීති සම්පාදනය කොට අනුමත අපේ හිසමත බලෙන් පැටවීමට  පාර්ලිමේන්තුවට  ඇති නිත්‍යානුකුල භාවයක් කුමක්ද ? එයට  නීති සම්පාදනයට/අනුමැතියට පමණක් නොව හුදෙක්ම එහි පැවැත්ම සදහා  නීතිමය හෝ සදාචාරත්මක අයිතියක් තිබේද? ගිවිසුම් උල්ලංඝනය කොට වංචාවෙන් තැනූ දෙයක් උත්තරීතර වන්නේද? එවන් වූ දෙයක් ඉංග්‍රීසි නීතිය මඟින්ම උත්තරීතර හෝ නීත්‍යානුකූල නොවන බවට පිළිගනී.
13.   රෝම ලන්දේසි නිතිය යනු ක්‍රිස්තියානි/ කතෝලික නීතියකි. එනම් මෙම නීතියේ මූලය වන්නේ යුදෙව් ආගම හෙවත්  මෝසස් හඳුන්වා දුන් දෙවියන් වහන්සේගේ  ආධිපත්‍යයයයි. (අද වන විට තර්ක ඉදිරිපත් වන්නේ දෙවියන්වහන්සේ නමින් මොවුන් ගොඩ නැගු ආගමින් ඇදහිමකට ලක් කරන්නේ සාතන්/ලුසීෆර් හෙවත් අපේ භාෂාවෙන් පවසතොත් මාරයා වේ) . ලෝගුව ඇඳගත් හිස වසාගත් නඩුකාරයා නියෝජනය කරන්නේ එදා පල්ලියේ නීතිය ක්‍රියාත්මක කල පූජකයා ය. එසේනම් මෙය සිංහළ බෞද්ධ රටක, රජය බුදු දහම ආරක්ෂා කර පෝෂණය කරනවා කියන රටක , රටේත් දහමේත්  ආරක්ෂාවට ඇත්තේ බුදු දහමට ප්‍රතිවිරුද්ධ මෝසස් හදුන්වා දුන් නීතිය හෙවත් මාරයාගේ  නීතිය නොවේද? මෝසස් ගේ නීතිය බුදු දහම රකීද? මෙය හරියට නරියාට කුකුළන් බලාගන්න දුන්නා  වැන්නකි.
14.   සංඝයා වහන්සේ හට අපේ බුදු පියාණන් විසින් දේශනා කරන ලද විනය රීති  මාලාවක් ඇත. එය විනය පිටකය ලෙස හැඳින්වේ. සංඝයා වහන්සේ යනු සමාජයේ සාමාන්‍ය පුද්ගයකු නොවේ. එසේම, පන්සලද රජුගේ නීතියට අනසකට යටත් නොවිය. එයට හොඳම උදාහරණය නම්, මිනිමරුවක් වුවද පන්සලට ඇතුල් වී සංඝයා වහන්සේගේ ආරක්ෂාව  පැතුවේ නම් රජුට පන්සල් වත්තේදී එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට බලයක් නොතිබුණි. මේ තත්වය සමාන වන්නේ වර්තමානයේ පවතින විදේශීය තානාපති කාර්යාලවලට ඇතුල් වී  හෝ නොමැතිව අදාල නිලධාරීන්ට  අපේ පොලිසියට නිතිය ක්‍රියාත්මක කිරීමට බලයක් නැති තත්වයට වන අතර, යම් හෝ නීති විරෝධී කටයුත්තක් අදාල නිලධාරියකු නිරතවුනි නම්  හෝ භුමි භාගයේ සිදුවුනිනම් අදාළ රාජ්‍යයේ පොලිසිය පැමිණ එහි නිතිය ක්‍රියාත්මක කල යුතුය. එනම්, එම භුමියේ ක්‍රියාත්මක වන්නේ එරටට අදාල නීති පද්ධතිය  පමණක්ය. එසේම, වර්තමානයේද පන්සල තුල හා සංඝයා වහන්සේ උදෙසා ක්‍රියාත්මක විය යුතු වන්නේ  බුදුන් පැනවූ නීති මිස මෝසස් ගේ යුදෙව්/ ක්‍රිස්තියනි නිතිය නොවේ.   එනම් සංඝයා වහන්සේ විනිශ්චය කල යුත්තේ විනය පිටකයේ මත පිහිටා මිස රෝම ලන්දේසි නිතිය වූ මෝසස් ගේ දසපනත මත නොවේ. පෙර රජ දවස කතිකාවත් දෙකක් මගින්ද සංඝයා වහන්සේ කල යුතු නොකළ යුතු දේ නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට යෙදින, ඒ අනුව යමින්, සංඝයා  වහන්සේ උදෙසා වූ අධිකරණ විනිශ්චය භික්ෂුන් විසින්ම විනිශ්චය කිරීමෙන් අනතුරුව,  වරදට  අනුව දඬුවම් පැනවිය යුතුය. කල ඇති වරද සාපරාධි ක්‍රියාවක් නම්, භික්ෂු අධිකරණය මගින් අදාල භික්ෂුව උපැවිද්දට ලක් කොට රාජ්‍යයේ බලාත්මක කොට ඇති සාමාන්‍ය නිතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාල ආයතනයේ බලධාරීන් හට චෝදනා ලද භික්ෂුව භාර කල හැක.  එසේ නොමැතිව චාරිත්‍ර, වාරිත්‍ර නැකත් ආදී සියලු කටයුතු සපුරා පැවදි දිවියට ඇතුල්ව චීවරයක් දරනා සංඝයා වහන්සේ කෙනෙකු උදෙසා  රජයටවත්, උසාවියට හෝ පොලීසියටවත්  නිතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් නැත. එසේ බලයක් සංඝයා වහන්සේ විසින් හෝ රටේ ජාතිය වන සිංහල බෞධයා විසින් පවරා දුන්නේ කවදාද? එවැනි අයිතියක් කිසිදා පවරා දී නොමැති අතර බලහත්කාර කමින් යුදෙවු/ක්‍රිස්තියානි නිතිය චන්ඩි කමින් සංඝයා වහන්සේ මත ක්‍රියාත්මක කරවයි.  සංඝයා වහන්සේ මත පමණක් නොව රටේ ජාතිය වන සිංහලයා මතද යුදෙවු/ ක්‍රිස්තියානි නිතිය හෙවත් රෝම ලන්දේසි නිතිය ක්‍රියාත්මක කරවන්නේ බලහත්කාරකමින්ය. උඩරට ගිවිසුමේ 4 වන වගන්තියෙන් සිංහලයාගේ නඩු ඇසීමට ඉංග්‍රීසින්ගෙන් ඉවත් කල බලය කිසි විට සිංහල ජාතිය විසින් මේතාක් ලබා දී නොමැති අතර වංචාසහගත ලෙස හා බලහත්කාරයෙන් සිංහලයාගේ මත මෙම රෝම ලන්දේසි නිතිය( ඉංග්‍රීසින් ඩොමිනියන් භාවයෙන් ඉවත් කර  වසර 46 පමණ ගෙවී ගියද) අද මේ මොහොතේද නීති විරෝධී ඉංග්‍රීසි ආණ්ඩුව සිදුකල ආකාරයටම  ක්‍රියාත්මක කරවයි.  
15.  වර්තමානයේ  චීවරය සමගම සංඝයා වහන්සේ මෝසස්ගේ දස පනතින් පැවත එන රෝම ලන්දේසි  නිතිය අනුව කූඩු  කරනු ලබයි. එතැනින් එහාටත් පියවර  තබමින් බලහත්කාරයයෙන් චිවරය ගලවා දමා සංඝයා වහන්සේට බන්ධනාගාරදී ජම්පරය අන්දවයි . බුද්ධ නීතියට ඉහලින් යුදෙව්/ක්‍රිස්තියනි නීතියේ අනසක සංඝයා වහන්සේ කෙරෙහි බලපවත්වයිද, එසේම එංගලන්ත සභාවේ ප්‍රධානි වන මහරැජින විසින් මහනායක පදවි සදහා අක්‍ර පත්‍ර පරිනමයි නම්, සංඝ අධිකරණයක් බිහි කිරීමට යුදෙවු/ක්‍රිස්තියානි ක්‍රමයට නීතිගත කෙරන පාර්ලිමේන්තු පනතක් අවශ්‍ය බව කියයි නම් , බුද්ධ සාසනය යුදෙව්/ක්‍රිස්තියානි ආධිපත්‍යයට යටත් කොට නොමැති  යයි කිව හැක්කේ කෙසේද? මෝසස්ගේ දස පණත බුදුන්ගේ විනය පිටකයට වඩා බලවත්ද? මහනායක හිමිවරුනි බුද්ධ සාසනයේ චිරස්තිය උදෙසා  මෙම තත්වය වහාම වෙනස් කිරීමට ක්‍රියාත්මක විය යුතු නොවේද?  නැකත් සාස්ත්‍රයට , බෞද්ධ වත් පිළිවෙත් අනුව දරණ චිවරය බුද්ධ පුත්‍රයකුගෙන් ඉවත් කල හැක්කේ සංඝ විනය පිලිබඳ වූ සංඝ සභාවකින්  පවත්වන ලද වින්ශ්ච්යකට අනුව උන් වහන්සේලාගේ තීරණයකට මත මිස ක්‍රිස්තියානි නීතියට හෝ ඊට අනුගත බන්ධනාගාර නිලධාරීන්ට නොවේ. එසේම, බුද්ධ සාසනයත් සංඝයා වහන්සේත් සිටින්නේ රටේ රාජත්වයට හා සාමානය ගිහි නීතියට ඉහලින් වේ. එවන් වූ පදනමක සංඝාධිරාකරණයක් බිහි කිරීමට රටේ නායකත්වයේ අනුමැතියක් හෝ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමක කිසිදු අවශ්‍යතාවක් නැත. සිදු කල යුතු වන්නේ සංඝයා වහන්සේ රැස්ව  අදාලා සංඝාධිකරණය පිහිටවා රජයට ඊට අනුගතව ක්‍රියාත්මක වන ලෙස සංඝාඥාවක් මගින්  දැනුම් දීම මිස, රජයේ නීතියට අනුගතව සංඝාධිකරණක් පිහිටුවා නඩු ඇසීම නොවේ.
16. සිංහලයා හෝ සංඝයා වහන්සේ විනිශ්චය කිරීමට උසාවියට සිංහල ජාතිය හෝ සංඝයා වහන්සේ විසින් කිසිදු බලයක් පවරා දී නොමැති පසුබිමක, නීති විරෝධී ඉංග්‍රීසි විසින් බලහත්කාර කමින් පවත්වාගෙන පැමිණි  ක්‍රවේදය පවත්වාගෙන එමින් එසේ බලයක් පවරා ඇති ලෙස වර්තමානයේද දේශපාලකයන්  අපව මුලාවේ දමා 1948 සිට මේ තෙක් නිතිය අප මත බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරති. යමෙකුට තර්ක කල හැකි වන්නේ 1972 පසු ජනරජයක් කොට පාලනය අපට පවරා ගත්තට පසු ජනතාව ජන්දය දී පාර්ලිමේන්තුව පත් කල බවත්, ඒ  අනුව ජනතා වරමින් ඔවුන්ට  නීති සැකසීමට  අනුමැතිය ලැබී ඇති බවත්ය. එහෙත්, එසේ නොවන්නේ කෙසේදැයි විමසා බලමු.
1818 කුමන්ත්‍රණයෙන් ඇරඹි නීති විරෝධී ඉංග්‍රීසි පාලන තන්ත්‍ර විසින් සිංහල දේශයේ පවත්වාගෙන එනු ලැබූ, සිරිත් විරිත් , පාලන තන්ත්‍රය , පාලන ක්‍රමවේදය , සමාජ ක්‍රමය , ආර්ථිකය ආදී සියල්ල වෙනස් කරන ලදී. පෙර පැවති නිලමේ වරුන්ගෙන් සමන්විත වූ රාජ පාලන ක්‍රමය වෙනුවට සිවිල් සේවකයන් හරහා ක්‍රියාත්මක වන ඉංග්‍රීසි පාලන ක්‍රමවේද හඳුන්වා දුනි. පන්ති භේදයක් නොතිබූ හෙළ සමාජයේ පන්ති භේදයක් ඇති කළහ. ස්වයංපෝෂිත  ආර්ථික ක්‍රමය අතුගා දමා වාණිජ ආර්ථිකයක් හඳුන්වා දුනි. රජ සිරිත ඇතුළු චාරිත්‍ර මත බිහි වූ අපගේ නීති පද්ධතිය උදුරා දමා රෝම ලන්දේසි නීති පද්ධතිය ස්ථාපිත  කොට එය බලහත්කාරයෙන් ජනයාමත ක්‍රියාත්මක කිරීමට යෙදිනි.
        I.            1815 වනතෙක් කිසිදු තමිල් හෝ ඉස්ලාමිකයකු මෙරටේ ස්ථිර පදිංචි කරවකු හෝ සිංහලේ රටවැසියකු නොවිය. 1818 කුමන්ත්‍රණයෙන් පසු මෙම ජන කණඩායම් මෙරටට ගෙන්වා පදිංචි කොට ප්‍රථමයෙන් මෙම දේශයේ සිංහලයා පමණක් වූ ජන සංයුතිය වෙනස් කිරීමට ඉංග්‍රීසින් කටයුතු යෙදුහ. 
     II.            ඊට සමගාමිව 1818 සිට ක්‍රියත්මක වන ලෙස මෙරටේ සියලුම පාලක ප්‍රභූ පැලැන්තිය වනසා දැමීමට කටයුතු යෙදවුහ. කොටසක් මරා දැමුණු අතර අනෙක් කොටස රටින් පිටමං කොට ඔවුන්ගේ පරපුර බිහි වීම නවතා දමනු ලැබිය. රාජ්‍ය උරුමක්කාරයන් සොයා සොයා දඩයම් කිරීමට විය.
   III.            මෙසේ සිංහල පාලක පන්තිය විනාශ කොට බිහිකරන ලද  ඉංග්‍රීසි ක්‍රමයේ පාලන තන්ත්‍රයට මුලින් මදුරාසියෙන් සේවකයන් ගෙන්වා කටයුතු කරගෙන ගිය අතර, තමන්ට අවශ්‍ය සිවිල් සේවකයන් රට තුලින් බිහි කිරීමට ඉංග්‍රීසින් පිඹුරුපත් සකසා ඉංග්‍රීසි අධ්‍යාපනය සදහා පහසුකම් ඇති කරන ලදී. මෙහිදී කොළඹ රාජකීය විද්‍යාලය අරඹන විට එවැනි පාසැල් 6 ක් යාපනයේ තමිල් ජනයා වෙනුවෙන් අරඹා ඉංග්‍රීසි උගත්, ඉංග්‍රීසි චාරිත්‍ර වාරිත්‍ර සහිත  උසස් මධ්‍යම පන්තියක් මෙරටේදී සිංහල, තමිල්, හා මුස්ලිම් ජනයා අතරින් බිහි කලහ. මෙහිදී ඔවුන් වැඩිපුරම අවධානය යෙදුවේ යාපනයේ දෙමල කතා කර ජනයා අතුරින් වැඩිපුර ඉංග්‍රීසි උගතුන් බිහිකර ගැනීමයි, එසේම සිංහලයන් උදෙසා කොළඹ පැවති එකම පාසැල වන රාජකීය විද්‍යාලයෙත්  සිංහල , තමිල්, මුස්ලිම්  මිශ්‍ර ලෙස අධ්‍යාපනය ලැබුහ.
  IV.            මෙසේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ පිරිස දේශීය ප්‍රභූන් ලෙස ඉංග්‍රීසින් විසින් සමාජයට ඒත්තු ගන්වන ලදි. කොළඹ එක විද්‍යාලයකට සාපේක්ෂව යාපනයේ විද්‍යාල 6 කින් බිහිවෙන ඉංග්‍රීසි උගතුන් නිසා මුළු සිවිල් සේවයම පාහේ යාපනයේ ඉංග්‍රීසි උගත් තමිල් ජනයාගෙන් වැසි යන්නට විය.
     V.            මෙම අලුත් elite class හෙවත් උගත් මධ්‍යම පන්තිය අතුරින් පමණක් නියෝජිතයන් රටේ පාලන කටයුතු වලට ව්‍යවස්ථාදායක සභාවට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් පත් කරන ලදී. එනම්, ඉංග්‍රීසින්ගේ අවශ්‍යතාවයන්  අනුව, ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයට , ඔවුන්ගේ සංස්කෘතියට අනුව හැඩ ගස්වා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ලීමට සකස් කරගන්නා ලද සිංහලයන් මෙන්ම මෙරටට ඔවුන් විසින් ගෙන්වා පදිංචි කරන ලද තමිල්,මුස්ලිම් පර ජනයන්ද  මෙසේ ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුකාරයාගේ බලය පිට නම් කරන ලදී.
  VI.            1910 පිහිටවූ ව්‍යවස්ථාදායක සභාවට නිල නොව සභිකයන් 10 දෙනා අතුරින් පහතරට සිංහල 2 නෙකුත්, තමිල් 2 නෙකුත්, උඩරට සිංහල 1 අයෙකුත්, මුස්ලිම් 1 අයෙකුත් ආණ්ඩුකාර වරයා විසින් මෙම නව උගත් මධ්‍යම පන්තිය අතරින් පත් කරන අතරතුර මෙම නව දේශීයයයි ඔවුන් පැවසු ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තිය  ක්‍රමානුකුලව චන්ද ක්‍රමයට හුරු කිරීමට මැකලම් ප්‍රතිසංස්කරණ මගින් 1910 ව්‍යවස්ථාදායක සභාවට ජන්දයෙන් දේශීය නොවන නියෝජිතයන් 3 දෙනෙකු ඇතුලත්ව උගත් ලෙස හැඳින්වූ ලාංකීය යයි කියූ නියෝජිතයකු පත් කර ගැනීමට අවසථාව සලසන ලදී. එහෙත් මෙහිදී ජන්දය භාවිත කිරීමට අවස්ථාව දෙනු ලැබුවේ 3000 පමණ පිරිසකටය. ජන්දය දීමට සුදුසකම ලද්දේ  ඉංග්‍රීසි අධ්‍යාපනය ලත් දේපොළ හිමි අයට පමණි . එනම්, 1910 දී නියෝජිතයකු පත් කරගැනීමේ ජන්ද වරම ලැබුනේ ඉංග්‍රීසින් බිහිකළ Elite Class එක හෙවත් ඉංග්‍රීසි අනුගාමික උගත් මධ්‍යම පන්තියට පමණි. මෙහිදී සිදු වූ විශේෂිත කරුණ නම් 96 -98 % පමණ වූ සිංහලයන් නියෝජනය කිරීමට පහත රට හා උඩරට ලෙස බෙදා නියෝජිතයන් 3 දෙනෙකු පත් කරන විට 3% තමිල් ජනයා සදහා නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමට යෙදින.  එනම්, ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම අරමුණ නම්, ද්‍රවිඩයන් බලාත්මක කිරීම බව මෙයින් පැහැදිලි වේ.
VII.            පසුව, 1920  ප්‍රථම මැනිo ප්‍රතිසංස්කරණනය මගින් මෙම ජන්ද ක්‍රමය කොට්ටාශ වලට කඩා කොට්ටාශ තුනක් බස්නාහිර පළාතෙන්ද අනෙක් කොට්ටාශ අට දිවයිනේ අන් පෙදෙස් වලින්ද නම් කරන ලදී. එහෙත් ජන්දය දීමට සුදුසුකම් ලද්දෝ පෙර සේම ඉංග්‍රීසි උගත් 4% පමණ වන ඉඩම් දේපොළ හිමිකරුවන් පමණි. මේ ආකාරයට මෙම ඉංග්‍රීසින් බිහි කල තම අනුගාමික උගත් දෙශියයන්  යයි හැඳින්වූ පිරිස දිවයින පුරා කොට්ටාශ වලට විසුරවා ජන්ද ක්‍රමය  හුරු කරවන ලදී. එහෙත්, මෙහිදීද, උඩරට සිංහල නියෝජිතයෝ දෙදෙනෙකුද, මුස්ලිම් නියෝජිතයකු හා විශේෂයෙන්ම මෙතෙක් නොවූ ඉන්දියානු දෙමළ නියෝජිතයකු පත් කිරීමට ආණ්ඩුකාරයාට බලය පවරා තැබීම මගින් හුදෙක්ම පැහැදිලි වන්නේ සිංහලයාට එදිරිව වතුකරයේ ඉංග්‍රීසින්ගේ වහල් සේවයට ඉන්දියාවෙන් ගෙනෙන ලද තමිල් බස  කතා කල ඉන්දියානු හින්දුන් හා ඔවුන්ගේම සහෝදර පිරිස වන තමන්ට ඉංග්‍රීසින් විසින්  ලබා දුන් වැවු ආශ්‍රිත වූ ඉඩකඩම් අතහැර මුහුදු බඩ පෙදෙස්වලට මෙන්ම වෙලදාම් කිරීම සදහා දිවයිනේ නොයෙකුත් පළාත් වලට  පසුකාලීනව සංක්‍රමණය වූ  ඉස්ලාමිකයන්ද  මේ රටේ පාලනයට ඇතුල් කිරීමට ඉංග්‍රීසින්ට තිබු දැඩි අවශ්‍යතාව වේ. ඉංග්‍රීසින් විසින්  බිහිකරන ලද  Elite පන්තිය පාලනයේ ස්ථාපිත වන තුරු ආණ්ඩුකාරයා ඔවුන් ව්‍යවස්ථාදායක කටයුතු වලට පත් කළා සේ මෙම අවස්ථාවේ වතු තමිල්  හා තමිල් කතාකළ ඉස්ලාමිකයන්  පාලන තන්ත්‍රය තුල ස්ථාපිත කිරීමට ඉංග්‍රීසින් කටයුතු යෙදවූ ආකාරය මෙයින් පැහැදිලි වේ.  
VIII.            1923 වර්ෂයේ සිදු කල දෙවන මැනිo ප්‍රතිසංස්කරණනය මගින් ඉන්දියානු දෙමළ  හෙවත් වතු දෙමළ ලෙස හැදින්වූ ඉන්දියානු හින්දු වහල් සේවකයන්ද, ඉස්ලාමික දෙමළ ජනයාද පාලනය තුලට ස්ථාපිත කිරීම තවත් ශක්තිමත් කිරීමට ආණ්ඩුකාරයාට පත් කිරීමට බලය ලද පිරිස සේ වතු දෙමල නියෝජිතයන් 3 දෙනෙකුත්, මුස්ලිම් නියෝජිතයන් 2 ලෙස නියෝජිතයන් ප්‍රමාණය වැඩි කරන ලදී.  එසේම, පොදුවේ අනෙකුත් නියෝජිතයන් 3 පත් කිරීමේ බලය ආණ්ඩුකාරයා සතු වූ අතර  , අනෙකුත් නියෝජිතයන ලෙස   යුරෝපිය , බර්ගර් ආදීන පත් කල හැකි වූ අතර අනිවාර්ය සිංහලයන් පත් කිරීම එයින් කපා හැර දමන ලදී . මෙහිදී තවත් විශේෂිත කාරණයක් නම් බස්නාහිර පලාතට ලංකා දෙමළ  යයි ඔවුන් හඳුන්වා දුන් නියෝජනයක් තිබුනත් සිංහල නියෝජනයක් එහිදීද නොදෙන ලදී. වාසනාවකට මෙන් කොට්ටාශ ක්‍රමයෙන් සිංහල බලය තහවුරු වුවද තමිල් හා මුස්ලිම් බලය පාලනය තුල ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක ඉංග්‍රීසින් නිරන්තරයෙන්ම නිරත වුනි.  
  IX.            1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය මගින් සර්ව ජන ජන්ද බලය ලබා දීමේදී ඉංග්‍රීසින් තමන්ට අවශ්‍ය ලෙස උගන්වා පුරුදු පුහුණු කෙරවූ සිංහල , තමිල්, මුස්ලිම් යන ප්‍රධාන වූ තුන් කට්ටුවෙන් සැදුම ලත්  අනුප්‍රාප්තික පාලක පංතිය අතුරින් බලයට ගෙන එන ඔලු ගෙඩි ටික පමණක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව දෙන ලදී. එනම්, තමන් කැමති පාලන තන්ත්‍රයක්/දර්ශනයක්  බිහිකර  ගැනීමට හෝ උඩරට ගිවිසුමට අනුකුල වූ තමන්ගේ පාලන ක්‍රමය නැවත ස්ථාපිත කිරීමට හෝ  තමන්ගේ රට තමන්ට අවැසි ආකාරයට හසුරවා ගැනීමට , ස්වාධීනව තමන්ගේ රජු/පාලකයා තමනට පත් කර ගැනීමට සිංහලයට තුබූ අයිතිය හෙවත් පරමාධිපත්‍ය මෙහිදී ලබා නොදුන් අතර ඉංග්‍රීසින්  විසින් තෝරා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලනු පිණිස පරජනයාද ඇතුලත් කොට සෑදු අනුගාමික පිරිස අතුරින් පාලන කටයුතු කිරීමට ඔලු ගෙඩි ටිකක් තෝරා ගැනීමට සර්වජන ජන්දය නමැති ප්‍රෝඩාව මගින් අවස්ථාව දීම ජනතා පරමාධිපත්‍ය ලෙස හඳුන්වා අද වනතෙක් ජනතාව රවටමින් සිටි. මෙය හරියට එකම ගහේ දොඩම් ගොඩක් භාජනයකට දමා ඒ අතුරින් කැමති දොඩම් තෝරා ගන්න කිවා හා සමානය. දොඩම් ගෙඩියේ හැඩය ප්‍රමාණය වෙනස් කම් තිබුනද අවසානයේ සාරය එකමය. එනම්, ජන්දය යනු ජනතාවගේ අයිතිවාසිකමක් නොව ජනතාවගේ අයිතිය/පරමාධිපත්‍ය බලහත්කාරකමින් යටකිරීමට බිහිකෙරු ප්‍රෝඩාවකි. මෙමගින් වංචාවෙන් ජනතාව මුලාවේ දමමින් මේතාක් පාලකයන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගනිමින් සිටිති.  
     X.            1948 වසරේද නිදහස යයි කියා බොරුවක් කර රට භාර දුන්නේ යයි කිව්වේද මෙම ඉංග්‍රීසි බිහිකළ අනුප්‍රාප්තික පන්තියටය. එදිනද , සිංහලයා හට තම අහිමි වූ දේශය නැවත ලැබුනේ නැත. තවමත් ලැබී නොමැත . නිදහස ලෙස වැරදි සිංහල පරිවර්තනයක් යොදා සිංහලයා මුලා කල ද කිසිවිට ඉංග්‍රීසින් නිදහසක් ලබා නුදුන්හ. ඔවුන් ලබා දුන් තත්වය වුයේ  Independent(ඉන්ඩිපෙන්ඩන්ට්) හෙවත් රදා නොපැවතීමයි.   එනම්, වෙස්ට්මිනිස්ටේර් පාර්ලිමේන්තුව මත රදා නොපැවැත ලංකාවේ  පාර්ලිමේන්තුව ස්වාධින කිරීම පමණි. බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යයෙන් මුදවනු නොලැබූ එහෙත්  වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවෙන් ස්වාධින කල ලංකා පාර්ලිමේන්තුවේ  කටයුතු  බ්‍රිතාන්‍ය කිරීටයේ ඍජු අනසකට යටත්ව කටයුතු කිරීමට පැවරුනේ ඔව්න් බිහිකෙරු ඉංග්‍රීසි අනුප්‍රාප්තික උගත් මධ්‍යම පන්තියටය.  මෙසේ තමනට අවශ්‍ය ආකාරයට සැකසු අනුකාරක පන්තිය හෙවත් කළු සුද්දන් හට රට කරගෙන යාමට සලසා ඔවුන් නිසි ලෙස එම පාලන තන්ත්‍රය තුල ස්ථාපිත වන තෙක් තිරය පිටුපස සිට බලය අතේ තබාගෙන හැසිරවීම හෙවත් ඩොමිනියන් තත්වයෙන්  1972 වනතෙක් ඉංග්‍රීසින්ගේ ඍජු බලපෑම යටතේ මෙරටේ පාලනය ගෙන යන ලදී.
  XI.            එහෙත් , මේ වනතෙක් උඩරට ගිවිසුමට පෙර තිබු තත්වයේ නිදහස වන  තම කැමැත්ත ලෙස පාලකයකු/රජෙකු පත් කරගැනීමට, පාලන තන්ත්‍රය සැකසීමට, නිතිය, සමාජය, ආර්ථිකය, අධ්‍යාපනය සැකසීමට සිංහලයාගේ පරම අයිතිය ලබා නොදෙන ලදී.  එයට හේතුව නම්, ඉංග්‍රීසින්ගේ ඍජු අධික්ෂණයෙන්, පාලනයෙන් මිදුනද ඔවුන්ගේ ක්‍රමවේදයන් ස්ථාපිත කොට ඒ හරහා දුරස්ථව පාලන කටයුතු කරගෙනයාමට සුදුසු පසුබිම සකසා ඔවුන් තම අනුගාමිකයන්ට කටයුතු භාර කරන ලදී. මේය හරියට යම් ආයතනයක වරලත් ශාකාවක් පිහිටවා ඇති තත්වයට සමානය. පරිපාලනය දේශීය කළු සුද්දන්ගේ වුවද සියලුම පිළිවෙලවල්, පිළිවෙත් තම මවු ආයතනයට යටත්ය.
XII.            1972 දී ඊළඟ ලොකුම බොරුව සිංහලයා වෙත පවසන ලදී. එනම්, 1972 දී ඉංග්‍රීසි ආධිපත්‍යයෙන්  මිදී ජනරජයක් බවට පත් වූ බවය. සත්‍ය වශයෙන්ම වෙනස් වුයේ රාජ්‍යයේ නමත් කපටි කළු සුද්දන්ගේ ඇදුමත් පමණි. (එනම්, චිලි රටේ එකම සැමන් ටින් එක , මෙරටේදී සිංහල නමක් සහිත ලේබලයක් ඇලවීම වැනිය. ලේබලය වෙනස් වුවත් අන්තර්ගතය එකමය)පාලනය ගෙන යන   ඔලු ගෙඩි ටිකද ඉංග්‍රීසින් හදා දී ගිය ඔලු ගෙඩි ටිකමය , නිතිය, රාජ්‍ය පාලන ක්‍රමවේදය, ආර්ථිකය, අධ්‍යාපනය, සියල්ලම ඉංග්‍රීසින්ගේ ක්‍රමයමය, පාලකයන්ද ඉංග්‍රීසින් හඳුන්වා දී ගිය කලු සුද්දන්මය. සිදු වුයේ එකම වෙනස නම් පෙර පැවසු ලෙස ඉංග්‍රීසින් පාලනය කරමින් සිටි ආයතනය තම ක්‍රමවේදයන් පවත්වාගෙන යන නියෝජිත ආයතනයක් ලෙසට පත් කොට තම අනුගාමිකයන්ට/ අනුප්‍රප්තිකයන්ට එය පවත්වාගෙන යාමට භාර දී ප්‍රජාතන්ත්‍රවාදය නමැති ලනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමයට බැඳ දුරස්ථව හැසිරීමට කටයුතු සම්පාදනය කර ගැනීමයි. ජනරජයක් වූ බවට පුරසාරම් දෙඩුවත් මෝඩ ජනයා තේරුම් නොගන්නා කාරණය නම් 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ දී මෙන්ම 1972 දී ජනරජයක් වීමේදී මෙන්ම, ඉන් පසුව සිට මේ වනතෙක් ජන්දයෙන් ජනතාව කරන්නේ එකම භාජනේ දොඩම් තේරීම පමණි. එනම් පාලනයට මාරුවෙන් මාරුවට ඉංග්‍රීසින් බිහිකර ගිය කළු සුද්දන්න්ගේ ඔළු එහාට මෙහාට කොට තේරීම මිස තමාට කැමති , ආර්ථික , සාමජිය ,පාලන ක්‍රමයක් ඇති කරගැනීමට ජනතා පරමාධිපත්‍යක් තබා අවස්ථාවක්වත් දී නොමැති බවයි. ජන්දය ඔබේ අයිතිය යනුවෙන් නිරන්තරයෙන්ම ජනමාධ්‍ය හරහා පතුරවමින් ඔලු ගෙඩි ටික එහා මෙහා කිරීමට පමණක් ජනයාගේ ජන්දය පාවිච්චි කොට සත්‍ය වසන් කරමින් සැමදා ජනයා මුලාවේ දමමින් සිටිති.
XIII.            1818 පැනවූ නීතින්/ආඥා අදටත් මේ රටේ බලත්මකයි. එම හේතුව මතම මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් 1818 නිකුත් කල ගැසට් පත්‍රය මෑතදී අවලංගු කොට කැප්පෙටිපොළ ඇතුළු විරුවන් ජාතික වීරයන් ලෙස  නම් කරන ලදී.  එසේනම්, මොවුන් දැනටත් පවත්වාගෙන යන , ආණ්ඩු ක්‍රමය, නිතිය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී සියල්ල නීති විරෝධී ඉංග්‍රීසින්ගේ දේවල් පමණක්ම වන අතර මෙම ඉංග්‍රීසින්ගේ ආණ්ඩුව/පාලන තන්ත්‍රය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා වූ  අනුප්‍රප්තිකයන් විටින් විට ස්ථාන මාරු  කිරීමට පමණක්  වංචා සහගත ලෙස  දිගින් දිගටව මිනිසුන් මුලාවේ  දමමින් ජන්දය නමැති වූ ප්‍රෝඩාව පාවිච්චි කරමින්  නීති විරෝධී ක්‍රමවේදයන් පවත්වාගෙන යනු ලබයි.  මෙම තත්වය නම්, හුදෙක්ම ඉංග්‍රීසින්ගේ බලහත්කාරකම ඔවුන්ගේ අනුප්‍රප්තිකයන් වන කළු සුද්දන් විසින්  පවත්වාගෙන යාම මිස ඔවුන්ට සිංහලයාට හෝ සංඝයා වහන්සේට නිතිය ක්‍රියාත්මක කිරීමට සංඝයා වහන්සේ හෝ සිංහල ජාතිය  කිසිවිටකත් බලයක් මොවුන්ට  ලබා දී නොමැත . පැහැදිලි කල ලෙස ජන්දය යනු ඔලු ගෙඩි හුමරුවක් පමණක් වන අතර නීතියේ ආදිපත්‍ය බලයෙන් අප මත පැටවීමට ඔවුන්ට එය අවසරයක් නොවේ. එයද මිනිසුන් මුලාවේ දමා ලබා ගන්නා බැවින් කනාගෙන් හොර අත්සන් ගත්තා හා සමාන බැවින් නිතියනුකුල නොවේ.    
XIV.            නියම ජනතා පරමාධිපත්‍ය නම් 1815 උඩරට ගිවිසුමෙන් ගත් රාජ්‍ය පාලන තන්ත්‍ර ඉංග්‍රීසින් සෑදු අනුප්‍රප්තිකයන්ට නොව නැවත සිංහලයට ලබා දී තමන්ට කැමැත්තක් කර ගැනීමට ඉඩ හැරීමයි. එහෙත්  1948 සිට මේ තාක් කිසි දා ඉඩ දී තිබේද අපේ පැවති පැරණි ක්‍රමයට හා අලුත් ක්‍රමය අතුරින් දෙකක් තෝරා පත් කරගෙන අපට කැමති පාලන තන්ත්‍රයක් නීතියක් නිර්මාණය කර ගැනීමට ? එසේම, 1972 දී ජනරජයක් වීම යනු ඉංග්‍රීසින් විසින් ඇති  කල ගිය කොම්පදෝරු පන්තිය රටේ විසින් පාලන බලය තමන් වෙත තහවුරු කර ගැනීම මිසක් ජනතාවට බලයක් ලබා දීමක් හෝ ජනතා පරමාධිපත්‍යක් ලබා දීමක් මේ තාක් සිදු කොට නොමැත. මහජනයා අතුරින් කෙනෙකු පාලනයට යයිද එම පුද්ගලයාත් එම පාලනය තුල ඉංග්‍රීසි ක්‍රමවේදය පිළිගත් පරපුරේ  අනුප්‍රාප්තිකයකු බවට පරිවර්තනය වී පාලනයට හවුල් වීම හැර, මෙරටේ කිසිවකුට දේශීය දර්ශනයක් මත පාලන තන්ත්‍රයක් බිහි කොට හෝ 1815 පෙර පැවති පාලන තන්ත්‍රය බිහිකොට ජනතාවට  කැමති දේශීය පාලකයකු බිහි කිරීමට කිසිදු අවස්ථාවක් සලසා දී නොමැත.
XV.            පෙර රජ දවස වූ පාලක පරපුර විනාශ කොට ඇති බැවින් සිදු කල යුත්තේ රජුන් තනන සගුන් වෙත රාජ්‍යය පවරා සගුන්ගේ අනුශාසනාව මත දේශීය බුද්ධිමතුන්ගේ එකතුවෙන් නිසි දේශීය රාජ්‍ය දර්ශනයක් බිහි කොට එය ක්‍රියාවේ යෙදවීම හා ඊට අනුකුල වූ සුදුසු පාලක පිරිසක් බිහි කර ගැනීමයි. මෙම දේශීය දර්ශනයක් ගොඩ නගා ආණ්ඩුවක් පිහිටුවනතෙක් වූ  සංක්‍රාන්ති සමය තුල බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් අන්තර්වාර පාලක සභාවකට රට භාර කල හැක.
XVI.            එල්ල කරන පීඩනය වැඩි වුවහොත් දේශීය පාලන තන්ත්‍රයකට අවශ්‍යතාවක් වේද යන්න විමසීමට කළු සුද්දන් ජන්දය හරහා ජන මත විචාරණයක් පැවැත්වීම සුදුසු යයි යෝජනා කිරීමට යෙදෙනු ඇත. එහෙත් නිත්‍යානුකූල නොවූ රජයක් මගින් හසුරවන ජන්ද ක්‍රමය හරහා ලබා ගන්නා ජනමත විචාරණයක් වලංගු වන්නේ නැත.
17.   ගිසි සමාජයෙන් වෙන් වූ  වෙනම විනය නීති පද්ධතියක් යටත්   සංඝයා වහන්සේ උදෙසාද පොදු ගිහි නිතියම  ක්‍රියාත්මක කරන විට, අනවසරික මේ රටේ පදිංචි කරවූ ඇතැම් ජන කණ්ඩයම් සදහා වෙනම ඔවුන්ට අවේනික නීති ක්‍රියාත්මක වේ. යම් රටක ජන සමාජයට  පැවතිය යුත්තේ එක් පොදු නීතියකි. සියළුම රට වැසියා එම නීතියට පමණක් යටත් විය යුතුය. රටේ ජිවත් වන ගිහි ජන කණ්ඩායම් සඳහා ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතික  අවශ්‍යතා සඳහා වෙනත් නීති හෝ අනු නීතීන්ට ඉඩ දීම රජය විසින්ම කරන්නාවූ විශාල වරදකි. යාපනේ තමිල්  ජනතාවගේ වාසිය තකා ඇති “තේසවලාමේ” නීතිය, එසේම, ඉසලමිකයන් සදහා වූ බාල වයස්කාර දැරියන් විවාහය, බහු විවාහ නීති ආදිය සැලකීමේදී හැමටම සාධාරණ පොදු හා  උත්තරීතර යයි පවසනා නීතියේ පොදුබව, සාධාරණීත්වය උත්තරීතර බව පිළිබඳව ගැටළු මතු  නොවන්නේද ? එසේම  මෙම උත්තරීතර නීතිය තුලවහල් සේවය අදටත් නීති ගතය”  එසේනම් වහලා මනුෂ්‍යයකු නොවේද? එසේ නම්  උත්තරීතර කියන්නවු නීතිය එම වහලාට සාධාරණද ඉටු කරන්නේද ? හිරිමල් යොවුන් වයසට පත්වන තරුණ තරුණියන්ට තමනට රුචි පරිදී වයස 16 එලඹුණුන විට කායික සම්බන්ධතා පැවත් විය හැක. එය බලහත්කාරකමක් නොවන්නා විට එය නීත්‍යානුකුල වේ. එහෙත් ඔවුන්ට තම අභිමතය පරිදි වයස 18 සපිරන තෙක් නීතියානුකුලව විවාහ විය නොහැක. අද මිනිසුන් නිතිය පිළිගන්නේ තමන් ඊට එකග වන නිසා නොව ඒ මගින් පතුරවන පිඩනයට/හිංසාවට ඇති බිය නිසාය.  අද පවතින නීතියේ ක්‍රියාත්මක වන ආකාරයට යමෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධානාගාර ගතකොට ඔහු ඇතැම් විට මාස ගණනක් බන්ධනාගාර ගත කොට තබා ගනී. අවසානයේ එවන්වූ අය නඩු විනිශ්චයෙන් පසු නිදොස් කොට නිදහස් කෙරු අවස්ථා එමටය. එහෙත් බන්ධනාගාර ගත කිරීමෙන් ඔවුට වුන ශාරීරික, මානසික පිඩාවට , මුලය පාඩුව, මුලය බිඳ වැටීම, නීතිමය කටයුතු සදහා තමන් නොකෙරු වරදකට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම , ඇතැම් විට පවුල් පද්ධතිය  දෙදරීම, තම පවුලේ සාමජිකයටන්ට වන මානසික පිඩාවට, අපහසුවට, අඩත්තේට්ටමට, ආර්ථිකය කඩා වැටීම නිසා සිදුවන හානියට, තම කීර්තිනාමයට වූ කැලල වැනි දේ නිසා එම පුද්ගලයාට හා ඔහුට සම්බන්ධ අයට  සිදුවූ හානියට  නීතියේ ඇති වගකීම කුමක්ද? යමෙකු තවෙකුට තර්ජනය කරා, අඩම්තේට්ටම් කරා, මානසික පීඩනයක් කළා  අපහසුතාවයකට පත් කළා යයි අයෙකුට  විරුධව ක්‍රියාත්මක කරන්නා වූ  නීතියට  කරුවෙකුට අඩත්තේට්ටම් / පීඩනයන්ට ලක් කිරීමට ඇති අයිතිය කුමක්ද? එම පුද්ගලයාට වූ අගතියට වූ නීතියේ වගකීමක් වන්දි ගෙවීමක් වේද? එසේනම්, මෙවන් වූ ආකාරයකට බලහත්කාරයෙන් අප මත ක්‍රියාත්මක කරනා නීතියේ උත්තරීතර භාවය පිළිබද ආදාල බලධාරීන්ට  අපහට පැහැදිලි කර දීමට හැකිද?
18. වර්තමානයේ බලාත්මක නීතිය සර්ව සාධාරණ යයි කීම හා එහි නිත්‍යානුකුල භාවය  පිළිබඳ ගැටළු පැන නැගේ. එනම්  1818 දී ගිවිසුම වංචාවෙන් කඩ කොට සෑදු නීතිය නිත්‍යානුකුල හා සාධාරණ වන්නේ කෙසේදැයි ආදාල පාර්ශ්වයන් හට පැහැදිලි කල හැකිද  එසේම, නීතියේ ඇති අඩු ලුහුඩු කම් ප්‍රශ්න කිරීමට ජනතාවට ඉඩක් නැත. යමෙක් නීතියේ  නිරවද්‍ය භාවය පිළිබඳව ප්‍රශ්න කරයිද , එහි නග්න භාවය හෙළිවීම  වැලැක්වීම  “අපහාස නීතියයනුවෙන් හඳුන්වා මර්ධනය කරනවා නොවේද? එහෙත්,කොන්ඩාවටවන  ටැම් ලිපියෙන් හෙළි වන්නේ  IV දප්පුල රජ දවස එක් රටවැසියෙක් රජුගේ නීතියට අභියෝග කරයිද එම මොහොතේම එම නීතිය බල රහිත වන අතර රට වැසියා පැමිණිල්ල , රජු විත්තියද ලෙස ගෙන එම නිතිය සෑදු ගම් වැසියන් හෙවත් ගම් සභාව විසින් විනිශ්චය  කල යුතුය. එහෙත් එවැනි, අයිතියක් අද රට වැසියාට හිමිද? අද එක රට වැසියකු නොව කණ්ඩායමක් නීතියට අභියෝද කරයිද ඔවුන්ව “අපහාස” යටතේ දණ්ඩනයට ලක් කරනවා නොවේද?
19. නිතිය සර්ව සාධාරණ යයි වහසි බස් දෙඩුවත්, අද තත්වය නම් අභියාවනා අධිකරණයකට හෝ මහාධිකරණයකට ඉදිරිපත් කරන ඇපෑලක් කියවා බලා විනිසුරුවන් විසින් එම නඩුව අසනවාද නැද්ද යන්න තීරණය කිරීමයි. කොළ කිහිපයක් මත පිහිටා මිනිසුන්ගේ දුක් ගැනවිල්ලක් ඉවත දැමීම සාධාරණී කරණය කල හැකිද ? නඩුවක් විමසා නොබලා එය ඇසිය නොයුතු නඩුවක් බවට  තීරණයක් ගැනීමට තරම් විනිසුරුවන්ට අත්භුත  විශ්ව බලයක් තිබේද? නීතිය තුලම චෝදනා ලද අය  නිවැරදි  කරුවන් වූ අවස්ථාද , පැමිණිලි පාර්ශ්වය වැරදි කරුවන් වූ අවස්ථා පිළිබද උදාහරණ අවශ්‍ය තරම් තිබේ. එවන් වූ පසුබිමක නඩුවක් අසන්නේ නැතිව පැත්තකට විසි කරන නීතියේ ඇති සාධාරණත්වය කුමක්ද?
20අදටත් පවතින ඉංග්‍රීසින්ගේ පාලන කරම්වේදය  මෙරටේ නිත්‍යානුකුල නොමැති බව ඉහත පැහැදිලි කරන ලදී. එවන් වූ පසුබිමක් තුල ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  අනුව පිහිටවූ පාර්ලිමේන්තුව නිත්‍යානුකුලද ? එහි සම්මත කල හා කරනා  නීතින් නිත්‍යානුකුලද වන්නේද ? එමගින් පසිදලන යුක්තිය නිත්‍යානුකුලද?ඉන් ලබා දුන් ෆෙඩරල් ප්‍රාන්ත/ පළාත් සභා  නිත්‍යානුකුලද?. රටේ දේපොළ විකිණීම/ බදු දීම නීත්‍යානුකූලද ?  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අනියම් අධිකාරිත්වය ක්‍රියාත්මක  කරමින් ආණ්ඩුව හා පාර්ලිමේන්තුව  විසින් රටේ ආර්ථිකය හා සමාජය හැසිරවීම නීත්‍යානුකුලද?
21ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් සර්වජන ජන්ද බලය  හරහා ලබා දුන් ජනතා පරමාධිපත්‍ය නම් වූ මුසාව මත පාර්ලිමේන්තුව තීරණය වේ. එම පරමාධිපත්‍ය බලය මගින් නීති සම්පාදනය කෙරේ යයි පවසති.එසේනම් ඔවුන්ම පවසනා එම පරමාධිපත්‍ය දුන් ජනයා නීතියේ අඩු ලුහුඩුකම් ප්‍රශ්න කරන විට එම නීතියට හැකිද ජනතා පරමාධිපත්‍ය අභිභවා ගොස් එම පරමාධිපත්‍ය මර්ධනය කිරීමටඑසේම,  ජනතා පරමාධිපත්‍ය කියනා සංකල්පය  හා ඒ හරහා ක්‍රියාත්මක සර්වජන ජන්දයද මෙරටේ ස්ථාපිත කරන ලද්දේ නීතිවිරෝධී ඉංග්‍රීසි පාලනය විසිනි. එසේනම් ඒවා නිත්‍යානුකුල වන්නේ කෙසේද?
22ජනතා පරමාධිපත්‍ය කෙසේ වෙතත් අඩුම වශයෙන් ජනතාවට ජන්දයෙන් ඔලු ගෙඩි ටික තේරීමේ අයිතියවත් අද ක්‍රියාත්මක වේද? ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද  දේශපාලඥයින් කොපමණ පිරිසක් නැවත “බෝනස්” ක්‍රමයෙන් හොර පාරේ පාර්ලිමේන්තුවේ සිටීද? එසේනම්,ජන්දය ජනතාවගේ අයිතිය කියා රැවටුවත්  බොරුවට හෝ ජනතාවට ලබා දී තියෙන  ඔලු ගෙඩි ටික තේරීමේ අයිතිවාසිකමවත්  ඔවුන්ට රැකි ඇතිද?  මෙවන් වූ නීති විරෝධී කම් වලින් පිරි ඉතිරි ගිය පාර්ලිමේන්තුවේදී නීති සම්පාධනය  ඇති සාදාචාරාත්මක හා නිත්‍යානුකූල අයිතිය කුමක්ද? මැතිවරණ වලින් ජනතාව ප්‍රතික්ෂේප කරන ලද නියෝජිතයන්ගේ  ජන්දයෙන් නිතී කෙටුම්පත් අනුමත කිරීමදී ඔවුන් විසින් පවසන්නන්නා වූ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදු නොවන්නේද ? නිතියානුකුල නොවූ ආයතනයක් තුල නිත්‍ය්නුකුල නොවූ පාලකයන් විසින් සම්පාදනය කරන්නාවූ  වූ නීතින් හුදෙක්ම  නිතී විරෝධී නොවේද?
මෙසේ අනෙක විධි ආකාරයට , 1815 සිටම සිංහල ජාතිය රවටා අද වනතෙක් පවත්වාගෙන එනු ලබන ඉංග්‍රීසින්ගේ නීති විරෝධී ආර්ථික, සමාජීය, හා පාලන ක්‍රමවේදය උරුමයෙන්ම සිංහලයාට පමණක් මෙම දේශයට සතු නියම ජනතා පරමාධිපත්‍ය නැවත  පිහිටුවා ,නීති විරෝධී හොර වංචාකාරයන්/ දුෂිත පරගැති දේශපාලකයන්ගෙන් මෙම දේශය  මුදවා අපේම දේශීය පාලන දර්ශනයක් සහිත නායකයන් යටතේ දේශය  නැවත ගොඩ නැගීමේ කාලය එළඹ ඇත.  
එසේ නම් ඉංග්‍රීසින් විසින් ලබා දුන් මිත්‍යා ජනතා පරමාධිපත්‍ය හිමි ජනතාවනි, ඔබේ රවටනා ඉංග්‍රීසින් දුන් පරමාධිපත්‍ය ඔබටම අභියෝග කරන්නේනම් ඔබ නිවටයන් සේ බලා සිටිනවාද? නැතහොත් ඔබේ ආරක්ෂාව කෙරෙහි  මහා සම්මතයේ සිට සිංහලයට පමණක් වූ මේ රටේ උරුමයෙන් ලද නියම පරමාධිපත්‍ය පාවිච්චි කරමින්   පසුගිය වසර 200 තුල අපට සිදු වූ අසාධාරණය අඩත්තෙට්ටම , සහ ඒවා සිදු කරන  වංචාකාරී හොරු පන්නා දමා පෙර දවස මෙන් අපේ අනන්‍යතාව අප ගොඩ නගන්න උත්සහ කළ යුතු නොවේද? මේ වංචාව අසාධාරණය කරපින්නාගෙන ඉදිරියට යාමට ඔබේ දරුවන්ටත් ඉඩ හරිනවාද? ප්‍රමාද වී පසු තැවෙනවාද? තීරණය ඔබ සතුයි.



රුවන් රත්නායක - කැදවුම්කරු සූර්ය වංශය යලි ගොඩ නැගීම

No comments:

Post a Comment