Monday, March 10, 2014

ශ්‍රී ලංකාව දුප්පත් කර හුරා කන්නෝ (01)

 

අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (IMF) හා ලෝක බැංකුව (IBRD)


ලෝකයේ සම්පත් වලින් ගහන නිවර්තන කලාපිය රටවල් සැමදා දුප්පත් වීමට හේතුව වී ඇත්තේ බටහිර ජාතින් විසින් සංවිධානාත්මකව  හුරා කෑමත් තව දුරටත් අනියම් ලෙස යටත් විජිත වසයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අප වැනි රටවල් පිඩාවට ලක්කර පාලන කිරීමට ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදවා ඇත. රජ දවස මිලියන 30 කට වඩා ජනගහනයක් ජිවත් වූ මේ රට ස්වයංපෝෂිත විය. අප ජනතාවගේ සියලු අවශ්‍යතා ,ආහාර, බෙහෙත්, නිවාස, ඇඳුම් පැළදුම්, මේ රටම තුලම නිෂ්පාදනය විය. එහෙත් බටහිර ජාතීන්ගේ ආක්‍රමණයත්, ඔවුන් විසින් කරන ලද ඉඩම් මංකොල්ලයත්, අපේ හෙළ ක්‍රම, බව-බෝග, ගව සම්පත, හෙළ වෙදකම විනාශ කර ඔවුන්ගේ ක්‍රම මෙරටට හඳුන්වා දීම තුලින් අද මිලියන 20 ජනතාවකට එදා වේල සපයා දීමට අද  බටහිරට ගැතිකම් කරන තත්වයට ඔවුන් අපිව විවිධ උපක්‍රම මගින් හසුරවනු ලැබේ (දේව ස්වරුපයෙන් එන බටහිර යක්ෂ ආයතන  මගින් ). ඒවා පිලිවෙලින් පහත ලිපි මගින් සාකච්චා කෙරේ.
අන්තර්ජාතික මුල්‍ය අරමුදල නොහොත් (International monitory fund) යනු නිවර්තන ( දුප්පත්) රටවලට තම කෘෂිකර්මාන්ත කටුතුවලට අවශ්‍ය ණය සැපයිමට  ඇති කෙරන ලද අරමුදලයි. ප්‍රතිනිර්මාණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව(International Bank for Reconstruction & development) නොහොත් "ලෝක බැංකුව:  පිහිටුවීමේ අදහස ඇතිවුනේ 1944 ජුලි මස අග භාගයේදීය. ඊට පසුබිම් වූ කතාව ඉතා රසවත්ය.
1944 ජුලි මාසය වනවිට දෙවැනි ලෝක සංග්‍රාමය නිසා යුරෝපය බිඳ වැටි තිබුණි. නගරවල කර්මාන්ත ශාලා කාර්යයාල හා නේවාසික ගොඩනැගිලි වෙනුවට ගරා වැටුණු ගඩොල් විය. කර්මාන්තශාලා වැසි ගොස් නොවැසූ ඒවායේද වැඩ කිරීමට ප්‍රමාණවත් පිරිමි නොවිය. මරණය ,තුවාල වීම ,රෝගී වීම ඊට හේතුවය. කාන්තාවන්ට ඒවායේ වැඩ කිරීමට සිදු විය. ආහාර  හිඟ වූ අතර මන්දපොශනය හා ලෙඩ රෝග බහුල විය. විනෝදාංශ කිසිවක් නොවිය. හැමදෙනාම දුක් කඳුළු මත ජීවත් වුහ.
යුද්ද්දයට සහබාගි නොවූ හා ඉන් පිඩාවට පත් නොවූ ඇමෙරිකා එක්සත් ජනපදය මෙවිට යුරෝපයේ පිහිටට ආවේය. ඇමෙරිකා මහාද්වීපය යනු යුරෝපයෙන් සංක්‍රමණය වූ සුදු මිනිසුන්ගෙන් යුත් පුංචි යුරෝපයක් විය. මෙම කාර්යයයේ මුලිකත්වය ගත්තේ එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට්‍ ය.
කැනඩා - එක්සත් ජනපද දේෂ සිමාවේ පිහිටි බ්රෙන්ට්වෝඩ් නමැති නගරයේ රැස්වීම ශාලාවක දොර වසු කුඩා සම්මන්ත්රණ කාමරයක් තුල 1944 ජුලි 24 හෝ 25 අවට දිනෙක පැවැත්වූ රහස් සම්මේලනයකි. යුරෝපිය රටවල් 18 ඊට සහබාගි  වියා. මාතෘකාව වුයේ  "කඩා වැටුණු යුරෝපය නැවත නගා සිටීමේ ක්‍රම සහ විධි” යන්නය. ජනාධිපති රුස්වෙල්ට් විසින් මෙය සංවිධානය කරන ලද අතර ප්‍රශ්නය සම්බන්දයෙන් කතා කෙළේ ජනාධිපති ලේකම් වරයෙකු විසිනි. ඔහුගේ කතාවේ සාරය  පහත පරිදිය.
යම් පුද්ගලයකු නැවතත් ධනවත්ව නැගී සිටිම යනු අනුන්ගේ වස්තුවෙන් කොටසක් උපක්‍රමික ලෙස ඔහුගේ සාක්කුවට අත දමා ලබා ගැනීමයි . මෙය ඉටු කර ගැනීමට දක්ෂ කම තිබිය යුතුය, එමෙන්ම සාක්කුවේ හිමියාද සරුසාර ධනවත් අයෙකු විය යතුය, මේ අනුව යුරෝපයට නැවත සමුර්ධියෙන් යුතුව නැගී සිටීමට නම් ලොව කිසියම් කලාපයක් සූරා කෑම(exploit)කල යුතුයග මේ සඳහා හොඳම කලාපයනම්( ශ්‍රී ලංකාවද අයත්වන)  නිවර්තන කලාපයයි.
නිවර්තන කලාපය යනු අවූරුද්ද  පුරා හොදින් උෂ්ණය (හිරු) ඇති එමෙන්ම වර්ෂාපතනය ඇති, එනිසාම වර්ෂය  පුරාම ගස් වැල් හැදෙන්නාවූ කලාපය වේ. මෙම යහපත් දේශගුණික තත්වයන් මත එම කලාපයේ වගාවන් හැම විටම බහු - භෝග වගාවන් වෙති. එකවර භෝග ගනනාවක් වැවේ. යුරෝපයේ එසේ සිදු නොවේ. එබැවින් එම නිවර්තනික කලාපය සුරා කෑමේ උපාය උපක්‍රමයන් සොයා බැලිය යුතුය.
ස්වයන්පොශිත කෘෂිකර්මය වැදගත් වන නිවර්තන කලාපය හැමවිටම බහු - භෝග වගාවෙන් යුක්තය. මෙය මහා පරිමාණයේ ඒක භෝග දක්වා වෙනස් කළහොත් ඔවුන්ගේ අතිරික්තය සුදු රටවලට මිලදී ගත හැකිය. එසේ කලවිට එහි වාසිය තවත් ආකාරයකින් යුරෝපයට ලබා ගත හැක්කේ රේගූ බදු හා වෙළද ගිවිසුම් යුරෝපයට අවශ්‍ය ලෙස සකසාලිමෙනි.
බහු භෝග වගාව මහ පරිමාණ එක භෝග ක්‍රමයට වෙනස් කිරීමට නම් මුදල් අවශ්‍යය , විශේෂඥ දැනුම අවශ්‍යය, මේ වනවිට ටෙක්සාස් හි දියුණුකළ තිරිඟු වගාවද 1943 දී එක්සත් ජනපද යටත් විජිතයක්  වූ පිලිපීනයේ දියුණුකළ වී වගාවද සාර්ථක වී තිබුණි. එහිදී සිදුවන්නේ ආශ්චර්යයක්  නොවේ. උස හා ශක්තිමත්  කදක් ඇති ගොයම් ගස ජාන විකුර්තියෙන් කුරු මිට්ටෙක් බවට පත් කර ඒ මත දුර්වල හා විශාල වී කරලක් ඇතිවන්නට සැලැස්වීමය. ගොයම් ගසින් අඩු කල ප්‍රමාණය කරලට යෙදවේ. මෙවිට වී වගාවද වාණිජ වැවිල්ලක් වේග මේ සඳහා ණය සැපීමට IMF පිහිටවීමට යෝජනා කෙරන ලදී.
නමුත් මිනිස් මනස වෙනස් කිරීමට අපහසුය, නවීකරණය වූ වගාවන් සඳහා ජනතාව අවනත කර ගැනීමට ලෝකය වෙනස් වී ඇති බව ඇගේ ස්පර්ශ කෙල යුතුය. ඒ සඳහා සමාජ ආර්ථික යටි තල වෙනස් කල යුතුය. එවිට ඔවුන් එය පිළිගෙන තමාද වෙනස් වීමට කැමති වෙති. මේ සඳහා පුළුල් මාර්ග එහි වේගයෙන් ධාවනය වන මොටෝර් රථ , කර්මාන්තශාලාල ගුවන් තොටුපොළවල්ල වරාය ල මාර්ග සංදී ස්ථාන වල නගරයන්, එම නගර වල සුපර් මාකට්, ඒවයේ විදුලි එළියෙන් බැබලෙන නවීන පාර්භෝගික භාණ්ඩ ආදිය ඇතිවිය යුතුය. මෙම යටිතල වෙනස සඳහා ණය හා ආධාර සැපීමට ප්‍රතිනිර්මාණය හා සංවර්දනයට ජාත්‍යන්තර් බැංකුව (IBRD) නොහොත් ලෝක බැංකුව ඇති කිරීමට යෝජනා කෙරින.
අදIMF හා ලෝක බැංකුව මගින් දුපත් රටවල් වල මිනිසුන් ඔවුනට අනවශ්‍ය හා දරාගත නොහැකි වියදම් වලට ඇද දමා ඇත. ලොව හොඳම නිදසුන  වන්නේ අපේ ලංකාවය. ශ්‍රී ලංකාව නමැති නමක්ද යොදා අත්තේ මෙම අමනයන්ගේ රට හැඳින්වීමට හොඳම නාමය ඒ වන නිසාය. එදා රුස්වල්ට් ගේ කථාවේ තිබු ගුවන් තොටුපොළවල් වරායවල් සදා අප රට එදා සිට අද වනතෙක් අසාර්ථක වී ලෝකයට නය වී ස්වාධීනත්වය උගස් තබා ඇති සැටි රුපවාහිනී හා පුවත් පත් තුලින් දැකීමට හැකිය. ණය ලබා ගැනීමට පුරුදු වූ අනෙක් රටවල් ද ලංකාව මෙන්ම ණය උගුලේ හිරවී සිටිති. ලබා ඇති ණය ගෙවීමට ලංකාව අද තවත් ණය ලබා ගන්නේ IMF ණය ගෙවීම සඳහාය. සෑම රට වැසියෙකුම රු. 275,000.00 ක පමණ ණය කරුවෙකු වී ඇත. මේ සියල්ල සංවර්ධණය යන වචනයෙන් අවරණය කෙරේ. නව යටත් විජිත වාදය (Neo - Colonialism) යනු මෙයයි . ස්ව කැමතෙන්ම බටහිර හැසිරවීමට යටත්ව දුක්වින්දීම ඉන් අදහස් කෙරේ. නිවර්ත රටවල ඇති ස්වභාවික සම්පත් පිළිබද විස්තර අධ්‍යාපනය තුලින් යට ගස්වා ශීතල රටවල ඇති ආකාරයේ පොළොවේ තැන්පත්ව වී ඇති ස්වභාවික සම්පත්(අප රටවල ඇති ස්වාභාවික  සම්පත් මේවා නොවේ) ප්‍රයෝජනයට  ගැනීමට ඉගැන්වීම   නිසා එම නිවර්තන රටවල බිහිවන අනාගත පරම්පරාව ජීවත් වීමට ඇති ඉඩ කඩ ඉන් ඇහිරී ඇත. ඊනියා සංවර්ධනය සඳහා තම රට විනාශ කරගෙන අනාගත පරම්පරාව උගස් තැබීමටද මේ සඳහා අවශ්‍යයි.එය මැනවින් අපේ අනුවනක්කාර අවස්ථාවාදී දේශපාලඥයන් විසින් මැනවින් ඉටු කෙරමින් පවතී. තමන් ජිවත් වන රටේ ඇති ස්වාභවික සම්පතුත් එම රටවලට ගැලපෙන ජීවන රටාවලුත් අධ්‍යාපනය හා ජනමාධය හාවිතයෙන් අමතක කරවා මෙම හපන්කම සිදු කෙරේ.
ණය උගුල තුල තව තවත් එම උගුලේම හිරවීම හැර ලංකාවට සිදුවිය හැකි වෙනත් දෙයක් නැති බව මේ අනුවන දේශපන්ක්නයන්ගේ ක්‍රමය වේ.එයින් මිදීමට ඔවුන් මෙම දේශපාලන ක්‍රමය තුල කිසිත් නොකරයි, කිමද යත් එවිට ඔවුන්ගේ පැවැත්ම නැතිවන බැවිනි. එහෙත් මේ සඳහා විසදුමක් අප තුලම පවතී.
අනෙක් කොටස ඉදිරි ලිපිය (02) මගින් බලාපොරොත්තුවන්න.

Friday, March 7, 2014

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?

 
 
 
ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර
හෙළ ගුප්ත ඖෂධ වෙඩි ආර්. නන්දන

පර සුද්දෝ ඇතිකළ බෞද්ධ නිකායටන්ට විනය නීති පැනවීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද ?


වංශ කතාවේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ දවස බුදු සසුන යනු බුද්ධ පුත්‍රයන්ගේ නොහොත් භික්ෂුන්ගේම ශාසනයකි . නමුත් අද දින ලංකාවේ පිළිගන්නේ භික්ෂු , භික්ෂුණි, උපාසිකා, උපාසක යන සිව් වනක් පිරිසගෙන් බුදු සසුන සංයුක්ත වන බවය. මිහිදු මහ හිමියන් විසින් අනුරාධපුරයට ගෙන ආ බුදු සසුන භාරත වර්ගයේ සංචාරක සහ අරණ්‍ය වර්ගයේ සසුනකි. සෑම ගමකම පන්සලක් හා එහි භික්ෂු සහිත පන්සල් හා අරණ්‍ය ඇතුලත්වන ග්‍රාම වාසි හා අරණ්‍ය වාසි භික්ෂුන් යන බෙදීම ලංකාව තුලදී අපමණක් සිදු වුවකි. කෙටියෙන් කියතොත් ලංකාවේ ඉස්තාපිත වුයෙ ලංකාවට ගැලපෙන ආකාරයේ සසුනක් මිසක භාරතයේ තිබු බුදුන් වහන්සේගේ ආකරයේ ශාස්හනය් නොවේ. 
ගම් වාසින්සමග මිශ්‍ර වී ගිහි කටයුතුවලට භික්ෂුන් සම්බන්ද වීම බුදුන් වහන්සේ අනු දැන වදාලේ නැත. විනය පිටකයට අනුව භික්ෂුන් ෂඩ්විහාරිකව (එකට) ආරාම වල විසිය යුතුය. ධර්මය දේශනා කෙරමින් සංචාරයේ යෙදිය උතුය . ඒ බුදුන් වහන්සේ විසින් කල ආකාරය වේ. වස්සන ශ්‍රුතුවේ (නොහොන් වැහි කාලයේ)පමණක් සංචාරය අපහසු නිසා වස් ශිලය සමාදන්ව ගමේ ගම වැසියන් සමග සම්බන්ද වී ජිවත් වීමට අනු දන වදාළහ. එහිදී ලංකාවේ ගැමි සමාජය විසින් කොළ අතු සෙවිලි කර අතුවලින් අවරණය කරණ ලද තාවකාලික "පණ්ණ + ශාලා" නොහොත් "පන් + සල්" භික්ෂු උදෙසා ගොඩ නගා දෙන ලදී. මිහිදු හිමියන්ගෙන් සියවස් දෙකකකට පමණ පසුවන විට සෑම ගමකම "පණ්ණ + ශාලා" නොහොත් පන්සල් ඇති විය. භික්ෂුන් ගල් ලෙන් වල මුල් යුගයේ ජීවත් වීම එහි කොට ඇති දහස් ගණන් සෙල්ලිපි වලින් පැහැදිලිය. මේවා බ්‍රහ්මි නොහොත් අශෝක අක්ෂර වලින් ලියවී ඇත. අශෝක අක්ෂර වලට බ්‍රහ්මි අක්ෂර නමැති හැඳින්වීම දුන්නේ භාරතියන් නොව ජේම්ස් ප්‍රින්ශේෂ් නමැති ඉංග්‍රීසි ජාතික කමල්කරුවගේ බවද අප සිහි තබාගතයුතුය.
ඉන්දියානු ඉතිහාසය තුල බුදුන් වහන්සේ ගැන විස්තර ඇතුලත්ව නැත. බුදුන්වහන්සේ ඉන්දියානු ඉතිහාසයට ඇතුල් කෙරේ ඉංග්‍රීසි සිවිල් සේවකයන් විසින්ය. පබ්බාජ සුත්‍රයේ බුදුන් තමන්ගේ උපන් බිම ලෙස කාලිංග අගනුවර වන තෝලිසය සඳහන් කරන අතර ඉංග්‍රීසින් විසින් එය පෙන්වා ඇත්තේ නේපාලයේ පිහිටි වත්මන් ලුන්බිනිය ලෙසටය. ගයා දිස්ත්‍රික්කය නමැති ප්‍රදේශ නාමය තුල වත්මන් බුඩ්ගයාව ඉස්තාපිත කලේ ඇලේකසැන්ඩර් කනිග්හම් නමැති පුරාවිද්‍යාඥයා හා පුවත්පත් කතෘවරයකු වන සර්. රෝලින්ග්සන් යන දෙදෙනාය. ඉන්දියානුවෝ ඒ කිසිවක් නොදත්හ . බුදුන් පිරිනිවන් පෑ කුසිනාර නුවර මල්ල රජදරුවන්ගේ උයනද ඉංග්‍රීසින් විසින් ප්‍රකාශයට පත්කළා මිස ඉන්දියානුවෝ නොදැන සිටියහ. එම මල්ල පරම්පරාවේ නිශ්ශන්කමල්ල රජු(පොලොනරුවේ) කාලිංගයෙකි. අදත් මල්ලයන් සිටින්නේ කාලිංගයේ (අද ඔරිස්සාව) අද අගනුවර වනු බුවනේසර්හිය. බුදු දහම එක්කක්ම වද්දී භාරතයේ බුදු සසුනට වඩා වෙනස් ආකාරයකට ලංකා බුදු සසුන සැකසිනි. ග්‍රාම වාසි භික්ෂුව විනයට පටහැනිය. එමෙන්ම රජවාසල ආශ්‍රිතව අනුරාධපුර යුගයේ සිටම රාජ්‍ය අනුශාෂකයන් වීම විනයට පටහැනිය. නමුත් විනයට පටහැනි ඒ ආකාරයේ බුදු සසුන අදත් (2014) පවතී. විනය නීති වලට අනුව සැකසුනු භික්ෂුණි සාසනය අනුරාධපුර යුගය අවසන්වන විටත් අතුරුදන්ව පැවතුනි. මෑත භාගයේ සිටියේ දසසිල් උපාසක අම්මලා මිස භික්ෂුනී නොවේ. 
පැරණි යුගයේදී රාජ්‍යය හැසිරවීම මගින් මෙරට භික්ෂුහු එදා තිබු දේශපාලන ක්‍රියාවලියට සහභාගී වුහ . පොලොන්නරු කතිකාවත හා දඹදෙණි කතිකාවත යන කතිකාවත් දෙකෙන්ම භික්ෂුන් නොකළ යුතු දේ ගෙනහැර දක්වා ඇති අතර රාජ්‍යය පාලනයට උපදෙස් දීම හා සහබාගි වීම නොකළ යුතු බව එදා නායක මහනාහිමිවරුන් විසින් තීරණය කර නැත. නිෂ්පාදනය හා සමාජ හැසිරවීම යන සියලු ක්‍රියාවලියේම ඔවුහු අගනුවර මහ ස්වාමින්වහන්සේලා රජුටත් ගමේ පන්සලේ හාමුදුරුවන් විසින් ගම පාලනය කල ගම් සභාවටත් උපදෙස් දුනි. ඉගැන්වීම හා ආරවුල් සමථ කිරීම (නඩු ඇසීම) මගින් සමාජය යහපත් ලෙස පවත්වා ගත්හ. මේ සියල්ල රාජ්‍ය හැසිරවීම නොහොත් දේශපාලනයයි. 1815 දී වාරියපොළ සුමංගල හිමි වැනි අය ඉංග්‍රීසි කොඩිය බිමට අද දමා පාගා මහනුවර ගිවිසුමට විරෝදය පෑහ. එමෙන්ම දඹුලු විහාරාධිපති ගිරනෙගම හිමියන් විසින් ඉංග්‍රීසි පාලනයට විරුධව 1848 දී ගොන්ගාලේගොඩ බන්ඩාට සිංහල රජුලෙස කිරුළු පළදවන ලදී. මේ හැමදෙයක්ම භික්ෂුන්ගේ යුතුකම ලෙස සාලකින. ඒවා විනය විරෝදී නොවේ. 
1848 රාජ්‍ය පාලනය අවසන්වී පාර්ලිමේන්තු පාලනයද 1978 සිට විධායක ජනාදිපති පාලනයද ඇරබුණි . නමුත් මෙරට භික්ෂු සාසනය පැවතුනේ අවුරුදු දෙදහස් දෙසීයක් (දෙවනපෑතිස් රජු දවස සිට)අනුක්‍රමයෙන් විකාශනය වී ආ පරිද්දෙනි. කිර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස සියමෙන් උපසම්පදාව රැගෙන අවුත් සියම් මහ නිකාය ඇරබින ." ජෝන් ඩොයිල්ගේ" කේලාම් බස් වලින් බින්දවූ භික්ෂුන් මෙහෙයවා 1821 දී අමරපුර (බුරුමයේ) දේශයෙන් ගෙන ආ උප සම්පදාවෙන් අමරපුර නිකාය බිහි විය. ඉංග්‍රීසින්ගේ බෙදා පාලනය කිරීමේ නියාය යටතේ තව දුරටත් ශාශනය බෙදා 1868 දී බුරුමයේ රාමන්න දේශයෙන් උපසම්පදව ගෙනවිත් රාමන්න නිකාය පිහිටවුයේ ශාශනය තවත් බෙදීමටය. 
සුද්දෙකුගේ (ජෝන් ඩොයිල්ගේ) කේලාම් බස් අසා සියම් නිකායෙන් බිඳී අමරපුර නිකාය පිහිටවූ භික්ෂුන්ගේ වර්තමාන නායකත්වයට තම නිකායේ (කොටස) දේශපාලන වැරදි වලට එරෙහි උද්ගෝෂණවලට සහභාගී වීම තහනම් කර ඇත. එම නාහිමියන් විසින් ඉදිරි මාර්තු 2දා වාරියපොළ සුමංගල හිමියන්ගේ දළදා මැදුර අබියස ඇති පිළිමය ඉදිරියේ විරෝදය පාන්නේද ? 1848 දී දඹුලු විහාරදිපති ගිරානේගම හිමියන් විසින් ගොන්ගාලේ ගොඩ බන්ඩා රජ කරවීම ගැන ප්‍රකාශයක් නිකුත් කෙරනේද? දේවානම්පියතිස්ස රජුන් දවස සිට රාජ්‍ය පාලනයට භික්ෂුන් සහබහගි වීම සහ රජුන් වැරදි කෙරන විට ඒවාට විරෝධය පා ජනතාව සමග එකතු වී කටයුතු කිරීම වැරදි බව ප්‍රකාෂ කරන්නේද ? මහසෙන් රජු බෞද්ධ විරෝදී කටයුතු වල දී මහ විහාරයට හානි කෙල විට වැසියන් සමග එකතුවී රජු සිහසුනෙන් නෙරපීමට කටයුතු කිරීමට විරුධව ප්‍රකාශයක් නිකුත් කරන්නේද? 
අමරපුර නිකායේ පාර්ශව 4 හෝ 5 කි . 1948 සිට මේ දක්වා (විශේෂයෙන්ම 1956දි) භික්ෂු දේශපාලනය ගැන විරුද්ධ නොවී 2001 සිට සිංහල උරුමය හා භික්ෂුන් වහන්සේලාගේ පක්ෂයක් වන හෙළ උරුමයට විරුද්ධ (ඇතැම් භික්ෂුන් පාර්ලිමේන්තුවේදී ගිහි මන්ත්‍රීවරුන්ගෙන් මෑතකදී ගුටි කෑහ) නොවී භික්ෂු නායකත්වයකින් යුතු එම පක්ෂයට විරුද්ධ නොවී ගව ගාතනයට හා අන්‍ය ආගමිකයන් විනාශ කරමින් පවතින බුද්ධ දර්මය , බෞද්ධ උරුමයන් ආරක්ෂා කෙරන භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රබල විරෝධයක් එන 2013 – 2014 අවදියේදී හදිසියේ විනය මතක් වුනේ ඇයේ? අද රජයට බෞද්ධ පාර්ශවයෙන් එන ප්‍රබලම පීඩනය වන්නේ ගව ගාතනය හා අන්‍යාගමිකරනයට විරෝධව වේ. ඒ හමුවේ අමරපුර නිකාය තම භික්ෂුන් වහන්සේලාට රාජ්‍ය විරෝධය ඇතුලත් දේශපාලන කටයුතුවලට සම්බන්ද වීම විරුධව විනය නීති පැනවීම රටේම කුතුහලයට හේතු වී ඇත. පළමුවන ශික්ෂා පදය කැඩිමට විරුද්ධවීමට භික්ෂුවට අයිතියක් නැද්ද? තම නිකායේ භික්ෂුන්ගේ දේශපාලන ක්‍රියාවන්ට විරුධවීමට අමරපුර නිකායට 2014 සිදු වුනේ රාජ්‍ය ප්‍රධානින්ගේ බලපෑම මත බව ජනතාවටම සැක පහලව ඇත. මේතාක් සිදුවන බෞද්ධ උරුමයන්ගේ විනාශයට , බෞධයන් අන්‍ය ආගම වලට හරවා ගැනීමටල බෞද්ධ/සිංහල සංස්කෘතිය අමු අමුවේ පල්ලිය විසින් හොරා කනකොට, ගව ගාතන සිදු වෙනකොට, බෞධයන්ට භික්ෂුන්ට අන්‍ය ජාතිකයන්ගෙන් කෙනෙහිලිකම් වනවිට,අන්‍ය ආගමිකයන් හොරට සිව්රු ඇඳ සාසනයත් බුද්ධ ධර්මයත් විනාස කෙරමින් සිටි , තවත් ය තමුන් රහත් බව පවසයි , මේ මහනායක හිමිවරු ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග මොනවද? ජාතියට ආගමට ශාසනයට මොනවා වුනත් සුද්ද දුන්න නිකාය මහා පදවිය රැකීමද එකම අරමුණ?මෙම මහ නාහිමිවරු තමන්ගේ සාසනික සහ ජාතික වගකීම් හිතා මතාම පැහැර හරන බවට බෞද්ධ ජනතාවගේ අදහසයි. 
ලංකාවාසී ජනතාව හා විශේෂයෙන්ම මෙරට බෞධයන් උපන් ගෙයි මෝඩයන් නොවේ. බුද්ධ යනු බුධියයි. බුදුන් වහන්සේ යනු බුධින් වහන්සේය. බෞධයා යනු එම බුධිමත් දහම තේරුම් ගැනීමට හැකි බුධිමතුන්ය . නිකාය මහ හිමි වරුන්ට මෙම බුධිය නැතත් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට සහ ගිහියන්ට මෙම බුධිය ඇත . රට දැය ආගම ගැන කැක්කුමක්ද ඇත. දැන්වත් මේ රටට , ජාතියට ල ආගමට වෙන විනාශය තේරුම් ගෙන ඒ සඳහා අවශය කටයුතු කිරීමට මහනායක හිමිවරු පියවර නොගතහොත් මහනායක පදවියක් දැරීමට නිකායක් තබා බුද්ධ සාසනයවත් අන්‍ය ආගමික අන්තවාදීන් මේ රටේ ඉතුරු නොකරනු ඇත. 

ඉදිරිපත් කිරීම -
ආචර්ය සුරිය ගුණසේකර

Sunday, March 2, 2014

සිංහලයාට උගුල් අටවන්නෝ (03) - පළාත් සභා උගුල


(03) පළාත් සභා උගුල

පළාත් සභා උගුල
පළත් සභාව යන නාමය යටතේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ලබා දුන්නේ උතුරු නැගෙනහිර  ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍යයකි. ඒ පිරිබාහරන් ත්‍රස්තවාදයෙන් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇතුල් කෙරවිම සඳහාය. මෙය පූර්ණ ෆෙඩරල් බව ඔප්පු වුයේ  "දිවිනැගුම " පනත පර්ලිමෙන්තුවේ  සම්මත කර ගැනීමට ගිය විටදීය, ව්‍යවස්ථාවට අනුව එක් පළාතක් හෝ එකඟ වී නැතිනම් ලංකාවටම බලපාන පනතක් සම්මත කරගත නොහැකි බව අග විනිසුරුවරිය පෙන්වා දුන්විට ඇයව ධුරයෙන් ඉවත් වීමට පවා කටයුතු සිද්ධ වුනි.
ලංකාවේ පළාත් සභා වල බීජය ඇත්තේ 1927 දී ඉන්දියාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන නිර්දේශ කළ සයිමන් කොමිස්න් සභාවේය. ස්වදේෂකයන්ට පාලන කටයුතු වලට සහභාගී වීමට ඉන්දියාව විශාල වැඩි නිසා පළමුව ඒ තුල වූ රටවල් ප්‍රාන්ත ලෙස බෙදීමට කොමිසම විසින් යෝජනා කරන ලදී. එම බෙදීමට නිරනයකයද යෝජනා කරන ලදී. එනම්,
1. සමාන භාෂාව
2. සමාන ආගම
3. සමාන සංස්කෘතිය  ඇති ප්‍රදේශ යන සාදක තුන වේ.

1987 ඉන්දු-ලංකා ගිවිසුමේද දෙමල භාෂාව, හින්දු ආගම. දෙමල-හින්දු සංස්කෘතිය ඇති උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමේ යෝජනා කළේ එම සයිමන් කොමිසමේ මෙම මූල ධර්මය අනුවය. තාවකාලිකව අවුරුදකට යන බොරු කොන්දේසි ඊට දැමිණි. අන්තිමට JVP ය විසින් ලබා ගත අධිකරණ නියෝගයකින් පළාත් දෙක වෙන් කරන ලදී.
මේ නිසා හිතා මතාම සහ පැහැදිලි බෙදීමේ චේතනාවක් ඇතිව පළාත් සභා ක්‍රමය එවකට පැවති රජය ඉන්දියාවේ බලපෑම මත  ඇති කෙරින. පළාත් සභා යන වචනය නිසා රට වැසියාට මෙම මර උගුල නොතේරේ.  පළාත් බෙදීම ඇති කරේ බ්‍රිතාන්‍ය පාලන කාලය තුලය. එය අසාර්ථක වී පසුව දිස්ත්‍රිකයයම පළාත් එක්කකය වී කච්ච්රිය එම දිස්ත්‍රික් කාර්යාලය විය.
පක්ෂ දේශපාලනයට මෙම මර උගුල සුව යහනක් වී ඇත.  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පළාත් මට්ටමේ සංවිධාකයන්ගෙන්  යුක්ත වීම ඊට හේතුවය. ප්‍රාදේශීය මට්ටමද එසේම පැහැදිලිව තිබීම නිසා UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම තම සංවිධාන ජලය ප්‍රාදේශීය (ගම් )මට්ටමේ තබාගෙන ඇත. පළාත් සහ ප්‍රාදේශීය දේශපාලකයන් බිහි වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පවුල් වල අයට දේශපාලනයට එලබීමට පළාත් සභා ක්‍රමය ඉවහල් වී ඇත. මෙනිසාම මෙම මර උගුල අතහැර දැමීමට ප්‍රධාන පක්ෂ දෙකම අකමැතිය.
ආණ්ඩුවත් ජනතාවත්  කල්පනා කෙරන්නේ  "ඊළාම් වාදය” පිරිබාහරන්ගේ බවය. LTTE ය සහ පිරිබාහරන් දැන් නැති නිසා මෙරට දෙමළ ජනතාව තවදුරටත් ඊළාම් වාදීන් නොවන බව මෙම අනුවණයෝ සිතති. පළමුවෙන්ම සිටි මහ ඇමති පෙරුමාල් ඊළාම් ප්‍රකාශ කෙළේ තමන්ගේ සැප සම්පත් අහිමි වන බව දන දැනගනය. නමුත් දෙමල ජනතාවගේ හඬට අවනත වීමට ඔහුට සිදු විය. දැන් මහ ඇමති විග්නේශ්වරන් ඒ බව රටට අඟවයි. පෙබරවාරි 13 අවට දිනෙක ඔහු කීවේ ජනාධිපති සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති නමුත් තමන් පත් කල දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට තමන් බැඳී ඇති බවය. මෙම අභිලාශය නම් වෙනම රාජ්‍යයකි. විග්නේශ්වරන් එබන්දක් කෙලොත් පෙරුමාල් දවස මෙන් උතුරු පළාත් සභාව විසුරුවා හැර එය රජය යටතට ගත නොහැක. විසුරුවා හැරිය හැක්කේ,
1. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්  පවා සපයා දීමට පළාත් සභා පාලනය අපොහොසත් වුවහොත්
2. විදේශ ආක්‍රමණ ඇති වුවහොත්
3.    සන්නද්ද කණ්ඩායමක් සහිත කැරලිකාර තත්වයක් ඇති වුවහොත්
යන කොන්දේසි තුන යටතේ පමණකි. දේශපාලන වසයෙන් වෙනම රජයක් ප්‍රකාශ කෙලොත් මධ්‍යම ආණ්ඩුවට එය විසිරුවා හැරිය නොහැක.
මෙරට ජනතාව නොදන්ව වුවද පළාත් සභා යනු අර්ධ ස්වාදීන පාලන ක්‍රමයකි. 1927 දී සයිමන් කොමිසන් සභාව විසින් ප්‍රාන්ත සභා හඳුන්වා දී තිබුනේ එලෙසය. දැන් පළාත් සභා නමින් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එයයි. එදා ඉන්දියාවට ලබා දුන් අර්ධ ස්වාහ්ධින පාලන තන්ත්‍රය 1947 දී නිදහස් ඉන්දියාව බවට පත් විය.සයිමන්  කොමිසමේ කාර්යය ලංකාවට සුදුසු ලෙස ඉටුකෙළේ (අර්ධ ස්වාදීන පාලන ක්‍රමය) ඩොනමෝර් කොමසරිස්වාරුය විසින්ය. ඩොනමෝර් ආණ්ඩුවෙන් පසු 1948 දී අප එලබුනේ  පර්ලිමෙන්තු ක්‍රමයටය.
කකුළුවා වතුර මුට්ටිය ලිප තබා ගිනි මෝලවා ඇත. තවමත් වතුර සිසිල්ය. කකුළුවා එහි ප්‍රීතියෙන් ක්‍රීඩා කරයි. වතුර රත් වූ විට සිදුවන දේ ඌ නොදනී. ඒ සදහා කාලය ගතවීම පමණක් අවශ්‍යව ඇත. වතුර මුමුට්ටියේ සිටීම කකුළුවෝ මේ රට සිංහල ජනතාව නොවේද. ඉදින් මෙම මර උගුල් ගලවා දැමීමට තවමත් කාලය ඉතිරිව ඇත. එබැවින් මෙම පාර්ලිමේන්තු උගුල, සංවර්ධන උගුල, පළාත් සභා උගුල යන උගුල් ගලවා දමා පෙර රජ දවස මෙන් අපටම ගැලපෙන පාලන ආර්ථික ක්‍රමයක් ඇති කර ගැනීමට සිංහල අපි සැවොම එකතු වී අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක විය යුතුය.

සිංහලයට උගුල් අටවන්නෝ (02) - සංවර්ධන උගුල

 

 (02) සංවර්ධන උගුල



1987 දි බ‍්‍රාන්ට්ලන්ඞ් කොමිසමේ වාර්ථාව (අපේ පොදු අනාගතය - our common future) එලිදක්වන තුරුම සංවර්ධනය නමැති වචනය සදහා එක්සත් ජාතීන්ගේ සංවිධනය විසින් දුන් ආර්ථකථනය වුයේ වෙනසන් පසුව ඇතිවන වැඩියාම(growth on change) යන්නයි.මෙය යුරෝපිය සංසිද්ධියකි.කෘෂිකර්මික යුගයේ බඩගින්නෙන් මන්දපෝෂණයයෙන් හා ලෙඩදුක් වලින් යුරෝපියයා පෙථනි.ශිතල රටවල් කෘෂිකර්මයට නුසුදුසු වීම ඊට හේතුවයි.කාර්මිකත්වය හා වානිජත්වය එළඹුනු විට එම රටවලට ස්ථාවර බවක් ඇති වී ජිවිතය දියුණු විය.මේ නිසා එම වෙන(change) තවදුරටත් වැඩියාම (growth)එම රටවලදි සංවර්ධනය නම් විය.
1944 ජුලි මස ඇමෙරිකන් ජනාධිපති රුස්වෙල්ට් විසින් පැවැත්වු සම්මේලනයයේදි යුද්ධයෙන් වැටුන යුරෝපයට නිවර්තනික කලාපිය ලෝකය කොල්ල කා නැවතත් සමෘධිමත් විය හැකි ආකාරය පෙන්වාදෙන ලදි.අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) ලෝක බැංකුව (IBRD) හා ගෑට් සංවිධානය(GATT) ඇරඹුනේ එදිනය එහි ප්‍රතිපලයක් ලෙස නිවර්තන කලාපිය රටවල් කොල්ලකෑමට මූලික අඩිතාලමක් ලෙසය .1944 දෙසැම්බර්හි ආහාර හා කෘෂිකර්ම සංවිධානද(FAO) ඇරඹිමෙන් පසු 1945 දි එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය බවට පත්විය.අද එහි නියෝජිත ආයතයන් දුසිම් 2ක් පමණ ඇත. නිවර්තනික ලෝකයට (දුප්පත්) සංවර්ධනය ගෙන එන්නේ එම එක්සත් ජාතින්ගේ සංවිධානයයි.සංවර්ධිත රටවල් යනු නිවර්තනික ලෝකය සුරා කා පොහොසත් වු රටවල්ය.සංවර්ධනය වන (පළමුව උෘණ සංවර්ධිත) රටවල් යනු නිවර්තනික දුප්පත් (ලංකාව වැනි) රටවල්ය.ලංකාව මෙන්ම අනිකුත් නිවර්තනික රටවල් මෙම ඇමරිකාව ප්‍රමුක බටහිර ජාතින් පෙන්වන”සංවර්ධන මිරිගුව” පසුපස දුවති.නමුත් සංවර්ධනය වු රටක් නැත.
1968 දි ලංකාණ්ඩුව වී ගොවිතැන නවීකරණය කිරිමට ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමග ගිවිසුම් අත්සන් කිරිමෙන් සංවර්ධනයට එළඹීයේය.මෙමගින් අපේ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමය තාක්ෂණය බිජ වර්ග විනාශ විය. 1970 දි එය ගොඩ ගොවිතැන් ඇතුථ සියථ ගොවිතැන් වලටද සුථ කර්මාන්ත වලටද ආදේශ කරන ලදි.1970 දි සංවර්ධන මණ්ඩලය ඇතිවුයේ එනිසාය.එමගින් බහු ජාතික සමාගම්වල ට‍්‍රැක්ටර් බීජ වී ජිව නාශක දියර කෘතිම පොහොර ආදි යෙදවුම් අවශ්‍ය වී වර්ග පමණක් (දියුණු කල) වගා කිරිම ඇරඹුනි.මේ අනෙකක් නොව සොබාදහමේ අංග අධික ලෙස සුරාකමින් ආහාර වටිනාකමක් නැති සහල් වර්ග තාවකාලිකව වැඩියෙන් නිපදවා වැඩි ආදායමක් ලැබීමටය.අද මෙම කෘෂි සංවර්ධනය කොතෙක්ද යත් ගොවියට තම බිජ නිපදවා ගැනීමටත් ළඟ තබා ගැනීමටත් විරුධව නීති සකස් කරමින් පවතින අතර බිජ බහු ජාතික සමාගම් මගින් නිපදව බෙදා හරිම කරනු ලැබී. මෙතුලින් අපේ හීනටි සහල් , කළු හීනටි වැනි අපේම මෙරටට මේ බිමට ගැලපෙන බිජ සහමුලින් වඳ කර දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක.මැද කොළඹ ආසන්නයේ නිවාස ප‍්‍රශ්නයක් ඇත.1970 දි එහි මන්ත‍්‍රි කෙනෙකු වු පිටර් කේනමන් නිවාස ඇමති විය.මැද කොළඹ තිබු නිවාස ප‍්‍රශ්නය ලංකාවටම ව්‍යාප්ත කිරිමට හේ සමත් විය.1977 දි මැද කොළඹ මන්ත‍්‍රි ආර්.පේ‍්‍රමදාස නිවාස හා ඉදිකිරිම් ඇමති විය.විදේශ බලවේග ඔහුට කිට්ටු වී නිවාස සංවර්ධනය ලංකාවේ ප‍්‍රධානම සංවර්ධනය බවට පත්විය.උදාගම් හා වාර්ශික ගම්උදා සංකල්පයත් දියුණු විය.මහ පොලවට මුල්ඇද තිබු සිංහලයා මහ පොලවින් මුල් උදුරා නිවාසයට මුල් ඇද්දවීමට නිවාස හා ගම්උදා සංකල්පය සමත් විය.
1978 දි ආ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා විදේශික ආයෝජනයට වෙළදුන් සංචාරකයින්ට ජාවාරම් කාරයින්ට රට විවෘත විය.රටට අනවශ්‍ය සියථ දේ රටට ඇදී ආවේය.විදේශ ආයෝජකයන් ඇසුරින් ලංකාව කාර්මික රටක් කිරිම ඇරඹුණි."නව කාර්මික රාජ්‍යය” මෙරට ආර්ථික ප‍්‍රතිපත්තිය විය.නමුත් ආයෝජකයන් මෙරට බැංකුවලින් ණය ලබා ආයෝජනය කර සුරාගත හැකි දේ සුරාගෙන කර්මාන්තයන් වසා දමා ණයද නොගෙවා ආපසු ගියහ.කාර්මික ප‍්‍රතිපත්තිය අසාර්ථක විය.
2003 දි යු.එන්.පි පාලනය යටත උත්සහ දරන ලද සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කිරිම දැන් නැවතත් ඇරඹී ඇත.මාර්ග සංවර්ධනය වරායන් ගුවන්තොටුපලවල් සංචාරක හොටල් කැසිනෝ හා ගණිකා ව්‍යාපාර පුද්ගලික රෝහල් සුඛෝපභෝගි රථ ආනයනය ආදි අනවශ්‍ය හා ඹරෝත්තු නොදෙන දේ ඒ අනුව වැඩියයි.සංචාරක කර්මාන්තය වැදගත් ලෙස සලක්න්නේ රට තුල කිසිම ස්වාභාවික සම්පත් නැති අන්ත නිසරු රටවල්ය.ලංකාව වැනි ස්වභාවික සම්පත් වලින් පිරි රටකට කෘෂි ආර්ථිකය හැර වෙනත් ආර්ථිකයන් අවැසි නැත, සංචාරය ආර්ථිකය යනු විදේශිකයන් මත රට උකසට තැබීමක් වැනිය, ඔවුනට අපේ ආර්ථිකය වට්ටන්න ලංකාවට නොයන ලෙස තම වැසියන්ට අනතුරු ඇඟවීමක් සෑහේ.එබැවින් අපේ දේශපාලකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කොපමණ භයානක සහ ඔල මොට්ටලද යන්න අප තීරණය කෙල යුතුය. ලංකාව ලොව ඇති ස්වාභාවික සම්පත් පිරුණු ප‍්‍රධානම රට බව 1835 - 45 ආරම්භක වැවිලි කරුවන් පවසා ඇත. මෙවැනි රටක් මෙතරම් අගහිඟ කම් වලින් දුක් විදුනුයේ වැරදි අපට නොගැලපෙන ආර්ථික හා දේශපාලන ක්‍රමය නිසාය.
1970 සිට වසර 43 ට පසු සංවර්ධන මාවතේ ගමන්ගත් ලංකාවේ අද තත්වය කුමක්ද නවීන ගොවිතැන් ක‍්‍රම නිසා පොලව හා ජලය විෂ වි ඇත.දේශගුණය වෙනස් වි තිබේ.නාගරික ප‍්‍රදේශ වල මෝටර් රථ දුම් නිසා වායුව විෂ වී ඇත.ජල උල්පත් සිදි වියළි ගොස්ය.ජල මාර්ග දෙපස කම්මල් පිහිටුවා ඒවායේ අපදාව්‍ය එම ජලමාරග වලට මුදාහැරිමෙන් ජලමාරග අපවිත‍්‍ර වී ඇත.කදු බෑවුම් අසීමිතව එලි කිරිම නිසාත් පයිනස් යුකැලිප්ටස් වගා කිරිම නිසාත් නාය යාම් ඇරඹී ඇත.උක් වගාව නිසා හපුතලේ අවට නායයම් වල කේන්ද්‍රය බවට පත්විය.වසවිස යොදා වගාකිරිම නිසා ආහාර විසවි ඇත.ඇගලූම් කර්මාන්තය ප‍්‍රධාන ආර්ථික මාර්ගයක් වී දැන් බිද වැටීම නිසා විරැුකියාව දක්නට තිබේ.එමෙන්ම ඒවායේ වැඩකල කම්කරුවන් (කාන්තාවන්)දුර්වල වි ලෙඩ වි සිටිති.නිරෝගි තරුණ ලඳුන් ඇගථම් කම්හලක වැඩට ආ විට වසර 10 - 15 ට පසු රෝගි කාන්තාවක් වී ගෙදර යයි.බොහෝ ය ගණිකා වෘතියට් යොමු වී ඇත.ඔවුන් විවාහ වුවද දරුවන් නැත.දරුවන් ලදොත් අංගවිකලය.නැතිනම් දුර්වලය.ඇය ගෙදරට ඉන්පසු බරක් වී සෙසු ජිවිත කාලය ගෙවයි.
රජයේ සියථ සංවර්ධනයන් සිදුවන්නේ ණයට ගත් මුදල් වලිනි.ඒවායේ වාර්ක පොලී ගෙවා ගැනිමට නොහැක.ඊට හේතුව නම් රටේ නිෂ්පාදනය වර්ධනය නොවීමය.ණය හා වාරික ගෙවීමට තවත් ණයක් ලබාගැනීම දැන් පුරුද්දය.මෙසේ ණය උගුලේ හිරවීම නිසා ඒක පුද්ගල ණය බර දෙලක්‍ෂ හැත්තෑ දහස දක්වා වැඩි වී ඇත.එසේ වද්දි රජයේ නාස්තිකාර උත්සව ගමන් ආනයන ආදිය නිසා ණය ගෙවීම තව තවත් අපහසු වේ.මේ අතර සංවර්ධනයේ ආරම්භය වු වි ගොවිතැන නවිකරණය නිසා පොහොර වසවිය.දැනට කැඞ්මියම් ආසනික් ආදි දේ නිසා රජරට වකුගඩු රෝගය දරුණු විය.දැනට 38000 මිය ගොස් ලක්‍ෂ 4ට රෝගය වැලදී ඇත .බටහිර වෙදකමට මෙය සුවකල නොහැක.වැව් ශිෂ්ඨාචාරය උපන් මුථ රජරටම ඉන් මියයාමට හැකි ප‍්‍රවණතාවක් ඇත. මෙසේ සංවර්ධන උගුල නිසා 1970 දී තුන්වේල ආහාර ගෙන නිරෝගිව සිටි ජනතාව අද රෝගී වී මියයන දෙස බලා සිටිය යුතුව ඇත. විශේෂඥයින් කරන්නේ අනාගතය සුබ බව කීමය."ආසියාවේ ආශ්චර්ය" නමැති පදයෙන්ද රජයද මෙම දරුණු තත්වය වසන් කරයි. ජනතාවද ඊට රැවටෙති. ඔවුහු තව දුරටත් චන්දය දෙමින් තම අවසානය දක්වාම එසේ කරනු ඇත. සංවර්ධන මායාව නිසා රටත් ජාතියත් ශිස්ටාචාර්යත් විනාශ වී යමින් තිබේ. මෙම තත්වය වහාම වෙනස් කරගැනීම ජාතියේ වගකීම වේ, කිමද දේශපාලඥයා කිසිදා මෙය නොකරන බැවිනි. 

ඉදිරිපත් කිරීම -
ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේධි ආර්. නන්දන
          

Friday, February 28, 2014

සිංහලයට උගුල් අටවන්නෝ (01) - පාර්ලිමේන්තු උගුල




සිංහලයට උගුල් අටවන්නෝ


අප සිංහල ජාතියද මෙම රටද විනාස කිරීමට මාන බලන උගුල් අටවන්නනන් බොහෝය. හයවැනි පන්තියේදි භූගෝල විද්‍යාව යටතේ උගත් එක් පාඩමක් වන්නේ "උගුල් අටවන්නෝ ” යන්නයි.ඉන් අදහස් කලේ ප‍්‍රදේශවල වසන ඉතා වටිනා ලොම්වලින් යුත් සුුදුනරි,සේබල් හා මින්ට් වැනි සතුන්ගේ හම තුවාල නොවීම සදහා උගුල් අටවා මරා ගැනිමයි.අද දින නිවර්තනික රටවල ජාතීන් බිදවැට්ටවීම සදහා බටහිර බලවත් ජාතින් විසින් උගුල් ඇටවීම දක්නට පුථවන.කලින් යටත් විජිත ලෙස පැවති මෙම රට වලට අධ්‍යාපනය ලෙස ආවේ අධිරාජ්‍යය හිමි රටවල දැනුමයි. නිදසුනක් ලෙස අද ලංකාවේ පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන යනු මහා බි‍්‍රතාන්‍යයේ දැනුම් සම්භාරයයි මෙය අප රටට නොගැලපේ.අද "සංවර්ධනය” යටතේ ඇමෙරිකන් දැනුමද ඊට එකතු වී ඇත.ලංකාව වැනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටවල තිබු රටට ගැලපෙන දේශිය දැනුම් සම්භාරය වල්වැදිමට කටයුතු සිද්ධකර ඇත. ලංකාවට අටවන ලද මෙබදු උගුල් තුනක් පහත දැක්වේග

ඒවානම්, පාර්ලිමේන්තු උගුල , සංවර්ධන උගුල සහ පළාත් සභා උගුල වේ. 

1. පාර්ලිමේන්තු උගුල

 උසස් අධ්‍යාපනය ලත් අයෙකුට වත්මන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උගුලක් බව කීවොත් ඔහු කේන්ති ගනු ඇත. ඊට හේතුව අපගේ සිංහල පාලන ක‍්‍රමය පැවති බව හා වසර එක් දහස් අටසියක් එය පැවතුන බව ඔහු විසින් පිලිනොගැනිමයි.එංගලන්ත රිදී බන්දේසියක තබා දුන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1948න් වසර 66ට පසු අපට මර උගුලක් වී ඇත, රටට නොගැලපෙන මෙම ක‍්‍රමය එම හේතුවෙන් තව වසර කිපයකදි නැතිවි යනු ඇත.
1812 මැග්නාකාටා ගිවිසුමෙන් එංගලන්ත රජුගේ බලතල වක‍්‍ර ලෙස යම් සිමාවන්ට යටත් කරන ලදි. එතැන් සිට රජුගේ ජනතාව අතට බලය එ්ම සිඝ‍්‍ර වුනේ කාර්මිකරණය හා වානිජකරණය නිසාය. ධනපති හා දුප්පතුන් පන්ති දෙක ඉංග‍්‍රිසි සමාජ ක‍්‍රමය තුල ඉතිහාසය පුරා පැවතින. කාර්මිකත්වය හා වානිජත්වය නිසා මුථ රටම ධනවාදයට එළබි අතර ධනවත් හා දුප්පත් දෙකොටසම එකම ජිවන රටාවකට එළඹියහ. එනම් "ධනය” මාවතයි.නමුත් 80‍% ක් කම්කරුවන් නිසා ඔවුහු ඉතා බලවත් වුහ.දෙපාර්ශවයම කියා සිටියේ එංගලන්තය සමෘධිමත් කල හැක්කේ තමන්ට බවය.එනිසා මුථ සමාජය ධනපති හා නිර්ධන යන කොටස් දෙකට බෙදුනි. ඔවුන් නියෝජනය කිරිමට කොන්සවටිව් හා ලේබර් යන පක්‍ෂ දෙකක් ඇත.එබැවින් එංගලන්තය ධනවත් බලවත් රටක් කිරිම සදහා හැකියාව ඇත්තේ තමන්ට බව කියමින් බලයද මාරුවෙන් මාරුවට ලබා ගනිමින් එම ජාතික මෙහෙවර ඉටුකරති.බි‍්‍රතාන්‍යයේ පාර්ලිමෙන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එබැවින් හොදින් කි‍්‍රයාත්මක වේ.එරට අවශ්‍යතාවයකට එරට ඉතිහාසය තුලින් වැඞී ආවකි. පාර්ලිමේන්තු ක්‍රමය එරටට ආවේනික සමාජ ආර්ථික ක්‍රමය නිසා ගැලපේ.
ලංකාව යනු බි‍්‍රතාන්‍යය නොවේ. ලංකාව කෘෂිකාර්මික රටකි.අක්‍ෂාංසිය පිහිටිම අනුව එය සොබාමහමින් තීරණය වී ඇත. එංගලන්තය ගොවිතැනට නුසුදුසු අක්‍ෂාංසිය පිහිටිමක් ඇති නිසාම එරට ජනතාව කර්මාන්ත හා වානිජ්‍යය තෝරාගත්. ඉන් එරට ජන ජිවිතය දියුණු විය.බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි අදහස වුයේ බි‍්‍රතාන්‍යයේ දේ ඔවුන්ගේ යටත් විජිතවලටද සුදුසු බවය. එත් එය මෙරටට නොගැලපේ. ඊට හේතුව නම් ඉංගි‍්‍රසි අධ්‍යාපනය තුලින් ලංකාව ඇතුථ යටත් විජිතවල බිහිවු උගතුන් හා ධනපතියන් පිරිස(නව පන්තිය)ඉංගි‍්‍රසි අනුකරණයින් විමය. කෑම, ඇදිම,බෙහෙත් යන මුලික අවශ්‍යතාවලින්ද ආගම,සාහිත්‍යය භාෂාව හා සංස්කෘතිය අතින්ද මෙම පන්තිය කථ සුද්දන් වුහ.1948 දි පාර්ලිමේන්තුවක් ලබාදුන්නේ ඒ අය සදහාය සිංහලයන් සඳහා නොවේ.කිමද කෘෂිකර්මයෙන් ජීවත් වූ සිංහලයන්ට පන්ති බේදයක් නොමැත.
පාර්ලිමේන්තු ප‍්‍රජතන්ත‍්‍රවාදය සාර්ථක වීම සදහා පන්ති භේදය අවශ්‍යය. එය එංගලන්තයේ හැමදාමත් තිබු දුප්පත් පොහොසත් පන්ති දෙක කම්කරු හා කොන්සවෙටිව් ලෙස නිත්‍යානුකූල කිරිමකි.පන්ති ක‍්‍රමයක් නැති පාර්ලිමේන්තු ක‍්‍රමය ලංකාවට දුන්විට දැන් බෙදෙන්නේ ජාති හා ආගම් අනුවය.දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ඉස්ලාමිය හා කි‍්‍රස්තියානි පක්‍ෂ හෙළ උරුමය වැනි බෞද්ධ පක්‍ෂයක් ආදිය ඇති වී තිබේ.උතුරේ ඊළාම් වාදීන්(ජාතිවාදී)උතුරු පළාත් සභාව වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කලවිට (1990 දි මහ ඇමති පෙරුමාල් කලා සේ)පාර්ලිමේන්තු ක‍්‍රමයද අහෝසි වේ.
ඉංග‍්‍රිසි උගත් පාලක පන්තියට එංගලන්තය විසින් උපදෙස් දි තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වීමටය. 1949 දි දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇතිවු වුට එම ජාතිවාදි පක්‍ෂය තහනම් කිරිම වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දෙමළ ඡුන්ද දිනා ගැනිමට කටයුතු කලහ. ඇම්.ඒච්.අෂ්රොෆ් විසින් මුස්ලිම් කොන්ග‍්‍රසය පිහිටුවා ජාතිවාදි දේශපාලනයට ගෙන ආවිට ඔහුට ඇමතිකමක්ද දි නායකයාත් පක්‍ෂයත් සතුටු කලහ.ඉංගි‍්‍රසින් ඇතිකරන ලද මේ රටට විනාශකාරි වු තේ පොල් රබර් ආර්ථිකය වෙනස් කිරිමට පාර්ලිමෙන්තුවට නොහැකි විය. එමෙන්ම වැව් ශිෂ්ඨාචාරයක් තිබු ලංකාවේ වැවට එරෙහිව යුද ප‍්‍රකාශ කර ගංගා හරස්කර විදුලිබල වේල්ල නිෂ්පාදනය කලේ ඉංගි‍්‍රසින් නොව කථ සුද්දාගෙන් සැදුනු ලංකා පාර්ලිමේන්තුවයි.සුදුහම ඇති ඉංග‍්‍රිසිකාරයා රටින් පිට වි ගියේ ඔහුගේ කාර්ය මැනවින් ඉටු කර ස්වදේශික කථ සුද්දන් පිරිසකට නොහොත් හොද මැනේජර් කෙනෙකුට යටත් විජිතය භාර දෙමිනි.
1815 වන තුරු නිදහස් හා තීරණ ගන්නා අයෙකු වු රට වැසියා නොහොත් ගොවියා දැන් ඡුන්දය දි නියෝජිතයන් මගින් තම අදහස ඉටුකර ගැනිමට බලාපොරොත්තු වුහ.කෘෂිකාර්මික රටක නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්ථක නොවේ. මේ කාර්මික හා වානිජ්‍ය රටවලට ගැලපෙන ක‍්‍රමයයි. ලංකාවේ සිදුවන්නේ ඡුන්දය දීම මගින් තමා විසින් දේශපාලන පක්‍ෂයකට හා එහි නියෝජිතයෙකුට තමා පාවාදිමය.එම පක්‍ෂය කටයුතු කරන්නේ එංගලන්ත ක‍්‍රමයටය. පාර්ලිමේන්තුව ඉංගි‍්‍රසි වීම ඊට හේතුවය. එංගලන්ත නොව මාක්ස්වාදි වාමාංශික සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ බිදවැටීමවීමට ලංකා පාර්ලිමේන්තුවට හැකි විය.සිංහල ජාතිකත්වය බිද වට්ටවා සිංහ කොඩිය තුලට වර්ණවත් තීරු මගින් දෙමළ හා මුස්ලිම් ජනකොටස් ඇතුලත් කිරිමට පාර්ලිමේන්තු උගුලට හැකිවිය. 1972දී අපගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් සිංහල ජනවර්ගයක් ඇතිකලේ ජාතිය අහෝසි කරමිනි.දැන් ලංකාවේ නමද ශි‍්‍ර ලංකාවය. ජාතික ශ‍්‍රි ලාංකික. ඒ තුල සිංහල දෙමළ හා මුස්ලිම් ජනවර්ග තුනක් පුරවැසියන් සිටිති. මෙසේ පාරකපන්නේ සිංහල ජාතිය නැති කර ලංකාව කැබලි කැබලි වලට කඩා දැමීමට නොවන්නේද? මෙම ක්‍රමය තව දුරටත් පැවතුනහොත් මොනතරම් විපතක් මෙරටට කෙරනු ඇත්ද?
ඉංග‍්‍රිසි කාරයාගේ එම පාර්ලිමේන්තුව අප රටට ඇටවු උගුලක් බව තේරුම් ගන්නේ මෙම කරුණු ඇසුරිනි.අද දින හැමදෙනා ඒ තුල සිරවි දගලමින් සිටින්නේමු.උගුල තුල සිරවි රටවැසියන් එකිනෙකා සමග දබර වෙමින් දගලන්නේ වටුවැද්දාගේ දැලට අසුවු වටුවන් පරිද්දේනිගකල යුත්තේ වටුවන් සියල්ල එකතු වි දැල ඔසවාගෙන පියඹා ගොස් දැල ගසක රුදවීමය.
පාර්ලිමේන්තුවේ අවසානය වන්නේ සිංහලයාට තම රට නැති වීමය.1815 දි නැතිවුයේ සිංහල රජු පමණි.රට නැති නොවිය. ඉංග‍්‍රිසින් තම සේවය සදහා ගෙන ආ දෙමළ සහ මුස්ලිම් ජනතාව රටේ ජනගහනයෙන් ඉංග්‍රීසින් බලපොරොත්තු වූ ආකාරයට ඔවුන්ගේ කපට වැඩ පිළිවෙල ආකාරයට වැඩි ගොස් ඇත.උතුරු හා නැගෙනහිර පළාත් වල ඔවුන් අති බහුතරය වී රටේ ජනගහනයෙන් 24‍% ක් සැදේ පාර්ලිමේන්තු ක‍්‍රමය යටත ඡුන්දය අහිමිවේය යන බොරු බිය නිසා සුථ ජන කොටස් සුරතල් කර ඇත. අද ඔවුහු ඊළාම් හා කලිස්ථාන් ඉල්ලති.ඊළාම් ඉල්ලන්නට අර්ධ ස්වාධින පාලන තන්ත‍්‍රයක් (පළාත් සභා) උතුරට දී ඇත. නැගෙනහිරටද එසම දී ඇති අතර මුස්ලිම්වරු එහි පාලන බලය ලබා ඇත. අද සියල්ල තීරණය වන්නේ මෙම සුථ ජන කොටස්වල ක‍්‍රියා කලාපය තුලය. සිංහලයාගේ කොදු නාරටිය කඩා ඇත.
උගුල් අටවන්නෝ - සංවර්ධන උගුල බලාපොරොතු වන්න.

ආචාර්ය සුරිය ගුණසේකර 
හෙළ ගුප්ත ඖෂධ වේදී ආර්. නන්දන

Sunday, February 23, 2014

අප රටේ රකිනුයේ ජාතිකත්වයද? නැතහොත් ජාතිවාදයද? වෙනස ?????



 

අප රටේ  රකිනුයේ ජාතිකත්වයද? නැතහොත් ජාතිවාදයද?   

වෙනස ????? 


සිංහලෙන් ජාතිය  යනු එක් අර්ථයකි ඉන්ගිරියෙන්  "නේෂන්” යනු තවත් අර්ථයකි. ජාත නොහොත් උපන් භූමියට (තමන් උපන් භුමියේ අහසට හා පොළොවට) අනුව තම ජිවන රටාව සකස් කරගත් මිනිස් කණ්ඩායමට සිංහලෙන්  ර්‍"ජාතිය” යයි කියනු ලැබේ. ඒ වෙනුවට එක් භුමි ප්‍රදේශයක් , එක් භාෂාවක්, එක් ආගමක් , එක් පාලනයක් එක් සංස්කෘතික පැවැත්මක් ඇති මිනිස් කණ්ඩායමක්  ර්‍"නේෂන්” ලෙස ඉංගිසි බසින් හැඳින්වේ.
යුරෝපයේ  ර්‍"නේෂන් " ඇති වුයේ කාර්මික විප්ලවයෙන් (1832) පසුවය. ඉන් පෙර පැවතියේ ආගමික රාජ්‍යයකි ග රෝම අධිරාජ්‍යයේ ජස්ටින් අධිරාජයාගේ සමයේදී ක්‍රිස්තියානි රාජ්‍ය ගම වූ පසු රෝම අධි රාජ්‍යයේ යටතේ පවතී මුළු මහත් යුරෝපයම එකම ආගමික රාජ්‍යයක් විය. එකම නීති මාලාවකින් මෙම රටවල් පාලනයවූ අතර රොමයේ පාප් තුමාගේ සක්‍රමේන්තු  ර්‍(චක්‍රලේකන) මගින් කලින් කලට අදාල උපදෙස් ලබා දුනි. රාජ්‍යයක් මෙකල හැඳින්වුයේ (kingdom)යනුවෙනි. කිං(King) එම රාජ්‍යයේ පාලකයා වූ අතර පාප් තුමාගේ අනුමැතියෙන් King ගේ හිසේ ශුද්ධ වූ තෙල් අලේප කර රාජත්වයට පත් කෙරන ලදී. (anointed &  appointed)  වතිකානුවේ පාප් තුමා මිහිපිට සිටි දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකුණු නිසා King වරු ඔහුගේ පාලනයට යටත් වුහග යුරෝපයේ මුළු මහත් කාර්මික යුගය මෙසේ ගත වුනි.( සිංහලේ රජතුමා King කෙනෙකු නොවේ. රජතුමා king ලෙස ඉංග්‍රීසින් විසින් වැරදි ලෙස අර්ථ නිරුපනය කර ඇත)

Kindom නැති වීම සහ මනක්කල්පිත දෙවියන් මුදලට පරාජය වීම 

කාර්මික හා  වාණිජ යුගය එලබුන විට මිනිසා විසින් සොයා ගත් කනිජ ලෝහ ඉන්ධන ,වායු ආදිය ඇසුරු කර ඔහු නිපදවූ තාක්ෂණය ඔස්සේ කාර්මික භාණ්ඩ සදා වෙළදාමට යටත් කරන විට ඒ සියල්ල කෙරුනේ මිනිස් මොලෙන් හා මිනිස් දැතෙනිග කර්මිකත්වය සහ වාණිජත්වය  තුල දෙවියන් වහන්සේට හා ආගමට තිබු ආඩිපත්‍යයල ගෞරවය, බිය නැති වී ගියේය. මුදල් නමැති අභිනව පාලකයා හමුවේ දෙවියන් පරාජය විය. එබැවින් කාර්මික විප්ලවයෙන් පසු මිනිසා විසින් ගොඩ නැග්වූ යුරෝපිය සමාජය තුල භාෂාව සංස්කෘතිය ල පාලනය ආදියට අනුව බෙදුණු මිනිස් වර්ගයක් (race)  ඇති වියග මෙම නව රාජ්‍යයන් හැඳින්වුයේ kingdom ලෙස නොවේ. එහි king වරයකු නැතිය. ඒ වෙනුවට මහජනතාව නියෝජනය කෙරන ඔවුන්ගේ කැමැත්තෙන්
(ජ්න්දයෙන්) පත්වුණු නියෝජිත සභා මගින් පාලනය ඇරබුණි. මේවා ජාතික රාජ්‍ය (nation state) යයි හැඳින්වේ.  (ස්ටේට්) නමැති මෙම අලුත් රාජ්‍යයන් 19 සියවස පුරා ඇති වූ අතර අලුත්ම එක නම් 1920 දී ඇතිවූ  "ජර්මනිය” නමැති රටය. එම භූගෝලීය ප්‍රදේශය ඉන් පෙර  හැඳින්වූයේ   "ර්‍ප්‍රශියාව” නමැති රටක් ලෙසය. 1920දි ප්‍රශියාව යුරෝපා සිතියමින් ඉවත්ව ජර්මනිය නම ඊට ආදේශ විය. සියලු ජර්මන් ගෝත්‍ර මේ තුල එකතු වීම සිදු විය.
කාර්මික විප්ලවය නිසා කම්කරු (නිර්ධන) හා ධනපති (කර්මාන්ත හිමි) යනුවෙන් පන්ති බෙභේදයක් යුරෝපය පුරා ඇති වියග කාල්මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදය (මාක්ස්වාදය) ගොඩ නැගී ඇත්තේ මෙම පන්ති දෙක හා ඒ අතර ඇති ගැටුම් පදනම් කර ගනිමිනිග යුරෝපය හා ඇමෙරිකාව පුරා මෙසේ පන්ති වැදගත් වීම නිසා (ජාත භුමිය) මුල් කරගත් ජාතිය නොවැදගත් වී ගර්හාවට ලක් විය. :එහෙත් මෙය ලංකාවට ගැලපෙන්නේ නැත. ලංකාවට ජාතිය වැදගත් , ඊට හේතුව කර්මිකත්වය ලංකාවට නොගැලපෙන බැවිනුත් ලංකාව කෘෂි ආර්ථික රටාව පමණක් ගැලපෙන බැවිනුත් මෙරටට පන්ති බෙහෙදයක් සහ චන්ද ක්‍රමයෙන් පත් කෙරන ලද නියෝජිතයන් අවශ්‍ය නැත. (එහෙන් අපට නොගැලපෙන වාණිජ කාර්මික ආර්ථික ක්‍රමයක් යුරෝපය සහ ඇමරිකාව අප මත බලෙන් පටවා එම බර ඇගෙන් යාමට ණය ආධාර නමැති කෙවිට්ට අපව තැලීමට පෙළීමට පාවිච්චි කරයි) දැන් ජාතිය හදුන්වන්නේ වර්ගය (race) ලෙසට ගර්හිත වචනයකිනි. ලංකාවේ උගතුන් තමන් ලැබූ මිෂනාරි අධ්‍යාපනය නිසා (ර්‍ජාතිය) දක්කිනේ ගර්හිත මිනිස් වර්ගයක් ලෙසය. එබැවින් ලංකාණ්ඩුව මෙම මනසින් යුතුව 1815 දී ඉංග්‍රීසින්ට බාර දුන්  "ර්‍සිංහලේ” නමැති රට ගැන ලජ්ජා වී එය 1972 දී  ර්‍"ශ්‍රී ලංකා” ලෙස නම වෙනස් කර  බහවිත කරණට වුහ ( රට නැවත නිසි මගට ගෙන ඒමට නම අපේ ජාතියට ල ජාතිකත්වයට නිසි තැන දීමට නැවත රට  ර්‍"සිංහලේ”  වීම ඉතා වැදගත් වේග) සිංහල යයි කීමට ලජ්ජා වූ ඔවුහු  "ශ්‍රී ලංකික” නමැති නව ජාතිකත්වයක් හඳුන්වා දී ඇත. අද අප විසින් භාවිතා කරන ජාතිකත්වය එය බව ඉතාම කණගාටුවෙන් සඳහන් කිරීමට සිදු වී ඇත. එබැවින්  "ර්‍සිංහල " නමැති නියම ජාතිකත්වය ගැන කතා කරනවිට ඔහු ජාතිවාදියකු (Racists)  හා වර්ගවාදියකු ලෙස හංවඩු ගැසීම සුළු ජන කොටස් ,ආණ්ඩුව සහ මාධ්‍යය සැදී පැහැදී ඉතා උවමනාවෙන් ඉෂ්ට සිද්ධ කරනු ලැබේ.
නමුත් කාර්මිකත්වයට යටත් නොවුණු , එනිසාම කම්කරු පන්තියක් සහිත පන්ති සමාජයක් තහවුරු නොවූ එමෙන්ම කෘෂි කාර්මිකත්වය මිස, කාර්මිකත්වය වැදගත් නොවූ ලංකාවට හැමදාමත් ජාතිකත්වය සාමුහික අනන්‍යතාවය වේ.  එය විස්තර වන්නේ ජාත භූමියට අනුකුලව ජිවන රටාව සැකසුනු ජාතිය යනුවෙනි. මෙය සදහටම යථාර්තයක් බවට සාක්ෂි ඇත. අපගේ දේශීය ගොවිතැන් ක්‍රම (ගොඩ හා මඩ) මරා දමා ල විදේශිකයන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  (FAO)  නියෝග හා උපදෙස්  අප්රිදි 1968 සිට ගොවිතැන නවීකරණය කරන ලදීග මෙයින් ලද ප්‍රතිපලය ඉතාම විනාශකාරී විය. වසර 40 පසු ප්‍රතිපලය වුයේ පොලොව නිසරු වීල වායු ගෝලය දුෂණය වීල අස්වැන්න විෂ වී ල ජලය දුෂණය වීල එම නිපද වූ ආහාර පරිභෝජනයට  ගන්න මිනිසුන් ඉතා දරුණු රෝගීන් වීමය. අද මුළු ලංකාවම ලෙඩ වාට්ටුවක් වී ඇත. මීට වසර 30-40 පෙර අසන්නට නොවූ පිලිකා වැනි රෝග මිනිසුන් අතර අද ඉතාම බහුලය. එමෙන්ම සිංහල වෙදකම ප්‍රතික්ෂේප කර බටහිර වෙදකම රටේ ක්‍රියාත්මක වෙමින්  ඇත. (දැනට ලංකාවේ මිලියන  20  ජතාවක් ජිවත් වන අතර පෙර දවස මිලියන 30 අධික ජනතාවක් ජීවත්ව ඇති අතර ඔවුන් යැපුණේ හෙළ ගොවිකමෙන් හා හෙළ වෙදකමින් වේග මොවුන් ඉතාම  සව්ක්‍යය සම්පන්න ඉතා විශාල  දේහදාරී මිනිසුන් විය* ඊට අමතරව ඉන්දියානු ආයුර්වේද වෙදකමට දේශීය ලේබලයක් අලවා විදේශීය වෙදකම දේශීය වෙදකම කිරීමට උත්සහ දෑරේ. මෙම කිසිම වේදකමකට මෙතෙක් මෙරට ජනතාව මෙම දරුණු රෝග වලින් මුදවා ගැනීමට නොහැකි වී තිබේ. වගාවේ කෘතීම පොහොර, කෘමි හා ජීව නාශක රසායනයන් පොළොවට හා ජලයට මුසුව වැළදෙන  "රජරට වකුගඩු රෝගය” අද ලංකාව වසාගෙන පැතිරේ (මෙම කිසිදු රසායනයක් බහවිතා නොකර මාතලේ  තිලක් කන්දේගම මාහතා අක්කර කිහිපයක භුමි භාගයක් දේශීය ඉපැරණි කෘෂි තාක්ෂනය බාවිතයෙන් ඉතා සාර්ථක ලෙස ගොවි පොලක් පවත්වාගෙන් යන අතර එහි අස්වැන්න මෙම රසායන යොදා ලබා ගන්න අස්ස්වන්න මෙන් දෙගුණයකට වැඩි බව ඔහු පවසයි) වැවු බැඳී රටේ උපන් සිංහල සිස්ටචාරය මෙම රෝග මගින් බිඳ වැටීමට හැකි අවදානම් තත්වයක් උදා වී ඇතග බටහිර වෙදකමින් එය සුව කර  නොහැකි අතරල එය  "හඳුනා නොගත් වකුගඩු රෝගයක්” ලෙස නම් කර ඇත. ප්‍රතිකාර කෙසේ වෙතත් හේතුව හෝ නිර්ණය කිරීමට බටහිර වෛද්‍ය කරමයට නොහැකි වී ඇත.

ජාතිකත්වය ගොඩ නැගීමට අප කල යුත්තේ කුමක්ද

එබැවින් තවත් පමා නොවී ජාත භූමියට අනුකුලවන ජිවන රටාව සැකසුනු ආර්ථයෙන් හඳුනා ගන්නා 
'ර්‍ජාතිය” නමැති සංකල්පයට අප නැවත ආ යුතුය. එවිට ඉතිරි වන්නේ  "සිංහල ජාතියයි”  ශ්‍රී ලංකික  ආණ්ඩුවේ  ර්‍ණපාර්ලිමේන්තුව” සහ එම පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකික ජාතිය වහාම අහෝසි විය යුත්තේ තව දුරටත් රට අන්ත්‍රාව කරා ගමන් නොකළ යුතු නිසාය.
ජාතිකත්වය සහ ජාතිවාදය (racism )  වෙනස කුමක්ද කියා හදුනාගැනීමට ලංකාවාසීන් බුධිමත් විය යුතුය ග ඉංග්‍රීසින්ට පෙර මෙරට වුයේ හෙළයන්ය.  "ර්‍සිංහල බෞද්ධ” යනු හැඳින්වීමක් මිස ජාතියක් නොවේ. සිංහල මිනිසුන් වරප්‍රසාද දී ක්‍රිස්තියානියට හරවා ගැනීමෙන් පසු පමණක්  ර්‍"සිංහල බෞද්ධ” නමැති හැඳින්වීම ඇති වියග එනම් පෙර සිංහල බෞද්ධ කියා හැඳින්වීමට බෙදීමක් නොවූ බැවින් හැමෝම හෙළයන් වුහ. බුධාගමද හෙළයන්ගේ සංස්කෘතියේ කාටසක් විය. එම සංස්කෘතිය පර දේෂක්කාර ආක්‍රමනවලින්  බෙදීම් වලට ලක් කෙරන ලදී.   අප පිළිගෙන ඇති පරිදි ඉර හද පවතින තුරු අපගේ ජාතිකත්වය  ර්‍"සිංහල” පවතිනු ඇත. කිමදයත් සිංහල ජාතිය හසුරවනේ ඉර හද යන ස්භාව ධර්මය මගිනිගඊට හේතුව  අදටත් ඉර හද පැවතීමය.
හෙළයන් අතර නෑ යකුන් "නෑ යකුන්න් යනු දත් විල්ලිසගත් මිනි මස් කන යක්කු නොවේ මෙය අපේ හෙළ යක්ෂ ගෝත්‍ර මිනිසුන්  වේ" පිදීමේ චාරිත්‍ර  පෙර කල් සිටම පැවතුනිල. "දේවයෝ” සහ  ර්‍"දෙවියෝ” යනු කොටස් දෙකකි. මෙය අද පටලවාගෙන හැමෝම දෙවියන් ලෙස සලකතිල දේවයෝ යනු අපේ හෙළ මුතුන් මිත්තන් වේ. හෙලයෝ දේව වන්දනාවේ යෙදුනහ. දෙවියෝ යනු හින්දු සහ අනෙක් අය විසින් මනකකල්පිත ලෙස මවාගෙන අදහන කොට්ටාශයක් වේග කොතෙකුත් දේව ආගම ආවත් හෙළයා එය නොපිලිගතේ ඔවුන් ඉර හද පොලොව යන ස්වභාව ධර්මය සමග ජීවත්වූ බුධිමත් කොටසක් වූ බැවිනි. එහෙත් බුද්ධියේ දහමල නොහොත් බුද්ධ දර්ශනය හෙළය පිලි ගනු ලැබුවේ එය ස්වභාව ධර්මය පරම සත්‍ය වන බැවිනිගමෙම බුද්ධියේ  දහම හෙළයා පිළිගත් නිසා එය හෙලයාගේ සංස්කෘතියේ කොටසක් බවට පත් විය.  ර්‍"දේවයෝ"  නොහොත් නෑ යකුන් වන්දනාව බුදු දර්ශනය විසින් ප්‍රතික්ෂේප නොකරන ලදීල අදටත් අපි මල ගිය අපේ නෑදෑයෝන්ට පින් කර පින් අනුමෝදම් කරති.  මෙය නෑ යකුන් වන්දනාව වේ. අපි අදටත් පින් කර දෙවියන්ට පින් අනුමෝදම් කරන්න එබැවිනි. හින්දු අභාෂයෙන් ආ මනක්කල්පිත දෙවිවරු සහ අපේ යක් පරපුරේ දේවයෝ අද සියල්ල දෙවියන් බවට පත්ව කිසිදු තේරුමක් නොදැන අප අද හැමෝම අදහතිල කතරගම දෙවියන් අපේ හෙළයකිල එහෙන් සුද්දෝ එම දේවාලය අපෙන් උදුරා හින්දුන්ට දෙන ලදීල ඊස්වර  දෙවියෝ අපේ හෙළ දේවයකිල එහෙත් අද හින්දුන්ගේ ශිව දෙවියන් බවට පත්ව ඇත. (මෙම දේවයෝ සහ දෙවියෝ පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් බලපොරෝතුවන්න) මේ සියල්ල නිවැරදිව හඳුනාගෙන වැරදි නිවැරදි කිරීමට කාලය දැන් එලබ ඇත.
එබැවින් සිංහල ජාතියේ සටන  "ජාතිකත්වය” බේරා ගැනීමට මිස ජන වර්ග අතර වාදයක්( rasisum - ජාතිවාදය) නොවිය යුතුය. මේ බව අපෙගේ ජාතිකත්ව  සටනේ සිටින වූ සියල්ලම හොඳින් අවබෝධ කර ගත යුතු වේග ජාතිකත්වය බේරාගැනීමේ සටන ජාතිවාදය ලෙස අර්ථ නිරුපනය කරනත් එයට විශාල ප්‍රසිදියක් ලබා දිමටත් අන්තවාදී කොටස් සැදී පැහැදී සිටිතිල එබැවින් අපි ජාතිකත්ව සටන නිසි ලෙස අර්ථ නිරුපනය කිරිමටත් ඒ අනුව ක්‍රියාත්මක විමටත් තරයේ වග බල ගත යුතුය.
යමෙක් මම මුස්ලිම්ල දෙමලල හෝ ක්‍රිස්තියානි හෝ වෙනම ආගමකින් සංස්කෘතික කණ්ඩායමක් ලෙස තමන්ව මෙරටේ හඳුන්වයිද ඔවුන්ට මේ රටේ සම්පත් පරිබෝහ්ජනයට කිසිදු අයිතියක් නොමැත. කිමද යත් ඔවුන් මේ රටේ ජාතිකත්වය පිලි නොගනන බැවින් ඔවුන් මෙරට ජාතිය නොවේල එසේනම් ඔවුන් විදේශිකයන් වේග මෙරට ඉර හද පොලව අනුව සැකසුන (ස්වාභාවික) ජාතිකත්වය පිලි ගත නොහැකිනම්. ඔවුන් මෙරට රැඳී නොසිට තමන් අයත් ජාතිකත්වය සහිත රටවලට වහා පිට මන් විය  යුතුය. එසේ නොවේනම් සෙනරත් රජ දවස මෙන් ඔවුන් මේ රටේ ජාතිකත්වයට (ජාතියටල සංස්කෘතියටල සිස්ටාචාරය) අනුගතවී සිංහලයන් බවට පත් විය යුතුය.

ඉදිරිපත් කිරීම - ආචාර්ය සුරිය ගුණසේකර
                                හෙළ ගුප්ත ඖෂධ වේදී - ආර්. නන්දන

Friday, February 14, 2014

මෙරට දේව රාජ්‍යක් කිරීමේ ක්‍රිස්තියානි කුට උපායන් වල ඇතුල් පැත්ත



 

මෙරට දේව රාජ්‍යක් කිරීමේ ක්‍රිස්තියානි කුට උපායන් වල ඇතුල් පැත්ත

ලංකාව තුල ක‍්‍රිස්තියානි නිජ බිමක් ඇති බවට කතෝලික සභා නායකයෙකු විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන මාධ්‍යය තුලින් නොබෝදා අසන්නට ලැබිනි.මාල දිවයින් මුහුදට යටවෙතැයි බියෙන් 1995න් පසු එරට වත්පොහොසත්කම් ඇති පිරිස් කඩුවෙල අවට ඉඩම් හා ගෙවල් මිලදිගෙන ජිවත්ව සිටිති.වසර 2095වන විට මාලදිවයින් නිජබිමක් කඩුවෙල අවට ප‍්‍රකාශ කිරිමට මෙම අදහස ඹවුන්ට ශුභාරංචියක් වනු ඇත.1505ට ප‍්‍රථම මෙරට ක‍්‍රිස්තියානි භක්තිකයන් නොසිටි බව පවසන්නේ පෘතුගීසි ජාතික කතෝලික ක්වේරෝස් පියතුමාය.(Temporal and spiritual conquest of Ceylon)පෘතුගීසින් විසින් විහාරස්ථාන බිද දමා භික්ෂුන් පලවා හැර බෞද්ධයන් මරාදැමු අයුරු ක්වේරෝස් නිර්ලජ්ජි ලෙස විස්තර කරයි.1650 අවට ප‍්‍රසිද්ධ කල ඉහත කෘතිය සම්පාදනය කරන විට පෑලියගොඩ සිට හලාවත දක්වා ඇතැයි අද පවසන ඊනියා ක‍්‍රිස්තියානි නිජබිම සිංහල බෞද්ධයන්ගේ නිජබිමෙහිම (ලංකාවේ) කොටසක් විය.ඒවා කතෝලික නිජබිම් කියන කතෝලික පූජකයාගේ ජාතිවාදී හා ආගම්වාදීත්වය ඒ තුල සැඟවුණු යටි අරමුණ පිළිබඳව පිලිබදව අප සියල්ල ප්‍රශ්න කල යුතුය. 
කතෝලික භක්තික පුරාවිද්‍යා ප‍්‍රධානියෙකු විසින් අථත්ම අථත් ගල් කනුවක අර්ධ විෂ්කම්භය අගල් 4 රවුමක් තුල කුරුසියක් කොටා පුරාවිද්‍යාත්මක සොයා ගැනිමක් ලෙස පුවත්පත් මගින් බොරු ප‍්‍රචාරයක් දුන්නේ 1984 වැනි යුගයකය.මෙම බොරුව හෙලිදරව් වු අතර කවුරුත් ඊට සිනා සී නිහඩ වුහ.උපතේ සිට මරණය දක්වා කතෝලික බැතිමතෙකු වු මහාචාර්ය සෙනරත් පරණවිතාන ඹවුගේ සිගිරිය පිළිබද පුවත් සාක්‍ෂි රහිත කරුණු ඉදිරිපත් කරයි.පෘතුගිසින් යටත් කේරළයේ කතෝලික ආගම පැතිරියාම මුගලන් රජු දක්වා අතීතයට ඹහු මනඃකල්පිතව ගෙනයයි.ඹහු මනඃකල්පිත ඉතිහාසයන් ගොඩනැගිමේ තම ආශාවන් ප‍්‍රකට කර ඇත්තේ ”සෙල්ලිපි අතර සෙල්ලිපි” වැනි ප‍්‍රබන්ධ වලිනි.ඇස් පෙනිම දුර්වල වු වයස 68න් පසු පමණක් මෙම සෙල්ලිපි අතර සෙල්ලිපි ඔහු දිටිය.ඇස් හොදින් පෙනෙන කිසිම පුරාවිධ්‍යඥයෙකුට මෙම සෙල්ලිපි අතර සෙල්ලිපි නොපේනේ.මුගලන් කුමරු කේරළ(චෝර ) දේශයෙන්ද ගෙන ආ කුලි හමුදාවන් නිසා මහාචාර්ය පරණවිතාන පවා අද තුලින් අතීතය සිතා කේරළය කතෝලික දේශයක් ලෙස උපකල්පන කරන්නට ඇත.නමුත් කාලිංග මාස කේරළ යෝධයන් 12,000ක් ගෙන ආ බව මහාවංශය පවසන අතර පරණවිතානට ඒ ගැන උපකල්පන බිහිවී නැත.අපගේ මහා පුරාවිද්‍යාඥයාද (පුරාවිද්‍යාවේ පියා) මෙසේ දියයටින් ගින්දර ගෙනගොස් ඇති අතර සිංහල බෞද්ධ ජාතියටම මහ අසාධාරණයක් විනාශයක් හතා මතාම සිදුකර ඇති බව පැහැදිලිය.
ලොව විවිධ රටවල් විවිධ ජාතින් හා ආගම් වලට අයත් විදේශිකයන් ලංකාවට අවුත් තාවකාලිකව අගනුවර නැවති සිටියහ(වෙළඳ කටයුතු ආදියට). එම කාලය තුල වන්දනාමානවලට තම ආගම්වලට අයත් තාවකාලික ඉතා කුඩා දේවාල කෝවිල් පල්ලි ආදිය තිබුනි.අද සිංහල බෞද්ධන් රුකියාවන් සදහා ගොස් ඇති විවිධ රටවලට අයත් නගරවල කුඩා බුදු මැදුරු තනාගෙන ආගමික කටයුතු වල යෙදෙති.මෙය හුදෙක් තාවකාලික කටයුත්තක් පමණි.අනුරාධපුර අගනුවරද තාවකාලිකව රැදී සිටි විවිධ විදේශිකයන් තම ආගමික ස්ථාන පිහිටුවාගෙන සිටින්නට ඇත.අගනුවරින් පිට එබදු අගමික මධ්‍යස්ථාන කිසිවක් සොයාගෙන නැති අතර විදේශිහු අගනුවරින් පිට ජිවත් නොවුහ.ලංකාවේ විවිධ ආගමිකයන් සිටි බවට මෙම සිදුවීම උචිත සාක්‍ෂියක් නොවන්නේය.
පෘතුගිසින් විසින් සිරභාරයට ගත් තරුණයන්ට ”කතෝලික ආගම හෝ මරණය” තෝරා ගැනීමට ඉඩදුන්විට ජිවිතාශාව නිසා කතෝලිකාගම භාරගත්හ.එමෙන්ම කුරුදු තැලිමට හා මාථ ඇල්ලීමට දකුණු ඉන්දියාවෙන් ගෙන ආ පිරිස්ද තම ආගමට බලහත්කාරයෙන් හරවා ගත්හ.ප‍්‍රනාන්දු,පීරිස්,පෙරේරා,අල්මේදා,කල්දේරා,කුරේ,සිල්වා ආදි නම් එසේ භාවිතයට ආහ.නමුත් සිංහල ගමතුල ජිවත්වන්නට වීමෙන් මෙම නම් ඇති හැමදෙනාම කතෝලික නොවුහ.සිංහල බෞද්ධ වු පිරිස් ඔවුන් අතර බොහෝය.ලංකාවේ මුහුදුබඩ පලාත් පාලනය කල ලන්දේසින් ආගමික පිස්සන් නොවුහ.නියම වෙළදුන් වු ඔවුන් තම රෙපරමාදු ක‍්‍රිස්තියානියට ස්වදේශිකයන්  හරවා ගැනීමට පෘතුගිසින් මෙන් උනන්දු නොවුහ.
බි‍්‍රතාන්‍ය පාලන යටත් සිංහල බෞද්ධයාට සම්බන්ධ නොවන පිරිස් වලට සංග‍්‍රහ කිරිමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක විය.මේ නිසා ඉංග‍්‍රිිසින් එංගලන්ත  සභාවට අයත් වුවත් කතෝලික සභාවේ අයද තම සභාවට පළමුවැනි පක්‍ෂපාතිත්වය ඇති යුරෝපිය ආහාර,ඇදුම්,ඉංග‍්‍රිසි බස හා යුරෝපිය ගතිපැවතුම් ඇති අය නිසා බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ විශේෂ සංග‍්‍රවලට ලක්විය.එනිසා කතෝලික සභාව වැඩි යන්නේ පෘතුගිසින් යටත් නොව බි‍්‍රතාන්‍ය පාලනය යටතය.කොළඹ සිට ගාල්ල දක්වා බටහිර වෙරළ තීරය බෞද්ධයන් බලවත් නිසා ක‍්‍රිස්තියාවන් කොළඹ සිට හලාවත දක්වා වෙරළ තීරයෙහි ඒ කරුශි වුහ.ධීවරයින් මොවුන්ගේ බහුතරය වු අතර දකුණු ඉන්දියාවෙන් මාථ හා රා මැදිමට ගෙනා බහුතරය 19 සියවසේදි මිගමුව අවට පදිංචි වුහ.20 සියවස මැදවන විට එනිසා මිගමුවට ඔවුහු ”පුංචි රෝමය” යයි නමක්ද පටබැන්දහ.පොල් වගාව හා ඒ ආශි‍්‍රත රා මැදිමට බහුතර කතෝලිකයින් අතින් සිදුවිය.රට ඇතුලට කතෝලික ආගම පැතිරුනේ පොල් වගාව සමගය.
1964 පැවති දෙවන වතිකානු සම්මේලනයේදි ගත් එක් තීරණයක්  වුයේ ආසියානු රටවල ඉපැරණි සංස්කෘතින් ඇති නිසා එම අය කතෝලිකාගමට හරවා ගැනිමට වඩා කතෝලික සභාව එම සංස්කෘතීන් තුලට ඇතුල්වී ඒවායේ හැසිරවීම් ශක්තිය තමන් ලබා ගත යුතු බවය.කි‍්‍රස්තියානි ආගම වෙනුවට කි‍්‍රස්තියානි සංස්කෘතිය තහවුරු කිරිම ඉන් අදහස් වුනි.මෙතුලින් අනෙකුත් ආගම අතුගා දැමිය හැකිය, කාලයාගේ ඇවෑමෙන් අපේ හෙළ සංස්කෘතිය ක්‍රිස්තියානි සංස්කෘතිය බවට ඉදිරි පරපුරට ඔවුන් උගන්වනු ඇත.ලංකාවෙහි මේ බව කි‍්‍රයාත්මක කිරීමට පුරෝගාමි වුයේ ලියෝ නානායක්කාර පියතුමා ප‍්‍රමුඛ කණ්ඩායමයි.මේ අනුව පළමුව තහනම් කර තිබුනු ගොක් කොළ සැරසිලි හා බෙර ගැසිම් පළමුව පල්ලිය තුලට ඇතුථ විය.පෙරහැර යාම්, සිලිරෙදි හා සිව්රු පෙරවිම්, සංඝය, මහානාහිිමියන්, අති උත්තම, ස්වාමින් වහන්සේ වැනි වචන භාවිතය ලමා සාරිය, පෝරුවේ චාරිත‍්‍ර, මුතුකුඩය යටින් අලියා පිට කුරුසය වැඩමවීම, උඩරට නැට්ටුවන් කුරුසය වැඩමවිමේදි නැටීම ආදි සංස්කෘතික ලක්‍ෂනයන් පල්ලිය විසින් බලහත්කාරයෙන් තමන් වෙත පවරාගෙන ඇත.මෙය ආක‍්‍රමණයක් ලෙස සිංහල බෞද්ධයා විසින් නොදැකීම කණගාටුවට කරුණකි.”මුලික මිනිස් අයිතිවාසිකම්” නමැති වාක්‍යය යටතේ රජයද ඊට උදව් දෙයි.
මේ පිළිබඳව වහාම සියලෝම දැනුවත් කර හෙළ සංස්කෘතිය අගම ආරක්ෂා කර ගැනීම අපේ ජාතියේ උරහිසමත පතිත වී ඇත. එයට හේතුවනම් පවතින රජය හෝ මෙම වෙස්ට්මින්ස්ටෙර් ක්‍රමයේ පාර්ලිමේන්තුවක් තුලින් එය ඉටුකෙරගැනීම සිහිනයක්ම පමණි. සිංහල බෞද්ධයා තමන් රටේ ජාතිය හා රටේ අයිතිකරු බව තේරුම් ගැනිමට අවශ්‍යය.තමන්ගේ සංස්කෘතික අංගෝපාංගයන් දුෂණය කිරිමට පල්ලියට ඉඩදීම යනු තම දියණිය දුෂණය කිරිමට සල්ලාලයාට ඉඩදිමට සමාන වේ. 


-ආචාර්ය සුර්ය ගුණසේකර

-හෙළ ගුප්ත ඹෞෂධ ‍වේදී ආර් නන්දන